සිත විවිධ ස්වරූප ගනී. පෘථග්ජනයාගේ සිත කෙබඳු ස්වරූප ගනීදැයි ක්ෂණිකව කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකිය. සිතෙහි ක්‍රියාකාරීත්වය අනුව කරන කියන දෑ පිළිබඳ නිසි අවබෝධයක් උපදවා ගැනීම සැබැවින්ම දුෂ්කරය. හොඳ කරන අයට හොඳ විපාක ද නරක කරන අයට නරක විපාක ද ලැබෙන බව දහමේ පෙන්වා දේ.
මනෝ පුබ්බංගමා ධම්මා
පෙර බරණැස් නුවර කසී කියලා රජ කෙනෙක් රජකම් කළා. එකල ප්‍රසිද්ධ වෙද මහත්මයෙක් ඒ නුවරම වාසය කළා. දිනක් මේ වෙදමහත්මයා ළඟට එක්තරා දුප්පත්, ඇස් අන්ධ කාන්තාවක් ආවා. වෙදමහත්මයා කෙසේ හෝ තමන්ගේ දෙනෙත් සුව කර දෙන්නේ නම් තමාත්, තමාගේ දියණියත් සමඟ වෙදමහත්මයාගේ නිවසේ මෙහෙකාරකම් කරදෙන බවත් ප්‍රතිඥාවක් වශයෙන් ප්‍රකාශ කර සිටියා. වෙදමහත්මයාත් මේ ගැන සිතා සතුටු වී ඇගේ ඇස් එක බෙහෙතකින්ම සුවපත් කළා. ඇස් සුවපත් වූ ක්ෂණයකින් එම මැහැල්ලට වූ පොරොන්දුව සිහිපත් වුණා. ඇත්තටම ඇයට එසේ මෙහෙකම් කිරීමේ අදහසක් තිබුණේ නෑ. ඇස් දෙක සුවපත් කරන්න සිතාගෙනයි එවැනි ප්‍රතිඥාවක් දුන්නේ.
දිනක් වෙදමහතා ඇගේ ඇස් පෙනීම දැන් කෙසේදැයි විමසා සිටියා. ඇය එහිදී බොරු ලෙඩක් මවා පා තවමත් සුව වී නැති බව ප්‍රකාශ කර සිටියා.
ඇය පවසන්නේ අසත්‍යයක් බව දැන ඇයගේ වංචනික ක්‍රියාවට කෝප වුණා. ඇයගේ ඇස් දෙක නැවතත් අන්ධ වීම සඳහා දරුණු විෂ සහිත බෙහෙතක් ලබා දුන්නා. මේ බෙහෙත ගැල්වූ පසු කාන්තාවගේ ඇස් දෙකම අන්ධ වී ගියා. මේ කළ පාපකර්මයේ විපාකය තමයි චක්ඛුපාල තෙරුන් වහන්සේට විපාක වශයෙන් අවසාන ආත්ම භාවයේ දී ලැබුණේ, යනුවෙන් බුදුන් වහන්සේ අතීත සිදුවීම දේශනා කොට වදාළහ. එදා වෙදමහතා ලෙස ඉපදී සිටියේ මේ චක්ඛුපාල තෙරුන් ය.
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්චේති
චක්කංච වහතෝ පදං
ධම්මපදයේ පළමුවැනි (යමක) වර්ගයේ පළමු ගාථාව මෙයයි.
ජීවිතයේ කරන, කියන සෑම කටයුත්තක් සඳහාම මූලික වන්නේ අපගේ සිතයි. යමක් කිරීම පිණිස අදහස මුලින්ම උපදින්නේත් සිතෙහිය. කෙනෙක් අපිරිසුදු මනසින් යුතුව යමක් කියයිද, එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසුපස ලුහුබඳියි. ගැල අදිනා වෘෂභයා පිටුපසින් නොනැවතීම යන ගැලසක මෙනි.
චක්ඛුපාල තෙරුන්ගේ කතාව ඊට හොඳම නිදර්ශනයකි.
මහාපාල තෙරුන් වහන්සේ තවත් සැටනමක්ද සමගින් ධර්ම චාරිකාවේ යෙදෙමින් යොදුන් ගණනාවක් දුර ගමකට වැඩම කළහ.
මේ සඟපිරිසේ සන්සුන් ඉරියව් දැක පැහැදුණු එගම්වාසී ජනතාව උන්වහන්සේලාට එම ගමෙහි වැඩ සිටින මෙන් ආරාධනා කළහ. ආරාධනාව ඉවසූ උන්වහන්සේලා එම වස් තුන්මාසය එහි වාසය කිරීමට කථිකා කරගත්හ. පී‍්‍රතියට පත් ජනතාවද උන්වහන්සේලාට අවශ්‍ය කුටි, සක්මන් මළු, භාවනා ශාලා ආදිය හැකි ඉක්මනින් ඉදිකර දුන්හ. ඒ ගමෙහි හුන් එක් වෙදමහතෙකු උන්වහන්සේලා සමීපයට පැමිණ ‘ස්වාමීනි, ඔබ වහන්සේලා යම් විදියකින් අසනීප වුවහොත් මම බෙහෙත් කරන්නෙමි. මට දන්වන්න. යනුවෙන් පවසා සිටියේ ය. උන්වහන්සේ ද එය පිළිගත්හ.
වස් වාසය කිරීමේ ආරම්භක දිනය උදාවිය. අනෙක් භික්ෂූන් වහන්සේලා සම්මුඛ වූ මහාපාල තෙරුන් වහන්සේ මෙම වස් තුන්මාසය කෙසේ ගෙවීමට අපේක්ෂා කරන්නේදැයි විමසා සිටියහ. උන්වහන්සේලා සැවොම ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ පෙන්වා දුන් සිව් ඉරියව්වෙන් භාවනාදී කටයුතු කරමින් වැඩ සිටීමට අපේක්ෂා කරන බවයි. මහාපාල තෙරුන් උන්වහන්සේලා හමුවෙහි තමා සයනය කිරීමේ ඉරියව්ව හැර අනෙකුත් ඉරියව් තුනෙන් වැඩ හිඳීමට අපේක්ෂා කරන බව පවසා සිටියහ.
එක් රාත්‍රියක මහාපාල තෙරුන්ට දරුණු ඇස් රෝගයක් ඇතිවිය. පසුදා උදෑසන පිඬු පිණිස වැඩම කිරීමට අනෙක් භික්ෂූන් සූදානම් වන අවස්ථාවේ මහාපාල තෙරුන්ගේ අසනීපය උන්වහන්සේලාට දැකගන්නට හැකිවිය. වෙදමහතාට මෙය දන්වාලූයෙන් ඔහු පැමිණ වටිනා තෙලක් ඇසෙහි ආලේප කිරීමට මහාපාල තෙරුන්ට ලබාදුන්නේ ය. බෙහෙත් ගල්වන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දුන්නේ ය.
වෙදමහතා මහාපාල තෙරුන්ට බෙහෙත් දමනා ආකාරය පැවසුවත් උන්වහන්සේ තමාගේ ඉරියව් වෙනස් කිරීමට අකැමැති වූහ. එනම් සයනාසන ඉරියව්ව උන්වහන්සේ වස් සමාදාන දවසේම ප්‍රතික්ෂේප කළ නිසා බෙහෙත් දමන අවස්ථාවේවත් එම ඉරියව්ව වැඩීමට අකැමැති විය. උන්වහන්සේ ඇසට බෙහෙත් කළද එය නිසි පරිදි ඇසෙහි රැඳුනේ නැත. ඒ නිසා අසනීපය වැඩි වෙනවා මිස අඩු වූයේ නැත. උත්සාහයෙන් යුක්තව ක්‍රියා කළ මහාපාල තෙරුන් අධිෂ්ඨාන කළේම කුමන අසනීපයක් වැළඳුනද මේ ආත්ම භවයේ කෙසේ හෝ අර්හත් භාවය ලබාගැනීමටයි. ඒ නිසා ප්‍රමාද නොවී චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට උන්වහන්සේ නිරන්තරයෙන් භාවනා කරන්නට වූහ.
වස්කාලය අවසන් වන දිනයට පෙර දිනයේ රාත්‍රියේ දී මහාපාල තෙරණුවන්ගේ දෑස් නොපෙනීම ගියේ ය. අන්ධභාවයට පත්වූවේ ය. ඒත් උන්වහන්සේ උතුම් වූ රහත් භාවයටද පත්ව සිටි සේක. පසුවදා උදෑසන පිඬු පිණිස වැඩම කිරීමට අනෙක් හිමිවරුන් ආරාධනා කළත් උන්වහන්සේගේ දෙඇස් අන්ධ වී ඇති අන්දම උන්වහන්සේලාට වැටහී ගියේ ය. ඉන්පසු උන්වහන්සේ ‘චක්ඛුපාල මහරහතන් වහන්සේ’ යනුවෙන් හැඳින්වීය.
දිනක් වෙහෙර මළුව මැඩියන්ගෙන් පිරි ඉතිරී ගියේ ය. සක්මන් භාවනාවේ නියුක්තව සිටි චක්ඛුපාල තෙරුන්ගේ පාදයට පෑගී බොහෝ මැඩියෝ මියගොස් සිටියහ. මෙය දුටු අනෙක් භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ සමීපයට ගොස් මේ බව පැවසූහ. බුදුරජාණන් වහන්සේ මෙම සිදුවීමෙන් චක්ඛුපාල තෙරුන් වහන්සේට කිසිම පාපයක් සිදු නොවන බව පෙන්වා දුන්සේක. එයට හේතුව නම් රහතන් වහන්සේලාට මරණ චේතනාව පහළ නොවීමය. භාග්‍යවතුන් වහන්ස, “චක්ඛුපාල තෙරණුවෝ උතුම් රහත් බවට පත්ව ඇත. කවර නම් පාපයකින් උන්වහන්සේගේ ඇස් දෙකම අන්ධ වූයේද?’ යි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියහ. උන්වහන්සේගේ ඇස් දෙකම අන්ධ වීම කෙරෙහි ප්‍රමුඛ වූ විපාකය එහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර කසී කියලා රජ කෙනෙක් රජකම් කළා. එකල ප්‍රසිද්ධ වෙද මහත්මයෙක් ඒ නුවරම වාසය කළා. දිනක් මේ වෙදමහත්මයා ළඟට එක්තරා දුප්පත්, ඇස් අන්ධ කාන්තාවක් ආවා. වෙදමහත්මයා කෙසේ හෝ තමන්ගේ දෙනෙත් සුව කර දෙන්නේ නම් තමාත්, තමාගේ දියණියත් සමඟ වෙදමහත්මයාගේ නිවසේ මෙහෙකාරකම් කරදෙන බවත් ප්‍රතිඥාවක් වශයෙන් ප්‍රකාශ කර සිටියා. වෙදමහත්මයාත් මේ ගැන සිතා සතුටු වී ඇගේ ඇස් එක බෙහෙතකින්ම සුවපත් කළා. ඇස් සුවපත් වූ ක්ෂණයකින් එම මැහැල්ලට වූ පොරොන්දුව සිහිපත් වුණා. ඇත්තටම ඇයට එසේ මෙහෙකම් කිරීමේ අදහසක් තිබුණේ නෑ. ඇස් දෙක සුවපත් කරන්න සිතාගෙනයි එවැනි ප්‍රතිඥාවක් දුන්නේ.
දිනක් වෙදමහතා ඇගේ ඇස් පෙනීම දැන් කෙසේදැයි විමසා සිටියා. ඇය එහිදී බොරු ලෙඩක් මවා පා තවමත් සුව වී නැති බව ප්‍රකාශ කර සිටියා.
ඇය පවසන්නේ අසත්‍යයක් බව දැන ඇයගේ වංචනික ක්‍රියාවට කෝප වුණා. ඇයගේ ඇස් දෙක නැවතත් අන්ධ වීම සඳහා දරුණු විෂ සහිත බෙහෙතක් ලබා දුන්නා. මේ බෙහෙත ගැල්වූ පසු කාන්තාවගේ ඇස් දෙකම අන්ධ වී ගියා. මේ කළ පාපකර්මයේ විපාකය තමයි චක්ඛුපාල තෙරුන් වහන්සේට විපාක වශයෙන් අවසාන ආත්ම භාවයේ දී ලැබුණේ, යනුවෙන් බුදුන් වහන්සේ අතීත සිදුවීම දේශනා කොට වදාළහ. එදා වෙදමහතා ලෙස ඉපදී සිටියේ මේ චක්ඛුපාල තෙරුන් ය.
මෙම දේශනාව සැබැවින්ම අපේ ජීවිත කෙරෙහිත් ඈඳා ගැනීම අතිශයින්ම වැදගත් වේ. මන්ද අපත් අපේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී කෝපාවිෂ්ට වී විවිධ අවැඩදායක දේ සිදු කරන නිසා ය. අප කරන කියන දෑහි විපාකය අවබෝධ කරගන්නේ නම් කිසිදිනෙක එබඳු ක්‍රියා කිරීමට වෙහෙස ගන්නේ නැත. චක්ඛුපාල තෙරුන්ගේ කතාපුවත අපට මෙහිදී මහත් වැඩදායකය. උන්වහන්සේ පාපී සිතිවිල්ලකින් පෙර කළ ක්‍රියාවක අකුසල විපාකය එලෙසම ලැබුවේ ය. අපත් එවැනි වූ අයහපත් වැඩක් කළහොත් අපටද එවැනිම අයහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට සිදුවන්නේ ය. ඒ නිසා අකුසලින් දුරුව කුසල් වැඩීමට වෙහෙස ගත යුතු වේ.
රාජකීය පණ්ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි
මො/ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර – බිබිල
පදියතලාවේ ඤාණවිමල හිමි
මො/ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර – බිබිල
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment