Labels

Monday, November 30, 2015

අත්හැරීම


 මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තෝරාගත් භික්‌ෂු - භික්‌ෂුණි, උපාසක - උපාසිකා සිවුවනක්‌ පිරිස අන්ත දෙකක්‌ හළ යුතුය.

දියුණු වන්න ඕනෑ නම් සිහිකල්පනාව ඕනෑමයි


ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව කටයුතු කරන්නට නම් සිහිකල්පනාවෙන් යුතුව වැඩකටයුතු කළ යුතුයි. සිහිකල්පනාව නැත්නම් කිසිම කෙනෙකුට දියුණුවක් ලබන්න පුළුවන්කමක් නෑ. අධ්‍යාපනය කඩා වැටෙනවා. වෙළෙඳාම්, රැකී රක්ෂාව කඩා වැටෙනවා. දියුණුවක් ලබන්න පුළුවන්කමක් නෑ. ගෙදරදොර වැඩකටයුතු පවා සාර්ථකව සිදු කරන්නට අත්‍යඅවශ්‍ය කාරණයක් හැටියට පෙන්වන්නේ සිහි කල්පනාවයි.

එය අප්‍රමාදය කියලා හඳුන්වනවා. එහෙනම් තථාගත ලොවුතුරු දහමට අනුව බණ භාවනා කිරීමෙන් එය දියුණු කරගන්න වාසනාව ලැබෙනවා. විශේෂයෙන් පින්කමකින් උසස් ආනිශංසයක් ලබන්නට නමි ඒ පින්කමෙන් විශේෂ ආනිසංසයක් ලබන්නට ඕන. ඒක ලොකු දියුණුවක්. ඒ වගේම වෙළෙඳාමකින් ලොකු දියුණුවක් ලබන්නට නම් ඒ වෙළෙඳ කාර්යය ඉතාම සිහිකල්පනාවෙන් කරන්නට ඕන.

Sunday, November 29, 2015

බුදුහිමි මස් මාංශ ගැන දැක්වූ ආකල්පය


මස් මාංශ පරිභෝජනය ගැන ජීවක වෙදතුමාට දේශනා කළ - ජීවක සූත්‍රය ~

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (කුමාරයෙකු විසින් පෝෂණය කරන ලද හෙයින්) කෝමාරභච්ච නම්වූ ජීවක යන්ගේ අඹ උයනෙහි (කරවන ලද විහාරයෙහි) වැඩ වාසය කරති. එකල්හි වනාහි ජීවක නම් කොමාරභච්ච තෙමේ භග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැනට පැමිණියේය. පැමිණ භග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටි ජීවක නම් කොමාරභච්චතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ,ස්වාමීනි, මා විසින් මෙය අසනලදී. .

පටිච්චසමුප්පාදයේ අංග ගැන දැන ගනිමු



 දැන් අපි පටිච්චසමුප්පාදයේ අංග ටිකට යොමු වෙමු- "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ඒවාට.

කුසල් වැඩිකර ගත හැක්‌කේ කෙසේද ?



 මහා මංගල සූත්‍රය නොදන්නා නොඇසු බෞද්ධයෙකු මෙලක සිටිතැයි සිතිය නොහැක. මංගල කරුණු 38 කින් සමන්විත මෙම සූත්‍රයේ පළමුවැනි මංගල කාරණය 'අසේවනාච බාලානං' යනුවෙන් හැඳින්වේ.

පින් පල නෙළාගත හැකි උතුම් පින් කෙත


පිළිවෙත් සරු මහ සඟ රුවනෙහි ගුණ ගැයෙන සඟ ගුණ පාඨයෙහි සඳහන් වන අවසන් ගුණය අනුත්තරං “පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” ගුණය පිළිබඳව මෙසේ දැනගනිමු.
ලොව වෙසෙන ගොවියෝ කෙත්වල බීජ වපුරනවා. බීජ වපුරන්නේ සරුඵල ලබන්නයි. වැපුරු බිජුවේ සරුඵල ලබන්නනම් කෙත ද සරු විය යුතු වෙනවා. කෙත ද සුදුසු විය යුතු වෙනවා. මනාකොට ජලය යොදා පොහොර යොදා සී සා සකසා ගත් කෙතක් විය යුතු වෙනවා. සරු කෙතක තිබිය යුතු අංගයන් පිළිබඳව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඛෙත්තූපම සූත්‍රයේ දක්වා තිබෙනවා.

Saturday, November 28, 2015

තම සිතින්ම සෙවිය යුතු සැනසීම


දිය බිඳුවකින් පටන් ගන්නා ගංගාවක ආරම්භය පිවිතුරුය. ගඟ කෙමෙන් කෙමෙන් පහළට ගලා යත්ම විවිධ වූ අපවිත්‍ර දේ එක්වීමෙන් බොහෝ සෙයින් අපවිත්‍ර වේ. මිනිස් මනසේ ස්වභාවය ද මීට සමාන කළ හැකි වේ.

Friday, November 27, 2015

අනුත්තරීය ධර්ම


අප ජීවත් වන ලෝකයේ අපේ සිත ඇදෙන බැඳෙන විවිධ කරුණු කාරණා පවතිනවා. ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාකාරකම් පවත්වනවා. ඒවා පිළිබඳ හොඳින් කරුණු විග්‍රහ කරලා බැලුවොත් ඒ බොහෝ ක්‍රියාකාරකම් අපේ මෙලොව තාවකාලික සුවපහසුව හෝ තාවකාලික වින්දනය සඳහා හේතු වෙනවා.

Thursday, November 26, 2015

කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම



අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි.

ඔබත්, යහපත් නිවසක හිමිකරුවකු වන්න



බුදුරදුන් සදෙසා වදාළ නිවාස පහ

 මිනිස්‌ ප්‍රජාවගේ ජීවත්වීම උදෙසා කාරණා හතරක්‌ විහේෂ වශයෙන් බලපාන බව පෙනේ. එම කාරණා හතර ගිහි පැවිදි දෙපක්‌ෂයටම බලපාන කරුණුය. නමුත් පැවිදි පක්‌ෂය තුළදී මේ කාරණා හතර වෙනත් නම්වලින් හඳුන්වන නමුත් අර්ථයෙන් එකහා සමානය. ගිහි ජීවිත ගතකරන අපට ජීවත්වීම සඳහා ඇඳුම්, පැළඳුම්, ආහාර-පාන, ගෙයක්‌-දොරක්‌ මෙන්ම ලෙඩ රෝග සඳහා බේත් හේත් අත්‍යවශ්‍ය වේ. පැවිදි ජීවිතය තුළදී එම කාරණා චීවර, පිණ්‌ඩපාත,

Wednesday, November 25, 2015

මිනිසා හඳුනාගැනීම උදෙසා වූ කළයේ උපමාව



 නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌සෘෘෘ
'චත්තාරො මේ භික්‌ඛවෙ කුම්භා. කතමේ චත්තාරො?

සුභාවිත සිතින් වසනු හැක තුටින්



මිනිස්‌සු වෙච්චි අපි හැමෝම කැමැතියි සතුටින් ජීවත්වෙන්න. ඒත් මිනිස්‌සු දන්නේ නැහැ සතුට කියන්නේ මොකක්‌ද කියලවත්. ජීවිතය හරියට ධාවන පථයක්‌ වගෙයි. හැමෝම තරග කරනවා, සතුට නම් වූ දිනුම් කණුව ළඟට යන්න. ඒත් ඒ දිනුම් කණුව මිරිඟුවක්‌ වගේ ළං වෙන්න වෙන්න තව තවත් ඈතටම යනවා. මිනිස්‌සුන්ගේ සිත්වල ඇති ආශාවන්වල අනන්තයක්‌ නැහැ. අපි හැමදාම මොකක්‌ හරි පස්‌සේ යනවා. හිත වැටෙනකන් යනවා.

භාවනාව අතිශයින්ම ගැඹුරු විෂයකි


ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට අනුශාසනා කළ ඒ ධර්ම මාර්ගයේ, ධර්ම ප්‍රතිපදාවේ ප්‍රායෝගිකව යෙදෙන්නට අප අදහස් කරනවානම්, සතිපට්ඨාන දේශනාව භාවනා යමකු සිදු කරන්නේ නම්, ඒ භාවනාවට යෙදෙන්න ප්‍රථම අප දැනගතයුතු බොහෝ කරුණු ඒ තුළ ඇත කියා අප විශ්වාස කරනවා.

ජීවිතයේ රෝමකූපයක් තරම් අයිතියක්වත් අපට තිබේද?


වප් අමාවක පොහොය දිනයේ කතා කළ “ගද්දුලබද්ධ” සූත්‍ර දේශනාවට අනුව සිතේ හටගන්නා වූ කාමච්ඡන්දය ගැන විස්තරාත්මකම සාකච්ඡා කළ අප, අපගේ සිතට මීළඟට සිදුවන්නේ කුමක් ද? අර රූපය නම් වූ සංඛතය “උප්පාද ඨිති භංග” වශයෙන් හට අරගෙන වෙනස් වෙමින් නැතුව යන විට ශෝකයට පත්වීමයි. දුකට පත්වීමයි. ළයේ අත්ගසා ගැනීමයි. වැළපීමයි. මුලාවීමයි. මේ විදිහට කනෙන් ලබන ශබ්දයත්, නාසයෙන් ලබන ආඝ්‍රාණයත්, දිවෙන් ලබන රසයත්, කයට හසුවන ස්පර්ශයත්, මනසින් ලබන සිතිවිළිත් ශෝකයකට හේතුවක් කර ගනී.

මේ ජීවිතයට මඟ කියන සංසාර පුරුදු


තථාගතයන් වහන්සේ ලොවට පහළ වී දුක් වි ඳින අපට ඒ දුකෙන් නිදහස් වන මාර්ගය දේශනා කොට වදාළා. මුල, මැද, අග පිරිසුදු ඒ දහම් මඟේ යන පුද්ගලයාට අවසානයේ පෙනෙන නිජබිම මුණගැසෙන බව උන්වහන්සේ වදාළා.

මුත්තා මහරහත් තෙරණින් වහන්සේ


අසිරිමත් වු ප්‍රඥාවකින් හෙබි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ නිවැරදි ගමන් මාර්ගය අනුගමනය කරමින් තෘෂ්ණාවට නොඇලී විල අතහැරයන හංසයන් සේ කුඩා මහත් හැමදේම අතහැර ගිය බුදුපියාණන් වහන්සේගේ ඖරස පුත්‍ර –පුත්‍රී රහතන්වහන්සේලා මෙන්ම රහත් තෙරණින් වහන්සේලා පිළිබඳ මෙනෙහි කළ මොහොතකුදු විරාගයෙන් සිත පිනා යනු නොඅනුමානය.

සියලු සත්වයෝ ආහාරය මුල්කොටගෙන සිටින්නෝ ය


ලෝකයේ ජීවත් වන ඕනෑම සත්වයෙක් ආහාරය තුළින් ජීවිතය පවත්වාගෙන යන බව බුදුදහමින් පෙන්වා දී ඇත. මෙය ප්‍රායෝගික වශයෙන් ද ප්‍රත්‍යක්ෂ කරුණකි. ජීවිතයක පැවැත්ම ඇත්තේ ආහාර තුළිනි. ආහාර නොමැති වුවහොත් ජීවිතයෙහි පැවැත්ම රඳා නොපවතී. බුදුරජාණන් වහන්සේ එය අත්දැකීමෙන්ම දැන ලෝක සත්වයාටද දේශනා කළහ.

නරකට ඇදී ගිය සිත සැපතට වැඩී ගිය මඟ


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයෙහිදී සිදුවු එක්තරා සිදුවීමක් මෙසේය. එකල ඉතාම දුප්පත් මනුෂ්‍යයෙකු ජීවත්වූ අතර මේ පුද්ගලයා දුප්පත් නිසාම සමහර වේලාවට ඇතැම් පුද්ගලයන්ට බැලමෙහෙවරකම් කරමින් තමන්ගේ ජීවනෝපාය සකස් කරගනු ලැබුවා. තවත් අවස්ථාවක නඟුලක් රැගෙන රෙදි කඩකින් සිරුර වසාගෙන නඟුල යොදා ගනිමින් සී සෑම ආදි කටයුතුවල යෙදී එයින් ලැබෙන ආදායමෙන් ජීවත් වුණා.

පුද්ගල හඳුනා ගැනීම


 

ඉල් පුර පසළොස්වක පෝදා දම් දෙසුම 

 

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තීණිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛණානි
බාල නිමිත්තානි බාල අපදානිච.



පින්වත්නි,

Monday, November 23, 2015

දුක ඇතිවන්නේ අනවබෝධය නිසා නොවේද?


වප් අමාවක පොහොය දවසේ “සුපසන් ජීවිතයකට" ධර්ම කතා පෙළෙහි පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ “ගද්දුලබද්ධ” සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන දහම් කතාවකි. මෙම දහම් කතාවත් දුකට අකැමැති සැපට කැමැති ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා සෑම කෙනෙකුටම මහත් වූ සුවයක්, සැනසිල්ලක් ලබන්නට පුළුවනි.

කරන කලට පව් මිහිරිය


ලෝභ, දෝස මෝහ යනුවෙන් අකුසල මූලයන් තුනක් වෙති. මෙම මානසික මූලධර්ම පදනම් කරගෙන සිත කය වචන යන තිදොර උපයෝගී කරගෙන ඒකරාශීවන චේතනා පාපකර්ම නම් වේ. මේවා සිදුකරන විට දැනෙන්නේ මිහිරියාවකි.

Sunday, November 22, 2015

සසර වසන තුරු අපා දුක එපා ( බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 08)

 
‘බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි මාලාව යටතේ අපායයන්ගේ විවිධ ස්වභාවයන් පිළිබඳ පසුගිය ලිපි කිහිපයේ ම සාකච්ඡා කෙරුණි. මෙවර ද අප සාකච්ඡා කරන්නේ එවැනි විවිධ දුක්ඛිත ස්වභාවයන් ඇති තවත් අපායයන් කිහිපයක් පිළිබඳවය. විශේෂයෙන් සතුන් මරන්නන් උපදින අපායයන්ගේ ස්වභාවයන් පිළිබඳවය.

Saturday, November 21, 2015

අට මහා කුසල් අතර පළමු පින්කම

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කඨිනංච පරික්ඛාරං වාසදානංච උත්තමා
බුද්ධප්පමුඛ සංඝස්ස දානංධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච සංඝස්ස පටිමාකරණම්පිච
කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤාති වුච්චරෙතී.


සුපින්වතුනි,

Friday, November 20, 2015

සසර අපා දුක් නොවිඳින් කිසිදා (‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 07 )


වප් අව අටවක පෝදා සාකච්ඡාවට බඳුන් වූයේ විවිධ අපායන්හි ස්වභාවයන් විමසා බැලීමටය. අදත් අප අපායන් කිහිපයක තොරතුරු විමසා බලමු.

සුව අහරින් සවිය වඩමු සවි බලයෙන් දැය නංවමු


ආහාරයෙහි අවශ්‍යතාව පාට, ජාති භේදයකින් තොරව සැමට පොදු වූවකි. “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” ලෙස බුදු දහම දක්වන්නේ එහෙයිනි. ගිහි පැවිදි භේදයකින් තොරව සියල්ලන්ටම ශක්තිය බලය අවශ්‍ය වන අතර එය ලැබිය යුත්තේ ආහාර තුළිනි.

Thursday, November 19, 2015

සංසාරය



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
උපාදාන පච්චයා භවො

සුපින්වත්නි
සසර කතර අතරමංවූ ජනතාවගේ විමුක්තිය උදෙසා භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ සත්ව කරුණාවෙන්ම පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන දේශනා කොට වදාළ සේක.

Monday, November 16, 2015

ඒකායන මාර්ගය වන දනන් දෙලොවම සැනසෙති


බුදුරජාණන් වහන්සේ තුළ පවතින මහා කරුණාව වෙනත් කිසිවෙකුට සම කරන්න බැහැ. ඒ වගේම එක් එක් පුද්ගලයා සතුව පවතින වාසනා ගුණයන් හඳුනා ගැනීමේ හැකියාවත් හරි පුදුමයි. හඳුනා ගත් විවිධ චරිත වෙනුවෙන් දක්වන ප්‍රතික්‍රියාවන් අපට හිතා ගන්නවත් අමාරුයි. ඒ හැම තැනකදීම අවසන් ප්‍රතිඵලය වෙන්නේ කාට හෝ විමුක්තිය සලසා දීමමයි. වෙනත් කිසිදු ශාස්තෘවරයෙකු සතු නොවන ඒ මහා කරුණාවත්, මහා ප්‍රඥාවත් බුදු සිරිත කියවන වාරයක් වාරයක් පාසා අප තුළ ඇති කරන්නේ මහත් ශ්‍රද්ධාවක්.

පින් කුසල් කළ යුත්තේ ඇයි?



අප බොහෝවිට පින කුසලය ගැන කතා කරමු. කරන පින, කළ පින, කිරීමට ඇති පින ගැනද කතා කරමු.

Friday, November 13, 2015

කිසිදා නොවිඳීන් මෙවන් අපා දුක් (‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 06 )




බුදු දහමෙහි අපාය සංකල්පය  ලිපි මාලා අංක – 05  –  - අපායන්ගේ විවිධ ස්වභාවයන්

 

බුදු දහමෙහි අපාය සංකල්පය යටතේ වප් පුර පසළොස්වක පොහොය දා ලිපියෙන් අප සාකච්ඡා කළේ බුදුදහමේ සඳහන් අපායයන්ගෙන් කිහිපයකි. අද සාකච්ඡා වන්නේ ද එම අපායයන්ගෙන් තවත් කොටසකි.

වස් පවාරණය යනු වස් හමාර කිරීමද?


පවාරණයෙන් කෙරෙන්නේ වස් සමාදන්ව සිටි කාලය නිමා කිරීම නොව, වස් සමාදන්ව සිටි කාලය තුළ තමාගෙන් වරදක් සිදුව ඇත්නම්, ඒ වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන්,ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීමයි.

Thursday, November 12, 2015

මල් පූජාවේ සැබෑ ආනිසංස ලබන්නේ කෙසේද?


පෞද්ගලික වශයෙන් ලබාදෙන උතුම්ම පූජාව බුද්ධ පූජාවයි. බුදුරදුන් උදෙසා බොහෝ පිරිස් විවිධ පූජාවන් සිදු කරනු ලබයි. බුදුරදුන් ජීවමාන කාලයේදී මෙන්ම උන්වහන්සේගේ පිරිනීවීමෙන් පසුවද මෙම පූජාවන්හි අඩුවක් නැත.

Wednesday, November 11, 2015

ඔබ ඔබ ගැනවත් තේරුම්ගත්තා ද?


වප්පුර පසළොස්වක පෝය දිනයෙහිදි අප සාකච්ඡා කළේ “නතුම්හ” සුත්‍ර දේශනාව ඇසුරෙන් පෘතග්ජන වූ අපගේ ජීවිත හැඩගස්වා ගන්නා ආකාරය පිළිබඳවයි. අද අප මේ සූත්‍ර දේශනා සාකච්ඡාව අවසන් කිරීමට පෙර මෙසේ සළකා බලමු.

මඟ නොමඟ කියාදෙන සීලය සහ ප්‍රඥාව



සීලය ජීවිතයට සම්බන්ධ කර ගන්න. සමාධිය බලවත් කර ගන්න. ගුණවත්භාවය සද්පුරුෂභාවය වර්ධනය කරගන්න. පොතපතේ දැනුමෙන් එහාට ගිය ප්‍රඥාවක් දියුණු කරගත්තොත් ඔබටත් සංසාරයෙන් ගොඩවිය හැකියි.

Tuesday, November 10, 2015

ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනයකි

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති
සච්චං හවේ සාදුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨංති 

 
කාරුණික පින්වතුනි,

Monday, November 9, 2015

වස් පවාරණය හා කඨින චීවර පූජා


ඒ ඒ පොහොය දිනයන්හි විශේෂ වැදගත්කම් රාශියක් ශාසන ඉතිහාසයේ දැක්වේ. වප් පුර පසළොස්වක පොහොය ගිහි පැවිදි කාගේත් ජනාරදයට ලක්ව ඇත්තේ පසුදා සිට එනම් ඉල් මස පුර පසළොස්වක් පොහොය දක්වා කඨින චීවර පූජා පැවැත්වෙන බැවිනි.

සිත දමනය කරගත් සේක


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“තයො මෙ භික්ඛවෙ මදා, කතමෙ තයො? යොබ්බන මදො, ආරොග්‍ය මදො, ජීවිත මදො, යොබ්බන මද මත්තොවා, ආරොග්‍ය මද මත්තො වා ජීවිත මද මත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො කායෙන, වාචාය. මනසා දුච්චරිතං චරිත්වා කායස්ස හෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති.”

Sunday, November 8, 2015

විවාහ වන්නට පෙර සෙවිය යුතු සමානකම් හතරක්


බෞද්ධයකු වශයෙන් යම් කෙනෙක් විවාහ ජීවිතයකට ඇතුළත් වනවාය යනු ගිහි ජීවිතයක ඉතාමත්ම වැදගත් තීරණයක් ගැනීම ලෙසයි අප කල්පනා කරනු ලබන්නේ. බුදුසමය එහිදී මූලික කරුණු හතරක් ගැඹුරින් අවධානය යොමුකළ යුතු බවට යෝජනා කරනු ලබයි.

Saturday, November 7, 2015

බඹයක් පමණ වු ශරීරයට මුළු විශ්වයම විඳගත හැකියි


බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අසිරිමත් දහම සිතිවිලි සිතට ගැනීමෙන් අපේ සිත පුණ්‍යවන්ත වෙනවා. ජීවිතය නිවරැදි කරගෙන ජීවිත ආලෝකය ලබාගෙන අසිරිමත් ගමනක් ආධ්‍යාත්මික ගමනකින් සුවපත් වීමට මඟ සැලසෙනවා.

දියුණුවේ දොරටුව 04 දියුණුවේ ක්‍රම දෙකයි


තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම ආධ්‍යාත්මික දියුණුව, බාහිර දියුණුව වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වනවා. ආධ්‍යාත්මික දියුණුව කියන්නේ අපේ සිතේ දියුණුවයි. සිත දියුණු කරගන්න අපහසු නිසා බුද්ධ අනුශාසනාවක් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වුණොත් අපට සිත දියුණු කරගන්න පුළුවන්.
අපට කමටහන් හතළිහක් දීලා තියෙන්නේ සිත දියුණු කර ගැනීමටයි. දස අනුස්සති, දස කසිණ, දස අසුභ, සතර ධාතු , සතර අරූප, ආහාර පටික්කූල සංඥාව කියන මේ කර්මස්ථාන හතළිහම අපට දේශනා කළේ සිත තැන්පත් කර ගැනීමටයි.

සිතේ ඇත්ත ඇති සැටිය දැක ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ විදසුන් භාවනාවක් වදාළා. ආධ්‍යාත්මික දියුණුව සකසා ගන්න එතන ක්‍රම දෙකක් තථාගත ධර්මයේ දැක්වෙනවා. බාහිර දියුණුව කියන්නේ මිල, මුදල් , කෙත් වතු, යානවාහන ආදිය සකල සම්පත්වල දියුණුවයි.

Friday, November 6, 2015

බුදු සිරිතේ ආගමික සංහිඳියාව


බුදුරදුන් ලොව පහළවනවිට ආගම් හා දර්ශන දෙසැටක් පැවත තිබිණි. බුදුසිරිතෙන් ප්‍රකට වන විශිෂ්ට ලක්ෂණය වනුයේ අන්‍යාගමික ශාස්තෘවරු, පූජකවරු, බමුණන් සමඟ සුහදශීලීව කටයුතු කළ අතර ආගමික වශයෙන් සහනශීලී පිළිවෙතක් අනුගමනය කළහ. කවර අවස්ථාවකදී හෝ අනවශ්‍ය ගැටුම් ඇති නොකර මෙත් සිතින් යථාවාදී තථාකාරි, යථාකාරී තථාවාදී වචනයට සරිලන ක්‍රියාවත් ක්‍රියාවට සරිලන වචනයත් පි‍්‍රය කළ ඊට අනුව ක්‍රියාකළ උන්වහන්සේගේ චරිතය පරමාදර්ශී චරිතයකි. 

Thursday, November 5, 2015

මව්පියන්ට දුක්‌ දෙන්නා වසලයෙකි

 


සිය මහලු පියාණන් බලු කූඩුවක සිරිකොට බලු පැටවුන් සුමුදු යහන් මත සැතපවූ දුවක්‌ ගැන පුවතක්‌ පසුගිය දිනක ඇසීමු. අහෝ· මේ බුදුන්ගේ දේශයදැයි පවසමින් විස්‌සෝපයට පත්වීම වෙනුවට එහිවූ සමාජ විපත දෙස පැහැසරව බලා පිළියම් යෙදීම නොවේද අප කළ යුතු වන්නේ.

ඇයි? මෙතරම් ආවේගයක්


“ආවේගය” කියන්නේ අපේ හිතේ හටගන්නා වේගයෙන් ක්‍රියාත්මක වන සිතිවිලිවලටයි. කය, වචනය පාලනයක් කර ගන්නට බැරි දෙයටත් අප ''ආවේගය" යැයි කියනවා. නමුත් ආවේගක් බවට පත්වෙන්නේ කේන්තිය පමණක් නොවේ. රාග, ද්වේශ, මෝහ කියන ක්ලේෂ ධර්මයෝම ආවේග බවට පත්වෙනවා.

භෝග සම්පත් රකින මුරකරුවෙක් නොවන්න


අනිත්‍ය වූ ලෝකය තුළ ජීවත්වන හැම අයෙක් ම පරමාර්ථ ධර්මය මතකයේ තබාගෙන අනතුරින් බේරෙන්නට කය පිටුපසට බරකර ගෙන ප්‍රපාතයට එබී බලනවා සේ සම්මුති ලෝකය තුළ ජීවිතය පැවැත්විය යුතුයි

Wednesday, November 4, 2015

දහම් රස පානය කරන තැනැත්තා සැපසේ සිටියි


ධම්ම පීති සුඛං හෝතී විප්ප සන්නේන චේතසා
අරියප්ප වේදිතේ ධම්මේ සදා රමතී පණ්ඩිතෝ”


බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාව දේශනා කරනු ලැබුවේ මහාකප්පින මහතෙරුන් වහන්සේ අරමුණු කරගෙනයි. මහාකප්පින මහතෙරුන් වහන්සේ පිළිබඳව සිද්ධිය ධම්ම පද අට්ඨකථාව, අපදාන පාලිය, ථේරගාථා, සද්ධර්මරත්නාවලිය ආදි විවිධ තැන්වල සඳහන් වී ඇත.

Tuesday, November 3, 2015

ඇසුරට කෙනෙකු නොමැති විට හුදෙකලා වීම මැනවි


 තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආශ්‍රයට සුදුසු කලණ මිත්‍රයෙකු සොයන්නේ, තමාට හා සමාන හෝ තමාට වඩා උසස් මිත්‍රයෙකු සොයා ගත නොහෙන්නේ නම් පාපියෙකු සමඟ එක් නොවී හුදකලා වාසය කිරීම උතුම්බව පෙන්වා වදාළහ.

Monday, November 2, 2015

ගිහිවත හා පැවිදිවත පෘතග්ජන - ශ්‍රාවක ප්‍රභේදය

 

සෑම සමාජයකම ගිහියනුත්, පැවිද්දනුත් (ගිහි – පැවිදි) දක්නට ලැබෙන බව සමාජ ඉතිහාසයෙන් දක්නට ලැබේ. ගෝත්‍රික සමාජවල ද මේ ලක්ෂණය දක්නට ලැබේ. ආගම නියෝජනය කරණ පිරිසක් පිළිබඳ අදහස කිසිදු භේදයෙන් තොර සංකල්පයකි. බුදු දහම ද මේ ප්‍රභේදය හඳුනාගෙන ඇත. ගහට්ට (ගිහියා), පබ්බජිතා (පැවිද්දා) යනුවෙන් පුද්ගල දෙවර්ගයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මේ දෙදෙනාට ආවේණික සදාචාර ධර්ම පද්ධතියක් ඇති බව ‘සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ’ දැක්වේ. ඒවා ‘ගිහිවත’ සහ ‘පැවිදි වත’ නමින් දැක්වේ.