පතිකුලයට ගිය ස්ත්‍රිය සිය සැමියාගේ මවුපියන් දේවත්වයෙන් සැලකිය යුතු බව වදාළ බුදුහු පරපුරුෂ සේවනයෙන් දුරුව පතිව්‍රතාවෙන් යුක්ත විය යුතු යයි ද වදාළහ. නැදි මයිලන්ට සැලකීම සහ පතිව්‍රතාව පවුලේ සමඟියට, පවුලේ පාරිශුද්ධතාවට, පවුලේ දියුණුවට, දරුවන් ආදී හැමගේ ගෞරවයට හේතු වන ප්‍රබල කරුණු වේ. මෙබඳු ස්ත්‍රිය මනුෂ්‍යයන්ගේ පමණක් නොව දෙවියන් ආදී අමනුෂ්‍යයන්ගේ ද ගෞරවයට, ප්‍රශංසාවට ලක් වේ
ඉත්ථියො ජීවලොකස්මිං
යා හොන්තී සමාචාරිනී
මෙධාවිනි සීලවතී, සස්සු දේවා පතිබ්බතා
තා දිසාය සුමෙධාය සුචිකම්මාය නාරියා
දෙවා දස්සන මායන්ති මානුස්සා අමානුසියා
(ජාතකට්ඨ කතා)
මේ ජීවලෝකයෙහි නුවණැති, සිල්වත්, නැදි මයිලන් දේවත්වයෙන් පුදන, පතිව්‍රතාවෙන් යුත්, යහපත් ඇවැතුම් පැවැතුම් වලින් යුක්ත ස්ත්‍රී කෙනෙකු වෙයි නම් යහපත් නුවණින් යුත් නිවැරැදි ක්‍රියාවලින් යුක්ත එබඳු ස්ත්‍රිය දැකීමට මිනිස්සු පමණක් නොව දෙවියන් ආදී අමනුෂ්‍යයෝ ද පැමිණෙති, යන්නයි ඉහත සඳහන් ගාථාවෙන් අදහස් කරන්නේ.
එදා පැවැති බමුණු සමාජය කාන්තාව දෙස බැලුවේ වැඩි වශයෙන් නරක ගති පැවැතුම් ඇති තැනැත්තියක වශයෙනි. කාන්තාව අබල දුබල, දුසිරිතෙහි යෙදෙන තැනැත්තියක සේ හංවඩු ගැසූ බමුණෝ ඇය මන්ද බුද්ධික තැනැත්තියක වශයෙන් ද සැලකූහ. පුරුෂයා යහපත් හෝ අයහපත් හෝ කවර දෙයක් කළත් ඔහුට ඉන් නිදහස්වීමට අවසර තිබුණි. ඒ අයිතිය කාන්තාවට නොවීය. මෙම අයුක්තිය පිටුදැක්ක බුදුන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සමස්ත ලෝකයේම සිටින ප්‍රජාවගේ වෙනස දැක්වූයේ ඔවුන් කරන හොඳ සහ නරක දෙකිනි. නොඑසේව උපතින් කිසිවකු උසස් හෝ පහත් නොවන බව ‘කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො’ යනාදී වශයෙන් නොයෙක් විට දේශනා කර තිබේ. පුරුෂයා මෙන්ම කාන්තාව ද නුවණින්, සීලයෙන්, යහගුණවලින් යුක්ත නම් ඇය පුරුෂයා හා සමාන බව බුදුන් වහන්සේ වදාළ සේක
විශේෂයෙන් පතිකුලයට ගිය ස්ත්‍රිය සිය සැමියාගේ මවුපියන් දේවත්වයෙන් සැලකිය යුතු බව වදාළ බුදුහු පරපුරුෂ සේවනයෙන් දුරුව පතිව්‍රතාවෙන් යුක්ත විය යුතු යයි ද වදාළහ. නැදි මයිලන්ට සැලකීම සහ පතිව්‍රතාව පවුලේ සමඟියට, පවුලේ පාරිශුද්ධතාවට, පවුලේ දියුණුවට, දරුවන් ආදී හැමගේ ගෞරවයට හේතු වන ප්‍රබල කරුණු වේ. මෙ බඳු ස්ත්‍රිය මනුෂ්‍යයන්ගේ පමණක් නොව දෙවියන් ආදී අමනුෂ්‍යයන්ගේ ද ගෞරවයට, ප්‍රශංසාවට ලක්වන බව මේ ගාථාවෙන් හෙළි කරයි.
බුද්ධ කාලයෙහි කාන්තාව බමුණන් විසින් හෙළනු ලැබ තිබූ අගාධයෙන් ගොඩ ගැනීමට මෙබඳු ප්‍රකාශ කරන්නට බුදුන්ට සිදු වූයේ කාන්තාව ‘ද්වංගුල පඤ්ඤා’ එනම් අඟල් දෙකේ නුවණ ඇත්තියක වශයෙන් හෙවත් අනුවණ තැනැත්තියක ලෙස සමාජය පිළිගෙන තිබූ නිසාය. එම ගතානුගතික විශ්වාසය බිඳ දමා ඇයටද පුරුෂයා හා සමානව ගුණ නුවණ දියුණු කර ගත හැකි බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.
බමුණු මතයට අනුව ස්ත්‍රිය බාල කාලයෙහි පියා යටතේත් තරුණ කළ පුරුෂයා යටතේත් ස්වාමියා මළ පසු දරුවන් යටතේත් විසිය යුතුය. ස්ත්‍රියට නිදහසේ විසීමක් නැත්තේ ය. ස්ත්‍රිය සදා වහලියක් බව මෙයින් හෙළි වේ. මේ අතර ස්ත්‍රිය ‘අසූර්යං පශ්චිං’ යනුවෙන් හඳුන්වා තිබුණේ හිරු දකින්නට පවා එළියට බැසීමට අවසර නැති ගෙයි බිත්ති හතරට සීමාවී සිටිය යුතු තැනැත්තියක බව හැඟවීමටයි. ලොව හැමට උරුම තමා අදහන ධර්මය ඇදහීමට ඇති නිදහස පවා ස්ත්‍රියට නැති කළ බමුණෝ ඇයට ස්වාමියාට සැලකීමෙන් පමණක් ස්වර්ගයට යා හැකි බව පැවසූහ.
මේ අනුව සදහටම ස්ත්‍රිය සැමියා ගේ වහලියක බවට පත්කර තබාගත් බව පැහැදිලි වේ.
පුරාතන භාරතයේ බහුභාර්යා පරිහරණය ද තිබුණි. මෙය භාර්යාවන් අතර ඊර්ෂ්‍යාව, තරගය සපත්නි රෝෂය (සමාන භාර්යාවන් අතර විරුද්ධතාව) ඇතිවීමට හේතු විය. එක අතකින් එය පුරුෂයාට වාසියක් මෙන් ම තවත් අතකින් ඔවුන් අතර පැන නගින ප්‍රශ්න විසඳීමට මැදහත් වීමට සිදුවූ නිසා කරදරයක් ද වන්නට ඇත. තම සැමියා තුළ තමා කෙරෙහි වැඩි හිතවත්කමක් ඇති කරවා ගැනීමට මෙන්ම ඔහුගෙන් සැලකිලි සම්මාන වඩ වඩාත් ලබා ගැනීමට භාර්යාවන් අතර තරගයක් විය. දවසක් බුදුන් වෙත පැමිණි දේවතාවකු පුරුෂයා සතු වස්තු අතර උසස්ම වස්තුව කුමක්දැයි ප්‍රශ්න කළ විට බුදුන් පිළිතුරු දුන්නේ ‘ඉත්ථි භණ්ඩානමුත්තමං’ යනුවෙන්. පුරුෂයා සතු භාණ්ඩ හෙවත් වස්තු අතර වැදගත් ම වස්තුව ස්ති‍්‍රය හෙවත් භාර්යාව කියායි. එයින් අදහස් කරන්නේ තමාට ඉතාම විශ්වාසදායක, තමා ආරක්‍ෂා කරන, තමාගේ සියලු දෙයෙහි හිමිකාරිය වන ස්ත්‍රිය පුරුෂයාගේ අගනාම වස්තුව බවයි. මෙසේම ‘භරියාච පරමා සඛා’ යන්නෙන්ද පුරුෂයාගේ උතුම්ම යෙහෙළිය බිරිඳ බව වදාරා තිබේ. බමුණු සමාජය විසින් වර්ණ භේදයෙන් භාරතීය ජනතාව ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යයි සිව් කොටසකට බෙදනු ලැබ තිබුණාක් මෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ද බෙදනුලැබ තිබුණි. එහෙත් මේ තහංචි කඩා බිඳ දමා නිදහසේ විසූ ස්ත්‍රීහු ද එකල සිටියහ. ඔවුන් අතර ප්‍රමුඛ තැනක් ගන්නේ ගණිකාවෝ යි. ඒ හැර පරිබ්‍රාජක පක්‍ෂය අතර ද පරිබ්‍රාජිකාවෝ සිටියහ. මොවුන් ද නිදහස් කාන්තා පූජ්‍ය පිරිසකි. මේ පූජකවරියන් කිසියම් දර්ශනයක් මැනවින් හදාළ වාද විවාදාදියට ද යොමු වූ පිරිසකි. ඔවුහු තවත් දාර්ශනිකයකු සමඟ වාද කොට පැරදුනහොත් ඒ දිනූ තැනැත්තාගේ දර්ශනය පිළිගත්හ. (කුණ්ඩලකේසී චරිතය කියවන්න)
සමහරවිට තමාට අකීකරු ස්ත්‍රිය නිවෙසින් නෙරපීමට හෝ සමහරවිට මරා දැමීමට හෝ පුරුෂාධිපත්‍යයට බලය තිබුණ මෙබඳු අවධියෙහි යි ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූයේ. එදා පැවැති සමාජ බෙදීම හෙළා දුටු උන්වහන්සේ වර්ණ භේදය හෙළා දකිමින් ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් වර්ණයම මනුෂ්‍යයන් වශයෙන් සම බව ප්‍රකාශ කළේ ‘චත්තාරො වණ්ණා සම සමා’ යනුවෙන් චාතුර් වර්ණයම සමාන බව පවසමිනි. බුදුන් වහන්සේ භික්‍ෂු සංස්ථාව තුළින් මුළුමනින්ම වර්ණ භේදය ඉවත් කළහ. සතර දිගින් මහ මුහුදට ගලා එන ගංගා, යමුණා, සරභු, මහී යන සිව් ගංගාවන් මුහුදට වැටුණ පසු එකම මුහුදු ජලය යයි හඳුන්වන්නාක් මෙන් කවර වර්ණයකට අයත් කෙනකු හෝ පැවිදි වූ පසු බුද්ධ පුත්‍රයන් වශයෙන් හඳුන්වන බව ප්‍රකාශ කළහ.
තමන්ගේ කරනැවෑමියා වූ උපාලි පළමුව පැවිදි කළ ක්‍ෂත්‍රිය කුමාරවරුන් උන්වහන්සේට වැඳ පසුව පැවිදි වූයේ ඒ නිසයි. උපාලි හාමුදුරුවන් පහත් වර්ණයක වූවත් විනයධර තෙරවරුන් අතර අගතනතුර දුන්නේ ඒ නිසයි. බුද්ධියට, සිල්වත්කමටයි බුදුසසුනෙහි උසස් තැන ලැබුණේ. අග සවු තනතුරු ලැබුණේ ඒ සඳහා පාරමී පුරා පැමිණි සාරිපුත්ත මොග්ගල්ලාන යන දෙනමටයි. විශේෂයෙන් තනතුරු දීමේ දී ඒ ඒ පුද්ගලයන් සසරදි ඒ වෙනුවෙන් පුරන ලද පාරමී දහම් පුරුද්ද සොයා බලනු ලැබිණි.
බුදුරජාණන් වහන්සේ කාන්තාවන් පුරුෂ පක්‍ෂය හා සමාන බව හෙළි කළේ කාන්තාවන්ට පැවිද්ද ලබා දීමෙනි. මහා ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළ බුදුහු ආනන්ද හිමියන් ස්වාමීනී, ස්ත්‍රීන්ට මේ සසුනේ පැවිදිවී මාර්ග ඵල ලැබිය හැකි දැයි විචාළ විට හැකියැයි පිළිතුරු දුන්හ. එවිට ආනන්ද හිමියන් මහාප්‍රජාපතී ගෝතමියගේ ගුණ කියා ඇය ප්‍රධාන ක්‍ෂත්‍රිය කාන්තාවන්ට පැවිද්ද දෙනු මැනවැයි ඉල්ලා සිිටි විට අෂ්ට ගරු ධර්ම පණවා ඒවා පිළිගන්නේ නම් ඔවුන්ගේ බුදුසසුනේ පැවිද්දත් උපසම්පදාවත් දෙකම එය බව වදාළහ. අනඳ හිමියන්ගෙන් මේ පණිවුඩය පිළිගත් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පන්සියයක් ක්‍ෂත්‍රිය කාන්තාවෝ භික්‍ෂුණී භාවයට පත් වූහ.
මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ පිරිනිවන් පාන්නට සූදානම් ව බුදුන්ගෙන් අවසර ගෙන ආපසු වඩින විට බුදුන් වහන්සේ එතුමියගේ ගුණ කියා මඳ දුරක් භික්‍ෂූන් සමග පසුගමන් කළේ ශ්‍රේෂ්ඨ කාන්තාරත්නයට ගෞරව කිරීම සඳහාය. එතුමිය පිරිනිවී පසු එතැනට වැඩිය උන්වහන්සේ එතුමිය දැවූ ස්ථානයෙහි ධාතු නිදන්කොට ස්මාරකයක් ද පිහිට වූ බව සාසන ඉතිහාසයෙහි සඳහන් වේ. පටාචාරා, වැනි අසරණ කාන්තාවන් මෙන්ම අම්බපාලි වැනි වෛශ්‍යා ස්ත්‍රීන්ටද මේ සාසනයෙහි උත්තරීතර තත්ත්වයට පත් වන්නට වාසනාව ලැබුණේ බුදුන් වහන්සේ නිසයි. බුදු දහමින් සදාකාලික ශාන්තිය ලැබූ කාන්තාවන් රාශියක් ගැන ථෙරීගාථාවල දක්නට ලැබේ. රහත්භාවයට පත් වූ සෝමා තෙරණිය තමා ලත් නිවන් සුවය පිළිබඳ උදම් ඇණුවේ මෙසේ ය.
යං තං ඉසිහි පත්තබ්බං ඨානං දුරහි සම්භවං
න තං ද්වංගුල පඤ්ඤාය සක්කා පප්පොතු මිත්ථියා
දැඟුල් නුවණැති ස්ත්‍රීන්ට ලැබිය නොහැකි යයිද, සෘෂීන්ට පමණක් ලැබිය හැකියයිද කියන අති දුෂ්කර තත්ත්වය (නිවන) මා විසින් ලැබීයයි එතුමිය ප්‍රකාශ කළේ බුදුමඟ අනුගමනය කොට ඒ මඟින් සදාකාලික විමුක්තිය ලැබීමෙනි.
කාන්තාවන් අනුවණ යැයි කියන බමුණු මතය බොරුකරමින් පුණ්ණා දාසිය උදක සුද්දික බමුණාට දුන් අවවාදය කාන්තාවගේ ඥාන ශක්තිය විශද කරන තවත් වැදගත් පුවතකි.
උදේ පාන්දරම දියගෙන ඒමට ගඟ ළඟට ගිය පුණ්ණාට උදකසුද්ධික (දියෙහි නෑමෙන් පව් සේදේයයි විශ්වාස කරන) බමුණෙක් හිමිදිරියේ සීතලේ වෙව්ල වෙව්ලා දියෙහි ගිලෙමින් මතුවෙමින් දිය නානු දැක ගත හැකිවිය. ‘බමුණ, ඔබ ඔය කරන්නේ කුමක්දැ’යි ඇය ඇසුවාය. ‘පුණ්ණා, මම පව් සෝදමි’යි කීවිට ඇය ‘බමුණ, ඔබ කළ පව් දියේ නෑමෙන් සේදී යනව නම් ගඟේ හැමදාම ඉන්න මාළුවො, කැස්බෑවො, ඉබ්බො ආදී සතුන්ට පව් ඇත්තෙම නැහැ නේදැ’යි පවසමින් ඔහුගේ අනුවණ ක්‍රියාව පෙන්වා දුන්නාය. එයින් ඔහුට දහම් මඟෙහි යෑමට මඟ පෙන්වීම ලැබිණි.
එක් අවස්ථාවක සෝමා රහත් තෙරණිය මාරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ කීවා ය.
ඉත්ථි භාවො නො කිං කයිරා චිත්තම්හි සුසමාහිතෙ
ඤාණම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සකො (ථෙරි ගාථා)
නුවණ තිබේනම් එම නුවණින් මනාව ධර්මය දැකිය හැකි නම් ඒ මඟින් සිත දමනය කරගත් විට ගැහැනු කම අපට කුමක් කරන්නේද? විමුක්තියට ගැහැනුකමින් බාධාවක් නැත යනු එහි අදහසයි.
යශෝධරා තෙරණිය කළ පහත ප්‍රකාශයේ අගය කෙතරම්ද බලන්න.
උපකාරකා ච යා නාරී සමානා ච සුඛෙ දුඛෙ
අත්ථක්ඛායී ච යා නාරී සුන්දර් චානුකම්පිකා
එවං ධම්මං සුචින්තානං සදා සද්ධම්ම චාරිනං
ධම්ම චාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච
කිසියම් ස්ත්‍රියක් සැමියාගේ උපකාරකාරීනියක වේද එසේම සැමියාගේ සැප දුක් දෙකම සමානව විඳ දරා ගනීද සැමියාගේ සුබසාධනය පිණිස ක්‍රියා කරයිද, සැමියා කෙරෙහි සානුකම්පිතව ගරු සැලකිලි කරයිද, එසේම ධර්මානුකූලව ක්‍රියා කරයිද, හැම කල්හි සුචරිතයෙහි හැසිරෙන ධර්මචාරී ස්ත්‍රිය මෙලොවත් පරලොවත් දෙලොවම සැප ලබයි. මේ ප්‍රකාශය කාන්තාවන්ට මොන තරම් උතුම් අවවාදයක්ද? ස්වාමි භාර්යා දෙපොළ ඒකාත්මිකව ජීවත් විය යුතු ය. ඒ දෙදෙනාගේ සමගිය මුළු ගෙදර සිටින හැමට දෙන මහඟු ආදර්ශයකි. විශේෂයෙන් දරු ප්‍රජාවගේ යහපත පිණිස හේතු වේ.
බුදුන් මවුපියන් ගැන කතා කිරීමේ දී දෙදෙනා වෙන් වශයෙන් ගෙන කථාකර ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. හැම විටම එකට ගෙනයි උන්වහන්සේ කථාකර ඇත්තේ. සිඟාලෝවාද සූත්‍රයෙහි ‘මාතා පිතා දිසා පුබ්බා’ යනුවෙන් මවුපිය දෙපොළම පෙරදිග වශයෙනුයි වදාළේ. ‘බ්‍රහ්මාති මාතාපිතරො’ යන්න ද එසේමය. බ්‍රහ්ම කියන්නේ මවුපිය දෙදෙනාටම ය. පූර්වාචාර්ය යනුද මවුපිය දෙදෙනාම ය. පුබ්බදේවතා යනු මව්පිය දෙදෙනාම ය. මෙසේ සලකනවිට මේ දෙදෙනා සමාන දෙපොළක් මිස බමුණු මතය පරිදි පුරුෂයාගේ වහළියක් නොවේ බිරිඳ.
කෙසොල් රජුගේ අග බිසව වූ කෝසල මල්ලිකාව බුද්ධිමත් කාන්තාවකි. අසදෘස මහා දානයේ දී නුවර වැසියන්ට පරාජය වන්නට සිදුවන බව දැන ගත් රජතුමා යහනට වී කනස්සල්ලෙන් සිටින විට නුවර වැසියන් පරදවා අසදෘස මහා දානය පිරිනමන්නට අවශ්‍ය උපදෙස් දුන්නේ කෝසල මල්ලිකාවයි. (කෝසල සංයුක්තය කියවන්න) දිනක් මල්ලිකාව සමඟ සතුටු සාමිචියේ යෙදී සිටින අතර කොසොල් රජතුමා මල්ලිකාවගෙන් ඇසුවේ මල්ලිකාවෙනි, ඔබ වඩාත්ම ආදරේ කාටද, කියායි. කොසොල් රජුට අවශ්‍ය වූයේ ස්වාමිනී, මම වඩාත්ම ආදරේ ඔබටයි කියා කියවා ගැනීමටයි. එහෙත් එතුමිය කීවේ ස්වාමිනී, මා වඩාත්ම ආදරේ මටයි යනුවෙන්. මෙයින් පෙනෙනවා ඇය කොතරම් බුද්ධිමත්ද කියා. කොසොල් රජු මේ පුවත බුදුන්ට කීවාම උන්වහන්සේත් එය අනුමත කරමින් වදාළේ ‘නත්ථි අත්ත සමං පෙමං’ යනුවෙනි. තමාට තමා තරම් පි‍්‍රය කෙනෙකු නැත යන්නයි.
බුදුරජාණන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් තෝරා ගත් ඇත්තන්ට සාසනික තනතුරු දීමේ දී කාන්තාවන්ට ද වෙනසක් නැතිව තනතුරු දුන්නේ ඔවුන් බුද්ධිමත් නිසයි. අග්‍රශ්‍රාවිකා තනතුරු දුන්නේ ඛේමා, උප්පලවණ්ණා යන භික්‍ෂුණීන් දෙදෙනාටයි. සෙසු අයට ද ඒ ඒ තනතුරු දුන්හ. විශාඛාවට ද අග්‍ර දායිකා තනතුර ලැබුණි.අංගුත්තර නිකායේ සඳහන් වන පරිදි මව, පියා, බුදුන්, බුද්ධශ්‍රාවකයා යන සිව් දෙනාට වඳින පුදන පුද්ගලයාට පින් අත්වන බවත් එසේ නොකරන්නාට පව් සිදුවන බවත් දේශනා කර තිබේ. නකුල අඹුසැමි දෙදෙනා පිළිබඳ පුවතේ සඳහන් වන්නේ නකුල පියාටත් වැඩිය නකුල මාතාව බුද්ධිමත් බවයි. නකුල පියා තමාගේ මරණයෙන් පසු බිරිඳ අසරණ වන බව සිතා දුක්වන බව දත් ඇය සැමියාට කීයේ ස්වාමීනී, සාපේක්‍ෂකව මරණයට පත්වීම නුසුදුසු බවයි. මා මෝඩ තැනැත්තියක නොවේ යැයි ඇය සැමියාට මතක් කර දුන්නාය. මේ සිද්ධිය බුදුන්ට කීවිට බුදුන් වදාළේ නකුල පියාණෙනි, නකුල මාතාව සුසිල්වත්, සන්සුන්, දහම් මැනැවින් දන්නා, විශාරද කාන්තාවක් බවයි. එබඳු බුද්ධිමත් තැනැත්තියක ඔබේ බිරිඳ වීම ඔබේ වාසනාවක් බව උන්වහන්සේ නකුල පියාට පහදා දුන්හ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ දෙලොව දියුණුවට අවවාද අනුශාසනා කිරීමෙන් ඇය ඔබට විශාල යහපතක් සලසා තිබේයැයි තවදුරටත් පෙන්වා දුන්හ.
බුදුන් වහන්සේ පළමු වරට කාන්තා නිදහස ලබා දුන් උත්තමයන් වහන්සේ වශයෙන් ශාසන ඉතිහාසයෙන් හෙළිවන සිද්ධි කිහිපයකි ඉහතින් ඉදිරිපත් කළේ. පුරාණයෙහි භාරත සමාජය විසින් ශුද්‍රයන්ගේ තත්ත්වයට හෙළනු ලැබ ස්වාමියාගේ වහලියක සේ සැලකූ කාන්තාව බුදුන් වහන්සේ විසින් සමාජයේ උපරිම තලයට නඟා සිටුවනු ලැබූ අයුරු ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වේ. එසේ කාන්තාවට බුදුහමෙන් ලැබුණ තැන එලෙසින්ම සුරැකදීම අප කාගේත් වගකීමකි.
කාන්තාවන් අනුවණ යැයි කියන බමුණු මතය බොරුකරමින් පුණ්ණා දාසිය උදක සුද්දික බමුණාට දුන් අවවාදය කාන්තාවගේ ඥාන ශක්තිය විශද කරන තවත් වැදගත් පුවතකි.
උදේ පාන්දරම දියගෙන ඒමට ගඟ ළඟට ගිය පුණ්ණාට උදකසුද්ධික (දියෙහි නෑමෙන් පව් සේදේයයි විශ්වාස කරන) බමුණෙක් හිමිදිරියේ සීතලේ වෙව්ල වෙව්ලා දියෙහි ගිලෙමින් මතුවෙමින් දිය නානු දැක ගත හැකිවිය. ‘බමුණ, ඔබ ඔය කරන්නේ කුමක්දැ’යි ඇය ඇසුවාය. ‘පුණ්ණා, මම පව් සෝදමි’යි කීවිට ඇය ‘බමුණ, ඔබ කළ පව් දියේ නෑමෙන් සේදී යනව නම් ගඟේ හැමදාම ඉන්න මාළුවො, කැස්බෑවො, ඉබ්බො ආදී සතුන්ට පව් ඇත්තෙම නැහැ නේදැ’යි පවසමින් ඔහුගේ අනුවණ ක්‍රියාව පෙන්වා දුන්නාය. එයින් ඔහුට දහම් මඟෙහි යෑමට මඟ පෙන්වීම ලැබිණි.
එක් අවස්ථාවක සෝමා රහත් තෙරණිය මාරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ කීවා ය.
ඉත්ථි භාවො නො කිං කයිරා
චිත්තම්හි සුසමාහිතෙ
ඤාණම්හි වත්තමානම්හි
සම්මා ධම්මං විපස්සකො
(ථෙරි ගාථා)
නුවණ තිබේනම් එම නුවණින් මනාව ධර්මය දැකිය හැකි නම් ඒ මඟින් සිත දමනය කරගත් විට ගැහැනු කම අපට කුමක් කරන්නේද? විමුක්තියට ගැහැනුකමින් බාධාවක් නැත යනු එහි අදහසයි.
යශෝධරා තෙරණිය කළ පහත ප්‍රකාශයේ අගය කෙතරම්ද බලන්න.
උපකාරකා ච යා නාරී සමානා ච සුඛෙ දුඛෙ
අත්ථක්ඛායී ච යා නාරී සුන්දර් චානුකම්පිකා
එවං ධම්මං සුචින්තානං සදා සද්ධම්ම චාරිනං
ධම්ම චාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච
කිසියම් ස්ත්‍රියක් සැමියාගේ උපකාරකාරීනියක වේද එසේම සැමියාගේ සැප දුක් දෙකම සමානව විඳ දරා ගනීද සැමියාගේ සුබසාධනය පිණිස ක්‍රියා කරයිද, සැමියා කෙරෙහි සානුකම්පිතව ගරු සැලකිලි කරයිද, එසේම ධර්මානුකූලව ක්‍රියා කරයිද, හැම කල්හි සුචරිතයෙහි හැසිරෙන ධර්මචාරී ස්ත්‍රිය මෙලොවත් පරලොවත් දෙලොවම සැප ලබයි. මේ ප්‍රකාශය කාන්තාවන්ට මොන තරම් උතුම් අවවාදයක්ද? ස්වාමි භාර්යා දෙපොළ ඒකාත්මිකව ජීවත් විය යුතු ය. ඒ දෙදෙනාගේ සමගිය මුළු ගෙදර සිටින හැමට දෙන මහඟු ආදර්ශයකි. විශේෂයෙන් දරු ප්‍රජාවගේ යහපත පිණිස හේතු වේ.
බුදුන් මවුපියන් ගැන කතා කිරීමේ දී දෙදෙනා වෙන් වශයෙන් ගෙන කථාකර ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. හැම විටම එකට ගෙනයි උන්වහන්සේ කථාකර ඇත්තේ. සිඟාලෝවාද සූත්‍රයෙහි ‘මාතා පිතා දිසා පුබ්බා’ යනුවෙන් මවුපිය දෙපොළම පෙරදිග වශයෙනුයි වදාළේ. ‘බ්‍රහ්මාති මාතාපිතරො’ යන්න ද එසේමය. බ්‍රහ්ම කියන්නේ මවුපිය දෙදෙනාටම ය. පූර්වාචාර්ය යනුද මවුපිය දෙදෙනාම ය. පුබ්බදේවතා යනු මව්පිය දෙදෙනාම ය. මෙසේ සලකනවිට මේ දෙදෙනා සමාන දෙපොළක් මිස බමුණු මතය පරිදි පුරුෂයාගේ වහළියක් නොවේ බිරිඳ.
කෙසොල් රජුගේ අග බිසව වූ කෝසල මල්ලිකාව බුද්ධිමත් කාන්තාවකි. අසදෘස මහා දානයේ දී නුවර වැසියන්ට පරාජය වන්නට සිදුවන බව දැන ගත් රජතුමා යහනට වී කනස්සල්ලෙන් සිටින විට නුවර වැසියන් පරදවා අසදෘස මහා දානය පිරිනමන්නට අවශ්‍ය උපදෙස් දුන්නේ කෝසල මල්ලිකාවයි. (කෝසල සංයුක්තය කියවන්න)
දිනක් මල්ලිකාව සමඟ සතුටු සාමිචියේ යෙදී සිටින අතර කොසොල් රජතුමා මල්ලිකාවගෙන් ඇසුවේ මල්ලිකාවෙනි, ඔබ වඩාත්ම ආදරේ කාටද, කියායි. කොසොල් රජුට අවශ්‍ය වූයේ ස්වාමිනී, මම වඩාත්ම ආදරේ ඔබටයි කියා කියවා ගැනීමටයි. එහෙත් එතුමිය කීවේ ස්වාමිනී, මා වඩාත්ම ආදරේ මටයි යනුවෙන්. මෙයින් පෙනෙනවා ඇය කොතරම් බුද්ධිමත්ද කියා. කොසොල් රජු මේ පුවත බුදුන්ට කීවාම උන්වහන්සේත් එය අනුමත කරමින් වදාළේ ‘නත්ථි අත්ත සමං පෙමං’ යනුවෙනි. තමාට තමා තරම් පි‍්‍රය කෙනෙකු නැත යන්නයි.
බුදුරජාණන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් තෝරා ගත් ඇත්තන්ට සාසනික තනතුරු දීමේ දී කාන්තාවන්ට ද වෙනසක් නැතිව තනතුරු දුන්නේ ඔවුන් බුද්ධිමත් නිසයි.
අග්‍රශ්‍රාවිකා තනතුරු දුන්නේ ඛේමා, උප්පලවණ්ණා යන භික්‍ෂුණීන් දෙදෙනාටයි. සෙසු අයට ද ඒ ඒ තනතුරු දුන්හ. විශාඛාවට ද අග්‍ර දායිකා තනතුර ලැබුණි.අංගුත්තර නිකායේ සඳහන් වන පරිදි මව, පියා, බුදුන්, බුද්ධශ්‍රාවකයා යන සිව් දෙනාට වඳින පුදන පුද්ගලයාට පින් අත්වන බවත් එසේ නොකරන්නාට පව් සිදුවන බවත් දේශනා කර තිබේ. නකුල අඹුසැමි දෙදෙනා පිළිබඳ පුවතේ සඳහන් වන්නේ නකුල පියාටත් වැඩිය නකුල මාතාව බුද්ධිමත් බවයි. නකුල පියා තමාගේ මරණයෙන් පසු බිරිඳ අසරණ වන බව සිතා දුක්වන බව දත් ඇය සැමියාට කීයේ ස්වාමීනී, සාපේක්‍ෂකව මරණයට පත්වීම නුසුදුසු බවයි. මා මෝඩ තැනැත්තියක නොවේ යැයි ඇය සැමියාට මතක් කර දුන්නාය. මේ සිද්ධිය බුදුන්ට කීවිට බුදුන් වදාළේ නකුල පියාණෙනි, නකුල මාතාව සුසිල්වත්, සන්සුන්, දහම් මැනැවින් දන්නා, විශාරද කාන්තාවක් බවයි. එබඳු බුද්ධිමත් තැනැත්තියක ඔබේ බිරිඳ වීම ඔබේ වාසනාවක් බව උන්වහන්සේ නකුල පියාට පහදා දුන්හ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ දෙලොව දියුණුවට අවවාද අනුශාසනා කිරීමෙන් ඇය ඔබට විශාල යහපතක් සලසා තිබේයැයි තවදුරටත් පෙන්වා දුන්හ.
බුදුන් වහන්සේ පළමු වරට කාන්තා නිදහස ලබා දුන් උත්තමයන් වහන්සේ වශයෙන් ශාසන ඉතිහාසයෙන් හෙළිවන සිද්ධි කිහිපයකි ඉහතින් ඉදිරිපත් කළේ. පුරාණයෙහි භාරත සමාජය විසින් ශුද්‍රයන්ගේ තත්ත්වයට හෙළනු ලැබ ස්වාමියාගේ වහලියක සේ සැලකූ කාන්තාව බුදුන් වහන්සේ විසින් සමාජයේ උපරිම තලයට නඟා සිටුවනු ලැබූ අයුරු ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වේ. එසේ කාන්තාවට බුදුහමෙන් ලැබුණ තැන එලෙසින්ම සුරැකදීම අප කාගේත් වගකීමකි.
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක්
වූ අගෝස්තු 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment