සූත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ඛුද්දක පාඨ තුළ (පි.අං.20) සහ සුත්ත නිපාතයෙ හි, උරග වග්ගයේ (පි.අං.46) හි සංග්‍රහ වන මෙත්ත සූත්‍රය හෙවත් පිරිත් පොතේ සඳහන් වන පරිදි කරණීය මෙත්ත සූත්‍රය ආරක්‌ෂක පිරිතක් වශයෙන් බොහෝ දෙනෙක් භාවිතා කරති. මෙම සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් ම භික්‌ෂුන් වහන්සේලා පන්සීය නමක් අරභයා කමටහනක් වශයෙන් ද, ආරක්‌ෂක පිරිතක් වශයෙන් ද, දේශනා කරන ලදි.
මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Sunday, July 23, 2017
ජීවිතයේ හැම වයසක්‌ම කොයිතරම් අගනේද?
ජීවිතයේ හැම වයසක් ම ඔබට සතුටින් විඳ දරා ගන්න පුළුවන්. ජීවිතයේ අප ගතකරන හැම අවුරුද්දක්‌ම සතුටෙන් විඳ දරා ගන්න පුළුවන්. වයස අවරුදු හයක හතක ළමා විය කොයිතරම් මහිමයක්‌ද ගැටවර විය කොයිතරම් සුන්දරද? වයස විසි ගණන්වලට එළඹීම කොයිතරම් මිහිරිද? වයස තිස් ගණන්වලට එළඹීම කොයිතරම් උදාරද? අවුරුදු හතළිහක් වීම කොයිතරම් මනහරද? අවරුදු පනහක් වීම කොයිතරම් වටිනවාද? හැටවිය පිරි ජීවිතයේ පරිපූර්ණත්වය කරා එළඹීම කොයිතරම් ආශ්චර්යක්‌ද? හැත්තෑ වියට එළඹෙන්නට හැකි වීම කොයිතරම් ප්‍රඥා සම්පන්නද? වයස අවුරුදු අසූවක්‌වීම කොයිතරම් සාමකාමීද ඇයි? ඉතින් අපට මෙහෙම කරන්න බැරි. මුහුණ දෙන්නට සිදුවෙන දේ සතුටින් විඳ දරා ගන්න පුළුවන් නම් කොයිතරම් මිහිරිද?
ආමිෂයෙන් භවය ප්‍රතිපත්තියෙන් නිවන
හැම මොහොතකම ගෙවී යන්නේ ඔබගේ මනුෂ්‍යාත්ම භාවයේ ජීවන කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ කවදා කෙසේ නම් පහළ වේ යයි සිතාගත නොහැකි උතුම් බුද්ධොත්පාද කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ඇති ඔබගේ මානසික ශක්‌තියයි. ඔබට ඔබේ පිළිසරණවත් නැතිවන මොහොත ඉතා ළඟය.
උතුම් මනුෂ්‍යාත්ම භාවය ජීවමානයි. උතුම්
ශ්‍රී සද්ධර්මය ජීවමානයි. උතුම් ක්‍ෂණ සම්පත්තිය ජීවමානයි. ගෞතම බුද්ධ ශාසනය ජීවමානයි. මහා කුසල සම්භාරයක් පුරා පාරමිතා පුරා උපත ලැබූ ඔබට ආර්ය භූමියේ ස්‌ථාවර වී සෝවාන් ආදී මාර්ගඵල ආනන්තර්ය කුසල් සිත් වඩා නිවන් දැකීමේ හැකියාව ඇත. ඒ සඳහා අද අදම, දැන් දැන්ම ධර්මය තුළට පැමිණ රැකවරණය ලබාගත යුතුය. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයේ රැකවරණය ලැබෙනු ඇත.
උතුම් මනුෂ්‍යාත්ම භාවය ජීවමානයි. උතුම්
ශ්‍රී සද්ධර්මය ජීවමානයි. උතුම් ක්‍ෂණ සම්පත්තිය ජීවමානයි. ගෞතම බුද්ධ ශාසනය ජීවමානයි. මහා කුසල සම්භාරයක් පුරා පාරමිතා පුරා උපත ලැබූ ඔබට ආර්ය භූමියේ ස්‌ථාවර වී සෝවාන් ආදී මාර්ගඵල ආනන්තර්ය කුසල් සිත් වඩා නිවන් දැකීමේ හැකියාව ඇත. ඒ සඳහා අද අදම, දැන් දැන්ම ධර්මය තුළට පැමිණ රැකවරණය ලබාගත යුතුය. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයේ රැකවරණය ලැබෙනු ඇත.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රි දේහය ආදාහනය කළාද?
ඔක්‌කා රාජවංශයෙන් පැවත එන ශාක්‍ය වංශික සුද්ධෝදන මහ රජතුමාගේ එකම පුත් සිද්ධාර්ථ කුමාරයන් බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පිහිට වූ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන යන අගසව් දෙනම වහන්සේලා හැරුනාම ඊළඟ ප්‍රධානියා වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේය. ධුතාංග භික්‌ෂුන් අතර අගතැන්පත් වූ උන්වහන්සේ වයස අවුරුදු 120ක් ආයු වළදා පිරිනිවන් පා ඇති බව වංස කථාවල සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේට කර්මය විපාක දුන් අවස්‌ථා
සකල ක්‌ලේශයන් දුරු කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ බුදුරජාණන් වහන්සේටද ස්‌වකීය කර්ම වේගය වෙනස් කළ නොහැකි විය. මැඬලිය නොහැකිද විය. කර්මයේ ඇති බලවත්කම මැනවින් අවබෝධ කරගත් බුදුන් වහන්සේ "කම්ම විපාකො භික්‌ඛවේ අචින්තෙයෙ" යනුවෙන් කර්ම විපාකය සිතා කෙළවරක් දැකිය නොහැකි යයිද වදාළ සේක. කර්මයේ සියුම් බව, ගැඹුරු බව හා එය නොවැළැක්‌විය හැකි බව අවබෝධ කර ගැනීමට මේ බුද්ධ වචනය හොඳටම ප්‍රමාණවත් වේ.
එදා අනෝතත්තවිල් තෙර වැඩසිටි බුදුරදුන් වහන්සේ භික්‍ෂුන් අමතා, අතීත භවයන්හි තමන් වහන්සේ විසින් කරන ලද අකුසල කර්ම හා ඊට ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ අත්බැව්හි බුදු බවට පත්වීමෙන් පසුද විඳින්නට සිදුවූ දුක්‌ඛ විපාකයන් පිළිබඳ විස්‌තරයක් ද කළ සේක.
එදා අනෝතත්තවිල් තෙර වැඩසිටි බුදුරදුන් වහන්සේ භික්‍ෂුන් අමතා, අතීත භවයන්හි තමන් වහන්සේ විසින් කරන ලද අකුසල කර්ම හා ඊට ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ අත්බැව්හි බුදු බවට පත්වීමෙන් පසුද විඳින්නට සිදුවූ දුක්‌ඛ විපාකයන් පිළිබඳ විස්‌තරයක් ද කළ සේක.
අපි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම උතුම් සදහම් පරියාය දේශනා කරන ලද්දේය. " මහණෙනි යම් භික්‌ෂුවක් මාගේ සඟළ සිවුරු කොණ අල්ලා ගෙන මාගේ පියවරෙහි පියවර තබමින් පසුපසින් ගමන් කරන්නේ වේද? එනමුත් හෙතෙම අධික ලෝභී වූයේ පඤ්චකාම සම්පත්තියෙහි තියුණු ඇලුම් ඇත්තේද, විපරීත සිත් ඇත්තේද, දූෂිත චිත්ත සංකල්පනා ඇත්තේද මුළා වූ සිහි ඇත්තේද සම්‍යක් ප්‍රඥ නැත්තේද, එකඟ වූ සිත් නැත්තේද විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, ඉන්ද්‍රිය සංවර නැත්තේ, එසේ ඇති කල්හි ඒ භික්‌ෂුව භාග්‍යවතුන් වහන්සේට දුරෙහි වේ. භාග්‍යවතුන් වහන්සේද ඒ භික්‌ෂුවට දුරෙහි වෙයි. එමෙන්ම ඒ භික්‌ෂුව නව ලොවුතුරා දහම නොදකී. ධර්මය නොදක්‌නේ භාග්‍යවතුන් වහන්සේ නොදක්‌නේය."
ධර්මයෙන් සතුට සෙවීම
මිනිසා සතුටට කැමතියි. සතුට සොයයි. මිනිසා සතු අභියෝගය වන්නේ සතුට දීර්ඝකාලීනව හෝ නිතර පවත්වාගනීමයි. සතුට ඇතිකරගැනීමටත්, පවත්වාගැනීමටත් මිනිසා නොනවතින අරගලයක නිරතවෙයි. සතුට එක අංශයකින් පමණක් ඇති නොවන්නකි. එය බොහෝ අංග මත පදනම් වන්නකි.
පවුල් ජීවිතයේදී ස්‌වාමිපුරුෂයා, බිරිද, දූදරුවන්, දෙමාපිය, සහෝදර ආදී සම්බන්ධතා මගින් තෘප්තිය ඇති වේ.
පවුල් ජීවිතයේදී ස්‌වාමිපුරුෂයා, බිරිද, දූදරුවන්, දෙමාපිය, සහෝදර ආදී සම්බන්ධතා මගින් තෘප්තිය ඇති වේ.
බෞද්ධ ප්‍රතිපදාගත සීල ශික්‍ෂණයෙහි සුවිශේෂතාව
පුරුද්ද, චරිතය, හැසිරීම, යනාදී අර්ථ මෙන්ම ස්‌වභාවය, ශික්‍ෂණය කායික හා වාචසික සංවරය යනාදි අර්ථයන්ද සීලයට ඉදිරිපත් වී ඇති ආකාරය කෝෂ ග්‍රන්ථ පිරික්‌සීමේදි විද්‍යාමාන වේ. ඒ අනුව සීලය යනු, හැදිච්චකම, සංවර බව, හික්‌මුණු ස්‌වභාවය, තැන්පත්කම, කායික හා වාචසික සංවරය (කාය වාචානං සමොධානං සීලං) සීලය ලෙස හඳුන්වනු ලැබේ. පුද්ගල චර්යාවන් ප්‍රකාශයට පත්වනුයේ කය හා වචනය පදනම් කරගෙනය.
Monday, July 17, 2017
ඇලෙන ගැටෙන අරමුණුවලට කුමක් කළ යුතුද?
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයේ වැඩ සිටින අවස්ථාවේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ දේශනා කරනවා. මහණෙනි, හිමාල වනාන්තරයේ කුඩා වනාන්තර වර්ග තුනක් තිබෙනවා. ඉන් එකක වඳුරන්ට ඉන්න බැහැ. මිනිසුන්ටත් ඉන්න බැහැ. අනික් වනාන්තරයේ වඳුරන්ට ඉන්න පුළුවන් මිනිසුන්ට ඉන්න බෑ. ඊ ළඟ වනාන්තරයේ වඳුරන්ටත් ඉන්න පුළුවන්, මිනිසුන්ටත් ඉන්න පුළුවන්.
ඉහත සඳහන් කරන්නට යෙදුණු තුන්වන කැලයේ වැද්දන් හා දඩයක්කාරයන් ජීවත් වෙනවා. මේ අය මේ කැලේ ඉන්න වඳුරෝ දඩයම් කරලයි ජීවත් වෙන්නේ. ඒක නිසා මේ වැද්දෝ වඳුරන් අල්ලන්නට අමුතු උපක්‍රමයක් භාවිත කරනවා. කැලේ තිබෙන ලාටු සහිත ගස් වලින් ලාටු අරගෙන එකට එකතු කර වඳුරන් දුවන පනින තැන්වල අලවා තිබෙනවා. මේ හිමාල වනාන්තරයේ වඳුරන් වර්ග දෙකක් ඉන්නවා. අබාලා අලෝලා ඉන් එක් වර්ගයක්. අබාලා කියන්නේ මෝඩ නෑ කියන අර්ථයයි. අලෝලා කියන්නේ ආසාව තෘෂ්ණාව දකින දකින දෙය ඇල්ලීමට ආසාව නොමැති යන තේරුමයි. දෙවන වඳුරු වර්ගය බාලා, ලෝලා මේ අය හරිම මෝඩයි. අධික තෘෂ්ණාවෙන් යුක්තයි. දකින දකින දෙය අල්ලන්නට කුතුහලය ඇති වන වඳුරන් වර්ගයක්.
දැන් අර පළමු වඳුරෝ ජාතිය වැද්දන් දාලා තියෙන ලාටු ළඟට එනවා. මේ දිළිසෙන, බැබළෙන, අල්ලන්න ආසා හිතෙන, කුතුහලය ඇතිවන ලාටු ගොඩ අල්ලන්නට සිතනවා. ඒත් ඒ වඳුරෝ මෝඩ නෑ. දකින දකින දෙය අල්ලන්න යන්නේ නෑ. ආසාවක් ඇති වුවත් බුද්ධියට ඉඩ දීලා මග හැර යනවා. එහෙම යන වඳුරෝ අර දඩයක්කාරයාගේ ගොදුරු බවට පත් වන්නේ නෑ.
දෙවන වඳුරෝ වර්ගය දකින දකින දේ අල්ලන්න හිතන අය. ලාටු ගොඩ ළඟට ඇවිත් බලනවා.
පරමාදර්ශය
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අග්‍රෝපස්ථායක ආනන්ද තෙරුන් අරභයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. අග්‍රෝපස්ථායක ආනන්ද හාමුදුරුවෝ කොසොල් රජුගේ අන්තඞපුර කාන්තාවන්ට ධර්ම දේශනා කරන සමයෙහි රජතුමා විසින් තමන්වෙත ලද අගනා වස්ත්‍ර යුගල දහසකින් පන්සියයක් ගෙන අන්තඞපුර කාන්තාවන් අතර බෙදා දෙන ලදි.
අන්තඞපුර වැසි කාන්තාවෝ තමන් ලද සළු පන්සියය පරිහරණය නොකොට තබාගෙන ආනන්ද තෙරුන් ධර්මය දේශනා කළ කල්හී උන්වහන්සේට පරිස්කාර වශයෙන් පූජා කළහ. පසු දින දුර්වල වස්ත්‍ර සහිතව පැමිණි අන්තඞපුර කතුන් දුටු කොසොල් රජු තමා විසින් දුන් වස්ත්‍ර යුග්මයට කුමක් කළේදැයි විමසීය. එයටපිළිවදන් දුන් කාන්තාවෝ ඒ සියල්ල ආනන්ද තෙරුන් වෙත පිරිකර වශයෙන් පූජා කළේ යැයි දන්වා සිටියහ. බුදුරදුන් විසින් තුන් සිවුරක් පමණක් අනුදැන වදාරා තිබියදීත් මේ සා විශාල සළු ගොඩක් පිළිගත්තේ වෙළෙඳාම් පිණිස දැයි කෝපයට පත්ව ආනන්ද හිමියන් සොයා දෙව්රම් වෙහෙරට ගියේය. එහි ගොස් ආනන්ද හිමියන්ගෙන් සිවුරු පරිහරණය පිළිබඳ කරුණු විමසා සිටියේය.
ඇලීම බැඳීම ගැටීමට මුලය
පෙර ගිජුලිහිණියෙක් කැට කුරුල්ලෙකු අල්ලා ගත්තේය. බියගත් කැටකුරුල්ලා මෙසේ කියමින් හැඬීය. “අගෝචර වූ අන්සතු විෂයෙහි හැසුරුණු නිසා මා මේ විපතට පත්විය. සිය පිය සතු විෂයෙහි හැසුරුනේ නම් ගිජුලිහිණියාට මා අල්ලාගත හැකි නොවන්නේය” මේ ඇසූ ගිජුලිහිණියා මෙසේ ඇසුවේය. “කැටකුරුල්ල, නුඹ කුමක් කියන්නේ ද? නුඹේ ගොදුරු වූ සිය පිය සතු විෂය නම් කුමක් ද?” නගුලෙන් සීසාන ලද කුඹුරෙහි කැට නැඟුණු තැනය. කැටකුරුල්ලා කීවේය. එවේලෙහි ‘නුඹ එවැනි තැනකට ගියේ ද මාගෙන් නම් නොමිදෙන්නේ යැයි බලයෙන් මානයට පත්ව සිටි ගිජුලිහිණියා පැවසුවේය. එසේ එසැණින් කැටකුරුල්ලා මුදාහැරියේය. කැට කුරුල්ලා ද නඟුලෙන් සාන ලද කැට නැඟී තැනකට ගොස් ලොකු කැටයකට නැඟ ගත්තේය. ‘ගිජුලිහිණිය, දැන් එන්න’ යි කීවේය. ගිජුලිහිණියා වේගයෙන් කැටකුරුල්ලා වෙත පියඹා ආවේය. ඒ මොහොතෙහි ම කැට කුරුල්ලා ඒ කැටෙහි ම ඇතුළතට රිංගා සැඟව ගියේය. වේගයෙන් පියඹා පැමිණි ගිජුලිහිණියා එහිම ළය හැපී වැටුණේය.
මිතුරුකම දුරුවී සතුරු වන්නේ ඇයි
මට වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ අපමණයි යනුවෙන් පමණක් නොසිතා තමන්ට පරලොවක් තියෙනවා, සංසාර ගමනක් තියෙනවා , අපායෙන් අත්මිදී , සුගතියක වාසය කළ යුතුයි, නිවන් දකින්න ඕනෑ යනුවෙන් සිතා මෙත් වැඩීම ප්‍රගුණ කරන්න. ලක්ෂ , කෝටි වාරයක් මෙත් සිත පතුරුවද්දී තමන්ට ලැබෙන දියුණුව කියා නිම කරන්න බැහැ."
සසරේ එක්තරා ආත්ම භාවයක මහ බෝසතාණන් වහන්සේ, දැන උගත්, කතාවට චතුර, දක්ෂ කුමාරයෙක් වුණා. එකල මේ කුමාරයාගේ පියාණන් වුණේ සතුරු දේවදත්තයි.
මේ පියාණන් බෝසත් කුමාරයාට අපමණ වෛර කළා.
මිනිසත්කම ඔපවත් කරගනිමු
යටගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කල්හි එක්තරා බමුණෙක් තමාගේ ගොනුන් සොයමින් වනයට ගියේ ය. අතරමං වී සතියක් පමණ කුසගින්නෙන් ඇවිදින අතර ගසකට නැග ගඩා ගෙඩි කන අතරේදී ගසින් වැටී අසල ඇති ගැඹුරු වළකට වැටුණේ ය.
එයින් ගොඩවන්නට නොහැකිව දවස් හයක් පමණ දුක් විඳිමින් ඉන්න අතරේ දී අපගේ බෝධිසත්වයන් වහන්සේ වඳුරු කුලයක ඉපිද වනයෙහි ඇවිදන අතරේදී එම මිනිසා දැක මහත් කරුණාවෙන් ඔහුව ගොඩ ගත්හ.
මිනිසා ගැන විශ්වාසයෙන් වෙහෙස නිවා ගැනීමට මිනිසාගේ උකුල මත හිස තබාගෙන වඳුරා නිඳා ගත්තේ ය. පසුව අර දුෂ්ඨ මිනිසා වඳුරා මරා මස් කෑ යුතුයැයි සිතා ගලක් ගෙන වඳුරා මතට දමා ගැසීය. එයින් වඳුරාට මඳක් තුවාල විය. එම වඳුරාගේ තිබුණ කරුණාව හේතුවෙන් කැලයේ අතරමං වී සිටින මෙම දුෂ්ඨ මිනිසා තුළ දුර්ගුණ තිබුණත් මොහුට පිහිට නොවී සිටීම මා වැන්නෙකුට සුදුසු නොවන්නේයැයි සිතා ඔහුව මිනිස් වාසයකට ඇරලුවේ ය.
අර්ථවත් තාරුණ්‍යයකට බුදු දහම
වර්තමානයෙහි තරුණ පිරිස් ආගමට යොමු වීම අඩු බවට ඇතැම් පිරිස් තර්ක කරති. ඊට එකඟ විය නොහැකිය.බොහෝ විහාරස්ථානයන්හි කෙරෙන ආගමික සහ සාමාජීය කටයුතුවලදී තරුණ පිරිස් වෙනදාට වඩා සහභාගි වෙති. වර්තමාන තරුණ දරුවන් නිදහස් අධ්‍යාපනය , වෙනත් අධ්‍යාපන පහසුකම් සමඟ සෑහෙන ප්‍රමාණයකට අධ්‍යාපනයක් ලබා තිබෙන පිරිසක් නිසා එම පිරිසට විශේෂයෙන්ම ආගමික කටයුතු සමඟ සම්බන්ධවීමට හොඳ පසුබිමක් නිර්මාණය වී තිබේ.
දහම් පාසල, පන්සලෙහි තිබෙන තරුණ සංවිධාන, වෘත්තීය පහුණු මධ්‍යස්ථාන, සුභසාධන සේවාවන් වැනි කටයුතු සඳහා තරුණ සහභාගිත්වයට අවස්ථාව ලැබේ. සිල් සමාදන්වීම, භාවනා කිරීම වයසට ගිය පසු කරන කටයුතු මිස තරුණ කාලයෙහි කරන දේවල් නොවන බවට මතයක් අප අතර පවතී.එම අදහස වැරැදිය. බුදු දහම වයසට ගිය පිරිසට පමණක් දේශනා කළ ධර්මයක් නොවේ. ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනු ලැබුවේ තරුණයන්ට සහ තරුණ කණ්ඩායම් සඳහායි. පස්වග තවුසන්ට පසුව පැවිදි වූ නන්ද කුමරු, භද්ද වග්ගිය කුමාරවරු, යසකුල පුත්‍රයා යන තරුණ පිරිස් ඊට උදාහරණයන් වේ.
සුවඳවත් මලක් වීමට නම්...
අතීතයේ අපාෙග් සමාජය අර්ථවත් කළේ බෞද්ධ ආගමික සංස්කෘතිකාංගයන් ය. සාර ධර්මයන් ය. සමාජය හැඩ ගැස් වූ ඒ ගුණ ධර්ම ක්‍රමයෙන් ගිලිහී යන ආකාරය දැන් අසන්නටත්, දකින්නටත් තිබේ. ඊට ගොදුරුව සිටින්නෝ අපේ ම තරුණ පරපුර ය. අනාගතයේ අපේ උරුමය ආරක්ෂා කරන්නට, සිරිත් විරිත් ලෝකයට ගෙන යන්නට උරදෙන්නට සිටින තරුණ පරපුර ඊට අදාළ නැණ නුවණින්, ගුණ සුවඳින් පිරිපුන් ද? එය අප හමුවේ තිබෙන බරපතල ප්‍රශ්නයකි. දහම් පාසල එවැනි තරුණ පිරිසක් බිහි කිරීමේ මා හැඟි තෝතැන්නකි. තරුණ දරුවන් එකමුතු කරලීමේ ප්‍රධානතම මාර්ගය වන්නේ ද දහම් පාසලයි. ශ්‍රී ලංකාවේ ඇති මේ උතුම් අධ්‍යාපන ක්‍රමවේදය ලොව වෙනත් කිසිදු බෞද්ධ රටක දකින්නට නොමැති තරම්ය. ශ්‍රී ලංකාවේ දහම් පාසල් ක්‍රමය ලෝකයට ම දියහැකි මහඟු ආදර්ශයකි.
වර්තමාන දහම් පාසල් පද්ධතිය තුළ මිලියන දෙකහමාරක් පමණ දරු දැරියන් පිරිසක් දහම් අධ්‍යාපනය ලබති. ස්වේච්ඡාවෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන ගුරු පිරිස පනස් දහසක් පමණය. ඉන් වැඩි පිරිසක් එනම් සියයට අනූ පහක් පමණ තරුණ ගුරුවරු, ගුරුවරියන් වීම පැසසිය යුතුය. දැනට ක්‍රියාත්මක තත්ත්වය මත නම් පාසල් අධ්‍යාපනයෙහි මූලික පරමාර්ථය වන්නේ ද දැනුම ලබාදීමයි. එනම් විෂය ඥානය මඟින් දැනුම පුළුල් කිරීමයි. මෙම ක්‍රමයට මූලික සාධකය වූයේ අප රටේ අධ්‍යාපන ඉතිහාසයයි. එනම් ඉංග්‍රීසි යටත් විජිතයක් ව පැවතුණු යුගයෙහි ක්‍රියාත්මක වූ අධ්‍යාපනික වැඩපිළිවෙළෙහි විකාශනයයි, අද දක්වා ම ක්‍රියාත්මක වන්නේ ද එයයි.
සිරකරුවාගේ කතාව
එක්තරා කාලයක් මම සිරගෙදර සිරකරුවන්ට භාවනාව ගැන කියා දුන්නා. සති ගණනක් එක දිගට ඉගැන්වීම් කළා. දවසක් එක් සිරකරුවෙක් මා සමීපයට ආවා.
”පොඩ්ඩක් පිටුපසට ඇවිත් මා කියන දෙයට ඇහුම්කන් දෙන්න පුළුවන්ද?”
ඔහු මගෙන් ඇසුවා. ඔහුට මා සමඟ කතා කරන්න ඕනෑ වී තිබුණා. හැකි විගසින් තමාට යමක් කියන්නට තිබෙන බව ඔහු කිව්වා. භාවනා පන්තිය නිම වූ පසු මා පිටුපසට ගොස් ඔහු හමුවුණා.
”මොකද වෙලා තියෙන්නේ?” මා ඇසුවා
බොරු සිල් එපා
ආදරණීය දුවේ, පුතේ අදත් මම පුංචි ඔයාලට කියා දෙන්නේ ජීවිතයට ආදර්ශමත් වෙන ජාතක කතාවක් ගැනයි. මේ තමන්ගේ ළඟ නැති ගුණයන් පෙන්වමින් අනිත් අය රවටමින් ජීවත් වුණු, අවසානයේ ඒ නිසාම මරණයට පත්වූ සිවලකු පිළිබඳ කතා පුවතක්.
ඉස්සර බරණැස් නුවර බඹදත් නම් රජෙක් රජකම් කළා. ඒ කාලයේ බෝධි සත්ත්වයෝ මීයෙකු වී ඉපදුණා. ශරීර ප්‍රමාණයෙන් විශාලව දහසක් පමණ වූ මී රංචුවකට නායකයාව මහා තුඹසක වාසය කළා. දවසක් ආහාර සොයමින් ගිය සිවලකුට මේ මී රංචුව දකින්නට ලැබුණා. උපායක් යෙදුවේ නම් මොවුන් හැම දෙනාම රවටා පහසුවෙන් ගොදුරු කර ගන්නට පුළුවන් කියා කල්පනා කළා.
Sunday, July 16, 2017
දෙලොව දිනන මඟ...
'“ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤෙඤා උභයත්ථ මොදති
සොමොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනො”
කතපුඤෙඤා උභයත්ථ මොදති
සොමොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනො”
“පින් කළ තැනැත්තා මෙලොව ද සතුටු වේ. පරලොව ද සතුටු වේ. හෙතෙම තමන්ගේ පිරිසුදු කර්මය දැක සතුටු වේ. වෙසෙසින්ම සතුටු වේ.”
කතපුඤ්ඤ බව නම් සැදැහැ සිතින් පින් කළ බවය. උභයාර්ථ කර්මය නම් සසර පිරූ පෙරුමන් බලගන්වා මෙලොව ,පරලොව සනසා ගැනීමය. විසුද්ධිය නම් අපිරිසුදු කර්ම නොමැති වීමයි. වැඩූ පුණ්‍ය ශක්තිය ඇතිව වර්ධනය වූ කර්ම ශක්තියයි .බොහෝ සෙයින් ඇතිව වර්ධනය වූ කර්ම ශක්තියයි. බොහෝ සෙයින් ඇති කරවන උසස්ම සතුට පමෝදනයයි. මෙලොව දී කළ කුසල් කම් බලයෙන් පරලොවද අපමණ සුගති සැප ලබා සිත කය පිනවමින් ඇතිවන බලවත් සතුටයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි එනම් දානයෙහි, ශීලයෙහි භාවනාවෙහි ප්‍රයෝජන දැන පින්කම් කරන පුද්ගලයා ප්‍රමෝදයට පත් වේ.
සැවැත්පුර නුවර දැහැමෙන් සෙමෙන් කාලය ගතකළ ධම්මික නම් උවසුවෙක් විසීය. හේ උපදෙස් ලබාදීමේ ඇදුරුය. විශාල ධනයක් නොවීය. එහෙත් පසස් වූ ගුණයෙන් යුතුය. සිල්වත්ය. ඔහු හට දරුවන් දහහතර දෙනකි.
ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ
අසූ මහා ශ්‍රාවක තනතුරු ප්‍රදානයේ දී මිහිරි හඬ ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වූයේ ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේයි. ඉතාමත් ධනවත් කුලයක ඉපදුනු කුමාරයෙකු ලෙසයි ලකුණ්ටක භද්දිය හිමියන් හැඳින්වෙන්නේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා තම සිත පහදවාගෙන විවිධාකාර වූ දානාදී පින්කම් සිදුකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ ධනවත් කුලයක උපත ලැබුවා.
උන්වහන්සේට ඉතාමත් මිහිරි කටහඬක් ලැබීම සඳහා විශේෂ හේතුවක් තිබෙනවා.
මසුරුකමට පාඩමක්
ආදරණීය දුවේ, පුතේ! කොසොල් රටේ විශාල ධනයකට උරුමකම් කියන තෝදෙය්‍ය කියලා බමුණෙක් හිටියා. ඔහු ඉතාම ලෝභයි. ඒ වගේම බොහොම පොහොසත් කෙනෙක්. ඒ නිසාම ඔහු බොහොම ආඩම්බරකමින් ජීවත් වුණා. කවදාවත් කිසිම කෙනෙකුට කිසිම දෙයක් දුන්නෙ නැහැ. දවසක් මේ බමුණා තමන්ගේ පුතාට කතා කළා. තමන් මිය ගිය පසු පුතාට අයිතිවන කෝටි සංඛ්‍යාවක ධනය ඉතාමත් අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස අවවාද දුන්නා.
"කාන්තාවෝ තව තවත් ලස්සන වෙන්නට හිතාගෙන , ඒ වගේම නෙතු සඟලට සිසිල් සුවය ලැබෙන්නට සඳුන් ආදී සුවඳ වර්ග එක් කර සෑදූ අඳුන් කල්කය ආලේප කරනවා. ඉතාම ස්වල්පයක් ආලේප කිරීම ප්‍රමාණවත්. ඒත් ඒවා ඉතා ඉක්මනින් ඉවර වෙනවා. ඒ වගේ තමයි මේ ධනයත් ඉතා ඉක්මනින් ඉවර වෙනවා. එය කොයි වේලාවේ කොහොම සිදුවෙනවාද කියන්න දන්නේ නෑ. පුතේ! වේයො ටික ටික පස් ගෙනිහින් විශාල තුඹසක් ගොඩනගන්නා වගේ ටිකෙන් ටික හෝ ධනය එකතු කරනවා මිස අඩුවන විදියට විය පැහැදම් කරන්න එපා” මෙන්න මෙහෙම තමන්ගේ පුතාට මේ බමුණා අවවාද කළා.
බලාපොරොත්තු සහගත වන්න
හැම දෙයකම නරක පැත්ත බලන, අඩුපාඩු ගැන විතරක් සොයා බලන අය අප අතර කොතෙකුත් සිටිනවා. සෘණාත්මකව, එසේත් නැතිනම් අසුභදායක මනසකින් අනාගතය දෙස බලන්න පුරුදු වී සිටිනවා. තමන්ගේ ජීවිතයේ නරකම පැත්ත, අනෙක් අයගේ ජීවිතයේ නරක පැත්ත දෙසම බලනවා. සිතේ බිය, කනස්සලු ස්වභාවය කියන්නේ ඇත්තටම මෙලෙස අනාගතය දෙස අසුබවාදී විදිහට බැලීමයි.
එවැනි ආකල්පයකින් අනාගතය දෙස බැලීමෙන් ‘අනේ!’ හැම දෙයක්ම වැරැදි විදිහට සිදුවෙනවා. රටේ ආර්ථිකය නරක පැත්තට හැරිලා මගේ පපුවේ ගුළියක් වගේ දෙයක් හැදිලා තියෙන විත්තිය මට දැනෙනවා. නිච්චියටම ඒක පිළිකාවක්. මම මේකෙන් මැරේවි.
දානයෙහි අනුසස් ලියා නිම කළ නොහැක
" සියල්ල දන් දෙන වෙස්සන්තර රජතුමා අන්තිමට තම දේවියද දානය සඳහා පිදීමට හිත හදා ගන්නේ කෙතරම් අමාරුවෙන් විය හැකිද? එවැනි පිරිපුන් මනසක් සකස් කර ගෙන දන් දෙන උදවිය අද ලෝකයේ නැති තරම්ය. පුහුමාන්නය, ලෝක අපවාදයෙන් බේරීමට තම තමා ගේ නම්බුකාරකම්, බලපුලුවන්කාරකම් පෙන්වීමට දන් දෙන උදවිය වැඩිය. හිත හදාගෙන රොටී කෑල්ලක් වුවත් දානය සඳහා පිදීමට හැකි උදවියට වකුටු කළ අතක් දිගු කරන්නාක් මෙන් දිව්‍ය ලෝකයෙහි පහළ විය හැකි බව ජාතක කතා ආශ්‍රයෙන් මනාව පැහැදිලි වේ. "
ලොව වෙසෙන සෑම සත්වයෙක්ම යමක් ලැබේනම් කැමතිය. එහෙත් බොහෝ විට යමක් පරිත්‍යාගයට අකැමැතිය. එය සැම සමාජයකටම ආවේණික ගති ලක්ෂණයකි. මෙම අවේණික ගති ලක්ෂණය ඡේදනය කොට යමක් දීම සඳහා පෙළඹෙන්නේ නම් එය ජයකි. මානසික වශයෙන් මහා විප්ලවයකි. “දානංච යුද්ධං ච සමාන මාහු” යන පාඨ ආශ්‍රයෙන් පැහැදිලි වන්නේ එම මානසික විප්ලවයයි.
සිව් බඹවිහරණ අධ්‍යාත්මික ආදරයක පදනමයි
සාලිය අශෝකමාලා පෙම් පුවත නිසාම සාලිය අශෝකමාලාට ලැබෙන ප්‍රසිද්ධිය ඉතිහාස ගත තොරතුරුවල සඳහන් වේ.සාලිය කුමරා රජ සැප හැර පියා තමන්ගේ ප්‍රේමය සමඟ ජීවත් වීමෙන් ජීවත්වීමට ආදරය අවශ්‍ය බව පැහැදිලිය. ආදරය අහිමි වූ විට අප සමාජයේ තනිවූ හුදකලා වූ චරිත බවට පත්වේ. ජීවිතයට වැළඳිය හැකි බරපතල රෝගය තනිකමයි. තනිකමෙන් හුදකලාවෙන් අප මුදවාගන්නේ ආදරයයි.බුදු දහමේ විග්‍රහ වන ආදරය, පේ‍්‍රමය, දාරක ප්‍රේමය,යන කාරණා දෙස සළකා බලන විට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළින් ප්‍රේමනීයව ජීවත් විය යුතු ආකාරය පහදා දී තිබේ.
ආදරය, ප්‍රේමය, සෙනෙහස ඔබගේ ජීවිතයට කෙතරම් වැදගත්ද? දරුවෙකු කුඩා කල සිටම ආදරය, කරුණාව, සෙනෙහස, බලාගැනීම් සහිත පරිසරයක හැදී වැඩුණොත් සහ එවැනි බලාගැනීමක් ආදරයක්, ඇහුන්කම් දීමක්,සොයා බැලීමක් නොමැති පරිසරයක හැදුනොත් එම දෙදෙනාගේ වෙනස සෑම තැනකදීම,
නිවනට උපකාරක ධර්මයක්
කෘතගුණ සැළකීමේ සත්පුරුෂ ගුණය තථාගත බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ. අනුශාසනාවෙන් ම ප්‍රශංසා කළහ. බුද්ධත්වය ලබා දෙවෙනි සතියෙහි තමන් වහන්සේට බුද්ධත්වය ලැබීමේ දී සෙවන දුන් ඇසතු වෘක්ෂය දෙස සතියක් පුරා ඇසිපිය නොහෙලා බලාහිඳිමින් කෘතගුණ සැළකීමේ සත්පුරුෂ ගුණය ලොවට පෙන්වා දුන්හ.
මංගල සූත්‍රයේ අට තිසක් උතුම් මංගල කරුණු අතර කළගුණ සැළකීම ද මංගල කරුණකි. තමාට කළා වූ ස්වල්ප උපකාරය ද අමතක නොකොට සුදුසු අවස්ථාවෙහි උපකාර කිරීම කළගුණ සැළකීම නම්වෙයි. “කේවලා හේසා භික්ඛවේ සප්පුරිසභූමි, යදිදං කතඤ්ඤුතා කතවේදිතා” කළගුණ දන්නා සහ සළකන බවක් වේද එය සත්පුරුෂ භූමියයි.
කෘතගුණ සැළකීමේ සත්පුරුෂ ගුණය තථාගත බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ. අනුශාසනාවෙන් ම ප්‍රශංසා කළහ. බුද්ධත්වය ලබා දෙවෙනි සතියෙහි තමන් වහන්සේට බුද්ධත්වය ලැබීමේ දී සෙවන දුන් ඇසතු වෘක්ෂය දෙස සතියක් පුරා ඇසිපිය නොහෙලා බලාහිඳිමින් කෘතගුණ සැළකීමේ සත්පුරුෂ ගුණය ලොවට පෙන්වා දුන්හ. ඇසතු වෘක්ෂය හෙවත් වර්තමානයෙහි බෞද්ධයන් විසින් හඳුන්වන බෝධීන් වහන්සේ මනුෂ්‍යයෙක් නොවන බව සත්‍යයකි.
තැනට සුදුසු නුවණ ජීවිතය ලස්සන කරයි ( කරණීය මෙත්ත සූත්‍රයෙන් )
ස්ථානෝචිත බව ජයග්‍රාහී අනාගතයක ආරම්භයයි. ප්‍රශ්නයකදී, අභියෝගයක දී කලබල වීම, තිගැස්සීම, මන්දෝත්සාහී වීම, පසුබෑම සුදුසු නොවේ. අවශ්‍ය වන්නේ බුද්ධිමත්ව සිතීමයි. කරුණු විමසීමයි. තමන්ට අයහපතක් නොවන, අනුන්ට ද අයහපතක් නොවන වඩාත් සුදුසුම තීරණය ගැනීමයි.
‘නිපකෝ’ ගුණය නම් තැනට සුදුසු නුවණ ඇති බවය. එනම් ස්ථානෝචිත ප්‍රඥාවය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දේශනා කොට ඇතත් පොදුවේ ගිහි පැවිදි සැමට ඉතා වැදගත් ඉගැන්වීමකි. දෛනික ජීවිතයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල සාර්ථකත්වයට මහගු උපදේශනයකි.
දුක ( අකම්පිත වන්නට නම් )
ලෝකයේ පවතින සදාතනික සත්‍යය දුක බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ ලෝකය පිහිටා තිබෙන්නේ දුක මතයි. කායික සුව පහසුව මානසික සුව පහසුව නැතිකම එක් පැත්තකින් දුක බවට පත්වෙනවා.
අතෘප්තිමත් බව දුක බවට පත්වෙනවා. ඇතැම් විට මිනිසුන්ට කෙතරම් සැප තිබුණත් තෘප්තිමත් නැහැ. අතෘප්ති කරයි . බුදුරජාණන් වහන්සේ වදාළ ලෙස අතෘප්තිමත් ලෝකය තණ්හාවට පාක්ෂිකව කටයුතු කිරීම හේතුකොටගෙන නිරන්තරයෙන්ම ඇතිවෙන්නේ දුකයි.
දුක පිළිබඳ සඳහන් කිරීමේදී , බෝධිසත්ත්වයන් වහන්සේ සසරේ අවසන් ආත්ම භාවයේ ගිහි කල ලබන්නට පුළුවන් හැම සතුටක්ම ලැබුවා. එමෙන්ම බුද්ධත්වය උදෙසා සිරුරට අපමණ දුක්දෙමින් දුෂ්කර ක්‍රියා කර දුක් වින්ඳා. මෙලෙස දුකත්, සැපත් අපමණ වින්දා
විශේෂයෙන් සාමාන්‍ය ලෝකයේ තිබෙන සැප වැනසීයාමෙන් දුක ඇතිවෙනවා. එවිට අප මධ්‍යස්ථ භාවයෙන් කටයුතු කළ යුතුයි. අටලෝ දහමෙන් අකම්පිතවීම යනු දුකක් ඇති වූවිට එයින් කම්පා නොවී කටයුතු කිරීමට ඇති හැකියාවයි.
සැප (සැබෑ සැපය )
අටලෝ දහමෙහි මූලික වශයෙන් කරුණු අටක් විස්තර වෙනවා. එයින් හත්වැනි කාරණය තුළ සැපය විස්තර වෙනවා. මේ සැපය ලෞකික සහ ලෝකෝත්තර සැපය කියා කොටස් දෙකකට බෙදෙනවා.
අපේ සමාජයේ ලෝකෝත්තර සැපයට වඩා ලෞකික සැපයටයි. බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස ඇතුලු එදිනෙදා ජීවිතයේ පරිභෝජනය කරනු ලබන භෞතික සම්පත්වල ඒකරාශීත්වය භෞතික සැපය ලෙස සලකනවා. මේ කියන සැපය අපි බලාරොත්තු වන්නේ හුදෙක් ඉඳුරන් පිනවීම හරහා. ඔබ දන්නවා ඉන්ද්‍රියය පහක් තිබෙනවා. ඒ ඉන්දි‍්‍රයය පහ නිතර නිතර පිනවීමට අප උත්සාහ කරනවා.ඇස රූපයෙන්, කන ශබ්දයෙන්, නාසය ගද සුවඳින්, දිව රසයෙන්. කය පහස ආදී ලෙසින්. විඳීම් වලට සැපය කියා කියනවා. ජීවත් වෙනවා කියා අප කියන්නේ අර කියන අරමුණු පහෙන් ලබන පිනවීමයි. රැකියා, ව්‍යාපාර හෝ කර්මාන්ත කටයුතු, ගොවිතැන් ආදී අනේක විධි දෑ කරන්නේ ඉහත කී අරමුණු පහ පිනවීමටයි.
ප්‍රශංසා ( ප්‍රශංසාව තාවකාලිකයි )
ලාභෝ අලාභෝ, අයසෝ යසෝච, නින්දා පසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිත්‍යා මනුදේසු ධම්මා අසස්සතා විපරිනාම ධම්මා.”
ලාභයද අලාභයද, පරිවාර ජනයා ඇතිවීමද, නැතිවීමද, නින්දාවද, ස්තුතියද, සැපයද, දුකද යන මේ කරුණු අට ලෝක ධර්ම ලෙස සඳහන් කරනවා. මේ ලෝක ධර්මයෝ මිනිසුන් කෙරෙහි අනිත්‍ය වූ ධර්මතාවයක්. ඒ වගේම ස්ථිර නොවූ ධර්මතාවයක්. පෙරලෙන සුළු ධර්මතාවයක්. ඒ ඉහත ගාථාවේ අදහසයි.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මෙන්ම පසේ බුදුරජාණන් වහන්සේටත්, මහරහතන් වහන්සේටත් මේ ධර්මතාවය පවතිනවා. නමුත් උන්වහන්සේලාගේ සීලාදි ගුණ මහිමය නිසා එයින් වෙන්ව ජීවත්වීමට පුළුවන්කම තිබෙනවා. මේ අෂ්ටලෝක ධර්මය රෝදයක් මෙන් කැරකෙනවා කාටත් පොදුයි. යම්කිසි කෙනෙක් බොහෝ වස්තුව ලබා පොහොසත්ව සිට තව කලකදී තිබූ වස්තුව හීන වී දුප්පත් වෙනවා. දුප්පත්ව අපහසුවෙන් කාලය ගත කරන්නාට වස්තුව ලැබෙන කාලයක් ඇතිවෙනවා. එකල්හි ඔහු පොහොසතෙකු වෙනවා. මේ ආකාරයට දුක,සැප දෙක පෙරළෙනවා. ලෝකයෙහි තථාගත ධර්මය දැනගත්, තථාගත ධර්මය ඇසුරු කරන පුද්ගලයෝ මෙන්ම ධර්මය නොදත් ධර්මයෙන් ඈත්ව ජීවත්වන පුද්ගලයෝ වශයෙන් සමාජයේ කණ්ඩායම් දෙකක් සිටිනවා.
නින්දා ( නින්දාවෙන් නිදහස් වීමට නම්)
ලොවේ දිවිගෙවන කවරෙකුට වුවත් මඟ හැර යන්නට නොහැකි දේ රාශියක් තිබෙයි. ඒ අතර නින්දාව ප්‍රධානයි. නින්දාවට සමාජයේ සැවොම බියයි. එය පිළිකුල් සහගතයි.
නමුත් ඇතැම් අය තම කටයුතු ගැන පරීක්ෂාකාරී වන්නේ නැහැ. මිල , මුදල් ඉපයීම, ආදරය, තම ආශාවන් ඉටුකර ගැනීම වැනි කටයුතු සිහි බුද්ධියෙන් නොකිරීම නිසා පසුකාලීනව විශාල වශ යෙන් නින්දා අපහාස වලට මුහුණ දෙන්න සිදු වෙනවා.
කෙසේ වෙතත්, තමන් නොදැනුවත්ව හෝ දැනුවත්ව සිදුවන වැරැදි වලින් අපහසුතාවයට පත්වෙන්නේ තමන් පමණක් නොවෙයි. තමන්ගේ මව්පියන් දූ දරුවන් හිතවතුන්, රැකියා ස්ථානය මෙන්ම රට,ජාතිය පවා අවමානයට ලක්වෙන්ට පුළුවන්.
එසේනම්, අප අතහැර නොයන නින්දාව නමැති ලෝක ධර්මයෙන් නිදහස් වීමට ඇති එකම ක්‍රමය නිසි අවබෝධයයි.
යසස (යසස දසත පැතිරීයාමට නම්)
පුද්ගලයෙකුගේ පිනට යසස ලැබෙන බවත්, දුර්විපාක අනුව අයස ලැබෙන බවත්, බුදු දහම පැහැදිලි කරයි.සංසාර චාරිකාවේ නිරත වන අප විසින් අතරමගදී අපට හමුවන පිරිසට නින්දා අපහාස කර තිබෙනවා නම්, අනිවාර්යෙන්ම එහි ප්‍රතිවිපාක ඒ ආකාරයෙන් භුක්ති විඳීමට සිදුවන බව අමතක නොකළ යුතුයි.
සෙසු පුද්ගලයන්ගේ යසස නැතිවන ආකාරයටත් ,අයස ඇතිවන ආකාරයටත් කටයුතු කරන පුද්ගලයන් සමාජයෙහි කොතෙකුත් දැකිය හැකියි. එවැනි ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ යසසද යම් දවසක පිරිහීමට පත්වන බව ඔවුන් නොසිතන කාරණාවක්.
පුද්ගලයාගේ චර්යාව, බාහිර තේජාන්විත බව, සැප සම්පත් බහුල ජීවිතය,පරිවාර සම්පත්තිය, පෞරුෂත්වය යන සියලු කාරණාවන් යසස තුළ අන්තර්ගතව පවතී. සාමාන්‍ය ජීවිතයේදීත් ඔහුගේ ක්‍රියාකරකම් අනුව යසස පැතිරී යයි.
යසස පිරිහෙන ඇතැම් අවස්ථාවල මානසිකව කඩා වැටෙයි. චිත්ත පීඩාවන් විඳිමින් කාලය ගෙවයි. යසසින් පිරෙන විට ඇතැම් පුද්ගලයන් ආඩම්බර වෙයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා ,ප්‍රශංසා, සැප, දුක් , යනසෑම සිදුවීමක්ම තාවකාලික බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.සිල්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ කල්‍යාණ කීර්ති රාවයක් පැතිරී යන බවත්,දුසිල්වත් පුද්ගලයාට එවැනි කීර්තිමත් බවක් නොලැබෙන බවත් අවබෝධ කරගත යුතුයි. අප ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ කීර්ති ඝෝෂාව තුන් ලෝකය පුරා විහිදී පැතිරී ගිය ආකාරයත්,
අයස (අපකීර්තිය තාවකාලිකයි)
අයස යනු අපකීර්තියයි. අපකීර්තිය ලෙස සඳහන් වන්නේ දුස්සීලයෙක්, ලෝභයෙක්, මසුරෙක්, අහංකාර පුද්ගලයෙක්, ගුණමකුවෙක් ආදි වශයෙන් පැතිර යන රාවයයි. මේ අයස නිසා පරිවාර සම්පත් නැතිවී අන් පිරිසෙන් කොන්වීමක් සිදුවේ. බුදුරජාණන් වහන්සේ අයස හමුවේත්, යසස හමුවේත් මැදහත්වයි කටයුතු කළේ. ඒ සඳහා බෞද්ධ සාහිත්‍යයේ සහ සූත්‍රදේශනා තුළ බොහෝ උදාහරණ තිබෙනවා.
අප දන්නවා බුදුරජාණන් වහන්සේටත් අයස ලැබුණා. උන්වහන්සේ ඒවා බැහැර කළා. සුන්දරි නගර සෝභිනියගේ කතාව අප දන්නවා. ඇය නිගන්ඨයන් විසින් ඝාතනය කර ජේතවනාරාමයේ මල් ගොඩක් තුළ සැඟවූවා. ඉන්පසු බුදුරජාණන් වහන්සේට චෝදනා කළා ඇය සඟ පිරිස විසින් ඝාතනය කළ බවට. එවිට ආනන්ද තෙරුන් කියනවා. ස්වාමිනි, මේ ගමෙන් අපි යමු. මේ ගමේ මිනිසුන් ඔබවහන්සේටත්, මහා සංඝයාටත් බොහෝ දෝෂාරෝපණය කරනවා කියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දය, අප මේ ගමෙන් ඈත්ව, වෙනත් ගමකට ගියත් ඒ ගමේ මිනිසුන් අපට මේ ආකාරයෙන් චෝදනා කළොත් නැවතත් ඒ ගමෙනුත් යන්න වෙනවා. අපකීර්තිය කියන දෙයින් සැඟවෙන්න බැහැ. ලෝක ස්වභාවධර්මය එයයි.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේදී අපකීර්තිය,එසේත් නැතිනම් අයස පැමිණි අවස්ථාවලදී ශෝකයට, කනගාටුවට පත්වී ජීවිතය එපාවී වනගත වෙන්න ඕනෑයි තීරණය කළේ නැහැ. උන්වහන්සේ වදාළා
අලාභ ( අලාභයට මුහුණ දෙන්නේ කෙසේද? )
අෂ්ටලෝක ධර්මයේ දෙවන කාරණාව වන්නේ ‘අලාභයි’. එය පැතිකඩ කිහිපයකින් අර්ථ කථනය කළ හැකියි. තමන් සතු දේ අහිමි වීම, ආයෝජනය කළ ප්‍රමාණයට ප්‍රතිලාභ නොලැබීම, අවශ්‍යතා හෝ අපේක්ෂාවන් එලෙසම සම්පූර්ණ නොවීම, “අලාභ” යන පොදු වදනින් ආවරණය වෙයි.
පළමු කාරණය ගැන සඳහන් කිරීමේදී , තමන්ට මෙතෙක් තිබූ ධනය අහිමි වීම, තමාගේ අතක් පයක් හෝ ඇසක් අහිමි වීම, සවන් නොඇසීම වැනි නොපැතූ, නොසිතූ අයුරින් යම් විකෘතිතාවක් සිදුවීම අලාභයි. තමන් පැමිණි ගමන් මඟෙහි සෙවණැල්ලක් සේ පිහිට වූ ඥාති හිත මිත්‍රාදීන් අහිමිවීම, තමන්ගේ දැනුම ,හැකියාව, අහිමි වීම, තමන් සතුව තිබූ භෞතික දේ , අධ්‍යාත්මික දේ තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකිව තමන්ගෙන් දුරස්වීම අලාභයයි.
දෙවන කාරණය වශයෙන් ආයෝජනයට ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලැබීමයි. යම්කිසිවෙක් අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පුද්ගල සම්පත්, කාලය, ශ්‍රමය ආදී භෞතික අධ්‍යාත්මික වශයෙන් බොහෝ සම්පත් කැපකර ප්‍රතිලාභයේ තරමට ප්‍රතිඵල නොලැබීම අලාභයයි. නැතහොත් යොදා ඇති සාධකවලට අනුකූලව ප්‍රමාණවත් ප්‍රතිඵල නොලැබීම අලාභයයි.
ඉහත දැක්වෙන තෙවන කාරණයට අනුව මව්පියන් හෝ යමෙක් අපට යමක් ලබාදෙ’යි යනුවෙන් අපේක්ෂාකර එය නොලැබීම අලාභයි. මෙසේ අලාභ ලෙස ඉහත සඳහන් කාරණාවන් ඉමහත් පාඩුවක් ලෙස ලෝකයා දකිති.
ලාබ ( ලැබීම් නොලැබීම් සමව දරන්න )
ලෝක ධර්මයන් අතුරෙන් ලාභය යනු තමන් විසින් බලාපොරොත්තු වන්නා වූ ආහාර පාන, වස්ත්‍ර මිල මුදල් කීර්ති, ප්‍රශංසා, ආදිය ලැබීමය.
අලාභ යනු ඒ ලැබූ දෑ නැති වීම හා ඉදිරියට නොලැබීමය. කලෙක බොහෝ ලාභ ඇතිව පොහොසත් ව සිටින තැනැත්තා වෙත කලෙක දී අලාභය පැමිණෙන්නේ ය. අලාභයෙන් හෙවත් දිළිඳු බවින් පීඩිත තැනැත්තා වෙත කලෙක ලාභය පැමිණෙන්නේ ය. මේ ලෙස ලාභ අලාභ දෙක චක්‍රයක් සේ කැරකෙන්නේ ය.
ප තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ උන්වහන්සේගේ කීර්ති ඝෝෂාව දස දෙස පැතිරුණි. පුදසත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබෙන්නට විය. මේ පිළිබඳව ත්‍රිපිටකයේ ඛුද්දක නිකායෙහි ප්‍රථම භාගයේ සඳහන් සුන්දරී සූත්‍ර දේශනාවේ දී විවරණය කර තිබේ.
බුදුරජාණන් වහන්සේට ලැබෙන මේ ලාභ, කීර්ති, ප්‍රශංසා ඉවසන්නට දරාගන්නට බැරි සමාජයේ පිරිසක් ද විය. විශේෂයෙන් පිරිවැජියන් ඒ අතර විශේෂ ය.සුන්දරී නම් පරිබ්‍රාජිකාව උපායෙන් මරණයට පත් කොට ඇයගේ සිරුර ජේතවනාරාමයේ දිය අගලෙහි සැඟවිය. ඉන් පසු ඔවුහු කොසොල් රජු හමුවී. “අපේ පරම්පරාවේ සිටිය ලස්සනම, හොඳම කෙනා සුන්දරී. ඇය දවස් කිහිපයක දී සිට ආගිය අතක් නැහැ. ඒ නිසා අපට සැකයක් තියෙනවා ඇය මරණයට පත් කර ඇතැයි කියා” යි පැවසූහ. සුන්දරී ජේතවනාරාමයට යන්නට එන්න වූ නිසා ඇය ගේ මරණය ගැන ජේතවනාරාමයේ වැඩ සිටින බුදුහාමුදුරුවෝ සහ ශ්‍රාවක පිරිස පිළිබඳ සැකයැ”යි ද පැවසූහ.
පින් වඩන උල්පත පසිඳුරන් දමනයයි (කරණීය මෙත්ත සූත්‍රයෙන්)
‘සන්තින්ද්‍රියෝ’ නම් ශාන්ත වූ ඉඳුරන් ඇති බවය. දෑමුනු ඉඳුරන් ඇති බවය. එසේත් නැති නම් ඉඳුරන් සංවරව ආරක්ෂා කරගෙන ඇතැයි යන අර්ථ දෙන්නේ ය.
අපේ ඇසට, කනට, නාසයට, දිවට හා ශරීරයට විවිධ අරමුණු හමුවේ. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ඒ අරමුණුවල ඇලෙනවා නම්, ගැටෙනවා නම් ඉඳුරන් නොසන්සුන් වේ. දමනය නොවේ. ඒ අරමුණු අවබෝධයෙන් හඳුනාගෙන ඒවායෙහි නො ඇලෙනවා නම්, නොගැටෙනවා නම් අපගේ ඇස සන්සුන් වේ. කන සන්සුන් වේ. සියලු ඉඳුරන් සංවර වේ. ඒ ශාන්ත බව, සංවර බව භික්ෂූන් වහන්සේට පමණක් නියම වූවක් නොවේ. ගිහි ජීවිතයේ ශික්ෂණයටද, හික්මීමට ද හේතු වේ.
මිනිසා යැයි කියන්නේ ඉන්ද්‍රිය සයක එකතුවකි. ජීවත් වීම යනු ඒ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයයි. අක්‍රිය වූ දාට ජීවිතයේ පැවැත්මක් නැත.
අවශ්‍ය දේ නොව අත්‍යවශ්‍ය දේ තෝරා ගන්න
සහනශීලී ජීවිතයකට ආර්ථික දියුණුව අත්‍යවශ්‍යය. අඹු දරුවන් පෝෂණය කරන්නට , බේත් හේත් ටික ලබා ගන්නට, දරුවන්ගේ අධ්‍යාපනයට ආදී සෑම දේටම මිල මුදල් නැතිවම බැරිය . ඒ අවශ්‍යතා මනාව සම්පූර්ණ කරගත නොහැකි වූ තැන සිත බලාපොරොත්තු කඩ වූ ස්වභාවයට පත්වේ.
අසහනයට, කළ කිරීමට පත් වේ. එවැනි දිවියක සතුට නැත. සැනසීම නැත. ආර්ථිකය කළමනාකරණය කරගත යුතු වන්නේ එහෙයිනි.
සමාජයේ බොහෝ දෙනෙක් පවසන්නේ හම්බ කරන මුදලෙන් එදිනෙදා ආහාර වේලවත් පිරිමසා ගන්නට බැරි බවය. නිසි කළමනාකරණයක් නොමැතිකම ඊට ප්‍රධාන හේතුවය. විය පැහැදම් කළ යුතු අත්‍යවශ්‍ය දේ, අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ තෝරා බේරා ගන්නට නොහැකිකම නිසා බොහෝ දෙනෙක් ආර්ථික පරිහානියට ලක්වෙති. එක්කෝ අනුන් කරන දේ අනුකරණය කරමින් තමන්ට කළ හැකි දේ වෙනුවට නොගැළපෙන දේ කරති. ලෝකයට පෙනෙන්නට ජීවත් වෙන්නට ගොස් සිතින් වද විඳිති. හොඳින් සිතා බලන්න. අප වැඩිපුර වියදම් කර තිබෙන්නේ අත්‍යවශ්‍ය දේට නොව අවශ්‍ය යැයි උපකල්පනය කරන දේටය.
නොපසන් සිතගෙන දෙයි දුක
සිත විවිධ ස්වරූප ගනී. පෘථග්ජනයාගේ සිත කෙබඳු ස්වරූප ගනීදැයි ක්ෂණිකව කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකිය. සිතෙහි ක්‍රියාකාරීත්වය අනුව කරන කියන දෑ පිළිබඳ නිසි අවබෝධයක් උපදවා ගැනීම සැබැවින්ම දුෂ්කරය. හොඳ කරන අයට හොඳ විපාක ද නරක කරන අයට නරක විපාක ද ලැබෙන බව දහමේ පෙන්වා දේ.
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්චේති
චක්කංච වහතෝ පදං
ධම්මපදයේ පළමුවැනි (යමක) වර්ගයේ පළමු ගාථාව මෙයයි.
සතුරාටත් මෛත්‍රී කරන්න
ආදරණීය දුවේ, පුතේ අද මම ඔයාලට කියල දෙන්නේ ජීවිතයට ඉතා වැදගත් ආදර්ශවත් ජාතක කතාවක් ඒ කාලි යකින්නිය පිළිබඳ කතා පුවතයි. මේ කතාව අපේ පුංචි දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් බොහොම වැදගත් වේවි.
සැවැත් නුවර එක තරුණයකු සිටියා. පියා මිය ගියාට පසු තමන්ගේ මවට උපස්ථාන කරමින් සිටි මොහුට සුදුසු කුලයකින් රූමත් කාන්තාවක් ආවාහ කර දුන්නා. එහෙත්, ඇයට දරුවන් සිටියේ නැහැ. ඒ නිසා ඇයට කරුණු පහදා දී වෙනත් තරුණියක් තමන්ගේ පුතාට සරණපාවා දෙන්නට මවට සිදුවුණා. මෙම තරුණියන් දෙදෙනාම සැමියා සමඟ ඉතා සමගියෙන් සතුටින් ජීවත් වුණා.
කාලයකට පසුව පළමුවන බිරිඳ මෙසේ කල්පනා කරන්නට පටන් ගත්තා. ‘මට දරුවන් නැහැ දරුවෙක් ලැබුවහොත් මේ ගෙදර හා ධනයට ස්වාමි වන්නේ ඇයයි. මට ද විපත් පමුණුවන්නට ඉඩ තිබෙනවා. කල් ඇතිව ඊට පිළියම් කරන්නට ඕනෑයි සිතා ආදරය දක්වා ‘යෙහෙළිය දරුවන් නැති කුලය විනාශ වේ.
වෙනස් වීමේ රහස
මේ කතාවට සම්බන්ධ කාන්තාව රෙදිපිළි කර්මාන්තයට සම්බන්ධ වී සිටි තැනැත්තියක්.එය සිඩ්නි නුවර ඉතා සාර්ථකව කරගෙන ගිය ව්‍යාපාරයක්. එක්තරා දවසක ලොකු ගිවිසුමකට අත්සන් කිරීමට ඇයට ලන්ඩන් නගරයට යෑමට සිදුවුණා. තමන් කරගෙන ගිය විලාසිතා ව්‍යාපාරයට ඉතා වැදගත් වන ගිවිසුමක් පිළිබඳ කටයුතු කිරීමටයි ඇය ලන්ඩනයට ගියේ.
ඇය කෙළින්ම සිඩ්නි නුවර සිට ලන්ඩනයට ගුවන් යානයෙන් ගියා. එය වෙහෙසකර ගමනක්. නමුත් මේ කාන්තාව ගුවන් යානයෙන් බැස්ස හැටියෙම, කෙළින්ම ඈ නතර වන හෝටලයට ගිහින්, ඇඟපත සෝදාගෙන, තමන්ගේ ගිවිසුම පිළිබඳව කටයුතු කරන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයට ගියා. ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා හමුවන්නට ඇයට ඕනෑ වී තිබුණා. බොහොම වෙහෙස මහන්සි වී සිටියත්, ඇගේ වුවමනාව ඉෂ්ට කරගන්න මෙලෙස එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයට ගියත්, කාර්යාලයේ දී හමු වූ අනිත් අධ්‍යක්ෂකවරු මෙන්න මෙහෙම කිව්වා.
Wednesday, July 12, 2017
විධිමත් ධර්ම සන්නිවේදනයක කාලීන අවශ්‍යතාවය
" ධර්ම දේශනා කිරීමට යොදාගනු ලබන ආසනය ධර්මාසනය වන අතර, දහම් දෙසන්නා ධර්ම දේශක නම් වේ. ධර්මයේ උරුමය බුදුරජාණන් වහන්සේ සතුවන බැවින්, ධර්මාසනයේ හිඳ ගනු ලබන භික්ෂූන්වහන්සේ ප්‍රකාශ කළ යුත්තේ බුද්ධ දේශනය මිසක, තමන්ගේ අදහස හෝ මත වාදයන් නොවේ.'
ගංඟාවක් හැම විටකම මහ සයුර අරමුණුකොට, මහ සයුරට නැඹුරුව ගමන් කරන්නාසේ ධර්මය නිවන අරමුණු කොට, නිවනට නැඹුරු වූවකි. වරක් මහා ප්‍රජාපතී ගෝතමී දේවියට ධර්මය පිළිබඳ පැහැදිලි කළ අවස්ථාවක් අංගුත්තර නිකායේ සංක්ෂිප්ත ගෝතමීයෝවාද සූත්‍රයෙන් හමුවෙයි.
එහි සඳහන්වන්නේ මේ ධර්මය නම් විරාගයටයි. සරාගයට නොවේ, සසර කෙටි කිරීම පිණිස මිසක සසර වැඩීම පිණිස නොවෙයි. මහිච්ඡතාවය පිණිස නොව අල්පේච්ඡතාවය පිණිසයි,
සදහම් දැනුම
ප්‍රශ්නය
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි සඳහන් වන පරිදි පරලොව මනුෂ්‍යයාගේ ජීවිතය සැපවත් කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.
පිළිතුර
පරලොව හිත සුව පිණිස පවත්නා ධර්මයෝ සතර දෙනෙක් වෙති. එනම්
1. සද්ධා සම්පදා 2. සීල සම්පදා 3. ත්‍යාග සම්පදා, 4. ප්‍රඥා සම්පදා යන මේවාය.
ප්‍රශ්නය
“අජද්ධු මාරිතං” මෙය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්මානුකූලව පැහැදිලි කරන්න.
ධම්මචාරී වීම හා අධම්මචාරී වීම
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් ම.නි. මූල පණ්ණාසකයේ සාලෙය්‍යක සූත්‍රය. මෙම දේශනාව සිදු කරන සමයේ බුදුරජාණන් වහන්සේ සදහම් චාරිකාවේ වැඩම කරමින් සිටියේ. මෙසේ සදහම් චාරිකාවේ වඩිමින් සිටින අතරතුර බුදුරජාණන් වහන්සේ ‘සාලා’ කියන ගමට වැඩම කළා. එසේ වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේ දකින්ට, උන්වහන්සේගේ නිර්මල දහම අසන්නට ඒ ගමේ සිටි බොහෝ දෙනා උන්වහන්සේ වැඩසිටි ස්ථානයට පැමිණියා. ඒ අය මෙලෙස බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න පටන් ගත්තා.
“ශාක්‍ය කුලයෙන් නික්මෙලා රජසැප සම්පත් අත්හැරලා පැවිදි වූ උතුමන් වහන්සේ කෙනෙක්ලු. උන්වහන්සේ සියලුදෙනා සියලු දුකින් මුදාලීමේ මාර්ගය දේශනා කරනවාලු. මුල, මැද, අග, අර්ථ සහිත නිවනට පමුණුවන ප්‍රකාශන මාධ්‍යයෙන් ධර්මය දේශනා කරන උතුමන් වහන්සේ නමක්ලු. යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ එකිනෙකා කතා කරන්න පටන් ගත්තා.
මේ පිරිස එකතුවෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට ගියා.
“භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස අපට අහන්නට ලැබෙනවා සමහර අය මියගිය පසු ඉතාමත්ම දුක්ඛිත වූ නිරය ආදි සතර අපායන්හි උපදින බව. ඒ වගේම තවත් පිරිසක් මියගිය පසු සුගතියෙහි උප්පත්තිය ලබන බව. එම නිසා බුදුරජාණන් වහන්ස, කෙනෙක් මිය ගිය පසු කෙලෙසද දුගතියට යන්නේ? මොනවගේ ප්‍රතිපදාවක් කළ පසුද? කෙනෙක් සුගතියට යන්නේ?. යනුවෙන් මේ පිරිස බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. එවිට බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්නයට සරල පිළිතුරක් ලබා දුන්නා.
වෙනස්වීම් හමුවේ නොසැළෙනවා නම්...
" ජීවත්වීමේදී විවිධාකාර ගැටලු, ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවේ. චෝදනා ලැබේ. ඇණුම් බැණුම් අසන්නට සිදුවේ. මේ කිසිවක නොගැටී ඉවසීමෙන්, උපේක්ෂාවෙන් ඒ දෙස බලා කටයුතු කරන්න.'
නිත්‍ය වශයෙන් ගත හැකි කිසිවක් මේ ලෝකයෙහි නැත. සියල්ල වෙනස්වන සුළුය. සිහි නුවණින් විමසා බලන්නේ නම් ඒ වෙනස් වීම් හමුවේ නොසැළී සිටින්නට පුළුවන විශේෂයෙන් එවැනි පුද්ගලයා අටලෝ දහමින් කම්පා වන්නේ නැත. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන මේවා අටලෝ දහමය.
ලාභ යනු පැවිද්දාගේ සිව්පසය, ගිහියාගේ ධන ධාන්‍යාදිය ලැබීමය. අලාභ නම් පැවිද්දාගේ සිව්පසය, ගිහියාගේ ධන ධාන්‍ය ආදිය නො ලැබීමය. යස යනු පිරිවර සම්පත් ලැබීමය. අයස නම් පිරිවර සම්පත් නොලැබීමය.
සිත් සනසන මෙත් සිත
" සියලුම දානමය පින්කම් අබිබවා සාංඝික දාන පූජාව බලගතු වෙයි. සාංඝික දාන පූජාවට වඩා සඟ සතුකරන ආරාම පූජාව ප්‍රභල වෙයි. තෙරුවන් සරණයාම ඊටත් වඩා ප්‍රභලයි. තුනුරුවන් පිහිටා පන්සිල් රැකීම සහ අටසිල් රැකීමට වඩා මෛත්‍රී භාවනාව ප්‍රභල වෙයි."
තමාට තමා සතුරෙකු නොවී තමාට තමා මිතුරෙකු වී මෛත්‍රී භාවනාව පටන් ගත යුතු බවත් , මෛතී‍්‍ර යනු මිත්‍රත්වය බවත් අපි පසුගිය ලිපියෙන් සඳහන් කළෙමු.
දිගු කාලීන සතුටකට හිමිකමක්
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එක්තරා උපාසකයෙක් ලූනුවත්තක් කොට වරින්වර භික්ෂූන්වහන්සේ බොහෝ දෙනෙකුට ලූනු ලබා දුන්නේය.
තවත් විටෙක භික්ෂුණීන් විසින් මෙපමණක් අවශ්‍ය යැයි දන්වා උපාසක තැන ලවාම ලූනු ලබාගන්නා අතර ඇතැම් විටෙක උපාසක තැන කී පමණක් ලූනු භික්ෂුණීන් විසින්ම ගලවාගෙන ගෙනයනු ලබන්නේය. එක් දිනක් උත්සවයක් සඳහා ගම්වැසි බොහෝ දෙනෙක් පැමිණ ලූනු ගලවාගෙන ගියහ. එදිනෙහිම නන්දා නම් භික්ෂුණිය උපාසකයාගේ නිවසට ගොස් ලූනු ඉල්ලා සිටි අතර උපාසක තැනද උත්සවය නිසා අන් අයටත් ලූනු ලබාදිය යුතු හෙයින් වත්තට ගොස් එයින් තුනක් පමණක් ගලවාගෙන යන්නැයි මෙහෙණියට දන්වා සිටියේය. මෙහෙණ ද ඔහුගේ කීම නොසළකා ලූනු වත්තට වැද සහායක මෙහෙණිවරුන් සමඟ එක්ව විශාල ලූනු තොගයක්ම ගලවාගෙන ගියාය. එවිට වත්ත භාරව සිටින තැනැත්තා උපාසකයාගේ ඉල්ලීම පරිදි නොකොට විශාල වශයෙන් ලූනු ගලවාගෙන ගිය මෙහෙණිවරුන්ගේ ක්‍රියාව දැක මහා හඩින් උද්ඝෝෂණය කළේය.
බාහිර ඔපයට වියදම් කුමටද? ( කරණීය මෙත්ත සූත්‍රයෙන්: )
සල්ලහුකවුත්තී’ නම් ඉතා ලඝු පැවතුම් ඇති බවය .එනම් සැහැල්ලු ජීවන පිළිවෙතක් අනුගමනය කිරීමය. නේක දුක් ඇති ඝෝර සසරේ කෙළවරක් දැක අමා මහ නිවනින් සැනසීමේ උතුම් බලාපොරොත්තු ඇතිව කෙනෙක් පැවිදි දිවියට පත්වන්නේ ගේ දොර වතුපිටි ඉඩකඩම් ආදී සියලු සම්පත් හැර දමමිනි. පැවිද්දෙන් පසු ගිහි කලමෙන් ඒ අයුරින්ම සම්පත් රැස්කරන්නට සූදානම් වීම පැවිදි දිවියට බාධාවකි. භික්ෂූන් වහන්සේ බහු භාණ්ඩික නොවිය යුතුය. එය සිතටත් ගතටත් බරකි. නිවනට බාධකයකි. සැහැල්ලු දිවිය සිත සුව සදයි. කායික සුවයද දෙයි.
සැහැල්ලු ජීවන රටාව ගිහි දිවියේද දියුණුව සදයි. සතුට ගෙනෙයි. සමහරු මිල අධික ඇඳුම් අඳිති. අභරණ පළඳිති. වත්, පොහොසත්කම්, උස්මිටි කම්, වැදගත්කම්, ඇඳුමෙන්, පැළඳුමෙන් පෙන්වීමට සිතති. දකින්නෝ ඒ දෙස ඊර්ෂ්‍යාවෙන් බලන්නට පුරුදු වෙති. තමන් සිත මාන්නයක් ඇති කර ගනිමින්, අනුන් සිත පාපී සිතිවිලි ඇති කරන්නට පෙළඹීම පරිහානියට හේතූය.
කුසලතාවයන් වර්ධනය කරන සංසාරික පුහුණුව
කෙතරම් දේශනයන් ශ්‍රවණය කරනු ලැබුවත්, එම කරුණු වටහා ගැනීමට නොහැකිවන බාධකය මාන්නාධික බවයි. නෙළුම් කොළය මත ජලය නොරැඳෙන්නාසේ ද පිරුණු බඳුනකට වතුර වත්කළාට ඵලක් නැතුවා සේද මාන්නාධික මනස ක්‍රියාකරයි.
සෙන් කතාවකට අනුව සෙන් ගුරුවරයෙකුගේ ඥානය පිළිබඳව බටහිර ලෝකය පුරා ප්‍රචලිත වීමත් සමඟම බටහිර මහා පඬිවරයෙකු සෙන් ගුරුතුමා සොයා පැමිණෙයි. ආසියාතික මැද පෙරදිග මහ ගුරුතුමන්ලා අප තරම් දාර්ශනිකයන් වෙන්නේ කොහොමද? මම ඔහු දණගස්වා එන්නම් යනුවෙන් බටහිර පඬිවරයාද ප්‍රකාශ කරයි. ගුරුතුමා විසින් සාදන ලද තේ භාජනය රැගෙන බටහිර පඬිවරයා ඉදිරියට පැමිණෙන සෙන් ගුරුතුමා භාජනය පිරෙන තෙක් තේ වත්කරයි. භාජනය පිරී ඉතිරී පීරිසියෙන් ඉවතට හැලී යන තෙක් තේ වක්කරමින් සිටින අවස්ථාවෙහි ඔබ මහා බුද්ධිමත් උගත් පඬිවරයෙකු බවට මම සිතාගෙන සිටියාට ඔබ තේ ටිකක් වත්කරගන්න දන්නේ නැහැනෙ. තේ දෝරගලමින් අපතේ යන ආකාරය තේරෙන්නේ නැද්ද?
උපද්‍රව උපදින්නේ කාටද?
මේ උතුම් බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්‍යාණ, සද්පුරුෂ ආශ්‍රය නිසා බව තථාගතයාණන් වහන්සේ වරෙක ආනන්ද තෙරණුවන්ට වදාළහ. උතුම් වූ නිවන පිණිස පණ්ඩිත ලක්ෂණවලින් යුතු සද්පුරුෂයෙකු වීම අවශ්‍යයයි."
බට දඬුවලින් හෝ තණ කරලින් කරන ලද ගෙයක් ගිනි ඇවිළෙන්නේ ද එය බිය ගෙන දෙන්නේය. ඇතුළත හා පිටත හුනු පිරියම් කරන ලද, වැළක් වූ සුළඟ ඇති, අගුල් දැමූ, වැසූ කවුළුදොර ඇති කූඨාගාරයක් යම් සේ දැවෙන්නේ ද එය බිය ගෙන දෙන්නේ ය.
ඒ ආකාරයෙන් යම් බියක් උපදින්නේ නම් ඒ භිතීන් සියල්ල බාලයා නිසා ම උපදින්නේය. පණ්ඩිතයා නිසා නූපදින්නේ ය. යම් උපද්‍රවයක් වේ නම් ඒ හැම උපද්‍රවයක් ම බාලයා නිසා උපදින්නේ ය. පණ්ඩිතයා නිසා නූපදින්නේ ය.” යැයි තථාගත බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේ බාල වග්ගයේ දී දේශනා කොට වදාළහ.
අභියෝග ජය ගන්නේ කෙසේද?
අක්කොධෙන ජිනේ කොධං
අසාධුං සාධුනාජිනේ,
ජිනෙ කදරියං දානෙන
සච්චේන අලිකවාදිනං’
ජීවිතය යනු අභියෝග රැසකි. උපතේ සිට මරණය දක්වා ඇති ක්‍රියාකාරකම් සියල්ල අභියෝගයන්ගෙන් පිරී පවතී. සියලු දෙනාටම එන අභියෝග පොදු වුවත් මිනිසුන් ඒවාට මුහුණ දෙන ආකාරය විවිධයි. ඒ අතර සමහරු ඉතා සාර්ථකව අභියෝගවලට මුහුණ දී ජය ගන්නා අතර තවත් සමහරු ඒවා ජය ගත නොහැකිව ජීවිතයෙන්ම පරාජිත වෙති.
මිනිස් සිතේ ඇතිවන භය, තැති ගැනීම් ආදිය නිසා අභියෝග තේරුම් ගත නොහැකිව අන්දමන්ද වූ ස්වභාවයට පත්වේ. ඇතැම් විට දුක වේදනාව නිසා අභියෝග ඇතිවේ. කෝපය, වෛරය, ආශාව නිසාද අභියෝග ඇති වේ. ජීවන ගමනේ දී මෙසේ ඇති වන්නා වූ විවිධාකාර අභියෝග ජය ගන්නට නම්, ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට නම් ශක්තිමත් සිතක් ඇවැසිය. එවැනි ශක්තිමත් බවක් ඇති කර ගන්නට මව්පිය අවවාද, පැවිදි උතුමන්ගේ අනුශාසනා, මඟ පෙන්වීම්, දහම් පොත පත කියවීමෙන් ලබා ගන්නා දැනුම උපකාරි වෙයි.
Subscribe to:
Posts (Atom)