මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Thursday, October 29, 2015
Wednesday, October 28, 2015
අපායන්ගේ විවිධ ස්වභාවයන් ( බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 05)
බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 04 අපායෙහි දුක කියා නිමකළ හැකිද?
වප් පුර අටවක පෝදා පත්‍රයේ පළවූ ලිපියෙන් අප සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය ආශ්‍රයෙන් අපායෙහි නිරි සතුන් විදින දුක්ඛයන්ගේ ස්වභාවය විමසා බැලීමටයි. මෙම ලිපි මාලාවේ දෙවන ලිපියෙන් අටමහා නරකය පිළිබඳ කරුණු විමසා බැලුවෙමු. මේ අටමහා නරකයන්ට අමතරව තවත් අපායයන් (අප + අය - සැපයෙන් පහ වූ ස්ථානය) හෙවත් නිරිසතුන් දුක්විදින ස්ථාන 128ක් තිබේ.Sunday, October 25, 2015
Saturday, October 24, 2015
මරණය සහ පින් දීම
කැඩපත ඉදිරියට ගොස් තමා දක්වන ඉරියව් නැවැත තමාට දැක ගැනීමට හැකිවේ. ඒ අනුව මිනිසාට තමා ජීවත්වන ක්‍රමය අනුව බොහෝ දුරට ඊළඟ භවයේ ස්වභාවය තීරණය කර ගැනීමේ හැකියාව පවතී. එය යම් ලෙසකින් වෙනස් වුවද සම්පූර්ණව වෙනස් නොවේ. මේ නයින් බලන කල්හි ජීවිතයේ වටිනාම කොටස මෙලොව වන අතර පරලොව නොවේ. මේ ලෝක ජීවිතය තුළ පුද්ගලයා කරන ක්‍රියාවන් දෙලොවටම බලපානු ලබයි. එමනිසා උපතේ සිට මරණය දක්වා පුද්ගල ජීවිතය යහපත් ලෙස ගත කිරීමට කටයුතු කළ යුතු අතර ඒ තුළින් පරලොව ද සුගතිගාමී කර ගැනීමේ හැකියාව පවතී.
Friday, October 23, 2015
මම මට අයිතිද?
අද දවසෙහි මේ දහම් කතාවෙන් බලාපොරොත්තු වන්නේ, එසේ වූ ඒ ලෝභය විෂම වූ ලෝභය නැතිකර ගන්න අප විසින් ධර්ම පරියායක් හැටියට, පිළිවෙත් මාර්ගයක් හැටියට ගත හැකි දහම් පෙළකුයි. එවිට දැඩි ආශාවන් ඒ වගේ ම ඒ තුළින් ඇතිවන ඊර්ෂ්‍යාව, තරහව, අනුන්ගේ දොස් සෙවීම, දැකීම, මේ ආදී උපක්ලේශ බැහැර කර ගන්නට ඉතාම පහසුවෙනවා. ඒ සඳහා අද සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ සඳහන් ‘නතුම්හ සූත්‍ර’ දේශනාවයි.
Thursday, October 22, 2015
සැනසීම උදාකර ගත හැකි සරල ජීවිතය
Wednesday, October 21, 2015
අපායෙහි දුක කියා නිමකළ හැකිද? (බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 04 )
බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 03 - අපායේ දඬුවම්
මහණෙනි, නිරයපාලයෝ නිරයට පත් මොහුට පංචවිධ බන්ධන නම් වධයක් කරත් කරත්, එනම් රත්වු යහුලක් අතෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද, අනිත් රත්වූ යහුලක් පාදයෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්.
Tuesday, October 20, 2015
Monday, October 19, 2015
නොපමා බව රකින – දනන් තුටු වෙති නිවන් ලබමින
මිනිස් ක්‍රියාකාරීත්වය තුළ සරු නිසරු කියල නිවැරදිම බෙදීමක් කරන්න බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හැර වෙන කිසිවෙකුට බැහැ. හේතුව පුද්ගලයෙකුගේ කායික වාචසික හා මානසික ක්‍රියාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් දෙකම නිවැරැදි ලෙස දකින්නෙ උන්වහන්සේ නිසා. ආස්වාදයේ කෙටි කාලීන ස්වභාවයත් ආදීනවයේ දීර්ඝ කාලීන ස්වභාවයත් දකින නුවණ බුදු කෙනෙකුන් සතු එකක්.
Saturday, October 17, 2015
මිත්තා මහ රහත් තෙරණින් වහන්සේ
උත්තම වූ රහත්භූමියට පිළිපන් මහරහත් උතුමෝ නැවත නැවත ඉපදෙන මැරෙන සසර ගමනට හසුනොවෙති. ජාති වශයෙන් උපාදාන කර ගැනීමක් නොකරති. ඒ උතුම් රහත් භූමියෙන් සැනසෙන දිවිය කෙතරම් සුන්දර වනු ඇතිදැයි විටක විවේකී මනසකින් විමසන කළ දැනෙනුයේ විරාගික සුවයකි. නික්ලේශ හදවතින් පිරිපුන් වූ මහරහත් තෙරුන් වහන්සේලා , තෙරණින් වහන්සේලා පිළිබඳව සිතන සිතිවිල්ලද රාගයෙන් වියුක්ත වූවකි. මහත් වූ අස්වැසිල්ලකි.
Friday, October 16, 2015
අතට ගත් හැමදේම දාලා හිතට ගත් දේ සසරට අරගෙන යනවා
ධර්මයට ඇති කැමැත්ත සමඟ මේ ආත්ම බවයේදී ම මාර්ග ඵල අවබෝධයක් ලබන්න කැමැතියි කියන ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඊළඟට අවශ්‍ය වන කාරණය තමයි “වීර්ය” කියන්නේ. වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාව තිබුණත් එය කර ගැනීමට නොහැකි නම් එයට හේතුව එවැනි පුද්ගලයින් තුළ එතැනින් එහාට යෑමට අවශ්‍ය කරන වීර්ය නොමැති කමයි. ධර්මය ශ්‍රවණය කළත් සමහර පුද්ගලයින්ට ධර්මය පිළිබඳව මනසිකාරය කරන්නට වීර්යය මදි.
අපායේ දඬුවම් ( අපාය සංකල්පය - ලිපි මාලා අංක – 03 )
‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 02 අට මහා නරකය
බිනර අව අටවක පොහොයදා ලිපියෙන් අපායන්ගේ ඇති විවිධත්වයන් පිළිබඳ කරුණු සාකච්ඡා කළෙමු. මෙවර අප බලාපොරොත්තු වන්නේ අපායෙහි උපදින සත්ත්වයන්ට යම රජු විසින් ලබාදෙන දඬුවම් විමසා බැලීමටයි.Tuesday, October 13, 2015
පිදිය යුතුම දෙදෙනෙකි
බ්‍රහ්මාති මාතා පිතරො පුබ්බාචරියාති වුච්චරෙ. ආහුනෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. “බ්‍රහ්ම” යනු මව්පිය දෙපළට ආරෝපණය කළ නාමයකි. මහා බ්‍රහ්මයා දිනපතාම ලෝකය වෙත උදාර ගුණ සතරක් පතුරවනවා. මෛත්‍රිය එයින් පළමුවැන්නයි. දරුවා මව් කුස පිළිසිඳ ගත් දවසේ පටන් අම්මා, තාත්තා දෙදෙනා ගේ සිතේ දරුවා ලැබෙන තුරු ඇති වන්නේ පුදුම මෙත් සිතක්
Monday, October 12, 2015
Sunday, October 11, 2015
සිල්වත්ව ජීවත්වීම උතුම්
සැවැත්නුවර උසස් කුල තිහකින් කුමාරවරු තිස්දෙනෙකු පැවිදි විය. මෙම තරුණයන් තිස්දෙනා බුදුපියාණන් වහන්සේ සමීපයෙහි පැවිදි වූයේ තමන්ගේ ගිහිගෙවල්වල බොහෝ සල්ලි ධන ධාන්‍යයෙන් ආඩ්‍යව තිබියදීයි. එසේ තිබෙන සියලු සැප සම්පත්වලට වඩා නිදහසේ බණ භාවනා කරමින් ලබන මානසික සුවය උතුම් බව ඔවුන්ට කල්පනා විය. මෙම යහළුවන් තිස්දෙනා බුදුපියාණන් වහන්සේ ළඟ පැවිදි වූ නිසා ඔවුන්ගේ දෙමව්පියන් බුදුහාමුදුරුවන් සමඟත් යම් යම් අමනාපකම් හදාගත්තා.
Saturday, October 10, 2015
Friday, October 9, 2015
වීරා මහරහත් තෙරණින් වහන්සේ
කෙළවරක් නොපෙනෙන සසර ගමනක නිමග්නව වාසය කරන්නා වූ සසරගත සත්ත්වයා දුකින් මිදුනේ, භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සදහම් ඔසුව පානය කොට අරි අටඟි මඟ නමැති මාර්ගයට පිළිපන් වූ නිසාවෙනි.
යමෙක් ලෝකයෙහි දුකසේ ඉක්ම විය යතු ලාමක වූ තෘෂ්ණාව මැඬලයි ද නෙළුම් පතකින් ගිලිහෙන දියබින්දු මෙන් ඔහු වෙතින් ශෝක ධර්මයෝ ගිලිහී යති.
Thursday, October 8, 2015
අට මහා නරකය (අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 02 )
‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක 01 - බුදු දහමෙහි අපාය සංකල්පය
බුදුරජාණන් වහන්සේ මෙසේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශනා කර තිබෙනවා. මේ නිර අතුරින් සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් අටක් තිබෙනවා. මේ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයන් වටේට කුඩා නිර දහසයක් තිබෙනවා.
බුදු දහමෙහි අපාය සංකල්පය
"අපාය" යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි.
Wednesday, October 7, 2015
බොදු සිත් පුබුදන වස්සාවාස සමය
වස්සාවාසික භික්ෂුවට එම තෙමස පුරා තම දායක දායිකාවන් හමුවන හෙයින් ඔවුනට අර්ථයෙන් හා ධර්මය අනුශාසනා කිරීමට උන්වහන්සේට අවකාශ ලැබෙයි. මෙහි සඳහන් අර්ථය නම් තමාගේ මෙලොව ගිහි ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නා අයුරු හා ධර්මය යනු එම ධනය හෙවත් අර්ථය තම උභයාර්ථ සාධනය හෙවත් මෙලොව හා පරලොව යහපත සඳහා යොදාගනිමින් නිබ්බාණගාමිණී පටිපදාවට අනුගතව කටයුතු කරන ආකාරය පහදාදීමයි.
බුද්ධියට සම තැනත් අම්මාට නිසි තැනත් ලැබුණු වගයි
“එක් පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. “ස්වාමීනි, කාන්තාව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි ගිහිගෙයින් නික් මී පැවිද්ද ලබයි නම් හොඳයි.” ගෝතමිය, එයින් කමක් නැත. කාන්තාව ගිහි ගෙයින් නික්මී තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිදිවීම කෙරෙහි ඔබ උනන්දු වන්න එපා.”
Tuesday, October 6, 2015
බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න
සම්බුද්ධ ශාසනයක් මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය.
පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන වෙහෙසක් ලෙසය. මෙය වැරදි අර්ථකථනයකි. සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක් දැනෙන දෙයක් විය
නොහැක. එය ඔබව බරෙන් නිදහස් කරන, සැනසිල්ල ලබාදෙන දෙයකි. අපි අදිටන් කරගතයුත්තේ ශාසනයේ බර දැරීමට නොව,
ශාසනයේ සැහැල්ලුව දැරීමටය.
සුඛෝපභෝගි ජීවිතය හා සැනසිලිදායක ජීවිතය
”සැප” යනු “සම්පත්” නොවේ. සම්පත් යනු සැපය නොවේ. මෙය දෙකක් මිස එකක් නොවේ. විශේෂයෙන්ම සැප යන සම්පත් යන දෙක වෙනස්වන ආකාරය දාර්ශනිකව තේරුම් ගැනීමට ආධ්‍යාත්මිකව තේරුම් ගැනීමට හොඳ ක්‍රමයක් තිබෙනවා. සැප තුළින් එන ජීවිත සුඛෝපභෝගී ජීවිතයක්. සම්පත් වලින් එන ජීවිතය සැනසිලිදායක ජීවිතයක්. සුඛෝපභෝගි ජීවිතයයි, සැනසිලිදායක ජීවිතයයි එකකට එකක් වෙනස් දෙකක්.
Monday, October 5, 2015
මාර්ගඵල ලැබිය හැකි සද්පුරුෂයෝ
බක්කුල රහතන් වහන්සේගේ හා ඇතැම් රහතන් වහන්සේලාගේ ජීවිත මෙන්ම පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතද පශ්චිම භවික වශයෙන් පෙන්වා දී තිබේ. එතුමන් වහන්සේලා කෙසේ හෝ එම ආත්ම භවයේදීම මාර්ගඵලාවබෝධය ලබන්නාහුමය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය වශයෙන් සැලකෙනුයේ අලෝභ, අදෝස, අමෝහ යන හේතුකාරක තුනෙන් යුක්තව උපත ලබන පුද්ගලයෝ වෙති. මාර්ගඵල අවබෝධකිරීමට තරම් කාලපරාශයක් හෙවත් අඩු වශයෙන් කල්ප ලක්ෂයක් තරම් වත් පාරමී ධර්ම පුරා සුදුසු කාලයක් එළඹ තිබේනම් එබඳු ත්‍රිහේතුක පුද්ගලයන්ටත් මාර්ගඵලාවබෝධය කළ හැකිය
Sunday, October 4, 2015
සංසාරගතව පසුපස එන්නේ කුමක්ද
බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි දී භික්ෂු භික්ෂුණීන්, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසටම බණ දේශනා කරමින් වැඩ වාසය කළා. ඒ කාලයේ මහ මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ හාමුදුරුවොත් යන දෙනම ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කළා. එක දවසක් ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට මහ මුගලන් මහ රහතන් වහන්සේත්, ලක්ඛණ තෙරුන් වහන්සේත් පහළට වැඩම කරනවා.
නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට
උස් ප්‍රාසාදයකට නැගුණු අයෙකුට පහළ සිටින ජනතාව හොඳින් දකින්න පුළුවන්. එහෙත් එතනට පෙනෙන්නේ මතුපිට දසුන පමණයි. ඒ මේ අත යන එන චලන මිනිසුන් දෙස මතුපිටින් දැකල, කලු සුදු හෝ තලෙලු බව හඳුනා ගන්න පුළුවන්. ඔවුනොවුන්ගෙ ගමන් වේගය දකින්නත් පුළුවන්. එකිනෙකා තුළ පවත්නා උස් මිටිකම් හඳුනා ගන්නත් පුළුවන්. ඒත් ඒ සම්පූර්ණ දැකීමක් නොවෙයි.
තථාගතයන් වහන්සේ වදාළ ගම්භීර දේශනාව
අභ්‍යන්තර හෝ සංසාර ගමනේ කල්ප ගණන් අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිමින් කඳුළින්,දුකින්, සුසුමින් ගලාගෙන යන මේ දිවි සසර ගමනේ මුලාව දකින්න අප හැම කෙනෙක්ම යම් කැමැත්තක් උපදවාගෙන තිබෙනවා. මේ සසර ගමනේ මුලාව දකින ලොව්තුරු බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මහ ප්‍රඥාවෙන් යුතුව අවශ්‍ය කරන ධර්ම උපදේශනයක් නො අඩුව ලෝකයට දේශනා කොට තිබෙනවා. ඒ දේශනා ධර්මය සද්පුරුෂ ආශ්‍රයෙන් ශ්‍රවණය කරගෙන ඒ දේශනාවට අනුව පිළිපැදිමෙන් අනුගමනය කිරීමෙන් අප බලාපොරොත්තු වන දුක කෙළවර කොට ඇති අමා ශාන්තියට පැමිණෙන්ට පුළුවන්.
Saturday, October 3, 2015
බුදුවරයකු ලොව පහලවීම දුර්ලභය
‘කරුණා සීතල හදයං - පඤ්ඤා පජ්ජොත විහත මොහතමං
සනරාමර ලෝක ගරුං - වන්දෙ සුගතං ගතිවිමුත්තං”
“කරුණාවෙන් සිහිල් වූ හෘදය ඇති, නුවණ නැමැති පහනින් මෝහ නැමැති අඳුර නැසූ , දෙව් මිනිසුන් සහිත ලොවට ගුරු වූ සියලු භව උපතින් මිදුණාවූ, තුන්ලෝකාග්‍රවූ බුදුරජාණන් වහන්සේ මා පළමුව නමස්කාර කරමින් මෙම ලිපිය ලිවීමට ආරම්භ කරමි.”
පුහුදුන් සත්වයන්ගේ නුවණට හසුනොවන අසිරිමත් දේ ලෝකයේ සිදු වන්නේය. මෙම අසිරිමත් දේ අතර කලාතුරකින් අසිරිමත් මනුෂ්‍යයන්ගේ පහළ වීම ද සිදු වෙයි. එවන් එක් අසිරිමත් පුද්ගලයකු පිළිබඳව අංගුත්තර නිකායේ මෙසේ සඳහන් වේ.
Subscribe to:
Posts (Atom)