Labels

Monday, November 30, 2015

අත්හැරීම


 මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තෝරාගත් භික්‌ෂු - භික්‌ෂුණි, උපාසක - උපාසිකා සිවුවනක්‌ පිරිස අන්ත දෙකක්‌ හළ යුතුය.
එය අත්තලමතානුයෝගය හා කාමසුඛල්ලිකානු යෝගයයි. එයම සම්බෝධිය හෙවත් නිර්වාණය සඳහා හේතුවේ. අපේක්‌ෂිත චිත්ත පාරිශුද්ධි භාවය ඇතිකර ගැනීම සඳහා (චක්‌ඛු කරණි, ඥාන කරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති) ඉහත අන්තයන්ගෙන් දුක්‌වූ අනාර්ය වූ අනර්ථය පිණිස හේතුවන (දුක්‌ඛෝ අනරියො අනත්ත සංහිතො) දුෂ්කර ව්‍රත අත්හැරීමක්‌ අනිත් අන්තය වූ හීනවූ ග්‍රාම්‍ය වූ පුහුදුන් කය විසින් සේවනය කරන අනාර්ය වූ අනර්ථය සඳහාම හේතුවන (හීනො ගම්මො පොථුඡ්ජනිකොඅනරියො අන්තථසංහිතො) කාමයෝගී ජීවිතයත් අත්හැරීම කළ යුතුය.

එහෙත් සාමාන්‍ය ජනයාට කාමභෝගී ජීවිතය අත්හැරීම ඉතා අපහසුයá දුෂ්කරය. පැවිදි ජීවිතය ගත කිරීම අපහසුය. ඒ කෙසේ වෙතත් අත්හැරීම තුලින්මයි සැනසීම උදාවන්නේ. (චාගෝ - පටිනිස්‌සග්ගෝ - මුත්ති අනාලයෝ) කාමභෝගී ගිහි ජීවිතය කෙලෙස්‌ දූවිලිවලින් වැසී ගිය මහත මගක්‌ බඳුය. සම්බාධක බහුලය.

'සම්භාවෝ සරාවාසෝ - රජා පථො

අබ්භොකාසෝව පබ්බඡ්ජා...'

පියාපත් බර පමණක්‌ ඇති අහසේ සැරිසරන කුරුල්ලෙක්‌ හා සමානය, පැවිදි දිවිය.

සම්බෝධි පරායණ, සග්ග පරායණ නම්වූ මාර්ග දෙකක්‌ දහමේ සඳහන් වේ. ලාභ සත්කාර භවභෝග ලැබීමේ මාර්ගය එකකි. නිවන් ලැබීමේ මාර්ගය තව එකකි.

'අඤ්ඤා ලාභූ පනීසා - අඤ්ඤා නිබ්බාණ ගාමිණි'

අයෝනිසෝ මනසිකාරය නිසා සත්වයා සසරට ඇද දමන මේ අල්ප ආශ්වාද ඇති මහත් ආදීනව ඇති ඉන්ද්‍රියන්ගේ පිනවීම ස්‌වභාවය, ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා අනිටු අනුසෝතයට හෙවත් අසත් ධර්ම ප්‍රවාහයට පත්වන අයුරු මෙසේ විස්‌තර කරති.

ඉතිඛො පනෙතං ආනන්ද,

- වේදිතා පටිච්ච තණ්‌හා - වේදනාව නිසා තණ්‌හාව

- තණ්‌හා පටිච්ච පරියේසන - තණ්‌හාව නිසා සෙවීම

- පරියේසනං පටිච්ච ලාභො - සෙවීම නිසා ලැබීම

- ලාභං පටිච්ච විනිච්ඡයො - ලැබීම නිසා විමසීම

- විනිච්ඡයං පටිච්ච චන්ද්‍ර රාගො - විමසීම නිසා ඇල්ම

- චන්ද රාගං පටිච්ච අඡ්ෙCධාසානං - ඇල්ම නිසා බැඳීම

- අඡ්ෙCධාසානං පටිච්ච පරිග්ගහො - බැඳීම නිසා අත්පත් කර ගැනීම

- පරිග්ගහං පටිච්ච මච්ඡරියං - අත්පත් කර ගැනීම නිසා මසුරු බව

මච්ඡරියං පටිච්ච ආරක්‌ඛො - මසුරුකම නිසා රැකීම

- ආරක්‌ඛාධි කරණං පටිච්ච දණ්‌ඩා දාන - රැකීම නිසා දඬු මුගුරුවලින් ගැසීම

- කලහ - කලහ කිරීම

- නිග්ගහ - නිග්‍රහ කිරීම

- විවාද - වාද කිරීම

- තුවං තුවං - ඇනුම් බැණුම්

- පෙසුඤ්ඤ මුසාවාදා - හිස්‌ වදන, බොරුකීම

අනේකපාපකා අකුසලා ධම්මා සම්භවන්ති -නොයෙක්‌ ආකාරයෙන් අකුසල දහම් වැඩෙති. ඉහත දේශනාවෙන් තණ්‌හාව නිසා සසර සැඩ පහරට හසුවී සත්වයා දුකට පත්වන ආකාරය පැහැදිලි කරති. එයින් අත්මිදී මැදුම් පිළිවෙතට පැමිණීමෙන් සිදුවන යහපත වටහාගත යුතුය. මිනිසාගේ අවශ්‍යතා මට්‌ටමක්‌ ඇත. ඒ අවශ්‍යතාවය මත යෑපීමයි. අවශ්‍යතා සපුරා ගැනීම, මිනිස්‌ අවශ්‍යතා ළංකර ගැනීම ඒවාපරිහරණය කිරීමට දහමෙන් කිසිවිට තහංචි දමා නැත. අවශ්‍යතා ඉක්‌මවා යාම, අතෘප්තිකර බවට යාම තණ්‌හාව වේ. පමණ ඉක්‌මවා රැස්‌කිරීම, ගොඩගසා ගැනීම, පෞද්ගලිකත්වය, මගේම කර ගැනීම සඳහා වෙහෙසීමයි. ඒ සමගම උපාදාන තත්ත්වයද ඇතිවේ.කාමූපාදාන තත්ත්වයට මන ග්‍රහණය වීමේදී බුද්ධි මට්‌ටම හීනවී සාපරාධි කටයුතුවලට යොමුවීම ආත්මාර්ථකාමී බවට ගැතිවීමත් ඉහත දේශනා පාඨයෙන් අර්ථවත් කර ඇත.

ඒ නිසා බුද්ධ ශ්‍රාවකයාගේ ප්‍රධාන පරමාර්ථය එකම ඉලක්‌ක මෙසේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරති.

මහණෙනි, ඔබගෙන් අන්‍ය ආගමික පරිබ්‍රාජක තීර්ථක ශ්‍රමණයෙක්‌, ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙත ගොස්‌ කුමක්‌ සඳහා බ්‍රහ්මචාරීව වාසය කරන්නේදැයි? විමසූ විට මෙසේ පිළිතුරු දෙන්න.

- ඇවැත්නි, රාග විරාගය සඳහාම භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචාරීව වසමු.

- සංයෝජන ප්‍රහානය සඳහාම භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචාරීව වසමු

- සිත්වල අප්‍රකටව පවත්නා රාගාදි කෙලෙස්‌ මුලින් උපුටා දැමීම සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචාරීව වසමු

- ඒ පිවිතුරු මාර්ගය දැන ගැනීම සඳහාම භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචාරීව වසමු

- ආශ්‍රව ක්‌ෂය කිරීම සඳහාම භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචාරීව වසමු.

- විද්‍යා විමුක්‌ති ඵලලාභීත්වය සඳහාම භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචාරීව වසමු.

- ඥන දර්ශනය සඳහාම භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචාරීව වසමු.

ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ව ශාසනික ප්‍රතිපදාව ශාසනික පරමාර්ථය ශ්‍රාවකයාට ඉහත දැක්‌වූ භාග්‍යවත් දර්ශනයෙන් වටහාගත හැක. මේ අනුගතවීම තුළ මේ කැප කිරීම තුළ, මේ ප්‍රතිපදාව තුළ, ඉහාත්මයෙහිම මොලොවදීම දිට්‌ඨධම්ම වේදනීයවම ප්‍රතිලාභ ලබාගත හැක. සත්‍ය පසක්‌ කරගත හැක.

ශාසනගතවීම ජීවිතයෙන් පලායාමක්‌ නොවේ. සදාකාලික තණ්‌හා දාසත්වයෙන් මිදීමයි. මේ උත්මාර්ථය සඳහා ධම්ම දායාද මේ භික්‌ඛවේ භවථෘ යනුවෙන් දහමම දායාද කරගන්න යෑයි අනුදැන වදාළහ.

'සබ්බ දුක්‌ඛ නිස්‌සරණ - නිබ්බාණ සච්ä කරණථාය...' සියලු දුක්‌ නැතිකර ගැනීම සඳහාත් නිවන් අවබෝධය සඳහාත් අදිටන් කරගෙන ශාසනයට ඇතුළුවන බුද්ධ ශ්‍රාවකයා ලාභාපේක්‌ෂාවෙන් තොරව නම්බුනාම කීර්ති ප්‍රශංසාවෙන් තොරව ධර්මගරුකව, විනයගරුකව ජීවත්විය යුතුය. ආමිසයට නැඹුරුවීමෙන් සිදුවන හානිය නිසා 'මා ආමිස දායාද' යනුවෙන් ආමිසය දායාද වශයෙන් නොගත යුතු යෑයි අනුදැන වදාළහ. එසේ වනුයේ ලෝකෝත්තර ආර්ය ඵල කෙසේ වෙතත් සාමාන්‍ය මිනිස්‌ ගුණ ධර්ම පවා තමා තුළින් පලායන බැවිනි. ලාභසත්කාර මිතුරු වෙසින් පැමිණෙන හතුරෙකි.

මහණෙනි, ලාභ සත්කාර සිවිය කාගෙනයයි. සිඳලයි. සිවිය සිඳ සම කාගෙන යයි. සිඳලයි. සම සිඳමස්‌ කාගෙන යයි. සිඳලයි. මස්‌ සිඳ නහර කාගෙන යයි. සිඳලයි. නහර සිඳගෙන ඇට කාගෙන යයි. සිඳලයි. ඇට සිඳ ඇට මිදුලු විනිවිද ගොස්‌ නවතී. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රසංශා දරුණුය. නපුරුය. සරල අල්පේච්ඡ ජීවිතයේ වටිනාකම වඩාත් පැහැදිලි කරන ඉහත දේශනා පාඨය මගින් සාමාන්‍ය ජනතාවට නොපෙනෙන පැත්ත පෙන්වා දෙති. මේ බුද්ධ අනුශාසනාව සත්‍යාවබෝධය සඳහා කදිම මගපෙන්වීමකි.



2015 ඉල් මස 25 බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment