ප්‍රශ්නය -
බුදුරජාණන් වහන්සේ පුද්ගල හා සමාජගත මෙන්ම පාරිසරික පවිත්‍රතාව පිළිබඳව බෙහෙවින්ම සැලකිලිමත් වූහ. ප්‍රථම රහතන් වහන්සේ සැටනම ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර එහිදී ‘මහණෙනි! මුල, මැද හා අග යහපත් වූ ධර්මය දේශනා කරව්’ යැයි වදාළහ. මෙහි සඳහන් ‘මුල’ යහපත් වූ ධර්මය ලෙස හඳුන්වන්නේ දිවි පෙවෙතක දෛනික (දිනපතා) කටයුතු ලෙස සලකන ඇවතුම් පැවතුම් සිරිත් විරිත් ඇතුළත් සීලය පදනම් කර ගත් පිළිවෙතයි. සමස්ත සමාජයේ (පැවිදි ගිහි සිව්වනක් පිරිස) පුද්ගල චර්යාව සකස් කිරීමට සුදුසු පරමාදර්ශී පුද්ගල ආකෘතියක් තුළ පැවතිය යුතු උසස් ඇවතුම් පැවැතුම් හා සිරිත් විරිත් පිළිබඳ මූලික දේශනා ලෙස විනය පිටකයෙහි ඛන්ධක විනය දේශනා හැඳින්විය හැකිය. මෙය පැහැදිලි කරන්න.
පිළිතුර- බුදුරජාණන් වහන්සේ ගොඩනැඟූ® පරමාදර්ශී භික්ෂූ සමාජය නිර්වාණගාමී ප්‍රතිපදාවට සමගාමීව උසස් චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වා දෙමින් ඔවුන් තුළ කායික පාරිශුද්ධිය හා මානසික පාරිශුද්ධියත් යන උභය පාරිශුද්ධිය ම ඇතිවිය යුතු බවද පෙන්වා දුන්හ. එය නොපැහැදුණු අයගේ ප්‍රසාදය පිණිසත් පැහැදුණු අයගේ් ප්‍රසාදය වැඩිදියුණු වීම සඳහාත් හේතුවන්නක් බව වැඩිදුරටත් සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි භාරතීය සාමයික පසුබිම තුළ මෙබඳු නව සමාජ රටාවක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කළේ අනුගාමික පිරිසක් බිහිකර නායකත්වයේ ප්‍රභූත්වය අන්‍ය ආගමිකයන්ට හුවා දැක්වීම පිණිස නොවේ. තම ශාක්‍යපුත්‍ර භික්ෂූ පිරිස පරමාදර්ශී පිරිසක් වශයෙන් (ආසන්න සමීපතම පිරිස) වශයෙන් ගෙන ඒ තුළින් සිව්වනක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක - උපාසිකා) ආවරණ වන සේ ඉහතින් සඳහන් කළ පරමාදර්ශී භික්ෂූ සමාජ ආකෘතිය (සැලැස්ම) තුළ උසස් සමාජයක් උත්තම සමාජයක් බිහි කිරීමයි.
ඒ උදාර පරමාධ්‍යාශය උන්වහන්සේ බෝධිමූලයේ සිටම පළමු ධර්ම දූතමෙහෙවර දක්වාම පියවරෙන් පියවර ඉදිරියටම ගෙන ගිය බව පැහැදිලිය. ඛන්ධක විනය දේශනා තුළින් නිර්වාණ ප්‍රතිපදාවට අනුගතව (කරණීයං අත්ථකුසලේන යං තං සංතං පදං අභිසමෙච්ච) ප්‍රවේශවන්නා වූ භික්ෂූන් වහන්සේ තුළ ශීලය, විනය එය අනිවාර්යයෙන් තිබිය යුතු අතර නිවන් මගට ප්‍රවේශවන්නා වූ සැම මෙයට ඇතුළත් විය යුතු බවද අවධාරණය කළහ.
ඛන්ධක විනය දේශනා අතර ආගන්තුක වත, ආවාසික වත, භක්කග්ග වත පිණ්ඩචාරික වත, ආරඤ්ඤක වත, සේනසන වත, ජන්තාඝර වත, වච්චකුටී වත, උපජ්ඣාය වත, සද්ධි විහාරික වත, ආචරිය වත, අන්තේවාසික වත, යන වත් ඊට ඇතුළත් වේ. එම වත් පිළිවෙත් වලට අනුගත වීම පුද්ගල පාරිශුද්ධිය මෙන්ම පාරිසරික පවිත්‍රතාවයට ද ගරු කිරීමක් වේ. වර්තමානික ඇතැම් ජාතික අධ්‍යාපනික ආයතනයන්හි පවා එම ඇතැම් චර්යා ධර්ම ප්‍රගුණ කරන්නේ්නම් සාමාජික විනය පිරිහීමක් ඇති නොවන්නට ඉඩ තිබුණි. මිනිසා කෙරෙහි පමණක් නොව සතා සිවුපාවා වෙත ද ගහ කොළ වාතය පරිසරය තුළ හිත මිතුරු බැල්මක් නො හෙලන සීලාචාර බවින් අන්තයට ගිය සමාජයක් බිහිකළේ මේ උතුම් බෞද්ධ චර්යා ධර්ම සමහර විට පාසලෙන් පන්සලෙන් ඉවත්ව ගිය නිසා බවක් පෙනේ.
ආගන්තුක භික්ෂුවක් ආරාමයකට පිවිසීමෙහිදී පාවහන් මුදා කුඩය හකුළා හිස විවරකොට හිසෙහි වූ සිවුරු උරහිසෙහි කොට ආරාමයට පිවිසිය යුතු යැයි ශික්ෂාකාමී ඇවතුම් පැනවූහ. එසේ පිවිස ආවාසික භික්ෂූන් වහන්සේ හමු වී වාසය කරන ස්ථානය පාත්‍රය තබන ස්ථානය සිවුරු තැබිය යුතු ස්ථානය පානීය ජලය පරිභෝග ජලය පිඬුසිඟා යාම් සඳහා ගෝචරය. (ප්‍රදේශයේ) වැසිකිළි, කැසිකිළි ආදී ආගන්තුක භික්ෂූන් වහන්සේ නමක් විසින් දැනගත යුතු සියලු කරුණු විචාර දැනගත යුතු බව (චුල්ලවග්ග පාලි 2 - 337 පිටු) බුදුරජාණන්වහන්සේ වදාළහ. ආගන්තුක භික්ෂූන් වහන්සේ ආරාමයකට ඇතුලත්වීමෙහි දී පාවහන් ගලවා, පා සෝදා ඇතුළුවීම පුද්ගල හා පාරිසරික පවිත්‍රතාවයට හේතුවන්නකි. පාවහන් පැළඳ නිවාස තුළට පිවිසීමෙහිදී පාවහන් හි ඇති අපවිත්‍ර දෑ, විෂ බීජ තැවරීමෙන් පුද්ගල සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇතිකරයි.
ආචාරශීලි ඇවතුම්, පැවතුම් අගය කරන්නෝ ආගන්තුකව හෝ නිවසකට ඇතුළු වීමෙහිදී පාවහන් ගලවා ඇතුළු වෙති.
ආගන්තුක වතෙහිදී පා සේදිමෙහි දී පරිභෝග ජලයෙන් පා සේදිය යුතු අතර පා සෝදන්නා විසින් එක් අතකින් පැන්වත් කොට අනෙක් අතින් පා සේදිය යුතුය. එකම අතින් පැන් ඉසීමත් පා සේදීමත් නොකළ යුතුªය. එකම අතින් පැන් ගෙන පා සේදී මේදී පරිභෝග ජලයට විෂබීජ එකතුවිය හැකිය. කුෂ්ට රෝග වැනි අසනීප තත්ත්ව ඔහුට පවතින්නේ නම් එය බොහෝ දෙනෙකුට වැළෙඳනු ඇත. මෙය පුද්ගල හා සමාජ පාරිශුද්ධතාව හා සෞඛ්‍ය සංරක්ෂණය සඳහාම හේතු වන්නකි.
සේනාසන’ වත පැනවීමට හේතුවූයේ ජබ්බග්ගිය භික්ෂූන් (හයේ කණ්ඩායම) ඉදිරි මිදුලෙහි උඩු සුළඟට ඇඳ පුටු ගසා දැමීමයි. එවිට සෙසු පිරිස දූවිල්ලෙන් වැසී ගියේ ය. මේ සියලු දෑ සැලකිල්ලට ගත් බුදුන් වහන්සේ සේනාසන වත පැන වූ සේක. සෙනසුනෙහි දූවිලි තැවරී, ඇත්නම් දිය ඉස පිස දැමිය යුතු බවත් භික්ෂූන් සමීපයෙහි වෙහෙර සමීපයෙහි, පරිභෝග ජලය සමීපයෙහිද ඉදිරි මිදුලෙහි උඩු සුළෙ¼ගහිද යටි සුළඟයෙහිද සෙනසුන් ගසා දැමීම නො කළ යුතු බව පැනවූහ. (චුල්ලවග්ග - පිටු 238) ඇතැම්විට වර්තමානික සිව්වනක් ශ්‍රාවක පිරිස මෙම සත්චාරිත්‍ර හඳුනා ගැනීමක් තබා ඒ සඳහා පෙරදැක්මක්වත් නැති බවක් පෙනේ. ඒ අතර ගෘහ ජීවිත චර්යාව - සන්නිවේදන සහ ජංගම දුරකතන හරහා (විසුක දස්සන) විකාර දර්ශන හා කාම අපරාධ හා සමාජ දුෂකයන් ගේ චර්යාධර්ම හදාරා බුද්ධිය අවුල්කර ගෙන ඇතැම් ජීවිත විනාශය කරා යනු ඇත. බුදුසමය පහලවීමට පෙර ශ්‍රමණ ප්‍රතිපදා අනුගමනය කළ ඇත්තන් මළ පහ කොට (වසමග - පස්මග) පිරිසුදු නොකර ජලයෙන් නොසෝදා සිටියහ. එය ගර්හාවට ලක් කළ බුදුන්වහන්සේ (චු. පාලි 239) එසේ නො කරන්නවුන්ට ‘දුකුළා’ ඇවැත් සිදුවන බවද වදාළහ. පුද්ගල පවිත්‍රතාවයත් සාමාජික යහපැවැත්මත් සැලකිල්ලට ගෙන ‘වච්චකුටී’ වත පනවන්නට ඇත.
භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාව ඇතුළු සෑම අවස්ථාවකදී වෘද්ධ පටිපාටිය (පැවිදි වැඩිමහලු අනුපිළිවෙල ) අනුගමනය කිරීම සාමාන්‍ය සිරිතයි. එහෙත් වැසිකිළි භාවිතයෙහි දී වෙනස්කර ආගත පටිපාටිය (පැමිණි පිළිවෙළ) අනුගමනය කළයුතු බව වදාළහ.
ප්‍රශ්නය -
බුදුසිරිතේ එන මෙවන් තොරතුරු ද හැදෑරීම බෞද්ධ ශ්‍රාවකයකු තුළ බුදුබැතිය වැඩිදියුණු වනවා පමණක් නොව බුදු සිරිතෙන් බොදු මගටත් නිවනටත් සමීපතම වෙයි. ‘කරණීය මෙත්ත සුත්‍රාගත’ දහමට අනුව ‘දිට්ඨිං ච අනුපගම්ම දස්සනෙන සම්පන්න’ ගුණයෙන්ද පෝෂිතව නිවන් මගට සත්‍ය වශයෙන්ම පිළිපන් ශ්‍රාවකයකු වෙයි. බුදු සිරිත හැදෑරීමෙන් බොදුනුවො ඉබාගාතේ ගොස් අබ්බගාතයකු නොවී බුද්ධානුස්සතිය ද වඩා භාවනාවද වඩා ප්‍රඥාවද පහළ කරගනිති. බුදුරජාණන් වහන්සේ වෛද්‍යාචාර්ය හෙවත් මහා වෙදාණ කෙනකු වශයෙන් (සක්කත්වා බුද්ධ රතනං ඔෂධං උත්තමං වරං’ ආදී වශයෙන් සඳහන් කරන පරිදි ) හඳුනාගත හැකි මං සලකුණු පෙලපොත් ඇසුරුකොට පැහැදිලි කරන්න.
පිළිතුර - පිළිතුර සකස්කර ගැනීම සඳහා විනය පිටකයෙහි මහාවග්ගපාලි භේසජ්ජක්ඛන්ධකයේ සඳහන් තොරතුරු ප්‍රමාණ වශයෙන් ගෙන වෙදකම පිළිබඳව උන්වහන්සේ තුළ පැවැති සුවිශේෂ ප්‍රඥාව ප්‍රකට කළ හැකිය. එම සුවිශේෂ දැනුම් සම්භාරය මෙසේ ගොනුකළ හැකිය.
1. විවිධ රෝග සඳහා නියමිත ඖෂධ
2. රෝග නිශ්චය කළ වෛද්‍යවරයකු සේ නියමිත ඖෂධ අනුමත කිරීම
3. නිශ්චිතව රෝග විනිශ්චයක් නැති ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම
4. හෙදකම මෙන්ම ඖෂධීය ආහාරපාන මගින් රෝග සුවපත් කිරීම
තවද උන්වහන්සේ කායික රෝග සඳහා නියම කළ බෙහෙත් වර්ග කර මෙසේ දක්වා ඇත.
1. සත්ව තෙල් - වසා භෙසජ්ජ
2. ගස් කොළ පොතු මුල් - මූල භෙසජ්ජ
3. කසාය බෙහෙත් - කසාව භෙසජ්ජ
4. කොළ බෙහෙත් - පණ්ණ භෙසජ්ජ
5. ඵල බෙහෙත් - ඵල භෙසජ්ජ
6. මැලියම් බෙහෙත් - ජතු භෙසජ්ජ
7. ලුනු බෙහෙත් - ලොණ භෙසජ්ජ
යන බෙහෙත් වර්ග මා - පාලි භෙසජ්ජක්ඛන්ධකයෙහි දක්නට ලැබේ.
පිළින්ද වච්ඡ තෙරුන්ට ඇති වූ හිස රුදාවක් සඳහා ඖෂධ හා ප්‍රතිකාර විධි ගණනාවක් දේශනා කර වරෙක වාත රෝගයක් සඳහා ස්වේද කර්මයද අනුදැන වදාරා ඇත. උන්වහන්සේම තවත් වරෙක සන්ධි රුදාවකින් පෙළෙන්නට වූහ. බුදුන් වහන්සේ මෙම රෝගය සඳහා ලෝහිත මෝචනය’ හෙවත් ලේ ඇරීම කළයුතු යැයි දක්වා එය සිදු කිරීමට අඟක්ද අනුදැන වදාළහ. ශරීරයේ දුෂිත වූ රුධිරය බැහැර කිරීම සුදුසුබව පෙරදිග වෛද්‍ය ක්‍රමයේද සඳහන් වෙයි. (ආයුර්වේද ව්‍යකරණය 159 පද) ගව අඟ උණුසුම්ය. මිහිරි සහිතය. සිනිඳුයි. එහෙයින් වාතයෙන් දූෂිත වූ ලේ ඇතිකල් හි ඒ ගව අඟ ලේ හැරීමෙහි හිතකර වේ.
එක්තරා භික්ෂුවක් ශරීරයේ හටගත් ගෙඩියක් (ගණ්ඩාබාධ) හේතුකොට ගෙන බලවත් වේදනාවට පත්විය. බුදුන් වහන්සේ එම භික්ෂුව පරීක්ෂා කොට ශල්‍ය කර්මයක් නියම කළහ. ශල්‍ය කර්මයෙන් පසුව තුවාලය සේදීම සදහා කසට වතුර තුවාලයෙහි ආලේප කිරීම සඳහා කල්කය, තුවාලයෙහි ආරක්ෂාව සඳහා පැලැස්තරයද වෙලුම්පටි ද නියම කළහ. තුවාලයේ කැසීම් ඇතිවන්නේ නම් තුවාලය වටා අබ කුඩු ඉසීමද ඔජස් වැගිරෙන්නේ නම් දුම් ඇල්ලීමද නියම කළහ. (මහා. පාලි භෙස 534 පිට)
බුදුන් වහන්සේ කායික රෝග සඳහා ඖෂධ හා ප්‍රතිකාර නියම කළාසේ ම නිරෝගීතාවය රැකගැනීම සඳහා ආහාරද නියමකොට ඇත. උපන් සත්ත්වයාට යැපීමට ආහාර නොතිබීමද රෝගයක් වශයෙන් (ජිගච්ඡා පරමා රෝගා) බුදුසමය පිළිගනී. පුද්ගල ආරෝග්‍යය සඳහා කායික ව්‍යායාමය බුදුරදුන් අනුමත කළහ. ඒ සඳහා සක්මන් කිරීමද එහි අනුසස් ද මෙසේ වදාළහ.
1. දුර ගමන් යාමේ පහසුව ඇතිකරයි.
2. නිරෝගී ඉන්ද්‍රිය පද්ධතියකට
එය හේතුවක් වෙයි.
3. යෝග භාවනාව සඳහා බෙහෙවින් ආධාරක වේ.
4. ආහාර ජීර්ණය සඳහා යෝග්‍ය වෙයි
5. සිත්හි නිරාකූ®ල බවට හේතුවෙයි (අ.නි.5)
වහුමුවේ විජයවංස නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ
දෙසැම්බර් 19 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment