Labels

Sunday, July 23, 2017

ජීවිතයේ හැම වයසක්‌ම කොයිතරම් අගනේද?


ජීවිතයේ හැම වයසක්‌ ම ඔබට සතුටින් විඳ දරා ගන්න පුළුවන්. ජීවිතයේ අප ගතකරන හැම අවුරුද්දක්‌ම සතුටෙන් විඳ දරා ගන්න පුළුවන්. වයස අවරුදු හයක හතක ළමා විය කොයිතරම් මහිමයක්‌ද ගැටවර විය කොයිතරම් සුන්දරද? වයස විසි ගණන්වලට එළඹීම කොයිතරම් මිහිරිද? වයස තිස්‌ ගණන්වලට එළඹීම කොයිතරම් උදාරද? අවුරුදු හතළිහක්‌ වීම කොයිතරම් මනහරද? අවරුදු පනහක්‌ වීම කොයිතරම් වටිනවාද? හැටවිය පිරි ජීවිතයේ පරිපූර්ණත්වය කරා එළඹීම කොයිතරම් ආශ්චර්යක්‌ද? හැත්තෑ වියට එළඹෙන්නට හැකි වීම කොයිතරම් ප්‍රඥා සම්පන්නද? වයස අවුරුදු අසූවක්‌වීම කොයිතරම් සාමකාමීද ඇයි? ඉතින් අපට මෙහෙම කරන්න බැරි. මුහුණ දෙන්නට සිදුවෙන දේ සතුටින් විඳ දරා ගන්න පුළුවන් නම් කොයිතරම් මිහිරිද?


නමුත් අප මේ ශරීරයට ඇලී සිටීම නිසා අපට මෙහෙම කරන්න බැරි වෙනවා. වියපත් වීම අපට වේදනාව ගෙන දෙනවා. පුද්ගලයන්ට තරුණ පෙනුමෙන් යුතු වම ජීවත් වෙන්න ඇත්නම් හොඳයි කියා සිතනවා. ශරීරයට වියපත් වෙන්නට ඉඩ හැර එය සමඟ සතුටින් ïවත් වෙනවා වෙනුවට එයට එරෙහිව යුද වැද දුක්‌ වේදනා විඳිනවා දුක්‌ කරදර ඇති කර ගන්නවා.

ඇත්තටම වයසට යැම කොයිතරම් වාසි සහගතද? වයසට ගිහින් ගෙදරට වෙලා ඉන්නකොට සඳුදා උදෙන්ම නැගිට වැඩට යාමේ කරදරය නැහැ. ඒ වගේම වයසට ගියාම අනෙක්‌ අය ඔබට උදව් කරනවා. අපේ සමාජ ක්‍රමය තුළ වයසට ගිය අයට ගරු බුහුමන් වැඩියි.

අපි මේවාට ඇලෙන්නේ නැතිව සුහදායක විදිහට මේවා දිහා බැලුවාම හුඟක්‌ ප්‍රශ්න විසඳෙනවා.

අපට වෙනස්‌ කරන්න බැරි දේවල් සමඟ සටන් වදින්න එපා.

අපේ ශරීරයට වද වේදනා, ලෙඩ දුක්‌ ඇතිවෙන විටද අපේ සතුට නැති වී ගැටලු ඇතිවෙනවා. ඒත් බෞද්ධයන් විදිහට අපි වදවේදනා, ලෙඩ දුක්‌ විඳ දරා ගනිමින් ජීවත් වෙන්නට හුරු වෙනවා. අපට වෙනස්‌ කරන්න බැරි දේවල් සමඟ සටන් වදින්නේ ඇයි? අපට වෙනස්‌ කරන්න බැරි දේවල් සමග සටන් වදිනවා වෙනුවට ඒවායෙන් ඉගෙන ගන්න. ඉගෙන ගෙන වර්ධනය වෙන්න.

අජාන් බ්‍රහ්මවංසෝ නාහිමි


2017 මැයි මස 10 වැනිදා බදාදා   දින   බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment