ආසිවිසෝපම සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ ආස විස වග්ගයේ පළමුවන සූත්‍රයයි. උපමා එකොළහකින් සසරේ පවතින බිය සහිත බව සහ නිවනෙහි පවතින බිය රහිත බව ආසවිසෝපම සූත්‍ර දේශනාවේ සඳහන් වෙයි.
මහණෙනි, මහාතේජස් ඇති විසඝෝර සර්පයෝ සතරක් සිටිති. මේ සතර දෙනාට නිබඳව කවා ,පොවා, නාවා, නිදි කරවා සියලු සාත්තු සප්පායම් කළ යුතුයි. නමුත්, කුමන වේලාවක හෝ මේ එක සර්පයෙක් හෝ කිපුණොත් දුකක් හෝ මරණය සිදුවෙයි. ඒ නිසා නොපමාව කටයුතු කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ වදාළා.
එක්තරා පුද්ගලයෙක් සර්පයන්ට බියෙන් පළා යද්දී ඔබ පසුපස වදකයෝ පස් දෙනෙක් පැමිණෙන බවත්, ඔවුන් දුටු තැන විනාශ කළ යුතු බවත් වදාළා. එයට බිය වූ මේ පුද්ගලයා එතනින් ද පළා යන්නට උත්සාහ කළා. එහිදී ද ඇතුළතින් කඩුවක් රැගෙන නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටින වධකයෙක් සිටින බව අඟවනවා. මේ වධකයා ඔබ කුමන මොහොතක හෝ ඝාතනය කරන්නට වෑයම් කරන බව අනතුරු අඟවනවා. මෙයටද බිය වූ මේ පුද්ගලයා හුදෙකලා පාළු ගමකට පැමිණියා.
එහි සෑම දෙසම තිබෙන භාජන පිරී ඇති බවත් එය අතට ගත් විට කිසිවක් නැති බවත් පැහැදිලි වෙනවා. එහිදී ද මේ පුද්ගලයාට මං පහරන හොරු පිරිසක් සිටින බවට අනතුරු ඇඟවීමේදී මෙයින් ද ආරක්ෂා වීමට සිතූ මොහු මහා ජලාශයක් දැක එතෙර බිය නැති බවත් මෙතෙර බිය ජනක, සැක සහිත බවත් දකිනවා. නමුත් මොහුට එතෙර වන්නට නැවක් හෝ ඒදණ්ඩක් නැහැ. මේ නිසා ලී දඬු , කොළ අතු භාවිතයෙන් පහුරක් තනා ඒ මතින් අතින් පයින් උත්සාහ කර මේ ජලාශයෙන් එතෙරවී සැක බිය නැතිව බොහොම නිදහසේ වාසය කරනවා.
එහි සෑම දෙසම තිබෙන භාජන පිරී ඇති බවත් එය අතට ගත් විට කිසිවක් නැති බවත් පැහැදිලි වෙනවා. එහිදී ද මේ පුද්ගලයාට මං පහරන හොරු පිරිසක් සිටින බවට අනතුරු ඇඟවීමේදී මෙයින් ද ආරක්ෂා වීමට සිතූ මොහු මහා ජලාශයක් දැක එතෙර බිය නැති බවත් මෙතෙර බිය ජනක, සැක සහිත බවත් දකිනවා. නමුත් මොහුට එතෙර වන්නට නැවක් හෝ ඒදණ්ඩක් නැහැ. මේ නිසා ලී දඬු , කොළ අතු භාවිතයෙන් පහුරක් තනා ඒ මතින් අතින් පයින් උත්සාහ කර මේ ජලාශයෙන් එතෙරවී සැක බිය නැතිව බොහොම නිදහසේ වාසය කරනවා.
බුදුරජාණන් වහන්සේ විෂඝෝර සර්පයන්ට උපමා කළේ පඨවි, ආපෝ. තේජෝ, වායෝ සතර මහා භූතයන්ගෙන් සැකසුණු කයයි. එය කවා, පොවා, නෑවිය යුතු බවත් කොපමණ සත්කාර කළත් එක සර්පයෙක් හෝ කිපුණොත් දුකට හෝ මරණයට පත්වන බවත් වදාළා.
මේ සතර මහා භූතයෝ විකෘති ලෙස කිපුණොත් මේ පුද්ගලයා බලවත් පීඩාවකට පත් වෙයි. උදාහරණයක් ලෙස කෙනෙකුට වාපිත්, සෙම් කෝපවීමෙන් දුකක් හෝ මරණයට පත්ව වන හානිය අපමණ බව බුදු පියාණන් වහන්සේ විෂඝෝර සර්පයන්ගෙන් කිපී ගිය මහා භූතයන්ගෙන් සැකසුණු ශරීරය උපමා කළා.
දෙවන උපමාව ලෙස මේ පුද්ගලයා විෂඝෝර සර්පයන්ට බියෙන් තැති ගෙන පළා යද්දී වධකයෝ පස්දෙනෙක් ලුහු බඳිනවා. එය පංච උපාධානස්ඛන්ධයට බුදුරදුන් උපමා කළා. රූප, වේදනා,සංඥා,සංඛාර, විඤ්ඤාණ උපාදානයෙන් පංච උපාධානස්ඛන්ධය වධකයන් ලෙස බුදුරදුන් පෙන්වා දුන්නා. රූපය උපාදානය කළ විට ඇති කරගන්නා දැඩි බැඳීමෙන් පුද්ගලයාට සියලු දුක හටගන්නා බවත් මේ නිසා භවය, ජාති,ජරා, ව්‍යාධි, මරණ, ශෝක, අපි‍්‍රය සම්පයෝග දුක්ඛ, පි‍්‍රය විප්පයෝග දුක් හටගන්නේ යැ’යි වදාළා. මෙතැන වධකයෝ පස්දෙනා වන්නේ පංච උපාධානස්ඛන්ධයයි.
මේ පුද්ගලයා මේ සියලු බාධක මඟ හැර ගියද ඇතුළතින් පැතිරෙන වධකයෙක් ලෙස “නන්දිරාගය” (අරමුණු ඇතුළතින් නැවත නැවත විඳිමින් ඇලෙන ස්වභාවය) හැඳින්වූවා. පෘතග්ජනයාටත් , රහතන් වහන්සේටත් පංචස්ඛන්ධය තිබුණත් එය උපාධානස්ඛන්ධයක් ලෙස ඇතුළතින් මතුවන නන්දි රාගය ඉස්මතු වෙන්නේ පෘතග්ජනයාට පමණයි. බාහිර වධකයන්ගෙන් මොහු ගැලවුණද සසරේ නැවත නැවත උපත ලබමින් ඇතුළත වදදෙන වධකයාට උපමා කළේ නන්දි රාගයයි.
මේ පුද්ගලයා හුදෙකලා ගමකට පැමිණීම උපමා කරන්නේ අධ්‍යාත්මික ආයතන හයටයි. (චක්ඛු,සෝත, ඝාන, ජිව්හා, කාය, මන) ගමේ පිරී තිබෙන බඩු භාණ්ඩ අතට ගත් විට හිස්ව තිබීම නුවණින් පිරික්සීමේදී ආයතන හයේ කිසිම හරයක් නොමැති බව පෙන්නුම් කරයි. මේ දෙස ගැඹුරින් විමසා බැලීමෙදී හුදෙක් සංඥා මාත්‍ර, සිතිවිලි මාත්‍ර පමණක් බව පැහැදිලි වෙයි.
මේ පුද්ගලයාට මං පහරන හොරු වශයෙන් හැඳින්වූයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම වන අධ්‍යාත්මික ආයතනයන් පැහැර ගන්නා බාහිර ආයතනයි. (උදා, රූපය ඇස ග්‍රහණය කරයි.)මේ නිසා තෘෂ්ණාව, මාන, දිට්ඨි, ගොඩ නැඟෙයි. අධ්‍යාත්මික ආයතන හය හිස් ගමක් ලෙස සලකා එය විනාශ කරන හොරු ලෙස බාහිර ආයතන හඳුන්වයි.
මෙම පුද්ගලයා එතනින් ද පළා ගොස් මහා ජලාශයක් දැකීම සතර ඕඝ ලෙස බුදුරදුන් පෙන්වා දෙයි. කාම ඕඝ (විඳීමට ඇති කැමැත්ත), භව ඕඝ( භවයට ඇති කැමැත්ත), දිට්ඨි ඕඝ(ජීවත්වීමට ඇති කැමැත්ත) , අවිද්‍යා ඕඝ( චතුරාර්ය සත්‍ය නොදැනීම) යන සතර ඕඝ බුදුන් වහන්සේ සැඩ පහරක් ලෙස සඳහන් කළා.
මේ පුද්ගලයාට එතෙර බිය රහිත බවත් තමන් වාසය කරන පෙදෙස විෂඝෝර සර්පයන්, වධකයන්, මං පහරන්නන් නිසා එය බිය සහිත බවත් වැටහෙයි. එනම් සක්කාය දිට්ඨියයි. මේ ස්කන්ධය, සත්වයෙක්ය, පුද්ගලයෙක්ය , ආත්මයක් බව ග්‍රහණය කරනතුරා පුද්ගලයාට නිරන්තරයෙන් දුක, වේදනාව උරුම බව වැටහෙයි. මේ නිසා ස්කන්ධ පංචකයෙන් එතෙර වීම සැඩ පහරින් මිදීමයි. එතෙර බිය රහිත වන්නේ සතර ඕඝයන්ගේ එතෙර වූ තැනැත්තා නිවන් දැකීම නිසයි. පහුරට උපමා කළේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය මේ පුද්ගලයා පහුරක් ලෙස තනාගෙන සැඩ පහර (සතර ඕඝ) තරණය කරයි. අතින් පයින් වෑයම් කිරීම උපමා කළේ අරමුණ මැද වීර්යයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීමයි. එසේ වෑයමෙන් පරතෙරට යන උත්තමයා සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේ බව සම්මා සම්බුදුරදුන් ආසිවිසෝපම සූත්‍රයෙන් උපමා කර වදාළා.
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමවාසී,
ශාස්ත්‍රපති
කුකුල්පනේ සුදස්සි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 08 වන බ‍්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment