එක කලෙක මිනිසුන් කණ්ඩායමක් වෙළෙදාම සඳහා නැව් නැග පිටත්ව ගියහ. නොසිතූ අවස්ථාවක කුණාටුවකට හසුවී නැව ගිලෙන්නට විය.ඉන් එක් තරුණයකු දුෂ්කරතා මැද ගොඩ බිමකට ළගාවිය. තමා සතු සියලු ධනය අහිමි විය. කුසට ආහාරයක් නැත. ගතට වස්ත්‍රයක්ද නැත. මෙම තරුණයා කෙසේ හෝ ජීවිතය ආරම්භ කළ යුතු යැයි කල්පනා කළේය.
ගස්වල පොතු පට්ටා උපයෝගී කොට කෝටු කැබලි වලින් ඇඳුමක් සකස් කර ගත්තේය. ටික දුරක් එන විට මෙම තරුණයාට මැටි භාජනයක් ලැබුණේය. එය සුරතට ගෙන ටික දුරක් ගමන් කරන විට මිනිස් ජනාවාසයක් දක්නට ලැබුණි. මේ අපූරු තැනැත්තා විටෙක දෙවියකු යැයි ඒ ගම්වැසි සමහරු ඇදහූහ. ඇතැම්හු තාපසයකු යැයි ද රහතන් වහන්සේ නමක් යැයි ද විශ්වාස කළහ. ලීවලින් සකස් කර ගන්නා ලද වස්ත්‍රයක් නිසා ඔහු දාරුචිරිය නමින් ප්‍රසිද්ධියට පත් විය. කලක් ගත විය. මිනිසුන්ගේ ගෞරවය වැඩි විය. නමුත් සත්‍ය එය නොවේ. මේ බව වටහා ගත් , මීට පෙර, ආත්ම භවයක යහළුවෙක් එක් රුකක දෙවියෙක් වී වාසය කළේය. ඒ දේවතාවා දාරුචිරියගෙන් මෙසේ ප්‍රශ්න කළේය.
ඔබ කවුද?
මා දාරුචිරීයයි
ඔබ රහතන් වහන්සේ නමක් යැයි ජනතාව පිළිගන්නේය.
ඔව් මම රහතන් වහන්සේ නමක්
දාරුචිරිය ඔබ කරන්නේ බොරුවක්. අද රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. එසේම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එන්න මා සමඟ උන්වහන්සේ මුණගස්වන්න.
බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන්වහන්සේලා පිරිවරාගෙන පිණ්ඩපාතය වඩින මාර්ගයට දාරුචීරිය කැඳවාගෙන ගියේය. බුදුරජාණන් වහන්සේ ඉදිරිපසට ගිය දාරුචිරිය, “ස්වාමීනි මට බණ පදයක් දේශනා කරන ලෙස ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ කිසිවක් නොකියා ඉදිරියටම වැඩම කළහ. දෙවන වරද එලෙස කළේය. තෙවන වර දාරුචිරියගේ ඉල්ලීමට නතර වූහ.
“දිට්ඨෙ දිට්ඨ මන්තං භවිස්සති
සුතේ සුථ මන්තං භවිස්සති
මුතෙ මුථ මන්තං භවිස්සති
විඤ්ඤානෙ විඤ්ඤාන මන්තං භවිස්සති.”
දාරුචීරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම සිව්පදයයි දාරුචීරිය නතර විය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කළහ. කුළු හරකෙක් එතැනට පැමිණ දාරුචීරියට ඇන ඔහු බිම දැම්මේය. සිද්ධිය ඇසින් දුටු ජනයා බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කළහ. දාරුචීරියට ධර්මය දේශනා කළා නම් මෙවැනි විපතක් සිදු නොවේයැයි කීහ. සවස් භාගයේදී මෙම පැනය ධර්ම සභාවට ඉදිරිපත් විය.
මහණෙනි ඔබ හිතන්නේ දාරුචිරියට කුමක් වූ බවද? කුළු හරකා ඇනීම නිසා මිය ගිය බවයි. දාරුචිය මිය ගියේ නැත. රහත් බෝධියෙන් නිවන්ඵලයට පත් වූ බව දේශනා කළ සේක. මහණෙනි, ධර්මය අවබෝධ කරගැනීමට ප්‍රඥාවන්තයන්ට වැඩි කාලයක් ගත නොවේ.
යහපත් දැකීම එනම් “දිට්ඨෙ’ දිට්ඨ මන්තං භවිස්සති” යහපත් ඇසීම, “සුතෙ සුත මන්තං භවිස්සති” යහපත් ස්පර්ශය, “මුතේ මුත මන්තං භවිස්සති” යහපත් සිහිකල්පනාව යහපත් සිහිකල්පනාව “විඤ්ඤානේ විඤ්ඤාන මන්තං භවිස්සති” මෙලෙස වටහා ගැනීම තුළින් දාරුචිරිය රහත් ඵලයට පත් වූ බව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි භික්ෂූන් වහන්සේට සහ උපාසක උපාසිකාවන්ට දේශනා කර වදාළ සේක.
සංසාරයේ පින් දහම්වල නිරත වී සැදැසිතින් කටයුතු කළ තැනැත්තාට ධර්මය අවබෝධකර ගැනීම එතරම් දුෂ්කර නැත. බුදුන් දවස මෙන්ම පසු කාලයේදී ද එවැනි ගිහි පැවිදි ආර්ය උතුමන් ගිය මග ගමන් කළ අය හමුවේ.
යහපත් දැකීම යනු පංච ඉන්ද්‍රියන් හා ගැටෙන රූප, ශබ්ද,ගන්ධ ,රස, ස්පර්ශ තමන්ට අනවශ්‍ය නම් අරමුණූ නිරන්තරයෙන් බැහැර කළ යුතුය. අපේ ලංකාවේ අනුරාධපුර යුගයේ මිහින්තලේ අටසැට ලෙනේ පිනිමල්ලව නමින් භික්ෂූන් වහන්සේ නමක් සිටියේය. උන්වහන්සේ සෑම දිනයකම අලුයම අවදිවී ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ වන්දනා කිරීමට යෑමේ පුරුද්දක් පැවතුණේය. පිළිකුල් භාවනාවට සම්බන්ධ අට්ඨසංඤා වඩමින් උන්වහන්සේ වැඩම කරති. ගෙදරක අඹුව සහ සැමියා අතර හිමිදිරියේදී ප්‍රශ්නයක් ඇති වී අඹුව තරහ වී නිවසින් පිටත් වී ප්‍රධාන මාර්ගයේ දිව ගියාය. පිනි මල්ලව හිමියන් ඇය දැක්කේ ඇටසැකිල්ලක් මාර්ගයේ යන ආකාරයෙනි.
ගෙදර හිමියා තම බිරිද සොයමින් මාර්ගයේ දිව ගියේය. පිනිමල්ලව තෙරුන් ඔහුට හමු විය.
ස්වාමීනි, ඔබ වහන්සේ කොහේ සිට වැඩම කරන්නේද? තරුණය, මා මිහින්තලේ අටසැට ලෙන සිට වඩින්නේ ය කාන්තාවක් මෙ මාර්ගයේ දුවනවා දැක්කාද?
තරුණය, කාන්තාවක් පිරිමියෙක් මම දැක්කේ නැහැ. ඇට සැකිල්ලක් නම් ඇවිද යනු දුටුවෙමි.”දෙවැනි කරුණ වන්නේ “සුතෙසුත මන්ථං භවිස්සති” බුදුන් දවස සිය සහස් ගණන් සිව්වනක් පිරිස නිවන් අවබෝධය ලබන්නට සමත් වී ඇත. එපමණක් නොව තිරිසන් සතුන් පවා බණට සවන් යොමු කිරීමට සමත් වූ අවස්ථා විමාන වස්තුවේ සඳහන් වේ. එය මණ්ඩුක දිව්‍යරාජයාගේ කතාවෙන් ප්‍රකට වේ. එක්තරා ගොපල්ලෙක් , බුදුන් වහන්සේ ධර්මදේශනා කරන අසලින් යන අවස්ථාවේ සවන් දීමට සැරසුණේය. ඔහු අතේ තිබුණ කෙවිට බුදු බණට සවන් යොමු කරමින් සිටි මැඩියකුගේ ශරීරයෙහි ඇනුණේය. මැඩියා එහි වේදනාවට මිය ගොස් දෙව්ලොව මණ්ඩුක දිව්‍යරාජයා වී උපන්නේය.
“මුතෙ මුථ මන්තං භවිස්සති”
බුදුන් දවස අදින්නපුබ්බක නම් මසුරු සිටුවරයෙක් විය. ඔහුට මට්ටකුණ්ඩලී නම් පුතෙක් විය. මෙම පුතාට පාණ්ඩු රෝගය හට ගත්තේය. මසුරු සිටුවරයා මුදල් විනාශයට පත්වේ යැයි කියා බෙහෙත් නොකළේය. අවසානයේ දරුවාගේ අසනීපය උත්සන්න විය. දරුවා මිය යන්නට ආසන්නයේදී නිවසින් එළියට දැම්මේය. මහා කරුණා සමාපත්තියට සමවැදුන බුදුරජාණන් වහන්සේ මට්ටකුණ්ඩලී දරුවාට පිහිට විය. මට්ටකුණ්ඩලී බුදුරජාණන් වහන්සේගේ නීල, පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ එනම් සවණක් ගණ බුද්ධ රෂ්මි මාලාව පමණක් ස්පර්ශ විය . තව්තිසාවේ මට්ඨකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වී උපන්නේය.
“විඤ්ඤානෙ විඤ්ඤාන මන්තං භවිස්සති”
මනස දියුණු කරගෙන ආර්ය මාර්ගයට යා හැකිය. පටාචාරාවට, කිසගෝතමියට, දහම් දේශනා කළේ නැත. මනස දියුණු කරගන්නට මාර්ය සැලැස්සුවාය. තම දරුවන් දෙපළ ස්වාමියා මව්පියන්, සහෝදරයාගේ වියෝවෙන් මනස විකෘති වූ පටාචාරාවට ධර්මය දේශනා කිරීමෙන් පලක් නොවන බව වටහා ගත්හ. ඇය මෙහෙණි ආරාමයට ගොස් පැවිදි විය. ටික කාලයක් ගිය විට තම අසපුවට සෑම දිනකම සැතපීමට යන විට අත්පා සෝදා ගැනීමේ පුරුද්දක් විය. පා සෝදන විලට යන විලාශය නිරීක්ෂණය විය. එක දිනක් ජලය ගමන් කරනවාට වඩා දිනෙන් දින ගලායන දුර ප්‍රමාණය වැඩිවෙන්නට විය. පටාචාරාවට මෙසේ අවබෝධ වුණි. කෙටිගමන් කළේ තම පුතාගේ ආයුෂ සේ ය.ඊට වඩා දෙවැනි දින ජලය ගමන් කළේ වැඩි මහලු දරුවාගේ ආයුෂ සේ ය. ස්වාමියා, සහෝදරයා, අම්මා, තාත්තාගේ ආයුෂත් ඒවගේ නේද? ආර්ය මාර්ගයට යොමුවන්නට මනස සකස්විය.
ඉහත ධර්ම කරුණු අනුව ආර්ය උතුමන් ගිය මාර්ගයේ අප ද ගමන් කරන්නේ නම් ඉතා පහසුවෙන් කෙලෙස් ප්‍රහීණ කොට ආර්ය තත්ත්වයට ළඟා විය හැකිය.
සුතේ සුථ මන්තං භවිස්සති
මුතෙ මුථ මන්තං භවිස්සති
විඤ්ඤානෙ විඤ්ඤාන මන්තං භවිස්සති.”
ගලේවෙල කොස්ගහහින්න
ශ්‍රී සාම විහාරවාසී
පලාගල මීවැව ශ්‍රී මේඝවර්ණාභය
මහ පිරිවෙන් ආචාර්ය
මාවතවැවේ ජනානන්ද හිමි
ශ්‍රී සාම විහාරවාසී
පලාගල මීවැව ශ්‍රී මේඝවර්ණාභය
මහ පිරිවෙන් ආචාර්ය
මාවතවැවේ ජනානන්ද හිමි
No comments:
Post a Comment