සකල ක්‌ලේශයන් දුරු කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ බුදුරජාණන් වහන්සේටද ස්‌වකීය කර්ම වේගය වෙනස් කළ නොහැකි විය. මැඬලිය නොහැකිද විය. කර්මයේ ඇති බලවත්කම මැනවින් අවබෝධ කරගත් බුදුන් වහන්සේ "කම්ම විපාකො භික්‌ඛවේ අචින්තෙයෙ" යනුවෙන් කර්ම විපාකය සිතා කෙළවරක් දැකිය නොහැකි යයිද වදාළ සේක. කර්මයේ සියුම් බව, ගැඹුරු බව හා එය නොවැළැක්‌විය හැකි බව අවබෝධ කර ගැනීමට මේ බුද්ධ වචනය හොඳටම ප්‍රමාණවත් වේ.
එදා අනෝතත්තවිල් තෙර වැඩසිටි බුදුරදුන් වහන්සේ භික්‍ෂුන් අමතා, අතීත භවයන්හි තමන් වහන්සේ විසින් කරන ලද අකුසල කර්ම හා ඊට ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ අත්බැව්හි බුදු බවට පත්වීමෙන් පසුද විඳින්නට සිදුවූ දුක්‌ඛ විපාකයන් පිළිබඳ විස්‌තරයක් ද කළ සේක.
අපදාන පාලියෙහි පුබ්බකම්ම පිලෝතිකාපදානයෙහි ඇතුළත් විස්‌තරය අනුව රහත් වුවද, බුදු වුවද කර්ම විපාකය නොඉක්‌මවිය හැකි බවද ඉන් පැහැදිලි වෙයි.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර අත් බවෙක අප්‍රකට කුලයක (ශුද්‍ර) මුනාලි නම් ධූර්තයෙක්‌ව උපන්හ. එකල සරභූ නම් පසේ බුදුන් වහන්සේ දැක "මොහු දුශ්ශීලයෙකි. පහත් පැවතුම් ඇත්තෙකි" යනුවෙන් උන්වහන්සේට අභූතයෙන් චෝදනා කළහ. එම අකුසල කර්මය හේතු කොටගෙන බොහෝ කාලයක් නිරයෙහි පැසී දුක් විඳිමින් එන්නේ බුදු බව ලැබූ මේ ආත්ම භාවයෙහි එම අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් නින්දා අපහාසවලට ගොදුරු විය. සුන්දරී පරිබ්‍රාජිකාව විසින් කරන ලද නින්දා අපහාස ඉහත කී අකුසල කර්මයේ භාවශේෂ විපාකය බව දත යුතුයි.
පෙර අත් බවෙක සබ්බාභිභූ නම් පසේ බුදුන් වහන්සේ නමකගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට දුශ්ශීලයෙකි, පහත් ගති ඇත්තෙකි ආදී වශයෙන් චෝදනා කිරීම නිසා දස දහසක් අවුරුදු නිරයෙහි දුක්‌විඳ, මිනිසත් බැව් ලද ආත්ම භාවයන්හි දී ද නොයෙකුත් නින්දා අපහාස ඇසීමට සිදු විය. එකී අකුසල කර්මයාගේ සාවශේෂ විපාක වශයෙන් බුදු වූ ආත්මයේදී පවා බුදු සිරිතක කිසිලෙසකිනුත් සිදු නොවිය හැකි චෝදනාවක් චිඤ්චි මානවිකාව විසින් මහජනයා හමුවෙහිදී කරන ලදී.
අප බෝසත් තෙමේ පෙර බමුණු කුලයක්‌හි උපන් අවදියෙහි තාපසයෙක්‌ව පන්සියයක් අතවැසි මානවකයන්ට වේද මන්ත්‍ර උගන්වමින් හිමාලය වනයෙහි විසීය. එක් දිනෙක පංචාභිඥලාභී භීම නම් සෘෂිවරයෙක් එහි පැමිණියේය. නින්දා නොකළ යුතු ඔහුට නින්දා බස් කියා බැන්නේය. ඔහුගේ ශිෂ්‍ය මානවකයෝද නින්දා බසින් ඔහුට බැණ වැදුණහ. ගෙයක් පාසා යමින් මහජනයාටද "මේ සෘෂි තෙමේ කාමභෝගී තැනැත්තෙකි" යයිද දැන්වූහ. මේ අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් පන්සියයක් භික්‍ෂුන් ඇතුළුව බුදුරජාණන් වහන්සේට සුන්දරී පරිබ්‍රාජිකාව මරණ ලදැයි අපහාස විඳීමට සිදුවිය.
පෙර එක් ආත්මයක අප බුදුරජුන් වෙමාතික (එක පියකුට දාව දෙමව් කුසින් උපන්) සොහොයුරා ධන ලෝභයෙන් ගිරි දුර්ගයකින් පහතට හෙළා ගලක් පෙරළා මරා දැමීය. ඒ අකුසල කර්මය ලුහුබඳිමින් අවුත් දෙව්දත් තෙරුන් විසින් පෙරළන ලද මහ ගලකින් නැගුණු පතුරක් වැදී සිරිපාදයේ මහපටැඟිල්ල තැලී ලේ නැංවීමට හේතුවිය.
පෙර දවස කුල දරුවෙක්‌ව උපන් අප බෝසත් තෙමේ මහමඟ ක්‍රීඩා කරමින් සිටින අතර පිඬු පිණිස වඩනා පසේ බුදු කෙනකුන් දැක "මේ මුඩු මහණ කොහියේ" දැයි කියමින් උන්වහන්සේට ගලකින් දමා ගැසීය. එය උන්වහන්සේගේ පා පිට වැදී සීරී ලේ ගලන්නට විය. එම කර්මයාගේ සාවතේස විපාකය නම්, දෙව්දත් තෙරුන් විසින් බුදුන් මැරවීමට දුනුවායන් යෙදවීමයි.
ඈත අතීතයේ ඇත් ගොව්වෙක්‌ව උපන් අප මහ බෝසත් තෙමේ දිනක් ඇතු පිට නැඟී යන්නේ මහ මඟ වඩනා පසේ බුදු කෙනකුන් වහන්සේ නමක් දැක කිපී උන්වහන්සේට හිංසා කරනු වස් ඇතු මෙහෙය විය. එහි ප්‍රවෘත්ති විපාකය වූයේ ගිරිබ්බජ නම් නුවරදී නාලාගිරි නම් මත් ඇතු බුදුන් වහන්සේ පාගා මැරීමට ඉදිරියට පැමිණීමයි.
අප බුදුරජාණන් වහන්සේ ඉහත භවයක ප්‍රදේශ රාජයෙක්‌ව ඉපිද, දිනක් කඩුවක් ගෙන මහමඟ ගමන් කරමින් සිටියේය. අතරමඟ දී මුණගැසුණු පුරුෂයන් දැක පහරදී මරුමුවට පත් කළේය. එම කර්මයේ ප්‍රතිඵලය වූයේ ගල් පහරක් වැදීමෙන් ශ්‍රී පාදයේ හටගත් ලේ ගෙඩිය පැළීමයි.
ඈත අතීතයෙහි කෙවුල් ගමෙක කෙවුල් දරුවෙක්‌ව උපන් අප බෝසතාණන් දිනක් මසුන් මරණ තැනකට ගොස් මසුන් මරණු බලා සතුටු වීය. එම අකුසල කර්මයේ ප්‍රති විපාකය වූයේ බුදු වූ ආත්මයේ දී නිතර පීඩා ගෙන දෙන හිස රුජාවකින් පෙළීමය. විඩූඩභ ශාක්‍යයන් හා යුද වැද ශාක්‍යයන් නැසීමද ඒ කර්මයේ ඵලයකි.
ඵුස්‌ස බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා කල්හි, දුප්පත් කුලගෙයක උපත ලැබූ අප බෝසත් තුමා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා හැල් සහලින් කළ මිහිරි අහර වළඳනු දැක ඉවසාගත නොහී "යවම කව්, හැල් නුබුදිව්" ආදිය කියමින් නින්දා බස් කීය. එම අකුසල කර්මය නිසා වේරඤ්ජාවෙහි වස් විසූ අප බුදුරජාණන් වහන්සේට එම තෙමස මුළුල්ලේම යව ආහාරයෙන් පමණක් යෑපීමට සිදුවිය.
අප බුදුන් පෙර අත්බවෙක මල්ල යෝධයෙක්‌ව ඉපිද, ප්‍රතිමල්ලයකු හා පොර බදන්නේ ඔහුගේ කොඳුඇටය බිඳ පරදවා ජය ගත්තේය. එම අකුසලය හේතු කොටගෙන බුදු වූ මේ ආත්ම භාවයෙහිදී පිටකොන්දේ ඇතිවූ දරුණු වේදනාවකින් නිතර පීඩා වින්දහ.
අප බුදුන් බෝසත් අවදියෙහි දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ව ඉපදුණේ සිටුවරයකුට පිළියම් කළේය. ඒ සඳහා තමාට ලැබිය යුතු මුදල් නිසි කල්හි නොලැබීම නිසා කෝපයට පත්ව වෙනත් බෙහෙතක්‌දී විරේක කරවීය. එම අකුසල කර්මය නිසා ලෝහිත පක්‌ඛන්දිකා නම් (ලේ අතීසාරය) රෝගයට හට ගත්තේය. ඒ බව අපදාන පාලියෙහි මෙසේ දැක්‌වේ.
"තිකිච්ඡකො පුරෙ ආසි
සෙට්‌ඨ§ පුත්තං විරෙචයි
තෙන කම්ම විපාකෙන
හොති පක්‌ඛන්දිකා මම,
එවං ජිනො වියාකාසි
භික්‌ඛු සංඝස්‌ස අග්ගතො
සබ්බා භිඤ්ඤා බලප්පත්තො
අනොතත්ත මහාසනෙ"
ඈත අතීතයේ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේගේ සසුන පවත්නා කල්හි, අප බෝසත්තුමා ජෝතිපාල නම් මානවකයෙක්‌ව උපන්නේය. දිනක් කාශ්‍යප සර්වඥයන් වහන්සේ දැක "මේ මුඩු මහණහුට බුද්ධත්වයක් නම් කොයින්ද? සම්බෝධිය ඉතා දුර්ලභ එකක් නොවේදැ" යි නින්දා බස් දෙඩීය. එම අකුසල කර්මයේ විපාක ශේෂය ගෙවී ගියේ බුද්ධත්වය සඳහා සාවුරුද්දක් මුළුල්ලේ සිරුරට අධික ලෙස දුක් දීමෙන් දුෂ්කර ක්‍රියාවෙහි යෙදීමෙනි. ඒ බව අපදාන පාලියෙහි මෙසේ දැක්‌වේ.
"අවචා හං ජොතිපාලො
කස්‌සපං සුගතං තදා
කුතොනු බෝධි මුණ්‌ඩස්‌ස
බොධි පරම දුල්ලභා.
තෙන කම්ම විපාකෙන
අචරිං දුක්‌කරං බහුං
ජබ්බස්‌ස මුරුවෙලායං
තතො බොධි මුපාගමිං.
අපදාන පාලි පුබ්බ පිලොතිකා පදානයෙහි සඳහන් මෙම තොරතුරු විමසිල්ලෙන් කියවන කවරකුහට වුවද කර්ම විපාකයේ බැරෑරුම්කම තේරුම්ගත හැකිය. කුසලා'කුසල කර්මයන්ගේ විපාක ශක්‌තිය වූ කලී අදෘශ්‍යය. ප්‍රකටව නොපැණේ. එය සැඟවී පවත්නේය. අවස්‌ථාවක් ලද විට විපාකදීම එහි ස්‌වභාවය යි. බුදුන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් කර්ම විපාකය නොවැළැක්‌විය හැකි බව මේ අනුව තේරුම් ගැනීම ඔබටද වැඩදායක වනු ඇත. අභිණ්‌හ පච්ච වෙත්ති තබ්බ සූත්‍රයෙහි නිතර නිතර සිහි කටයුතු ධර්මයක් වශයෙන්ද බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළහ.
"කම්මස්‌සකොම්හි කම්ම දායාදො කම්ම යොනි, කම්මපටි
සරණො, යං කම්මං කරිස්‌සාමි කළ්‍යාණං වා පාපකංවා
තස්‌ස දායාදො භවිස්‌සාමීති අභිණ්‌හං පච්චවෙකධි තබ්බං.
ඉත්ථියා වා පුරිසෙන වා ගහටෙඨන වා පබ්බජි තෙනවා."
ශ්‍රී සුමංගල විද්‍යාවතංස, රාජකීය පණ්‌ඩිත
වැහිහේනේ පඤ්ඤාලෝක හිමි
කැනඩාවේ ප්‍රධාන සංඝනායක
2017 මැයි මස 10 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment