කේසර සිංහ රජුගෙන් යම් සතෙකුට කිසිම ගැලවීමක් නැතිවා සේ භාග්‍යවතුන් වහන්සේ සමඟ යම් පුද්ගලයෙක් වාද කළොත් ඒ පුද්ගලයා නිරුත්තර වන බව අපි පසුගිය ලිපියෙන් සඳහන් කළෙමු. අද පළවෙන්නේ මෙම ලිපි මාලාවේ අවසාන ලිපියයි.
සිංහ සූත්‍රයේ තවත් කාරණාවක් ලෙස සිංහයා රත්තරං ගුහාවේ සිටින කාලය භාග්‍යවතුන් වහන්සේ උප්පත්තියේ සිට අවුරුදු විසිනවයක් ගතවන තුරා අප්‍රමාණ වූ සැප සම්පත් ඇති මාළිගා තුනක අවුරුදු විසිනවයක් ගෙවාපු කාලයට සම කළා. මෙය භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්තියට සම වැදී, ඵල සමාපත්තියෙන් ගත කරන කාලය සිංහ රජු ගුහාවේ ගත කරන කාලයට සමාන වෙයි.
මේ සුත්‍ර දේශනාවේ නැවත සඳහන් කරනවා සිංහයා ඇඟ මැළි කඩා ගුහාවේ දොර සමීපයට පැමිණ පාද දෙක ඉදිරියට දිගුකර කෑගසා පිටුපස ප්‍රදේශය පිටුපසට ඇද ඇඟ මැළි කඩා කෙලින් සිටිනවා. මෙය භාග්‍යවතුන් වහන්සේ ධර්ම සභාවට වැඩම කිරීම අඳුරේ ගිනි වළල්ලකට සමාන කරයි. මේ සිංහයා ඇඟ මැළි කඩා නිකරුණේ සිටින්නේ නැහැ. පිට සොලවා දූවිලි ඉවත් කරනවා. මෙසේ පිට සොලවන්නේ සිංහයාගේ ස්වරූපය නිසයි. නැත්නම් මේ සිංහයා වෙසෙන රත්‍රං ගුහාවේ දූවිලි නැතිව ඇති. භාග්‍යවතුන් වහන්සේ ධර්ම සභාවට වැඩම කිරීම සිංහයා පිට ගසා දැමීමට උපමා කර තිබෙයි. තවත් මොහොතක මෙය අඳුරේ ගිනි වළල්ලක් සේ සමාන කර තිබෙයි. මේ සිංහයා පිට ගසා වටේට දුවනවා. නමුත්, මේ සිංහයා දුවන දසුන තවත් කෙනෙකුට පෙනෙන්නේ නැහැ. කේසර සිංහයා සුදුයි යනුවෙන් සඳහන් කරනවා. පිට මැද ඇත්තේ රතුපාට ඉරි තුනක්.
එය පිටුපස පාද දෙකෙන් කෙළවර වෙනවා. තව ඉරක් වලිගයෙන් කෙළවර වෙනවා. ලේනුන්ගේ පිට මැද ඉරි තුනක් තිබෙනවා සේ සුදු පාට සිංහයාගේ පිට මැද්ද ලාක්ෂා වර්ණයි යනුවෙන් සඳහන් වෙයි. ඉතාම රතුපාට ඉරි තුනක් තිබෙනවා. සිංහයා වටේට දුවද්දී රතුපාට ඉරි තුන පෙනෙන්නේ අඳුරේ කැරකෙන ගිනි වළල්ලක් වගෙයි. උදාහරණයක් දැක්වුවොත් අප ගිනි කඩ පෙල්ලක් අරගෙන කරකැව්වොත් අතේ තිබෙන්නේ එක කඩ පෙල්ලයි. කරකවන විට අපට පේනවා ගිනි වළල්ලක් කරකැවෙනවා වගෙයි. සිංහයා දුවද්දී අපට පෙනෙන්නේ එහෙමයි. අඳුරේ සිටින්නන්ට පෙනෙන්නේ මේ දසුන ගිනි වළල්ලක් වගෙයි. එහෙමනම්, එය භාග්‍යවතුන් වහන්සේ ධර්ම සභාවට වැඩම කිරීමට සමානයි. මෙය සිංහයා පිට ගසා දැමීමට සමාන බව සඳහන් කරනවා. ලෝකය අවිද්‍යාවේ වෙලී පවතිනවා. අවිද්‍යා අන්ධකාරය ආලෝකවත් කර බුදුරජාණන් වහන්සේ පායපු රත්‍රං සූර්ය රාජයා වගේ ලොවට පහළ වුණේ අවිදු අඳුර නැති කරන්නයි.
ඊළඟට සඳහන් කරනවා සිංහ නාදයට සමානයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව. සිංහයා ගොදුර සොයා යොදුන් තුනක් යටත් කරනවා සමානයි, තීර්ථකයන්ගේ වාද බිඳින්න බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම. ඊළඟට සඳහන් කරනවා හිමාලය ආශ්‍රය කරගෙන පවතින ස්වර්ණ ගුහාවෙන් නික්මීම. හිමාලය ආශ්‍රිතවයි මේ රත්‍රං ගුහාව තිබෙන්නේ. මේ රත්‍රං ගුහාවෙන් සිංහයා නික්මීම සමාන කළේ ඵල සමාපත්තියෙන් නැඟී සිටීමටයි. එය ගුහාවේ වාසය කරන කාලයට සමාන බව සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ තමන් ඇසුරු කරගෙන වාසය කරන නිවහන ඇසුරු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වාසය කරනවා. සිංහයා ගුහාවේ වාසය කරන කාලයට සමානයි භාග්‍යවතුන් වහන්සේ මුලු ජීවිත කාලයම ගෙවන්නේ නිර්වාණය ඇසුරු කරගෙනමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සෑම දහම් පදයක්ම දේශනා කළේ නිවන වෙනුවෙන්මයි. එහෙමනම් , නිවන ඇසුරු කරගෙන වාසය කළා. සිංහ රජු වාසයට රන් ගුහාව තෝරයිද, භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්තියට නිවන අරමුණු කළැ’යි සඳහන් කළා. සිංහයා වාසයට තෝරා ගන්නේම රත්‍රං ගුහාවක්, නැත්නම් මැණික් ගුහාවක්, නැත්නම් පළිඟු ගුහාවක්, එහෙම නැත්නම් මනෝ ශිල ගුහාවක්. එහෙමනම් මෙයට සමාන කරනවා භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරන්නේ ඵල සමාපත්තියයි. අරමුණු කළේ වෙන කිසිම දෙයක් නොවෙයි. ලෝකෝත්තර වූ, අමර වූ, අජර වූ නිර්වාණය භාග්‍යවතුන් වහන්සේ අරමුණු කළා.
ඊළඟට සිහිපත් කරනවා සිංහයා ඇඟ මැළි කැඩීමට සමානයි. භාග්‍යවතුන් වහන්සේ සමාපත්ති අංග (ඵල සමාපත්තියට අවශ්‍ය) නුවණින් පරීක්ෂා කිරීම. සිංහයා සතර දිසාව ඉතාම අනුකම්පාවෙන් බලනවා. සිංහයා සතර දිසාවම අනුකම්පාවෙන් බැලුවට සිංහයෙක් නිසා එක සතෙක් තැති ගන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ නිසා මේ ලෝකයේ කිසිම සත්ත්වයෙක් තැති ගන්නේ නැහැ. සියලුම සත්ත්වයන් භාග්‍යවතුන් වහන්සේ නිසාම නිවුණා. සැනසුණා. සංසාර බය නැති කරගත්තා. ආශ්‍රවයෝ නිදහස් වුණා. නිර්වාණය නමැති අමා ක්ෂේම භූමියට සියලුම සත්ත්වයන් යොමු කිරීම භාග්‍යවතුන් වහන්සේගේ ඒකායන අරමුණ වූ නිසා සිංහයා සතර දිශාව බලනවා සේ භාග්‍යවතුන් වහන්සේ මුලු ලෝකය කෙරෙහිම මහා අනුකම්පාවෙන් මහා කරුණා සමාපත්තියට සම වැදී පරි සමාපත්තියෙන් අවදිවී ලෝක ධාතුව දිහා බලනවා.
මෙසේ සීහ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ හැම පැත්තෙන්ම උපමා කර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ සිංහයෙක් යනුවෙන් එහිදී පැහැදිලි කරනවා. සීහ සූත්‍රයේදී තමන් වහන්සේ කේසර සිංහයෙකුටත්, මජ්ක්‍ධිම නිකායේ තමන් වහන්සේ රජෙකුටත් උපමා කර දේශනා කරනවා.
අප නැවත සිහිපත් කළොත් භාග්‍යවතුන් වහන්සේගේ අසීමාන්තික ගුණ කදම්බය ලෝක ධාතුවට කියා පාන ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාවක් වන්නේ අංගුත්තර නිකායේ සඳහන් වෙන සීහ සූත්‍රයයි.
එසේනම්, මේ සීහ සූත්‍රය සියලුම පින්වතුන්ට තව තවත් ධර්මයත් සමඟ ගලපා කරුණු කාරණා එකතුවෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාව දියුණු කර සම්මා සම්බුද්ධ කවුරුන්දැ’යි අවබෝධ කර ගැනීම තමන්ගේ ජීවිතවලට පහසුවක්. තම ශක්තිය උදාපත්කර ගන්න මෙම ලිපි මාලාව සියලු දෙනාටම මහත් වූ පිටිවහලක් , ආශිර්වාදයක් වේවා’යි පතමු.
නෙළුම්ගල පුරාණ විහාරයේ
කෝරළයාගම සරණතිස්ස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 19 වන බදාදා වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment