සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රයේ ද දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණ හා අසූ අනුව්‍යඤ්ජනයන්ගෙන් බුද්ධ ශරීරය සමලංකෘත බව සඳහන් කරයි. පාලි ති‍්‍රපිටකයේ දී දෙතිස් ලක්‍ෂණ බුදුවරයෙකුට හෝ සක්විති රජෙකුට පමණක් සීමා වන බව කියන මුත් සද්ධර්ම පුණ්ඩරීකයේ දී විවරණය වන්නේ බෝසත් අවධියේ පටන්ම මෙම ලක්‍ෂණ පහළ වන බවයි.
සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රයේ දී අනේක බුද්ධ සංකල්පය ද මෙහිලා සඳහන් කිරීම යෝග්‍ය ය. ථෙරවාදීන්ට අනුව මහා පුරුෂ ලක්‍ෂණ පහළ වනුයේ සක්විති රජ කෙනෙක් තුළ හෝ බුදුවරයෙකු තුළ පමණි. ඒ උතුමන්ලාගේ පහළ වීමද අතිශය දුර්ලභ ය. එහෙත් අනේක බුදුවරයන් එකවර සමකාලීනව පහළ වීම දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුක්ත වීමත් සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රයේ අනුමත කරයි.
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වර්ණනා කරන පාලි සූත‍්‍ර ධර්ම අතර දීඝනිකායේ ලක්ඛණ සූත‍්‍රය, මහාප‍්‍රදාන සූත‍්‍රයජෙ නිකායේ බ‍්‍රහ්මායු සූත‍්‍රය, සේල සූත‍්‍රය, සුත්ත නිපාතයේ වත්ථු ගාථා සහ පශ්චාත් කාලීන කෘතියක් වන පජ්ජමධු නම් කාව්‍ය ග‍්‍රන්ථය ආදිය මූලික වන්නට වූ අතර මුල් සූත‍්‍ර තුන සම්පූර්ණ මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස පිළිබඳ පරිපූර්ණ විවරණයක් ඉදිරිපත් කරයි.පාලි මූලාශ‍්‍ර හැරුණු විට මේ ලක්‍ෂණ පිළිබඳ මහා වස්තුව (කි‍්‍ර.ව. 2 –4 ) සංක්ෂේප විස්තරයක්ද ලලිත විස්තරයේදී (කි‍්‍ර.පූ. 1 – කි‍්‍ර.ව. 2 ) දෙතිස් ලක්‍ෂණ පිළිබඳ සම්පූර්ණ විස්තරයක්ද අසූවක් අනුව්‍යඤ්ජනයන් ගැන විවරණයක් ද ඉදිරිපත් කරයි. පාලි අනුක‍්‍රමයේත්, ලලිත විස්තරයේ දක්නට ලැබෙන සුවිශේෂී වෙනස නම් පාලියෙහි දෙපතුළ සිට ශීර්ෂ මුදුන දක්වා ලක්‍ෂණ එකිනෙක සංග‍්‍රහ කරන අතර ලලිත විස්තරය ශීර්ෂයේ සිට පාදාන්තය දක්වා සංග‍්‍රහ කිරීමයි. ලක්ඛණ සූත‍්‍රයේ විවරිත පිළිවෙළට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දක්වා විමර්ශනය කිරීම සිදු කරනු ලැබේ.
i. සුප්පතිට්ඨිත පාද
මනාව පිහිටි පාද (සු + පතිට්ඨිත + පාද) යනු මෙහි අදහසයි. බුදුරදුන්ගේ මෙම ලක්‍ෂණ පිළිබඳ විවරණය කරන සුමංගල විලාසිනී අටුවාව ‘අන් අයගේ පතුල් බිම තබන විට අග කොටස හෝ විලුඹ හෝ එක් පැත්තක් පළමුවෙන් පොළොව ස්පර්ශ කරයි. මැද හිස් ය. ඔසවන විටත් අග හෝ විලුඹ හෝ කොසටක්ව එසවේ. බුදුන්වහන්සේගේ පතුල් වූ කලි රන් මිරිවැඩියක් සේ එකවර බිම වදී. එකවරම පොළොවෙන් එසවේ’ මෙම ලක්‍ෂණය ගැන විමර්ශනය කරන විට අසාමාන්‍ය අංග ලක්‍ෂණයක් බැව් දෘෂ්‍යමාන වේ.එහෙත් එබඳු සමතල පාද ඇති වීම විශිෂ්ටත්වය හඟවන සංකේතයක් ලෙස සිතිය හැකි ය. මෙම විශේෂ ලක්‍ෂණය වර්ණනා කෙරෙන ජිනාලංකාර වණ්ණනාව හා ධර්මප‍්‍රදීපිකාව මෙසේ විවරණය කරයි. ‘බුදුන්වහන්සේ ගමන් කරන විට පොළවේ උස්තැන් පහත්ව පහත් තැන් උස්ව සමතලා බිමක මෙන් ඒකාකාර වේ. අතිපරිශුද්ධ උත්මයාණන් වහන්සේ ගමන් කරන විට අතිශයින් මෘදු වූ පතුල් තල සමසේ පොළොවේ ස්පර්ශ වන අතර දුහුවිල්ලෙන් දුර්වර්ණ වේ.’ පජ්ජමධුව හැම තැනම මනාව පිහිටන්නා වූ ශ්‍රී පාදය වර්ණනා කරනුයේ රන්වන් වූ සියුම් සිවියෙන් සෞම්‍ය වූ ඉදිබුවෙකුගේ පිටක් මෙන් ක‍්‍රමයෙන් උස්ව බබළන බවයි. ලක්ඛණ සූත‍්‍රය මෙම ලක්‍ෂණය විවරණය කරමින් සමානව බිමෙන් එසවෙන බවත් සමානව පොළව මත පිහිටන බවත් සඳහන් කරයි.
ii. හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි
යටි පතුලේ සුප‍්‍රතිෂ්ඨිත චක‍්‍ර ලක්ෂණය මෙයින් පැහැදිලි කෙරේ. මෙය ශ්‍රී පාදයෙහි ප‍්‍රතිෂ්ඨාපිත චක‍්‍ර ලක්‍ෂණය විශේෂ සලකුණක් සේ ලක්ඛණ, මහා ප‍්‍රදාන හා බ‍්‍රහ්මායු සූත‍්‍ර විවරණය කළා සේම පජ්ජමධුව ද චක‍්‍ර හා සම්බන්ධ ඇතැම් බාහිර ලක්‍ෂණ ගැන විස්තර ඉදිරිපත් කරයි. දහසක් දැවි ඇති, නිම් වළලු සහිත මනා බෙදුම් ඇති සර්වාකාර පරිපූර්ණ චක‍්‍ර ලක්‍ෂණය යටි පතුලෙහි පිහිටි බව මෙයින් විස්තර කෙරේ.ලක්ඛණ සූත‍්‍රයේදී ද මේ අයුරින්ම චක‍්‍ර ලක්‍ෂණය හා සම්බන්ධ බාහිර ලක්‍ෂණ වර්ණනා කර ඇත. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ අතුරෙන් චක‍්‍ර ලක්‍ෂණය අතිශයෙන් වර්ධනයට පත් ප‍්‍රධාන ලක්‍ෂණයකි. මූලික චක‍්‍ර ලක්‍ෂණය පරිවාර ලකුණු රාශියකින් සංවර්ධිත විය. ඒ පරිවාර සංකේත රාශිය ගණනින් 108 කි.
