Labels

Saturday, July 8, 2017

සම්මා දිට්ඨි ( සසර මඟ කෙටි කරන නිවැරැදි දැකීම )


යහපත් දැක්ම නැතහොත් යහපත් දැනීම සම්මා දිට්ඨිය නම් වේ. එමෙන්ම නිවැරදි දැක්ම, නිවැරදි දැනීම ද සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය, ඇසින් දැක යමක ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමක් වැනිය. සම්මාදිට්ඨිය මනසින් දැක යමක ස්වභාවය නිවැරදිව දැන ගැනීමක් වැනිය. ඊර්ෂ්‍යාව , වංචාව, මායාව ආදිය විසින් සත්ත්වයා නිරන්තරයෙන් මුවා කොට ඇති සත්‍යය මෙයින් විවෘත වේ. බුදුසමයේ කේන්ද්‍රිය සංකල්පයක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවැන්න වන සම්මා දිට්ඨිය බෞද්ධ ශික්ෂණ මාර්ග ප්‍රවේශයේ සදාචාරාත්මක ආකල්පය වේ. එය පුද්ගල චර්යාව මෙහෙයවන ලෝක දෘෂ්ඨියයි.
තෙරුවන් කෙරෙහි උපදවා ගත යුතු විශ්වාසයයි. අනෙක් මාර්ගාංගවල පදනමයි. නිර්වාණගාමී පුද්ගලයා තුළ පැවැතිය යුතු, ඇතිකර ගත යුතු නිවැරදි දැක්ම, නිවැරදි දැනීම හෙවත් සම්මා දිට්ඨිය දෙයාකාර වේ.


දස වස්තුක සම්මාදිට්ඨි, චතුසත්‍ය සම්මාදිට්ඨි වශයෙනි.

දස වස්තුක සම්මාදිට්ඨි නම් මෙසේය.

දන් දීමෙහි විපාක ඇත. (අත්ථි දින්නං)

උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත (අත්ථි යිට්ඨං)

ගුණවතුන්ට පුදපඬුරු පිදීමේ විපාක ඇත (අත්ථි හුතං)

හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත.

(අත්ථි සුකට දුක්කටකම්මානං ඵලං විපාකෝ)

පරලොව ගියවුන් මෙලොවට පැමිණීමක් ඇත.

අත්ති අයං ලෝකෝ)

මෙලොව සිටිනවුන්ට පරලොවක් ඇත.

(අත්ථි පරෝ ලෝකෝ)

මවට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත. (අත්ථි මාතා)

පියාට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත. (අත්ථි පිතා)

මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත

(අත්ථි සත්තා ඕපපාතිකා)


යහපත් මාර්ගයට පිළිපන් මෙලොව පරලොව සත්‍යය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත. (අත්ථි ලෝකෝ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිප්නනා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති) මෙසේ මෙලොව, පරලොව, කර්මය කර්ම ඵලය, පින පව, කුසලය අකුසලය ආදිය පිළිබඳව නිවැරදි දැක්ම, නිවැරදි දැනීම දසවස්තුක සම්මා දිට්ඨිය නම් වේ. චතුසත්‍ය සම්මා දිට්ඨි නම් මෙසේය.


අස්ගිරි මහා විහාර පාර්ශවයේ
මහා ලේඛකාධිකාරි 
ආචාර්ය 
මැදගම ධම්මානන්ද නා හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඇසළ පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 08 වන සෙනසුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment