Labels

Saturday, August 13, 2016

කෙලෙසුන්ට බැඳි වැට නිවන් මඟ සුව සදයි

කෙලෙස් ඇත්තා ඇතිබව දනීනම්. නැත්තා නැතිබව දනීනම් තිබෙන රාග, ද්වේශ, මෝහාදී පව් නැතිකර ගැනීමටත්, නැති පව් නූපදවා ගැනීමටත් උත්සාහ ගනී. එය හරියට අපවිත්‍ර හා පවිත්‍ර බඳුන් දෙකක් නිතර භාවිතයට ගැනීමෙන් එකක තිබෙන කුණු නැතිවී ඔප වැටේ. අනික තවත් ඔප වැටී බැබලීමට පත්වේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
”අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති. නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති” (ම.නි. අංගණ සූත්‍රය)
සුපින්වත්නි,

Friday, August 12, 2016

බ්‍රොයිලර් ජීවිතය II


සෑම තරාතිරමකම පාලකයන් වෙත කරුණාවෙනි!

බ්‍රොයිලර් කුකුළන් සිය දවස්‌ හතළිස්‌ පහක ජීවිත කාලය තුළ කුඩා කූඩුවකට කොටුවී සිට නිසි වයස්‌ වැඩුණු පසු හිස ගසාදැමීමට ලක්‌වීමේදී අදාළ සත්වයන් කර්ම විපාක දෙකක්‌ ගෙවනවා. එකක්‌ ප්‍රාණඝාත අකුසලය. ඒ හේතුවෙන් හිස ගැසුම් කනවා. අනික්‌ අකුසලය තමන්ගේ දියුණුව උදෙසා අනුන්ගේ ජීවිතය සීමාකිරීමයි. එහි විපාක හැටියට තිරිසන් ලෝකයේ ඉපදුණද,

බ්‍රොයිලර් ජීවිතය

අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්‌ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය,

Sunday, August 7, 2016

ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න

වර්තමානයේදී ඔබ සුඛෝපභෝගී නිවසක නවීන ගෘහ භාණ්‌ඩ තබාගෙන සුසිනිඳු ඇඳ ඇතිරිලි, සිනිඳු ඇඳුම් ආයිත්තම් පරිහණය කරගෙන ජීවත්වුණත්, ලක්‍ෂ ගණන් වටිනා වාහන, රන් රිදී පාවිච්චි කර ඔය කය කලඑළි කළත්, අතීතයේ දවසක අපි හැමෝම සැරව, රුධිරය, මේදය, අසූචි, මුත්‍ර, බොකු බඩවැල්, වමනය, දිරවූ, නොදිරවූ ආහාර වැනි ජරාගොඩක්‌ මැද, බැලුම් බෝලයක්‌ වැනි ආවරණයක්‌ මැද වකුටුවී, අප්‍රසන්න අමිහිරි ගර්භාෂ කුටියක්‌ මගේ කොටගෙන එයට ඇලී,

කය දුවවා වැඩක්‌ වේද සිත නතර කරනු බැරිනම්

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා.

රීකන්ඩිෂන් කරනු වෙනුවට අවබෝධයෙන් දකිමු මේ කය

ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ.

Thursday, August 4, 2016

ජීවත්වීම යනු කුමක්ද?

අධ්‍යාපනය සඳහා හඹා යන තැනදී බොහෝ වැරදි කරන්නට නොහොඹිනා දේ කරන්නට ඒ වගේම නොයෙක් අවස්ථාවන්හිදී මුසා දොඩන්නට අනෙකා පරයා තමන් ඉදිරියට යන්නට අනෙකාට ඉදිරියට එන්නට තියන ඉඩ කඩ අහුරා දමන්නට මෙසේ නොයෙකුත් නොමනා කම් කරමින් මනුෂ්‍යකම පවා කෙලෙසන තැනට පත් වෙලා තියෙන්නේඅධ්‍යාපනය කුමක් සඳහාද කියන නිවැරැදි ආකල්පය මිනිසුන්ගෙන් ගිලිහී ගිහින් තියෙන නිසයි. මෙයින් අපි අදහස් කරන්නේ අධ්‍යාපනය අවශ්‍ය නැහැයි කියන එක නෙමෙයි, අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් එය කුමක් සඳහාද කියන නිවැරැදි ආකල්පය මත පිහිටා ගොඩ නගනවානම් මනුෂ්‍යකම් ඇති සත්පුරුෂයින් බිහිකරන්න ඒ අධ්‍යාපනය දායක කර ගන්නට පුළුවන්.

අවශ්‍යතා සහ හැඟීම්

අතීත කාලයේ විශේෂයෙන්ම මේ කාරණය නිවැරැදිව හඳුනා ගෙනයි දරුවන්ගෙ අධ්‍යාපන අවශ්‍යතා සපුරා දුන්නේ. ඒ වගේම මූලික අවශ්‍යතා පිළිබඳව නිවැරැදි ආකල්පය මොකක්ද කියන එක බොහෝ අවස්ථාවන්හිදී භික්ෂූන් වහන්සේලා විසින් පැහැදිලි කරලා දුන්නා. අතීතයේ ලංකාවේ අරියවංශ දේශනාව මාසයකට වතාවක් හෝ අඩමසකට වතාවක් රැය පහන් වනතුරැ දේශනා කළාය කියලා ඉතිහාසයෙ සඳහන් වෙනවා.

තනිව හැසිරෙන හිතක් නෑ

අපි දන්නවා පංච උපාදානස්කන්ධය කියන්නේ රූප,වේදනා, සඤ්ඤා, සංඛාර,විඤ්ඤාණ කියන පහයි. මෙහිදී අපි මතක තබාගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි අපි මේ උපාදානස්කන්ධයන් වෙන්කරලා කතා කරන්නේ තේරුම් ගැනීමට පහසුවීම පිණිසයි. නමුත් මේ පහ වෙන් කරන්න බැහැ. මේ පහ තියෙන්නේ එකට.
මනුෂ්‍ය ලෝකයේ සිටින මිනිස්සු මේ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. දෙව්ලොව දෙවියන් මිදිලත් නැහැ. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් මිදිලත් නැහැ. කොටින්ම කියනවා නම් කාම, රූප, අරූප, කියන මේ හැම භවයකම පැවැත්ම සකස් වෙලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තුළයි. ඒ නිසා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කිරීමෙන් තමයි දුක මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ.

ධාතූන් වහන්සේලා හැඳින ගැනීමට ඒවායේ යම් කිසි ප්‍රාතිහාර්ය දැක්වීමක් ඇත්තේ ද?

ධාතූන් වහන්සේලාය කියන්නේ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහන කිරීමෙන් පසු නො දැවී ඉතුරු වූ කොටස්වලට ය. ඒවාට ධාතුය කියන්නේ දැනීමක් නැති නිසා ය. සත්ත්ව පුද්ගල භාවයක් නැති නිසා ය. සත්ත්ව පුද්ගල භාවයක් නැති ඒ ධාතූන්ට ප්‍රාතිහාර්ය දැක්වීමේ අදහසක් හෝ උත්සාහයක් කවදාවත් ඇති නො වේ. එබැවින් ධාතූන් වහන්සේලා විසින් ප්‍රාතිහාර්ය දැක්වීමක් නො කරන බව කිව යුතු ය. බුදුන් වහන්සේ විසින් උන් වහන්සේ ගේ ඍද්ධි බලයෙන් මේ ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් යම් කිසි ප්‍රාතිහාර්යයක් වේවායි අධිෂ්ඨාන කොට තුබුණහොත් ඒ දේ සිදුවිය හැකි ය. මිනිසුන් ගේ ශ්‍රද්ධාව දියුණු කිරීම පිණිස සමහර විට දෙවියන් විසින් ධාතූන් ගේ ප්‍රාතිහාර්ය දැක්විය හැකි ය. බලවත් සැහැදැවතුන් ගේ අධිෂ්ඨාන - සත්‍යක්‍රියාවලින් ද සමහර විට ප්‍රාතිහාර්ය සිදුවිය හැකි ය.

පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා කරන පූජාව උන්වහන්සේගේ පිළිගැනීමක් හා පරිභෝගයක් නැති බැවින් පූජා කරන්නහුට පිනක් ලැබේ ද?


පිළිගැනීම හා නො පිළිගැනීමත්, පරිභෝග කිරීම හා නො කිරීමත්, පූජාකරන්නහුට පින්සිදුවීමට හා නො වීමටත්, පින මහත්වීමට හා කුඩා වීමටත් කරුණක් නො වේ. පින වනාහි කරන තැනැත්තා තුළ ම ඇතිවන දෙයක් මිස පිටතින් එන දෙයක් නො වේ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ ඒ ඒ පුද්ගලයා තුළ ඒ ඒ දෙය සිදු කිරීම් වශයෙන් ඇතිවන චේතනාව ම කුශලාකුශලය වන බව ය. පූජාකරන්නහුට ලැබෙන පින වූ කුශලචේතනාව පූජා කරන වේලාවේදී ම ඇතිවන්නකි. පිළිගැනීම හා පරිභෝග කිරීම පසුව සිදුවන කරුණු ය. ඒවා සිදුවන්නට කලින් පූජා කිරීමේ පින සිදුවී ඉවර ය.

බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි විශ්වාසය තබන්න!

මහත් වූ බැතියෙන් ඒ අනගි ධර්ම දේශනය ශ්‍රවණය කළෙමි. එය සැබැවින්ම සිතට ශාන්තියක් විය. “රහතුන් වැඩි මග ඔස්සේ ගමන් කරන උන්වහන්සේ දකින්නට ලැබීමද භාග්‍යයකි. මට අසන්නට ලැබුණු ඒ අසිරිමත් ධර්ම දේශනය හුදී ජන ප්‍රසාදය සඳහා රට පුරා බෙදා හැරිය හැකිනම් කෙතරම් අගනේදැයි සිතක් පහළ විය. අවසානයේ මම උන්වහන්සේ හමුවට ගියෙමි.“ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතාම භක්තියෙන් ශ්‍රවණය කළා. මේ ධර්මය ඒ අයුරින්ම බෙදා හරින්නට ඉඩ ලබා දෙනවා ද?“මොකක්ද පුතේ ඒ කියන්නේ?” යනුවෙන් උන්වහන්සේ කරුණාභරිතව විමසූහ.“මේ ධර්ම කරුණු කැටිකර ලිපි පෙළක් පළ කිරීම ගැනයි ස්වාමීන් වහන්ස” මම පිළිතුරු දුනිමි.හොඳයි පුතේ,

ඒ හිමියෝ පිළිතුරු දුන්හ. බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමින් මේ ලිපි පෙළ ඔබ වෙතට ඉදිරිපත් කිරීමට ලැබීම සැබැවින්ම සතුටට කරුණකි. මේ දහම් හඬ දස දෙස පැතිරේවා යන්න මගේ ඒකායන පැතුමයි.

පෙර කළ පින නිසා ලැබූ වා වූ ලස්සන ශරීරය, අනුන් තුළ කාමච්ඡන්දයන් ඇති කිරීම උදෙසා යොමු වූ බව මීට පෙර ඉදිරිපත් කළ ලිපිවලින් අවබෝධ වුනා. ඒ වගේ ම පායාස නිරයේ ජීවත් වන තවත් නිරිසතෙක් ඉන්නවා. ඒ නිරි සතා හම ගහපු නිරි සතෙක්. ඔබ ශක්තිමත් මනුෂ්‍ය රූපයක් හිතින් මවා ගන්න. ඒ ශක්තිමත් මනුෂ්‍යාගේ රූපය මේ කුඩුහම සම්පූර්ණයෙන් ම ගලවලා අයින් කරන්න. මේ මුළු ශරීරයෙ ම කුඩුහම සම්පූර්ණයෙන් ම ගලවලා අයින් කළාම පස්සෙ මේ රතුපාට මස් මතුවෙලා තියෙන, ලේ නහර මතුවෙලා තියන, හම ගහපු මනුෂ්‍යාගෙ රූපය හිතින් මවාගන්න. ඒ විදිහෙ හම ගහපු නිරි සතෙක්, මසම පීඩාවට පත්කරනව.

සසරින් මිදීම

තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ මරණය කම්පාවට සුදුසු නැත.තමන්ගේ පවුලේ කෙනෙකු මළ පසු ඔහුගෙන් හෝ ඇයගෙන් තමන්ට ලැබෙමින් තුබූ හෝ ලැබෙන්ට තිබුණු ප්‍රයෝජනයක් නැතිවීම නිසා දුක්වීමට ඉඩක් ඇත. තමන්ගේ බඩුවක් නැතිවීමෙන් ලැබෙන දුකක් මෙනි. එහෙත් මළ තැනැත්තාට පාඩුවක් සිදුවිණැයි සැලකීමට නම් කරුණක් නැත. එහෙත් ළපටිකම නිසා තත්ත්වය වටහා ගත නොහැකි වීම නිසා හඬන්ට පුළුවන. මගේ ගුරුහාමුදුරුවන් අභාවප්‍රාප්ත වන විට මගේ වයස විස්සක් විය. මම එදා හැඬුවෙමි. එයින් මා හැඬුවේ මට විඳීමට සිදුවිය හැකි පාඩුවක් නිසා නොවේ. එවැන්නක් පැවැත්තේම නැත. එදා මා හැඬුවේ මන්දැයි කල්පනා කරන විට මට අද දැනෙන්නේ හුරතල් බෝනික්කකු කැඩීයාම නිසා හඬන කුඩා දරුවකුගේ ක්‍රියාව මෙනි. මගේ මෑණියන් අභාවප්‍රාප්ත වන විට මගේ වයස හතළිස් හතරකි. මා එදා හැඬුවේම නැත.
කුඩා කාලයේ කෙනෙකු වැඩිහිටියන් සුරතල් කිරීම සිරිතය. තමන්ගේ මුහුණ ටිකක් වෙනස් කරගත් පමණින් හෝ කඳුළක් හෙළු පමණින් ඕනෑ කරන දෙයක් ලබාගැනීමට එදා හැකියාව ඇත. එහෙත් ගැටවර වයසට පැමිණෙන විට එම වාසිය නැති වී යයි. එදා වුවත් වැඩිහිටියන්ට දැන්වීමෙන් තමන්ට අවශ්‍ය දෙයක් මහන්සි නැතිව ලබාගත හැක. තරුණ වියට පැමිණ පවුලක් වූ පසු සියල්ල තමන් බලාගත යුතු වෙයි. මෙසේ එක ජීවිතයකදීම වයසේ වෙනස්කම්වලින් සිදුවන පාඩු මරණයෙන් සිදු නොවේ. එබැවින් මරණයෙන් සිදුවන වෙනස්කම්, තරුණ වියට පත්වීමෙන් ද ඉසකේ පැසීමෙන් ද දත් වැටීමෙන් ද විශ්‍රාම යාමෙන් ද සිදුවන වෙනස්කම්වලට විශේෂ දෙයක් නොවේ. පොඩි දරුවකු වූයේ යම් සේද තරුණයකු මහල්ලකු වූයේ යම් සේද මහල්ලකු නැවත ඉපදී දරුවකු වන්නේද එසේම ය. එකම චක්‍රයක පෙරළී ගෙන යාමේදී දක්නා විවිධ අවස්ථා පමණි.

මාන්නය දුරුකරලා නිහතමානීබාවයමයි වඩන්න ඕන...


මහත් වූ බැතියෙන් ඒ අනගි ධර්ම දේශනය ශ්‍රවණය කළෙමි. එය සැබැවින්ම සිතට ශාන්තියක් විය. “රහතුන් වැඩි මග ඔස්සේ ගමන් කරන උන්වහන්සේ දකින්නට ලැබීමද භාග්‍යයකි. මට අසන්නට ලැබුණු ඒ අසිරිමත් ධර්ම දේශනය හුදී ජන ප්‍රසාදය සඳහා රට පුරා බෙදා හැරිය හැකිනම් කෙතරම් අගනේදැයි සිතක් පහළ විය. අවසානයේ මම උන්වහන්සේ හමුවට ගියෙමි.“ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතාම භක්තියෙන් ශ්‍රවණය කළා. මේ ධර්මය ඒ අයුරින්ම බෙදා හරින්නට ඉඩ ලබා දෙනවා ද?“මොකක්ද පුතේ ඒ කියන්නේ?” යනුවෙන් උන්වහන්සේ කරුණාභරිතව විමසූහ.“මේ ධර්ම කරුණු කැටිකර ලිපි පෙළක් පළ කිරීම ගැනයි ස්වාමීන් වහන්ස” මම පිළිතුරු දුනිමි.හොඳයි පුතේ,
ඒ හිමියෝ පිළිතුරු දුන්හ. බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමින් මේ ලිපි පෙළ ඔබ වෙතට ඉදිරිපත් කිරීමට ලැබීම සැබැවින්ම සතුටට කරුණකි. මේ දහම් හඬ දස දෙස පැතිරේවා යන්න මගේ ඒකායන පැතුමයි.

පෙර කළ පින නිසා ලැබූ වා වූ ලස්සන ශරීරය, අනුන් තුළ කාමච්ඡන්දයන් ඇති කිරීම උදෙසා යොමු වූ බව මීට පෙර ඉදිරිපත් කළ ලිපිවලින් අවබෝධ වුනා. ඒ වගේ ම පායාස නිරයේ ජීවත් වන තවත් නිරිසතෙක් ඉන්නවා. ඒ නිරි සතා හම ගහපු නිරි සතෙක්. ඔබ ශක්තිමත් මනුෂ්‍ය රූපයක් හිතින් මවා ගන්න. ඒ ශක්තිමත් මනුෂ්‍යාගේ රූපය මේ කුඩුහම සම්පූර්ණයෙන් ම ගලවලා අයින් කරන්න. මේ මුළු ශරීරයෙ ම කුඩුහම සම්පූර්ණයෙන් ම ගලවලා අයින් කළාම පස්සෙ මේ රතුපාට මස් මතුවෙලා තියෙන, ලේ නහර මතුවෙලා තියන, හම ගහපු මනුෂ්‍යාගෙ රූපය හිතින් මවාගන්න. ඒ විදිහෙ හම ගහපු නිරි සතෙක්, මසම පීඩාවට පත්කරනව.

Wednesday, August 3, 2016

අන් අයට දොස් පැවරීම


“බිම අමදින්නේ නම් එම කාර්යය සඳහා ඔබ සතු සියල්ල යොදවන්නැ”යි අජාන් චා හිමි ඔබට පැවසූහයි කී භාෂා පරිවර්තක හිමි නම, අජාන් චා හාමුදුරුවන් සමඟම යන්නට ගියහ.
ඕස්ට්‍රේලියාව තෙක් ආපසු ගිය දිගු ගමනේදී එම කෙටි ඉගැන්වීම පිළිබඳව තරුණයාගේ සිත යොමුවිය. අජාන් චා හාමුදුරුවන් බිම ඇමදීම ගැන පමණක් නොව ඊට වඩා තව බොහෝ දේවල් කියාදුන් බව ඔහුට වැටහුණි. එම කෙටි ඉගැන්වීමේ අර්ථය ඔහුට වඩවඩාත් පැහැදිලි වන්නට විය.
“ඔබ කුමන කාර්යයක යෙදුනත් ඒ සඳහා ඔබ සතු සියල්ල යොදවන්න”
තමනට ලැබුණ ජීවිතය සඳහා වූ උපදේශය එවැනි දුර ගමන් සියයකටත් වඩා වටිනා බව අවුරුදු ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවේදී හමු වූ ඔහු මා සමඟ පවසන ලදී. එය දැන් ඔහුගේ ඇදහිල්ල බවට පත්වී ඇති අතර එමඟින් ඔහුට සන්තුෂ්ටිය හා සාර්ථකත්වය අත්කර දී ඇත. ඔහු වැඩකරන විට ඔහු සතු සියල්ල එයට යොමු කරනු ලැබේ. සමාජ ආශ්‍රයේදී ද ඔහු සතු සියල්ල ඒ සඳහා යොදවයි. එය සාර්ථකත්වය සඳහා වූ සූත්‍රයක් බවට පත්විය. අහා! ඔහු, කිසිවක් නොකර ඉන්නා විට ඔහු සතු සියල්ලෙන් කිසිවක් ඒ සඳහා දෙන්නේ නැත.

පමා නැති දිවි ඇති දනන් මරණින් ගැලවෙති

අපේ පියවි ඇසට පේන දේ බොහොම ටිකයි. නොපෙනෙන දේ ගොඩක් තියෙනව. හැමකෙනෙක්ම වගේ ගනු දෙනු කරන්නෙ පෙනෙන දේ එක්ක විතරයි. තමන් ගැනම හිතල බලන්න. ඔබ වැඩි අවධානයක් යොමු කරන්නෙ ඔබේ ඇසට පෙනෙන ශරීර කොටස් ගැනද, නැත්නම් ඇසට නොපෙනෙන සිත ගැනද කියල. ඇසට පෙනෙන ශරීරය ගැන නේද? මතු පිටින් නොපෙනුනත්, ඇඟ ඇතුලෙ තිබුණත්, ස්කෑන් කරල හරි බලන්න පුළුවන් ශරීර කොටස් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනව. ඒත් ඒ ශරීරය මේ භවයෙ පරිහරණයට පමණක් ලැබුණ එකක්. සිත ගැන අවධානය කරන කෙනා ඊට වඩා ඉහළින් ඉන්න බුද්ධිමතෙක්. මොකද එයා අවධානයට යොමු කරන්නෙ මේ භවයට පමණක් නෙවෙයි අනාගත බව වලටත් අපට වැදගත් වන කරුණක් පිළිබඳව නිසා.

මාගන්දියා කියන්නේ රූපය ලස්සන තරුණියකි. ඒ නිසාම ඇය ඒ වසරේ ජනපදයේ රූප සුන්දරිය බවටත් පත්වුණා. ප්‍රඥාව නොවැඩුණු ඇයට, පෙර පිනකින් ලැබුණු ලස්සන රූපයම දෙලොව විනාශය උදා කළ හැටි අපේ බණ පොතේ කියවෙන්නෙ මෙහෙමයි.
දවසේ වැඩි කාලයක් මාගන්දියා රූපය රැක ගැනීමේ කටයුතුවල තමයි යෙදී සිටියෙ.

නැඟෙයි ඔහුගේ කිතු ගොස

ජීවිතය ජය ගැනීමට උත්සාහය අත්‍යවශ්‍ය දෙයක්. පංච කාම ගුණික වශයෙන් ලැබිය හැකි ලෞකික සැප සම්පත් ලැබීමට වගේම පරලොව දුගතියෙන් අත මිදී සුගතිය උරුම කර ගැනීමටත් සසර දුක නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමටත් අවශ්‍යම දේ උත්සාහයයි.
කොතරම් උත්සාහය තිබුණත් සිහි නුවණින් කටයුතු නොකළොත් උත්සාහයේ ප්‍රතිඵල අහිමි වී යනව.අපේ සමාජයේ බොහෝ උත්සාහ වන්තයන් අපට හමු වෙනව. ඒත් කරන කියන දේ ගැන මනාව සිහි නුවණින් කටයුතු නොකිරීම නිසා අවුල් හටගෙන,අසාර්ථක වෙලා, නැත්නම් ඉක්මන් වීම නිසා වැරැද්දක් වෙලා. අපේ ජීවිතවල වැඩි කාලය වෙන් කරන්න වෙලා තියෙන්නෙ වැරදි නිවැරැදි කරන්න. ඒ නිසා එළඹ සිටි සිහිය ඉතාම වැදගත් සාධකයක්.
උත්සාහය කොපමණ තිබුණත් නොදන්න දේ කරන්න යාම භයානකයි. දන්නා කෙනෙකුගෙන් විමසා බලා සැක දුරු කරගෙන කිරීම තමයි වැදගත්. ලෞකික ලෝකය ජය ගැනීමටත් එහෙමයි. ලොව්තුරු ඵල නෙලා ගැනීමටත් එහෙමයි.

හෙළ කතට විමුක්තිය විවර කළ සඟමිත් තෙරණිය

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ විමුක්තිදායිකාව ලෙසින් විරාජමාන වනුයේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේයි. මගධාධිරාජ වූත් නවරට සසුන් පිහිටුවමින් බුදුදහම ප්‍රචාරය කරමින් ශාසනික සේවයට උරදුන් ධර්මාශෝක මහඅධිරජුගේත්, දේවි නම් බිසවගේ එකම දියිණියවූත්, මිහිඳු මහරහතන් වහන්සේගේ නැගෙනිය වූ සංඝමිත්තා කුමරිය පැවිදි භූමියට පැමිණීමට පෙරාතුව අග්ගිබ්‍රහ්ම නම් තරුණයකු සමඟ විවාහ වී සිටියාය. පුත් රුවන වූයේ සුමන කුමරුය.
මිහිඳු කුමරු පැවිදිවීමත් සමඟින් අග්ගිබ්‍රහ්ම තරුණයාද සසුන්ගතවූයේ ය. සැප සම්පතින් ආඩ්‍යයව සිට, සුමට වූ දිගු කෙස්කළඹ සිඳදමා, මෘදු මොළොක් ගත සැරසූ ගෙල බැඳි ආභරණ උනා දමා, මුව සැරසූ අනේක විඳ සඳුන්, කුකුම් සුවඳ විලවුන් හැරදමා, කඩ සහිත කසාවතින් ගත වසා ගැනීමට උත්තරීතර වූ පැවිද්දේ පහස ලබන්නට සංඝමිත්තා කුමරිය පුණ්‍යවන්තියක වූ නිසාවෙන් ධම්මපාලි තෙරණියගේ උපාධ්‍යායත්වයෙන් හා අයුපාල තෙරණියගේ ආචාර්යත්වයෙන් වයස අවුරුදු දහඅට පමණ වයස් වන කල්හි ප්‍රවෘජ්‍යාභූමියට සැපත් වූවාය.
ධර්මාශෝක පියරජතුමා සිදුකළ වටිනා ශාසනික සේවය අර්ථවත් කරමින්,

ඇලීම අඩු වීම තුළ ගැටීම ද අඩු වේ

සියල්ල කැඩී බිඳී ගිය විට ශූන්‍යතාවය හෙවත් හිස් ගොඩක් බවට පත්වෙයි. සියලු කොටස් සම්බන්ධ වී තිබෙන තාක්කල් තිබෙනවා යනුවෙන් පෙනුණාට සම්බන්ධතාවය ඛණ්ඩනය වූ විට එවැනි කිසිවක් නැහැ.
කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ සහ පායාසරාජා තෙරුන් වහන්සේ අතර ඇතිවුණ සාකච්ජාවේදීත් , නාගසේන හාමුදුරුවන් සහ මිළිඳු රජතුමා සමඟ ඇතිවුණ සාකච්ජාවෙදීත් කය හෙවත් රූපය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? යනුවෙන් රූපය කියන්නේ කුමක්ද කියා පෙන්වන්න හැකිද? යනුවෙන් මිළිඳු රජතුමා නාගසේන හාමුදුරුවන්ගෙන් විමසූ විට ඔව් පෙන්වන්න පුළුවන් බවට නාගසේන තෙරුන් පිළිතුරු ලබාදුන්නා. නාගසේන හාමුදුරුවන්ගෙන් මිළිඳු රජතුමා නැවතත් ප්‍රශ්න කරනුයේ ස්වාමීනි, එසේ නම් රූපය යනු කනටද? රූපය කියන්නේ ඇස් දෙකටද? රූපය කියන්නේ නාසයටද? රූපය කියන්නේ කුමකටද? යනුවෙන් නාගසේන හාමුදුරුවන්ගෙන් මිළිඳු රජතුමා ප්‍රශ්න කරනවා. රජතුමා බුද්ධිමත් නිසාම හාමුදුරුවන් එයට පිළිතුරු ලබානොදී නැවතත් රජතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. රජතුමනි අද හරියට රස්නෙයි නේද? අද මෙතනට පැමිණුනේ කොහොමද?

රූපය දැඩිව ග්‍රහණය කරගන්නා ප්‍රමාණයට අනුව දුක ද වැඩිවේ

රූපය තුළ තිබෙන්නාවු හේතුඵල සම්බන්ධතාව වටහා ගතහොත් පමණමයි, අප රූපවලට උපාදානය වීම ඛණ්ඩනය වෙලා යන්නේ, රූපය සැකසුන ආකාරය හා එය පැවතිය යුතු ආකාරය අප අපගේ නුවණට ගොදුරු කරගත හොත් රූප තිබු පමණින් රූප දැඩිව ග්‍රහණය කරගෙන කටයුතු කිරීමට තිබෙන රාග අපේක්ෂිත මානසික උනන්දුව ක්‍රමයෙන් අප තුළින් ක්ෂය වී යයි.'
බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව දේශනාව ඉදිරිපත්කරද්දී දුක කුමක්ද? කියලා විස්තර කර අවසානයේදී සංඛිත්තේන පංචුපාදා නක්ඛන්ධා දුක්ඛා යනුවෙන් වදාරා ඇත. සංෂිප්තව සඳහන් කරන්නේ නමි, අපගේ දුකට කාරණාව පංච උපාධානස්කන්ධය බව විභංග සූත්‍රයේදීත් දමිසක් පැවතුමි සූත්‍රයේදීත් ඒ පිළිබඳව දේශනා කර ඇත.
මෙහිදී බුදුරජාණන් වහන්සේ දුක යැයි පෙන්වා දෙනු ලබන්නේ පංචස්කන්ධය නොවන බව අප නිවැරැදිව වටහාගත යුතුයි. පංච උපාධානස්කන්ධය නමින් එය වටහා ගත යුතුයි.

අවිද්‍යාව මලකඩකි ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 02 )

බුදුන් වහන්සේ අවිද්‍යාව මලකඩට උපමාකර තිබෙන ආකාරය විමසා බලමු.

මලා වෙ පාපකා ධම්මා
අස්මිං ලෝකේ පරමිභීච
තතො මලා මලතරං
අවිජ්ජා පරමං මලං
ලෝකයේ මෙලොවත්, පරලොවත්, නියම විදියේ මලකඩයක් තමයි පාපකර්ම. පව්කම් කිරීම ලෝකයේ තිබෙන ලොකු මලකඩයක්. ලෝකයේ තිබෙන ප්‍රකට මලකඩ වර්ගයක්. ඊළඟට ඊටත් වඩා ‘තතො මලා මලතරං’ ඊටත් වඩා ලොකුම මලකඩය තමයි අවිජ්ජා පරමං මලං - අවිද්‍යාව කියලා කියන, ඒ නොදැනුම කියලා කියන, චතුරාර්ය සත්‍යය නොදැනීම කියලා කියන ඒ මෝඩකම ඒ අඥානකම. සාංසාරික සත්ත්වයා තුළ තිබෙන ඒ අඥානකම. ඒක තමයි ලොකුම මලකඩය.

දස පාරමිතා

දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, ඛන්ති,සච්ච, අධිට්ඨාන , මෙත්තා, උපෙක්ඛා යන දස පාරමිතාවන් සපිරීමෙන් අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ උතුම් බුදුබව පසක් කරගත් සේක.
මේ දස පාරමිතාවන් පාරමී, උපපාරමී,පරමත්ථ පාරමී යනුවෙන් ත්‍රිවිධ වශයෙන් සමතිස් පෙරුම් දම් සපුරණ ඕනෑම කෙනෙකුට උතුම් බුදු බව ලැබිය හැකිය. නිදසුනක් වශයෙන් දාන පාරමී යනු ධන ධාන්‍ය වස්ත්‍රාභරණ ආදී ජීවිතයට අවශ්‍ය වන පරිදි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමයි. (තම අඹුදරුවන් හෝ තම සිරුරෙහි රුධිරය,වකුගඩු, ඇස්, හිස් ආදි ශාරිරීක අවයව අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කෙරේ නම් එය දාන උපපාරමිතාව යි. )දාන පරමත්ථ පාරමී යනුවෙන් අදහස් කරන්නේ තම ජීවිතයම පුදා අන් අයගේ යහපත සැලසීම යි. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ මේ ත්‍රිවිධ ආකාරයෙන්ම දාන පාරමිතාව සපිරූ බැවින් බුදු බවට පත්වී වදාළ සේක.
සීලපාරමිතාව ආදිය ද එසේම ත්‍රිවිධ අයුරින් සපිරිය යුතුය කය, වචනය දොරටු දෙකින් සිදු වන වැරදිවලින් සංවර වීම සීලයයි. සීලව නාගරාජ සමයෙහි තම ජීවිතයට හිරිහැර කරන වැද්දන්ට විපතක් නොකළේ තම සීලය බිඳේය යන හැඟීම නිසයි. ගිහිගේ කම්සැප විහරණය අතහැර දමා බවුන් වඩමින් දිවි ගෙවීම නෙක්ඛම්ම පාරමිතාවයි.

Tuesday, August 2, 2016

නැණයට මෙන්ම ගුණයටද ලකුණු ලබා දිය යුතුයි

සෞඛ්‍ය විද්‍යාත්මක වද්‍ය විද්‍යාත්මකව ස්වස්ථතාවයට අනුව ලකුණු ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. තමන්ගේ ශරීරය පිරිසුදුව තබාගැනීම පිළිබඳව , දැනුමක් ලබාගැනීම සඳහා ලකුණු ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ආහාර ජීරණ පද්ධතිය අඳිනවිට ලකුණක් දීමට අප ළඟ ක්‍රමවේදයක් තිබෙනවා වුණාට ජරාව නොකාසිටීම පිළිබඳව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් අප ළඟ නැහැ. ශරීර සෞඛ්‍යයට අහිතකර දේවල් කෙතරමි දුරට පාවිචිචි කරනවාද? යන්න එය සඳහා ලකුණු අඩුකිරීමට ක්‍රමවේදයක් අප ළඟ නැහැ. මල් ප්‍රමාණයක් කඩා එයින් මල් ප්‍රමාණයක් අඩුකොට ගණනය කිරීමේ ගණිත ක්‍රමයක් තිබෙන අතර මල් ප්‍රමාණයක් කඩා මල් වටිටියක් සාදන විට ඒ සඳහා ලකුණු ලබාදෙන ක්‍රමයක් අප ළඟ නැහැ. එසේ බලාගෙන යනවිට හැඟීමි කිසිඳු ඇගයීමකට ලක් නොකරන දැනීමි අගය කරන තැනක අප අධ්‍යාපනය ලබයි. දියුණු රටවල පළමුවෙනියා, දෙවෙනියා, තෙවෙනියා තෝරන්නේම නැහැ. දරුවන් හතළිහක් සිටින පංතියක පළමුවැනියා දෙවෙනියා තෙවෙනියා තෝරා දරුවන් තිස්හත් දෙනෙක් අසමත් කරවන වැඩ පිළිවෙලක් හෝ එවැනි අධ්‍යාපන ක්‍රමයක් එම රටවල නැහැ. එය අතිශය දියුණුවෙමින් පවතින්නාවු රටවල තිබෙන්නාවු ෙ නාගැලපෙන ක්‍රමවේදයක්.

භාවනාවට පෙර සූදානම

භාවනා වැඩීමට පෙර තමාට ගැළපෙන කමටහන තෝරා ගැනීම භාවනාවෙන් ප්‍රතිඵල ලැබීමට හේතුවෙයි. ඇතැම් අය විශේෂ ප්‍රතිඵලයක් නැතත් භාවනාව උසස් කුසලයක් නිසා පුහුණුවේ යෙදෙති. ඔවුහු හැමදාම එකම තැනය. ඉදිරියට යෑමක් නැත. තමාට ගැළපෙන කමටහන පුහුණුවට යොදාගත හොත් භාවනාවේ යෙදීම කැමැත්තෙන් ඕනෑකමින් කරගෙන යා හැක. භාවනා වැඩීමට ගුරු උපදෙස් අවශ්‍ය බව පිළිගත් කරුණකි. එහෙත් ගුරුතුමා ඔබට කියාදෙන්නේ එතුමාට ගැළපෙන ක්‍රමයයි. ඒ භාවනා ක්‍රමයෙන් එතුමන් සාර්ථක ප්‍රතිඵල ලැබුවත් ඔබටත් ඒ භාවනාව එලෙසින්ම සාර්ථක වේ යැයි කිවහැකිද? මේ කතාව තහවුරු කිරීමට උපකාරිවන කතාපුවතක් මෑතදී සිදුවු සිදුවීම් තුළින් ඉදිරිපත් කළ හැකිවේ.
භාවනාව පිළිබද මනාදැනුමකින් පොත පත පළකළ යුරෝපීය ජාතික ජැක් කෝන් පිල්ඩ් මහතා අජාන් චා හිමිගේ ගෝලයෙකි. ඔහු බුරුමයට ගියේ මහා සි භාවනා මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබන්නටයි. පුහුණු දිනට පෙර භාවනා පුහුණු කරන කමටහන් ඇදුරු හිමියන් රෑ මැදියම වනතුරු කාන්තාවන් වට කරගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙන අන්දමත් උන්වහන්සේගේ සිත් පහදවන සුළු බවෙන් ඈත්වු ආකල්පයත් දැක බෙහෙවින් සංවේග විය. තායිලන්තයෙ හාමුදුරුවන් මොනතරම් සංයමසීලි දැයි සිතූ ඔහු මෙහෙම තැනකික් මා ලබන පුහුණුව කුමක්දැයි තමාගෙන්ම ප්‍රශ්න කරගත්තේය. පැමිණි නිසාම පසුදින පුහුණුවට සහභාගි විය. පුදුමයකි. මැනවින් සිත සමාධියට පත් විය. ඔහු තුළ වු කළකිරීම සැණින් අවසන් විය.

ඇසළ සඳේ වස් එළඹීම

ඇසළ මස බෞද්ධ ප්‍රජාවට සුවිශේෂී මාසයකි. එය බෝසත් සිරිත, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, අසිරිමත් කරන සිදුවීම් රැසකින් සුපෝෂිතය. ඇසළ මස ඇසළ පුර පසළොස්වක පොහොය වැදගත් සිද්ධින් රැසක් සිහිපත් කරයි. සිදුහත් බෝසත්තුමා මව්කුස පිළිසිඳ ගැනීම නිසා මුළු ලොවක් සැනසුණි. මේ සිද්ධිය වුවද සිදුවූයේ අසිරිමත් ආකාරයටය.
මහාමායා දේවිය පෙහෙවස් සමාදන්වී රාත්‍රි නින්දට ගිය අවස්ථාවේ සුදු ඇත් පැටියෙක් සුදු නෙළුම් මලක් රැගෙන විත් දේවියගේ කුසට දකුණු පසින් ඇතුළු වීමේ සිහිනය දුටුවාය. මේ අන් කිසිවක් නොව සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීමේ අවස්ථාව සංකේතවත් කළ ආකාරයයි. මෙසේ මවුකුස පිළිසිඳ ගත් කුමරු හැදී වැඩී බිහිවී රජකුමරු සැප විඳ වසර විසි නවයක් ලෞකික සැප වින්දේය.

Sunday, July 31, 2016

සම්බුදු සිරිතේ ආදර්ශය ( මව් පියන් සේ ගුණවත්ය )

නායකත්වය සතු ගුණයන් අතර තම බලය විමධ්‍යගත කිරීම උතුම් ගුණයකි. බුදුරදුන් තුළ මෙම ලක්ෂණය බුද්ධත්වය ලැබීමේ සිටම දැකිය හැකිය. ශාසනය ආරම්භයේදී පැවිදි උපසම්පදා කිරීමේ බලය තිබුණේ බුදුරදුන්ට පමණි. එය “ඒහි භික්ඛු” පැවිදි උපසම්පදාවයි. එහෙත් පසුකාලීනව එම අවස්ථාව තම ශ්‍රාවකයන්ට පවා ලබාදුන්හ.
සියල්ලම තමන් හරහාම සිදුවිය යුතුය. සියුලු දේ තම අධීක්ෂණයට පමණක් ලක්විය යුතුය යන්න සැබෑ නායකයෙකු කල්පනා නොකරයි. නායකයා සිදුකරනු ලබන්නේ ක්‍රියාවලිය සැකසීමයි .

 ඉන් අනතුරුව හැකියාව මත බලතල බෙදාදීම සිදුවෙයි. ඒ තුළ සිදුවන යහපත වන්නේ ‘ නායකයා නිරන්තරයෙන් රැදී නොසිටිය ද ක්‍රිියාකාරීත්වය නොඅඩුව සිදුවෙයි. නායකයා හෙවත් මග පෙන්වන්නා තුළින් බලාපොරොත්තු වන්නේ ද එයයි. උරුවෙල් කාශ්‍යප හිමියන්ට ගිහිකල සිටි අතවැසි පිරිසම එලෙසින්ම ඔහු හා සමඟ ගැවසීම පිළිබඳ බුදුරදුන් විරුද්ධත්වය පළ නොකළහ. එසේ වීමට උරුවෙල් කාශ්‍යප හිමියන්ගේ ක්‍රියාකලාපය යහපත් අදහස හේතු වූහ. මන්දයත් තම පිරිස උන්වහන්සේ මෙහෙය වූයේ තම පෞද්ගලික අභිමතාර්ථ සඳහා නොව ශාසනික උන්නතිය සඳහාය. නායකයා විසින් පවරන ලද බලය සේවක පිරිස් පාවිච්චි කළ යුත්තේ ආයතන අරමුණු ජයග්‍රහණය කරවීම සඳහාය.

Thursday, July 28, 2016

සදහම් දැනුම

ප්‍රශ්නය
විචාර පූර්වක බවින් යුතු සත්යේෂණ ක්‍රමයක් මගින් බුදුබව ලබාගත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගේ චින්තන නිදහසට ද ගරු කළහ. සිතීමෙන් හා විමසීමෙන් යුතුව කටයුතු කරන්නට තම අනුගාමිකයන්ටද නිදහස දුන්හ. එය උන්වහන්සේ ආදර්ශයෙන් ද පෙන්වා දුන්හ. බුදු සිරිත ඇසුරෙන් පැහැදිලි කරන්න.
පිළිතුර
එවකට ලොව පැවැති උත්තරීතරම තත්ත්වය ලෙසින් පිළිගත් “බුද්ධත්වය” කරා ගෞතම බුදුරජාණන් වහන්සේ ගමන්කොට ඇත්තේ විචාර පූර්වක ගමන් මගක බව සූත්‍ර සාහිත්‍යයෙහි එන විවිධ සූත්‍ර දේශනාවලින් පැහැදිලි වේ. කාල වර්ණ කේශකලාපයකින් යුක්ත භද්‍ර යෞවන වයසේදී දෙමාපියන් සහ සිය බිරිඳ හඬමින් වැළපෙමින් (රුදන්තානං මාතා පිතුන්නාං) කඳුලු , කෙස් , රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදි වූ ආකාරය සංගාරව සූත්‍රයෙහිදී පැහැදිලි කර ඇත. මෙසේ අනගාරික ජීවිතයට පිවිසි එතුමාණෝ කිසිවිටක ආධානග්‍රාහීව එකම මතයක් පිළිගනිමින් කටයුතු නොකළහ. නිරතුරුවම (කිං සච්චගවේෂී) සත්‍යය ගවේෂණයක යෙදුණි. එහිදී ආලාරකාලාම, උද්දකාරාමපුත්ත වැනි එකල සිටි ප්‍රසිද්ධ ගුරුවරුන් සොයා ගොස් සත්‍යය සොයා ගොස් සත්‍යය අවබෝධකර ගැනීමට උත්සාහ කළ ද, එයින් සෑහීමකට පත් නොවූ ගෞතමයන් වහන්සේ “ස්වයං ඥානයෙන්ම (තමා විසින්ම) පරම සත්‍යය අවබෝධ කරගත්හ. මහා සීහනාද සූත්‍රාගත තොරතුරු අනුව කටුක මාවතක් ඔස්සේ අනන්ත දුක් ගැහැට විඳිමින් ගමන් කළ බව සඳහන් වේ.

පුද්ගලයාටත් පරිසරයටත් හානි කරමින් උපයන ධනය අධාර්මිකයි

කාමභෝගී ගිහි සැප භෞතික ධනය මත පදනම් වන හෙයින් එය නොමැති තැන ගිහි සැපත අර්ථවත් නොවේ. ගිහි ජීවිතය අර්ථවත් කරගැනීමට ධනය අවශ්‍ය බව පිළිගන්නා බුදුසමය ධන නිෂ්පාදනය සඳහා දැහැමි ක්‍රමයක් යෝජනා කරයි. සංයුත්ත නිකායේ රාසිය සූත්‍රයෙහි මෙම ක්‍රමවේදය ඇතුළත් වේ.
ඒ අනුව බුදුරදුන්ගේ ඇගයුමට ලක්වන්නේ සහසික නොවී ධනය නිෂ්පාදනය කිරීමයි. (ධම්මේන භොගෙ පරියෙසති අසාහසෙනාති) අසහාසික යන්නෙන් අදහස් වන්නේ සහසික නොවන ආකාරයෙන් ධනය ඉපැයීමයි. වචනාර්ථය අනුව සහසික වීම යනු ප්‍රචණ්ඩකාරී ස්වභාවයයි. ඒ අනුව යමෙක් පරිසරය හෝ මානව වර්ගයා වෙත ප්‍රචණ්ඩවෙමින් ඒවාට හානිකරමින් සූරාකමින් අධාර්මික ලෙස ධනය උපයන්නේ නම් එය සහසිකව ධනය ඉපැයීමක් ලෙස නම් කළ හැකිය. වෙනත් අයුරකින් පවසන්නේ නම් පුද්ගලයාට හා පරිසරයට හානිකරමින් ධනය නිපදවීම අධාර්මික වේ. ධන නිෂ්පාදනය ධාර්මිකව කළයුතුය යන්න මෙයින් ගම්‍ය වේ. බුදුසමය ධන නිෂ්පාදනය සඳහා කෘෂිකර්මය (කසියා) වෙළෙඳාම (වණිජ්ජා) ගවපාලනය (ගොරක්ඛ) ආරක්ෂක සේවය (ඉස්සත්ථ) රාජ්‍ය සේවය (රාජපොරිස) වෙනත් ශිල්පකර්මාන්ත (සිප්පඤ්ඤතරෙන) යනුවෙන් අවස්ථා හයක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රය යටතේ හඳුන්වාදෙයි. මෙම ධන නිෂ්පාදන අවස්ථා බුදුසමය උදාවන අවදියේ දැහැමි රැකියා වශයෙන් පිළිගෙන තිබේ. හයවන අවස්ථාව තරමක් පූළුල් අයුරින් වටහාගත යුතුවේ.

Wednesday, July 27, 2016

ජීවන ගමන ගැන කියා දෙන පාරිච්ඡත්තක සූත්‍රය

කලාතුරකින් කෙනෙකුට ලැබෙන සුවිශේෂි කරුණු තුනක් දැන් අපට ලැබී තිබෙනවා. එනම් උතුම් මිනිසත් බවත්, ගෞතම බුදු සසුනත්, ධර්මාවබෝධය පිණිස ඇති කරගත් ශ්‍රද්ධාවත් ය. යම් කෙනෙක් තුළ මෙකී කරුණු තුන ඒකරාශී වූයේ නම් එය හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය නමිනි. ක්ෂණ සම්පත්තිය නම් වූ අතිශයින් ම දුර්ලභව ලද මෙම මොහොත ගෙවී යන්නට පෙර මෙයින් අත්පත් කරගත හැකි උතුම් පිළිසරණ සලසා ගත යුතුය.

බුද්ධ දේශනා තුළින් දාන්ත භාවයට


මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. භව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින සත්ත්වයාට මේ භයානක දුකෙන් අත මිදෙන්නට උත්තම ශාන්තියක් කරා පිය නැඟීමට හැකිවන පරිදි මේ ලෝකයට අසිරිමත් ධර්ම මාර්ගයක් හෙළිපෙහෙළි කොට වදාළේ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් එයින් සැමට සැපතක් සැනසිල්ලක් ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සිත යොමු කරනවිට අපේ ජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම මර උගුලකට අප පටලවන ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රිය දාන්ත භාවයට හුරුපුරුදු වෙනවා. සිත සුවපත් කරගෙන ශාන්තියක් අත්විඳීමට යෝනිසෝමනසිකාරයෙන් බුද්ධ දේශනා ශ්‍රවණය කරන විට අවස්ථාව උදා වෙනවා. කාම භෝග, භව භෝග, දිට්ඨි භෝග, අවිද්‍යා භෝග කියන මේ භයානක සැඬ පහරවල් කපා සිඳ බිඳ සුණුවිසුණු කොට ගෙන මේ භයානක භව සයුරින් එතෙර වන්නට බුදුබණ ශ්‍රවණයෙන් අවස්ථාව උදාවෙනවා. අග්‍ර උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පැමිණීම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න අමාරුයි. නමුත් පාපී දේවල් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන් අප ඇදගෙන යන්නේ පාපී ක්‍රියාවට සහ පාපී අරමුණු වලටයි.

ලොව සැනසෙන්නේ කෙසේද?

" බුදුරදුන් කල ශාක්‍ය, කෝලිය වංශිකයන් අතර ජලය බෙදා ගැනීම උදෙසා වෙන්නට තිබූ ලොකු විනාශයක් බුදුහිමියන්ගේ අවවාද අනුශාසනා මත නතර කර ගත්හ. එදා එය සිදුවුනිනම් ජීවිත රාශියක් විනාශ වන්නට ඉඩ තිබුණි. ඒ සෑම තැනකදීම බුදුහිමි සමඟියෙන් ජීවත් වීමම අගය කළහ."
මිනිසාට හුදෙකලාව ජීවත් විය නොහැක. සමාජ පද්ධතිය තුළ ජීවත් වන සියලු දෙනාම කුමන හෝ සම්බන්ධයක් මත කල් ගෙවන්නෝය. ඒ අනුව සමූහය, එකතුව, සංස්ථාව, රාශිය වැනි වචන තුළ ඇති අර්ථය වැදගත් වනු ඇත. උපන් සත්වයා ජීවත් වීමේදී විවිධ පැතිකඩයන් ඔස්සේ පරිසරය සකස් කර ගනු ඇත. එය මානව සමාජයේ සමාරම්භක අවස්ථාවල පටන් පැවත එන්නකි. ඒ අනුව වර්තමානයේ විද්‍යාත්මක ක්‍රමය තුළ විද්‍යාමාන වන්නේ එම අදහසය.

Monday, July 25, 2016

මධ්‍යම ප්‍රතිපදාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

"යතොච ඛොමෙ භික්ඛවෙ ඉමෙසු චතුසු
අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං
ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි.අථාහං භික්ඛවෙ
සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ‍්‍රහ්මකෙ
සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය
අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධො
පච්චඤ්ඤාසිං ඤාණංච පනමෙ දස්සා නං උදපාදි

සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් දෙමසකට පසුව ඇසළ පුරපසළොස්වක් පෝදින අහස්කුස තාරකා පිරිවරා පුන්සඳ බබලද්දී බරණැස ඉසිපතන මිගදායේදී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තාපසයන් වහන්සේලාට දම්සක් පැවතුම් සූත්‍රයෙන් ප්‍රථම ධර්මදේශනාව පැවැත්වූ සේක.
ද්වේ මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙවිතබ්බා යොචායං කාමසුඛල්ලිකානුයොගො හීනො, ගම්මො, පොථුජ්ජනිකො, අනරියො, අනත්ථසංහිතො ,යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො ආදි නයින් ආරම්භව
ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වේව නාමං අහොසි. යන වාක්‍යයෙන් අවසන්කොට ඇති දම්සක් පැවතුම් සූත්‍රයේ ප්‍රධාන කරුණු පහක් ඇත.

Friday, July 22, 2016

විදේශ ධර්ම ප්‍රචාරක භික්‌ෂුව කෙසේ විය යුතුද?

බෞද්ධ සන්නිවේදන කාර්යයෙහි මූලාරම්භය නිලවශයෙන් සිදුවූයේ බුදුන්වහන්සේ ජීවමාන අවධියේදීමය. බුදුන්වහන්සේ ප්‍රථම ශ්‍රාවක සැටනම අමතා බහුජන හිතාය බහුජන සුඛාය අFථාය හිතාය... යනුවෙන් දේශිත ධර්මවාදය තුළ බෞද්ධ සන්නිවේදන කාර්යයෙහි පරමාර්ථය කුමක්‌ද යන්න පැහැදිළි වේ. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මෙන්ම ස්‌වකීය භික්‌ෂුත්වයේ පරමාර්ථ සාධනය සඳහාම ධර්ම සන්නිවේදනයෙහි හැසිරිය යුතු බව මෙයින් ප්‍රකාශ වේ.

රූපයේ යථාර්ථය

සත්වයා සෑදී ඇත්තේ කොටස්‌ දෙකක්‌ එකතු වීමෙනි. එනම් සිත සහ කයයි. සිතක්‌ නොමැති කයක්‌ මළකුණක්‌ ලෙස හඳුන්වයි. විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයකුට වැදගත් වන්නේ තමන්ගේ කය පිළිබදව හෙවත් රූපය පිළිබඳ ව මූලිකව අවබෝධ කරගැනීමයි. ඉන් පසුව සිත පිළිබඳ අවබෝධ කරගත හැකිය. යම් අයෙක්‌ කයේ යථාර්ථය නිවැරැදි ආකාරයෙන් අවබෝධ කරගැනීමට ධාතු මනසිකාරය,පටික්‌කූල මනසිකාරය, නවසීවතිකය, අහාරයේ පටික්‌කූල සංඥා යනා දී භාවනාවන් භාවිත කළ හැකිය. 

ජීවිතයට දුක එකතු වුණේ කොහොමද?

මොනවා හරි දෙයක්‌ කරන්නේ නැතුව මොකද්ද කළ යුත්තේ කියන කාරණාව පැහැදිලි කරගත යුතුයි කියන එකයි මම බොහෝ වේලාවට කියන්නේ. ඇත්තට ම මම බණ කියන එකෙන් කරන්නේ ලෝකයට හිතන්න උගන්වන එකක්‌. පෞද්ගලිකව දෘෂ්ටියක්‌ ඔළුවට දමන්න හදනවා නො වෙයි.

නිවන් දකිනවා කියන කොට මහ මෝඩ ගතියක්‌ ඒ තුළ තියෙනවා නො වෙයි. හොඳ විචාරශීලී බුද්ධියක්‌ තමයි තියෙන්නේ. මිනිස්‌ වාසයේ, මිනිස්‌සුන්ගේ ඇඟේ හැපිලා එන සුළඟ වත් නැති, ශාන්ත සේනාසනයක හිටියත්, මහ ප්‍රාඥයෙක්‌ වෙලා එයා, මිනිසුන් දාහක්‌ ඉන්න ලෝකයට ආ විටක එක්‌ මිනිසකුට වත් එයාව අභිභවනය නො කළ හැකි මහත් ප්‍රඥ
ාවක්‌ ගොඩනැඟිලා තියෙන්නට ඕනේ. (කැළේ ඉන්න තුරු ඉන්න පුළුවන්. ලෝකයට ආපු ගමන් සමහරු කඩා වැටෙනවා). මොකුත් බැහැ කියන නිසරු වූ ජීවිතයක්‌ ගොඩනැෙ`ගන්නේ නැහැ. නියම අවබෝධය නම් ලෝකය තුළත්, ලෝකයෙන් අහක හිටියත් ඒ ජීවිතය හොලවන්න බැරි ජීවිතයක්‌ වෙන්න ඕනේ. ගිහි පැවිදි භේදයක්‌ නැහැ. 

අපි සිල් සමාදන් වෙමු

සැදැහවත් උවසු උවැසියෝ සිල් සමාදන් වෙති. වෙසක්‌ පොසොන් වැනි පොහෝ දින වල සිල් සමාදන් වීමට විශේෂ උනන්දුවක්‌ දක්‌වති. සංවිධානාත්මක සිල් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට මෙකල බොහෝ විහාරස්‌ථාන වල කටයුතු යොදති. රජයේ මෙන්ම පෞද්ගලික ආයතන , පාසැල් , පෞද්ගලික උපකාරක පන්ති වල පවා සිල් වැඩ සටහන් සංවිධානය කරති. මේවා සංවිධානය කිරීමේ දී පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම නොව, හුදෙක්‌ පිං සලකා , නිවනම අරමුණු කර ගෙන කටයුතු කිරීමෙන් බලාපොරොත්තු යහපත් පරමාර්ථ ඉටු  කර ගත හැකි ය. සිල් සමාදන් වීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්‌ බිඳක්‌ මෙමගින් පෙන්වා දීමට අදහස්‌ කළෙමි.

නිවනට නියත වීමට නම්

සත්වයා සසරෙහි බැඳ තබන දස සංයෝජන නම්වූ රැහැන් දහයක්‌ ඇත. එනම්, 

Thursday, July 21, 2016

අධ්‍යාත්මික හරයෙන් අඩු ආගමික වටපිටාව

කට්‌ටඩිකම්, කොඩිවින, ආත්මය ගලවාගන්නා දෙවිවරු, සියලු දේ ලබාදෙන අස්‌වාභාවික බලවේග, හාස්‌කම් පෙන්වන පුද්ගලයන් සහ තවත් ගරහිත විද්‍යාවන්ගෙන් පිරුණු වටපිටාවක සිත මුළාකිරීම නිෂ්ප්‍රයෝජන බවත්, යහපත් සිහිය පුරුදු කිරීම සියලු දුක්‌ නැතිකිරීමේ ක්‍රමවේදය ලෙසත් බුදුරජාණන් වහන්සේ හෙළි කළහ. මෙම හෙළිදරව්ව අන්ධ විශ්වාසයන්ගෙන් වැසුණු ආගමික වටපිටාව නව මගකට හැරුව්වේය. විශ්වාසයන්ගෙන් අන්ධවනවා වෙනුවට සිහිය පුහුණු කිරීමෙන් ප්‍රඥා ඇස උපදවාගැනීම උතුම්යෑයි පෙන්නූහ. බුදු දහමේ විශිෂ්ටත්වයද එයයි.

උපාසක ගුණ හත

'සත්තිමෙ භික්‌ඛවේ ධම්මා උපාසකස්‌ස අපරිහාරිහානාය, සංවත්තන්ති කතමේ සත්ත?

මට මා මෙන්ම සිතන තවත් අයෙකු හමු නොවේ

අපේ ජීවිතයට සමීප පුද්ගලයන් අපි සිතන විදිහට හෝ අපි කැමති විදිහට සිතනු, ක්‍රියා කරනු ඇතැයි යන අදහස අපි නොදැනුවත්වම අපේ සිත්වල තැන්පත් වී තිබේ. එනිසා ඔවුන් වෙනත් අයුරකින් ක්‍රියා කරන හැම විටම අපට ඔවුන් ගැන නොසතුටක්‌, අමනාපයක්‌ ඇතිවෙයි. එසේ අමනාප වූයේ ඇයිදැයි විමසුවහොත් අපි කියන්නේ ඔවුන් වරදක්‌ කළ බවය.

අනුන් කරන දේ නොකරනු (දිට්‌ඨානුගතියෙන් මිදෙන්න)


දිට්‌ඨානුගතිය නම් අනුන්ගෙන් දුටු දේ හෝ ඇසූ දේ හෝ අනුව යැමයි. යහපත් අයහපත් දේ අනුගමනය කිරීමෙන් මේ දෘෂ්ටානුගතිය ද හොඳ නරක කියා කොටස්‌ දෙකකට බෙදෙයි. බොහෝ සෙයින් අනුන් කරන හැටියට කරන්නෝ, තිරිසනුන් හා දුබලයෝ ය. යම් මිනිසකු වඳුරකු ළඟට ගොස්‌ නහය කැසුවහොත්, ඌ ද එය කරයි හිස සෙලෙව්වොත් එය ද කරනවාට කිසිම සැකයෙක්‌ නැත. පක්‌ෂීන් හා තිරිසන් සතුන් ද කරන්නන් වාලේ කිරීමට කථා කරන්නන් වාලේ කථා කිරීමට කැමැති වන බව, පොත්පත්වලින් හා නොයෙක්‌ ස්‌ථානයන්හි හැසිරීමෙන් අපට දැකගත හැකිය.

අකාලික වූ කහ සිවුර

වර්තමානය තුළ ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක්‌ තවත් නැති තරම්ය. විවිධ ඇඳුම් පැළඳුම් සඳහා ඇති ඉල්ලුම ද ඉතා ඉහළය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත් ඒවාට මිම්මක්‌ ගණනක්‌ නැති තරමටම සීමා වී ඇති බවත් අද පැහැදිලිව පෙනෙන දර්ශනයකි. අද ඒවාට ඉහළ වටිනාකමක්‌ ද දී ඇති අතර වර්ණය ද විවිධ වේ. අද බොහෝ දෙනා විශාල වියදමක්‌ දරන්නේද ඇඳුම් පැළඳුම් සඳහාය. එය තරගකාරී ස්‌වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිතා කරන සංකේතයක්‌ද වී හමාරය.
ගිහි සමාජයේ ඇඳුම් මේ අයුරින් විවිධව විෂමව පවතිද්දී පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීම වැදගත් වේ. ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් කට්‌ටල දෙකක්‌ තිබෙන බව පැහැදිලිය. ඒ අනුව සිවුරු පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා නම් ව්‍යවහාර කරනු ඇත. කහ වත (කසාය වස්‌ත්‍රය) කියා ද කීම වරදක්‌ නොවේ.

Tuesday, July 19, 2016

පුර පසළොස්වක පොහෝය දිනයන්හි වැදගත්කම

        දුරුතු පුර පසළොස්වක පොහෝය  දිනය  (ජනවාරි) 




බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයින් ප්‍රධාන දහසක් ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, 

සොඳුරු රුවක් ලබන්නට නම්...

තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැති උපායාස බහුලව ජීවත් වන්නේ කිසියම් හෝ දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව ඉවසීමෙන් කටයුතු කරන මේ කාන්තාවන් ඉතාම පරිත්‍යාගශීලීයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සුදුස්සන්නට නිතරම දන්පැන් පූජා කිරීමත් යම් යම් පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම අනෙක් අය පින්දහම් කරනකොට ඒ දෙස බලා සතුටුවෙනවා. මුදිතා ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම පිරිස මියගොස් නැවත මනුස්ස ලෝකයේ ඉපදෙනවානම් දර්ශනීය පැහැපත් සුරූපයෙන් යුතුව ධන ධාන්‍යයෙන් යුක්තව බොහෝ සැප බහුලව ජීවත් වෙනවා.
වෙසක් පෝය ශ්‍රී ලංකා බෞද්ධයන්ට මෙන්ම සමස්ත ලංකා ලෝකවාසී සියලුම බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වන පෝය දවසක්. වෙසක් පෝය වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමාරයා බිහි වුණාට හෝ තථාගතයන් වහන්සේ පිරිනිවනට පත්වූ නිසාත් නොවේ. මේ පෝය වැදගත් වන්නේ වෙසක් පෝදින ඉපදුන සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තාපසයාව සිටියදී සම්මා සම්බුද්ධත්වයට පත්වූ නිසාවෙනි.

Monday, July 18, 2016

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනී කො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තේ අනුපගම්ම මජ්මා පටිපදා තථාගතෙන අභි සම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ති.
අදට වසර 2645 ට පෙර ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක් වෙසක් පුන් පෝ දිනකය. උන්වහන්සේ තමන් දුෂ්කරක්‍රියා කරන සමයෙහි තමන්ට හමුවූ බුද්ධිමතුන් අතුරින් අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටිනු දැක තමන් වහන්සේ අවබෝධ කරගත් අතිශය ගැඹුරු දහම හෙවත් ධම්ම චක්ක දේශනාව පවත්වන්නට උරුවෙල් දනවුවේ සිට බරණැසට පා ගමනින් වැඩම කළහ. බුදුහු ඉසිපතනයට ළඟාවත්ම පස්වග තවුසන් කතා කරගත්තේ ගෞතම තාපසයෝ අත්තකිලමථානු යෝගය බැහැර කොට සුවපහසු දිවියක් ගෙවමින් යළිත් අපෙන් උපස්ථාන ලබා ගැනීමට අප කරා එනවය. ඔහු උසස් කුලිකයෙකු බැවින් පිළිගනිමු. එහෙත් අපි වැඳුම් පිදුම් ආදී ආචාර සමාචාර නො පවත්වමු කියල. එහෙත් උන්වහන්සේ අසපුවට ළඟාවත් ම සිය කතිකාවත්හි නොසිටිය හැකි වූ තවුසෝ පා දෝවනයට දියබඳුන තබා අසුනක් පනවා සාදරයෙන් පිළිගත්හ.

පෙර නොඇසූ විරූ දහම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙ න සේවිතබ්බා, කතමෙ ද්වේ, යොචායං කාමෙසු කාමසුඛල්ලිකානු යොගෝ හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියෝ අනත්ථසංහිතො. යො චායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතො. එතේ තේ භික්ඛවේ උභෝ අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති.
සැදැහැවත් පින්වතුනි,
ශාන්තිනායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාවේ පාඨයක් මා මාතෘකා කර වදාළේ ඇසළ මස පුර පසළොස්වක දිනක ඉසිපතනයේ මිගදායේදී පස්වග භික්ෂූන්ට දේශනා කළ වදාළ මෙම දේශනය මුළු බුද්ධ දේශනාවම අකුලා දැක්වූ දේශනයක්.
විමුක්තිය, මෝක්ෂය හෙවත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට යොමු වන උදාර පුද්ගලයා අන්ත දෙකකින් ඈත්විය යුතුයි. ඒ අන්ත දෙක නම් කාමසුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමථානු යෝගයයි. මේ අතුරින් කාමසුඛල්ලිකානු යෝගය තුළ පවතින අහිතකර ස්වභාව පහක් සඳහන් කරනු ලබනවා. මෙම චර්යාව හීනයි, ග්‍රාම්‍යයි, පෘථග්ජනයන් සේවනය කරන දෙයකි. එය අනාර්යයි. අනර්ථය සඳහා හේතුවෙයි. 

අභයමාතා මහරහත් තෙරණින් වහන්සේ

නැවත උප්පත්තිය ලබාදෙමින් සත්ත්වයා සසර බඳිනා තෘෂ්ණාව දුරුකොට නිවනින් සැනසුණු ලෝකනාථයාණන් වහන්සේගේ උත්තරීතර වූ ගමන් මඟට පිළිපන් නික්ලේෂී සිතකට උරුමකම් කියූ පිය උරුමය ලැබ සැනසුනු අභයමාතා මහරහත් තෙරණින් වහන්සේගෙ විරාගි සිත, විරාගි සුවය පිළිබඳව සිත පහදා ගනිමු.
අභයමාතාවෝ පෙර අනන්ත අප්‍රමාණ පින් රැස්කොට තිස්ස බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි එක් කුල ගෙයක උපත ලැබූවාය. දිනක් බුදුරජාණන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන කල්හි බුදුරජාණන් වහන්සේට හැන්දක් පමණ ආහාර පූජා කළා ය. ලෝකනාථ තිස්ස තෙරුන් වහන්සේ වීථියෙහි සිට අනුමෙවෙනි ධර්ම දේශනාවක් වදාළ සේක.එයින් පැහැදුනු සිත් ඇති ඕතොමෝ කළුරිය කොට තව්තිසා දිව්‍යලෝකයෙහි උපත ලැබුවාය. දෙවිවරුන් තිස්හයදෙනෙකුගේ අගමෙහෙසිය බවට පත්ව අනන්ත දිව්‍ය සැප වින්දාය.
සක්විති රජුන් පනස් දෙනෙකුගේ අගමෙහෙසි බවට පත් වූ අතර අනන්ත අප්‍රමාණ සිතූ පැතූ සියල්ල ලැබීමට පුණ්‍යවන්තියක වූවා ය. කල්ප අනූදෙකකට පෙරාතුව කරන ලද පින්කම් දුගතියෙහි නොඉපදි සැප ඵලම ලබන්නට විය.

සසරෙදි ලබාගත යුතු රැකවරණය


අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී ශ්‍රේෂ්ඨ ධර්මයක් වදාළ සේක. අනන්ත සත්ත්වයන්ගේ ජීවිත සුවපත් කළ, නිවෙන, සැනහෙන මාර්ගයට සත්ත්වයා යොමු කළ ඒ අසිරිමත් ධර්මය ලෝකයට හෙළි පෙහෙළි කොට වදාළේ උන්වහන්සේ විසිනි.

විලේ වටිනාකම

අපේ මනස ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ විලක් වගේ කියායි. සෑම විලක්ම වටින්නේ නැහැ. වටිනා වස්තු ඇති විලක් පමණයි වටින්නේ. ඔබ දන්නවා විලක ජලය තිබෙනවා. ඒ වගේම ලස්සනට සුවඳ හමන මල් තිබෙන්නත් පුළුවන්. සරුසාර විලක් නම් සමහර විට වටිනා මැණික් පවා තිබෙන්න පුළුවන්. ඒ වගේම විල ලස්සනයි. ලස්සන පාට පාට ජලජ ජීවින් නිසාත්. මල් පිපුණත්, මාළුන් සිටියත් වතුර තිබුණත්, ඒ විලේ ජලය අවපැහැ ගෙන නම්, ඒ විලේ ලස්සනක්, අසිරියක් නැහැ. මේ අපේ මනුස්ස සිතත් විලක් වගේ. මිනිසා තුළයි දෙවියා සහ යක්ෂයා දෙදෙනාම සිටින්නේ. කෙනෙකුට තරහ ආ විට පාලනයක් නැතිකොට අප කියනවා ඒ මනුස්සයා නම් යකෙක් වගේ කියා. තව වෙලාවකදී ඒ පුද්ගලයාම දෙවියෙකු වගේ ක්‍රියා කරනවා. උතුම් ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. වචනයෙන් සංවර වෙනවා. ක්‍රියාවෙනුත් සංවර වෙනවා. සද්පුරුෂයෙක් වගේ කියා අප කියනවා. එකම පුද්ගලයාට දෙවියා ලෙසත් තවත් විටෙක යක්ෂයා ලෙසත් කියනවා.

Sunday, July 10, 2016

සෙනෙහස


කෙනකු ආදරය අපේක්ෂා කරනුයේ තම ජීවිතය වඩාත් ශක්තිමත්ව අඩුපාඩුවලින් තොරව පවත්වාගෙන යාම සඳහාමය. එය මව්පියන්, දූදරුවන්, අඹු සැමියන්, තරුණ තරුණියන් ලෙස ගත්තද පොදුය. එපමණක් නොව ගහක් ගත් විටද තම මුල් නිරන්තරව යොමුකරන්නේ සරු පොහොර පසකටය. ඒ ගසේ පැවැත්මට මිස පසට ඇති ආදරය නිසා නොවේ . වැළක් නිතරම එතෙනුයේ ගසකටය . එසේ වන්නේ වැලේ ආරක්ෂාවට හා පැවැත්ම සඳහාය. පෘථග්ජන ලෝකයේ ආදරය සෙනෙහස මේ හා සමානය.
ආදරය සාමාන්‍ය ස්වභාවය තුළ පොදු නොවේ. එය සුවිශේෂී කරුණු මත වෙනස් වේ. මවක් තම දරුවකුට දක්වන සෙනෙහස එම වයසේ අනෙක් දරුවන්ට ඒ හා සමාන මට්ටමින් දක්වන්නේ නැත.

ධර්මයේ හැසිරෙන්නෝ දීර්ඝායුෂ ලබති


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පාරමී පුරන කාලයේදී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඇස්, ඉස්,මස්,ලේ අඹුදරුවන් දන් දෙමින් දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, සම්පූර්ණ කරමින් සොයාගත් උතුම්ම වස්තුව වන්නේ ධර්මයයි. එය ලොව ඇති පරම සත්‍යයයි.
කිසිවෙකුගේ මඟ පෙන්වීමක් කළ නොමැතිව ස්වෝත්සාහයෙන්ම සොයා ගත් ඒ උතුම් දහම අතීත, වර්තමාන,අනාගත යන කාලත්‍රයටම එකසේ සාධාරණ, සමාන, පොදු වූවකි. එම උතුම් දහම යමෙකුට සරණ යෑමට හැකිනම්, අනුගමනය කිරීමට හැකිනම් ඔවුනට ඒකාන්තයෙන්ම දීර්ඝායුෂ ලැබෙනු ඇත. එයට හේතුව වන්නේ “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි” යන පාඨයට අනුව ධර්මයෙහි හැසිරෙන්නෝ ධර්මය විසින්ම රකිනු ඇත යන සදාතනික ධර්මතාවයයි.
බුදුන් දෙසු දහම කුමක්ද ? යන්න පිළිබඳ විමසීමේදී එය විවිධ පැති කීපයක් ඔස්සේ හඹා ගොස් ඇති බව පැහැදිලි වේ. දේශනයක් තුළ වුවද යථාර්ථය කැටිකොට දේශනා කර තිබීම ධර්මයේ ඇති සුවිශේෂත්වයයි. ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ නවලෝකෝත්තර ධර්මයයි.  එනම්

ජීවිතයේ පළමු පාඩම කියා දෙන පූර්ව දෙවියා මවයි පියයි

සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි අප කතා කරමින් පැමිණියේ සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් සදිසා නමස්කාරයේ සඳහන් මව්පියන්ගේ ගුණයන් පිළිබඳවය. එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර මහා බ්‍රහ්ම විහරණයෙන් යුක්ත බව ධර්මයේ පැහැදිළි කළා.
ඒ වගේ ම පූර්ව ආචාර්යන් හැටියටත් පූර්ව දෙවියන් හැටියටත් මව්පියන්ගේ ගුණ දක්වා තිබෙනවා. බාහිරව මුණගැසෙන ගුරුවරුන්ට මත්තෙන් උපතේ සිට හැදී වැඩීගෙන එන දරුවන්ට හොඳ නරක කියා දී හොඳ අනුගමනය කරන්ටත්, නරකින් වැළකෙන්ටත් මුල් පාඩම් ඉගැන්වූ මව්පියෝ පූර්ව ආචාර්යවරුන්ය. පූර්ව දෙවියන් හැටියටත් පෙන්වා තිබෙනවා. ආහුණ්‍යෙ ගුණයෙන් යුක්තයි. එනම් සංඝරත්නයට වගේ ම ඕනෑ ම දුරක සිට නමුත් පිළියෙළකොටගෙන අවුත් ආහාරයෙන් පූජා කිරීමටත් මව්පියන් සුදුසු බවයි.

නැණවත් දරුවන් ගුණවතුන් ද විය යුතුයි

පුත්තා වත්ථු මනුස්සානං දෙමවිපියන්ට තිබෙන ලොකුම වස්තුව දරුවන් බව බුදුපියාණන් වහන්සේ සඳහන් කර ඇති කරුණ ලෝකවාසී සත්වයාටම ප්‍රයෝජනවත් කාරණාවක් වෙයි. රටක් වශයෙන් අප දරුවන් පිළිබඳව සිතන ආකාරයත්, දරුවන්ගේ දියුණුව සැළකිය යුත්තේ කෙසේද? කියන කාරණෘවත් පිළිබඳව දැක්මක් හැටියට අප ජීවත් වන සමාජය බරපතළ වැරැදි කරන ස්ථානයක සිටියි.
විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ දරුවන් පිළිබඳව සිතූ ආකාරයත් දේශනා කළ ආකාරයත් ඉතාම වැදගත් වෙයි. අමාමෑණි ලොවිතුරා බුදුපියාණන් වහන්සේගේ දේශනාව පොත් වශයෙන් පනස් හතක් ත්‍රිපිටකයේ තිබෙන අතර එම මහා විශාල පොත් ගොන්නෙහි එක ගාථාවක හතරෙන් එක කොටසක් වශයෙන් “පුත්තා වත්ථු මනුස්සානං” යන පාඨය සදහන් කළ හැකියි.
පුත්තා යනු පුත්තු පමණක් නොවන අතර එයට සියලුම දරුවන් අයිතිවෙයි. මිනිසුන්ට දරුවන් වස්තුවක් වන්නේ කුමන ආකාරයෙන්ද? මිනිසුන් දරුවන් වස්තුන් ලෙස භාවිත කරන්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකිමු


සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අනන්ත ගුණ සම්පන්න යෝයැ. එහෙයින් එතුමාණන් වහන්සේ විෂයයෙහි ව්‍යවහාරික ගුණ නාමයෝද ඉතාබොහෝය. ඒ අතර “බුදුරජාණන් වහන්සේ” යනුද ගුණනාම පදයෙකි. එතුමෝ තමන් වහන්සේ වෙනුවෙන් යෝජනා කැරැ ගත්තෝ” තථාගත” යන පදයයි. ඒ තථාගතයෝ, බුදුරජාණන්වහන්සේ වූවෝ කෙසේ ද යනු විමසා බැලීම මේ ලියැවිල්ලේ අභිමාර්ථයයි. “සම්බුදු” යන ගුණනාම පදය විවරණය කරන බුදුගුණ අලංකාර කතුවර වීදාගම මෛත්‍රීය මාහිමිපාණෝ මෙසේ කියති.

“තුන් කල්හි මැ පැවති
පද’රුත් සියල් ලොවැ ඇති
අතැ’ඹුල සෙ දැන ගති
එයිනැ සම්මා සම්බුදු නැ යෙති’ තුන් කාලයටම අයත් පද (හේතු) හා අර්ථ (ඵල) අතට පත් නෙල්ලි ගෙඩියෙක් සේ විනිවිද දැනැ ගත් නිසා තථාගතයන් වහන්සේට ’සම්මා සම්බුදු’ යයි කියති. යනු උක්තපැදියේ සරල අර්ථයයි. සිදුහත් තාපසවරයාණෝ තුන්කල් දැනගත්තෝ කෙසේද යත්.