Labels

Thursday, July 23, 2015

රාගයට අකමැති හිත උපදවා ගනිමු



ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් විශ්වාසය ඇති වන පරිදි අප උදෙසා කළ ප්‍රකාශයන් තිබෙනවා. "මේ ආකාරයට කළොත් මේ විදිහට සිද්ධ වෙනවා" කියල මහත් විශ්වාසයන් යුක්තව කළ ප්‍රකාශයන් පිළිබදව අපි තුළ විශ්වාසයක් ඇති වුනොත් අපිට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ඒ ධර්මයෙන් පිහිට ලබාගන්ට පුලුවන්කම තිබෙනව.
ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ එක එල්ලේ කළ ප්‍රකාශයන් කෙරෙහි අපි පැහැදීමක් ඇතිකර ගත්තොත් අපිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්ට පුවන්කම තිබෙනව. ඒ නිසා අපි ඒ ධර්මය කෙරෙහි බයක් ඇති කර නොගත යුතුයි.
භය නොවී අපි ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් අපට ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්ට පුළුවන් කම තිබෙනව. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙනව පින්වත් මහණෙනි මේ රාගය කියන එකම එක දේ අත්හැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා.
ඒ වගේම ඒ ද්වේෂය කියන එකම එක දේ අතහැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා. ඊලග"ට මේ මෝහය කියන එකම එක දේ අතහැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇපවෙනවා. මේ ආදී වශයෙන් එක එල්ලේම රිජුවම කියන ප්‍රකාශයන් තියෙනව අපේ විශ්වාසය ඇති කිරීම පිණිසම ඒ ධර්මය ඉස්මතු කරල පෙන්වන අවස්ථා තියෙනව.
අපි තුළ වීරිය උපදන ආකාරයට ඒ ධර්මය ඉස්මතු කරල පෙන්වන අවස්ථාවන් තියෙනව. ඉතින් අපිට පුළුවන් වුනොත් අන්න ඒ ධර්මයන් කෙරෙහි හිත පහදව ගන්ට, විශ්වාසය ඇතිකරගන්ට අපේ හිතේ කැමැත්ත උපදීවි එතකොට ඒ ධර්මය අවබෝධ කරගන්ට.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

 පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

2012-07- 06  දින දිනමින පුවත්පතෙහි  පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

mp3 Download 

No comments:

Post a Comment