‘චක‍්‍රරත්නය (චක්කා), ශ්‍රී අංගය (සිරිවච්ඡකො), ස්වස්තිකය (ස්වස්ති) දක්ෂිණාවර්තය (නන්දවත්ති), අවතංසකය (අවතංස), භද්‍රපීඨය (භද්දපීඨං), පුන්කළස (පුණ්ණකුම්භො), පූර්ණපාති‍්‍ර (පාති), ශ්වේතච්ඡත‍්‍රය (සොතාතපත්ත), කඩුව (ඛග්ගො), තාලවන්ත සහිත විජිනිපත (සතාලවණ්ටසංවීජනී), මයුර හස්තය, (මොරහෙත්‍ථා), අංකුසය (අකුසො), ප‍්‍රාසාද ලක්‍ෂණ(පාසාද), උෂ්ණීෂකය (උණ්හීස), උත්පල (උප්පල), මාණික්‍ය (මණි), පද්මය (පදුම), සමුද්‍රය (සමුද්දො), මෙරු පර්වතය (මෙරු), චක‍්‍රවාට පර්වතය (චක්කවාළසිඛරී), හිරු (සූරො), සඳ (චෙÁදා), නක්‍ෂත‍්‍ර (නක්ඛත්ත), සක්ලකුණ (චකකං), ධජය (ධජො), මහාවිජයොත්තරසක (මහාවිජයුතතරාකඛ්‍යංසංකං), ස්වර්ණ මත්ස්‍ය යුගල (සොවණණ මච්ඡයුගලං), සෙමෙර (චාමර) කිඹුල් ලකුණ (කුම්භීලදග්ගහිතතො), සප්ත මහාගංගාවෝ (සත්තාපගා), සප්ත මහාවිල් (දහාචසත්ත), සප්තකුඨ පර්වත (සෙලාචසත්තං), පතාකා (පතාකා), පටඬ්කි (පටඬ්කි), කේසරසිංහ (මිගින්ද), ගුරුළුරජ (සුපණ්ණරාජ), වළාහක අශ්වරාජ (වළහක අසසපති), ජද්දන්ත ඇත්රජ (ජද්දන්ත), උපොසිථ හස්තිරාජ (චරණූපොසථහත්ථිරාජ), කෛලාස පර්වත ප‍්‍රතිමාව (කෙලාසසෙලපටිමා), හංසලකුණ (පාදහංස), ඓරාවන හස්තිරාජ (එරවනොකරිවරො), වාසුකි නම් නාගරාජයා (වාසුකි නාගරජො), මයුර රාජා (මොරරාජං), චතුර්මුඛ ස්වර්ණ නෞකා (චතුමුඛහෙමනාවා), කරවීක පක්ෂියා (කරවීක පක්ඛි), සක්වාළිහිණියා (චක්කවාක), මකර ලක්‍ෂණය (මකරා), කොස්වාළිහිණියා (කොංච), ජිවංජීව (ජීවජීව), කිංපුරිස (කින්නර), කින්නරාංගනා (කින්නරී), වෘෂභරාජයා (උසභො), වස්සා සහිත ධෙනුව (සවච්ඡධෙනු), සොඪස බ‍්‍රහ්ම ලෝක (සොළසධාතුධාම), සත්වරූප (පද සත්තරූපා) “ ආදිය ඒවා අතර වෙයි.
අට්ඨකථාවේ දැක්වෙන්නේ චක‍්‍ර ලක්‍ෂණය තුළ සටහන්ව ඇත්තේ ලක්‍ෂණ කිහිපයක් පමණකි. අට්ඨකථාවට පසුව රචිත සිංහල කෘතියක් වන ධර්මප‍්‍රදීපිකාවේ සිරිපතුලෙහි සංකේත 65 ක් පමණක් අන්තර්ගත බව දක්වා ඇත.
චක‍්‍ර ලාංඡනය පිළිබඳ මෙකී විවරණයෙන් බාහිරව ශ්‍රී පාද පතුළෙහි චක‍්‍ර ලක්‍ෂණයක් පිහිටි බව අංගුත්තර නිකායෙන් හමුවේ. බුදුන් වහන්සේ උක්කට්ඨා සහ සේතව්‍ය මහා මාර්ගයේ හුදකලාව වඩින විට ඒ මාර්ගයේ ගමන් ගත ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පිය සටහනෙහි වූ අර, නිම් වළලු, චක‍්‍ර, නාඹි හා ඊට අදාළ උපාංග සියල්ල පරිපූර්ණ වූ චක‍්‍ර සටහනක් දැක ඇත. පශ්චාත් කාලීන කෘතිවල බුදුන්වහන්සේගේ අතිමානුෂික මහිමය ප‍්‍රභාවිත කිරීම සඳහා පත්ළෙහි චක‍්‍ර ලක්‍ෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය වර්ණනාවක් ඇතුළත් කර ඇත. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තරයක් ගෙන හැරපාන පජ්ජමධුව, චක‍්‍ර ලක්‍ෂණය කුසලතා පූර්ණ කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද චක‍්‍රයක ආකාර බැව් සඳහන් කරයි.
iii. ආයතපණ්හි
බුදුන්වහන්සේගේ පාදය දීර්ඝ හා පරිපූර්ණ විලුම් ඇති බව මෙයින් විවරිතය. බුදුන්වහන්සේගේ විලුඹ දිගය. පරිපූර්ණය. ශ්‍රී පාදයේ කොටස් අතරට බෙදුව හොත් එයින් කොටස් දෙකක් යටි පතුළ හා ඇඟිලි සඳහා වෙයි. තෙවෙනි කොටස කකුලෙන් පුරුකෙන් වැසී ඇති අතර සිව්වෙනි කොටස පසු පසට නෙරා ගිය විලුඹකින් බුදුරදුන්ගේ දික් වූ විලුඹ ඇත්තේ වෙයි.iv. දීඝංඟුලි
පාලියේ දී මහාපුරුෂ ලක්‍ෂණ පාදයෙහි පටන් හිස දක්වා ආරෝහණ ක‍්‍රමයට සංග‍්‍රහ වී ඇත. ලලිත විස්තරය වැනි ඇතැම් සංස්කෘත ග‍්‍රන්ථවල ඉසේ සිට පාදය දක්වා අවරෝහණ ක‍්‍රමයට විස්තර ඉදිරිපත් කරයි. පජ්ජමධුවේහිදී ‘පාදම්බුජම්බු’ යනුවෙන් ශරීරයේ පහළ කොටසට අයත් ලක්‍ෂණ අතරට එය ඇතුළත් කර ඇත.පජ්ජමධුවේ පළමු ගාථාවෙන්ම ශ්‍රී පාදය පියුමකටද, ඇඟිලි පියුම් පෙතිවලට, නිය අමෘතය මෙන්ද, වර්ණනා කර ඇත. ශ්‍රී පාදයෙහි දිගු වූ ඇඟිලි මහාපුරුෂ ලක්‍ෂණයක් ලෙස ලක්ඛණ සූත‍්‍රයේද විචරිතය.
v. මුදුතලුනහත්ථපාද
මහා පුරුෂයාගේ අත් පා තල පිළිබඳ මෘදු මොළොක් බව ප‍්‍රකාශ කෙරෙන ලක්‍ෂණය මෙයයි. උන්වහන්සේගේ අතුල්පතුල් තල සියක්වර පොළා ගිතෙල් බඳුනක බහාගත් කපු පුළුනක් මෙන් මෘදුය. වයසට පත්කලද එකෙණෙහි උපන් ළදරුවෙකුගේ මෙන් ඒවා මෘදුය. මෘදු මොළොක් අතුල් පතුල් ඇත්තේ ද වේ.vi. ජාලහත්ථපාද
දැල් කවුළුවකට බඳු අත් පාද ඇති බව මේ ලක්‍ෂණයෙන් කියවිණි. ‘ජාල’ යනු දැල යන අර්ථයයි. ජාලහත්ථපාද ලක්‍ෂණය මහාපුරුෂ ලක්‍ෂණවලින් එකකි. බුදුන්වහන්සේගේ අත්පාදවල පිහිටි ජාලයක් බඳු වූ ලක්‍ෂණ උන්වහන්සේගේ හස්තයේ මාපටඟිල්ල හැර, අනෙක් ඇඟිලි හතරත් පයේ ඇඟිලි පහත් යන මේවා එක සමාන උසින් පිහිටා තිබීමත් සමව පුරුක් පිහිටා තිබීමත් යන ලක්‍ෂණ මෙයින් කිය වේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් වන මෙය දැල්කවුළුවක් මෙන් ඇඟිලි සමප‍්‍රමාණව අත්පාවලින් යුතු බව කිය වේ.vii. උස්සඬ්කපාදතා
මහාපුරුෂයාට උස් වූ වළලු කරක් ඇති බව කියවෙන අතර මේ පදයට විවිධ අර්ථකථන ඉදිරිපත් කිරීම නිසා එක් එක් සම්ප‍්‍රදායකින් විපරීත ආකාරයන්ගෙන් අවබෝධ කොට ගෙන ඇති බුදුන් සතු මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් එකක් වූ මෙය උඩට පිහිටි ගොප් ඇටය සහිත පා, බොලට පා, නිය වන බව ශබ්ද කෝෂයන් පෙන්වා දෙයි. පාද තලයෙහි දිගින් හරි මැද වළලු කර පිහිටියේ ය. සෙස්සන්ගේ බොලට හෙවත් ගොප් ඇටය උඩු පතුළෙන් මතු පිටට නෙරා තිබේ. එහෙයින් එය ස්තරය, තදය, පහසුවෙන් නැමිය හැකි නොවේ. එසේම යටි පතුළ දිස් නොවේ. බුදුන්වහන්සේ ගමන් කරන විට උඩු කය චලනය නොවේ. එය රන් පිළිමයක් මෙන් නිසලය. යටිකය පමණක් චලනය වේ. කුමක් නිසාද යත්, උන්වහන්සේගේ වළලු කර සන්ධිය එතරම් සුඛනම්‍ය හෙයිනි. මෙබඳු සුඛනම්‍ය, උස්ව මතු වී පෙනෙන වළලුකරයක් ඇති හෙයින් උන්වහන්සේ උස්සඬ්ක පාද ලක්‍ෂණයෙන් යුක්ත වේ.viii. එණිජඬ්ගා
ඕළු මුවන්ගේ කෙණ්ඩා බඳු කෙණ්ඩා ඇති, හාත්පස සමව මසින් පිරී වටකුරු වූ පිරිපුන් කෙණ්ඩා ඇති බව යන ලක්‍ෂණය පිහිටීම මෙයින් හැඳින්විණි. මුවෙකුගේ වැනි ජඬ්ඟා ඇති බව ඔප්පු කිරීම සඳහා උපමාවක් යොදා ගන්නා බුද්ධඝෝෂ හිමියන් මනා ගැළපුණු සන්ධිස්ථාන සහිත උඩට ඉලිප්පී මතු වී පෙනෙන මසින් පිරුණු ජඬ්ගා කෙණ්ඩ යව කරලක් හෝ වී කරලක් හා සමාන බව කියයි. “එණි ජඬ්ගා” ලක්‍ෂණය විවරණය කරන පජ්ජමධුව බුදුන්වහන්සේගේ කෙණ්ඩා දෙක එණි මෘගයන්ගේ ජඬ්ඟද්වය වැනි බවත් උත්සන්න වූ මාංශයෙන් පිරුණු පිරිපුන් කෙණ්ඩා ඇති බවත්, එය හාත්පස සමාන වූ මාංශයෙන් පිරී ඇති බවත් විවරණය කරයි. උපමා දෙකක් දක්වමින් ශ්‍රී කාන්තාවගේ උත්සවයට නිරතුරු සරසා සිටුවන ලද රන් දාර දෙකක් බඳු යැයි ද, තැඹිලි මල් කැකුළු දෙකක් බඳු යැයි ද කියයි.ix. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති
සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය, යන මහාපුරුෂ ලක්‍ෂණය මෙයින් කිය වේ. මෙය මහා පුරුෂයාට දීර්ඝ අත් ඇති බවද කියන අතරම උන්වහන්සේ සෘජුව සිටගත් විට දෙඅත් දණ හිස් දක්වා එල්බ සිටිතැයි ලලිත විස්තරය කියයි. මහා පුරුෂයාගේ මුළු සිරුරම පරිපූර්ණය. උන්වහන්සේට සෘජුව සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය.ගැඹුරු සිත් නමැති විලතුළ ගැලෙන මෛතී‍්‍ර, කරුණා යන ඇතින්නන් දෙදෙනාගේ සොඬමෙන් බුදුරදුන්ගේ අත් දෙක ශරීර නමැති කප් රුකෙහි අතු දෙක මෙන්ද, කප් රුකෙන් ලැබෙන අමෘත ඵලය මෙන් නිර්වාණ නමැති ඵලය ද ලබා දෙන බව පජ්ජමධුවේ දෙබාහු වර්ණනා කරමින් ඉදිරිපත් කරයි. යමෙකුගේ ශාරීරික පරිපූර්ණත්වය ප‍්‍රකට කිරීමට පමණක්ම භෞතික හා ආධ්‍යාත්මික ලෝකයෙහි නායකයෙකු මෙන් කල්පනා කරන මහාපුරුෂයාගේ ශ්‍රේෂ්ඨත්වය අඟවන සංකේතයක් ලෙසින් ද මෙම ලක්‍ෂණය ආරෝපණය කෙරේ.
x. කොසෝහිත වත්ථගුය්හ
කෝෂයකින් වැසුණු පුරුෂ ව්‍යංජනයක් ඇති බව මෙම ලක්‍ෂණයෙන් නිරූපිතයි. ලලිත විස්තරයේදී මෙය ‘කෝසෝපගත වස්ති ගුය්හ’ යනුවෙන් සඳහන් කෙරේ.මෙම ලක්‍ෂණය පැහැදිලි කරන අටුවාව එය හස්තියෙකුගේ හෝ වෘෂභයෙකුගේ මෙන් කෝෂයකින් වැසී තිබෙන බවත් නැතහොත් රන් නෙළුමක බීජ කෝෂය මෙන් හා සමාන වන බවත් කියයි.
මෙම ලක්‍ෂණය වූ කලී මහාපුරුෂ ලක්‍ෂණ පරීක්‍ෂා කරනවුන්ට සැක උපදවන එකෙකි. එහි දී බුදුරදුන් සෘද්ධි බලයෙන් තම රහස් පෙදෙස ප‍්‍රදර්ශනය කළ බැව් පෙළෙහි සඳහන් වේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ බුදුවරයෙකුට හෝ සක්විති රජෙකුට පමණක් සීමා වූවත්, ඇතැම් ලක්‍ෂණ පුද්ගලයන්ට ද තිබිය හැකි බව ඇතැම් සාධක මඟින් නිගමනය කළ හැකි ය. දුටුගැමුණු රජුගේ යෝධයෙකු වූ නන්දිමිත‍්‍ර, කෝෂයකින් වැසුණු රහසඟ ඇති අයෙකු බැව් මහාවංශය සඳහන් කරයි.
xi. සුවණ්ණවණ්ණ
බුදුන්ගේ ශරීරය ස්වර්ණ වර්ණයෙන් යුක්ත ලක්‍ෂණයෙන් හෙබි බව මෙයින් අදහස් කෙරේ. සියුම් සිවිය ඇති ශරීරය නිසා රජස් දූවිලි ශරීරයෙහි නො ගැටේ. පජ්ජමධුව ද උන්වහන්සේගේ සිරුර රන්වන් සෙයින් ම, ගණ රන් පිළිමයක් වැනි යැයි ද, සියුම් සිවිය නිසා රජස් දූවිලි නො ඇලෙන බව ද, එය පියුම් පතෙහි හුණු දිය බිඳක් මෙන් පහවෙන බව ද කියයි.xii. සුඛුමච්ඡවි
මෘදු, සෞම්‍ය සමක් පුරුෂයෙකුට ඇති වීම අස්වාභාවික ලක්‍ෂණයක් නොවූවද මෙම සුඛමච්ඡවි ලක්‍ෂණය පිළිබඳ විස්තර බුද්ධ ශරීරයට අතිමානුෂික විචිත‍්‍රත්වයක් ආරෝපණය කිරීම නිසා එහි ක‍්‍රමික සංවර්ධනය පෙන්නුම් කරයි. සියුම් සිවියකින් බුද්ධ ශරීරය හොබනා බැවින් රජස්, දූවිලි කිසිවිටෙක සිරුරෙහි නොගැටෙයි. නොඇලෙයි. නිරන්තර පාරිශුද්ධත්වයෙන් යුක්ත ය.xiii. එකෙකලොම
එක් ලෝම කූපයෙහි එක් එක් රෝමයක් ඇත්තේ ය. යන ලක්‍ෂණය මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් තවෙකකි. පජ්ජමධුවේ ‘කුටිපග්ගලොමා’ යන්නෙන් ඒකේකලෝම හා උද්ධග්ග ලෝම යන පුරුෂ ලක්‍ෂණද්වයම ප‍්‍රකාශිතය. ලෝකයෙහි සෙස්සන්ගේ එක්රෝම කූපයක් තුළ රෝමකූප දෙක තුනක් තිබිය හැකි ය. එහෙත් බුදුරදුන්ගේ එක් රෝම කූපයක් තුළ එක් රෝමකූපයක් පමණක්ම ඇත.
xiv. උද්දග්ගලොම
දක්‍ෂිණාවර්තව වක‍්‍ර වී ඌර්ධව බලාසිටි අඤ්ජා පැහැ සමාන තද නීලවර්ණ රෝම
මෙම නමින් හැඳින්වේ. මෙම ලක්‍ෂණය පිළිබඳ විවරණය කරන ලලිත විස්තරය දකුණට
කැරකැවී, රෝමාග‍්‍රය උඩු අතට හැරී තිබෙන බව කියයි. ඒ අනුව බුදුන්ගේ
ශරීරයෙහි නීල අඳුන්වන් වූ රෝමයෝ දක්‍ෂිණාවර්තව ආවර්තන පර්යාවසානයේ
මුඛසෝභා බලනවුන් මෙන් ඌර්ධවාග‍්‍රව සිටීම මෙහි ස්වභාවය යැයි දක්වාලයි.
මේ ලක්‍ෂණය උඩුකුරු වූ අඟ ඇති රෝමයක් වැනි ය.xv. බ‍්‍රහ්මුජ්ජුගත්ත
බ‍්‍රහ්මයාගේ බදු සෘජු ශරීරයක් ඇතිබව යනු මෙම ලක්‍ෂණයේ ස්වභාවයයි. ගෞතම බුදුන්වහන්සේගේ බ‍්‍රහ්මරූපී වර්ණයෙන් යුතු සෘජු විශිෂ්ට රූප කායසම්පත්තියකින් බුදුන්වහන්සේ හෙබි වූ බැව් මෙම ලක්‍ෂණය පිළිබඳ විවරණයන්ගෙන් පැහැදිලි කෙරේ. ශ්‍රේෂ්ඨත්වය, පරිපූර්ණත්වය වැනි අර්ථ දීම සඳහා බෞද්ධ පාරිභාෂික වචන මාලාවට “බ‍්‍රහ්ම” යන්න ඇතුළත් කරමින් බුදුරදුන්ගේ සෘජු හා පරිපූර්ණ ශරීරය අදහස් කිරීම් වස් බ‍්‍රහ්මුජ්ජුගත ලක්‍ෂණය ඇතුළත් කරන්නට ඇත.
xvi. සත්තුස්සද
“සත්තුස්සද” යන පදය මහා පුරිස ලක්‍ෂණ සන්දර්භයෙන් විමසා බලන විට ශරීරයෙහි සප්ත ස්ථානයන් පිරිපුන් බව හඟවයි. සත් තැනක උත්සන්නව, සත් තැනක පිරිපුන් මාංශය ඇති වේ. එම ස්ථාන හත නම් අත්දෙකෙහි, පා දෙකෙහි, උරහිස් දෙකෙහි හා ස්කන්ධයෙහි පිහිටි බැව් ලක්ඛණ සූත‍්‍රය පෙන්වා දෙයි. මනුෂ්‍ය ශරීරයේ මස්වලින් ඉල්පී ඇති ස්ථාන සඳහා ද “සත්තුස්සද” නමින් හඳුන්වන අතර මහා පුරුෂ ලක්‍ෂණයක් ලෙස ද එය සලකයි.xvii. සීහපුබ්බද්ධකාය
බුදුන්වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය සිංහයාගේ බඳු ය. යන ලක්‍ෂණය මෙයින් අර්ථවත් වේ. තථාගතයන් වහන්සේ “සිංහ” යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ඇත.බුදුන්වහන්සේගේ දෛනික චර්යාවද සිංහ චර්යාවටම සමාන කරන අතර බුදුන්වහන්සේ සැතපීම ද, සිංහ ස්‍යෙයාව නමින් හඳුන්වා ඇත. සීහපුබ්බද්ධකාය විස්තර කරන අටුවාව බුදුරදුන්ගේ ශරීරය සිංහයාගේ උඩුකයේ කොටසට සමාන වන හෙයින් “සීහපුබ්බද්ධකාය” නමින් හඳුන්වයි.
මේ ලක්‍ෂණයෙන් බුද්ධ ශරීරයේ ඉදිරි කොටස අදහස් කරන අතර එහි සර්වාකාර පරිපූර්ණත්වය හඟවනු පිණිස ද “සීහ” යන වචනය බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ප‍්‍රකාශ කිරීම සඳහා භාවිත කරන්නට ඇතැයි ද සිතිය හැකි ය.
XVIII චිතන්තරංස
XIX නිග්‍රෝධ පරිමණ්ඩල
XX. සමවත්තක්ඛන්ධ
XXI. රසග්ගසග්ගී
XXII.සීහහනු
XXIII. චත්තාලීස දන්ත
XXIV.සමදන්ත
XXV.අවිවරදන්ත
මේ ලක්‍ෂණය විවරණය කරන අටුවාවත් සෙස්සන්ගේ දත් අතර හිදැස් ඇති බවත් මස් හෝ මාළු අනුභව කරන විට ඒවා අතර පිරෙන බවත්, තවත් අයෙකුගේ දත් කිඹුල් දත් හා සමාන වන බවත් එහෙත් මහා පුරුෂයාගේ දත් ස්වර්ණමය ආධාරයක සවිකළ දියමන්ති පෙළක් මෙන් තරව, සමීපව පවතින බවත් සඳහන් කරයි. මෙම ලක්‍ෂණය මහා පුරුෂයාට ආරෝපණය කිරීම මංගල ලක්‍ෂණයක් වූවා සේම සෞන්දර්යාත්මක බාහිර වෙනුම හා සැසඳීම හා සමාන වෙතැයි ද සිතිය හැකි ය.
XXVI.සුසුක්කදාඨ
මෙය විශ්ලේෂණය කරන අටුවාව සෙස්සන්ට අබලන්, දිරාපත් දත් ඇති බවත් ඒවා වෛවර්ණ වන බවත් මහා පුරුෂයාගේ දත් වූ කලී සුදු පැහැයෙන් දීප්තිමත්ව බැබළෙන ඖෂධී තාරකාවක් මෙන් දිදුළන බවත් කියයි.
බුදුන්වහන්සේගේ සතර දළදාවෝ සඳහන් කරන තැනද ‘දාඨා’ යන්න යොදා ඇත. සතර දළදාවන් පිළිබඳ විවරණය කරන මහා පරිනිබ්බාණ සූත‍්‍රය එක් දළදාවක් දෙව් ලොවෙහිද, නා ලොවෙහි ද පුද ලබන බව සඳහන් කෙරේ. තවත් දළදාවක් ගන්ධාර පුරයෙහිද, තවත් දළදාවක් කාලිංගයේද ප‍්‍රතිෂ්ඨාපිත අතර මේ ලක්‍ෂණය
“සුසුක්කදාඨ” (සුදු දත්) යනුවෙන් හැඳින්වූවා සේම ඒ අතරට සතර දළදාවෝ ද ඇතුළත් කිරීමට අටුවාව උත්සාහ ගෙන ඇත.
XXVII. පහූත ජිව්හො
XXVIII. බ‍්‍රහ්මස්වර
XXIX අභිනීලනෙත්ත
XXIX. ගොපමුඛ
XXXI. උණ්ණා (ඌර්ණ රෝමය)
XXXII. උණ්හීසසීස
කුඹුරේගම නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහා පිරිවෙනේ
ආචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති දිවුලපැලැස්සේ විමලානන්ද හිමි
ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ
සැප්තැම්බර් මස 04 හා සැප්තැම්බර් මස 10 වන දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපින් ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment