Labels

Wednesday, September 30, 2015

මව්පියන්ගේ වටිනා වස්තුව


 බුදුරදුන් වදාළේ දරුවන් මව්පියන්ගේ වස්තුව බවයි. (පුත්තාවත්ථු මනුස්සානං) මෙම බුදුවදනෙහි සත්‍යතාව දන්නේ දරුවන් සිටින මව්පියන්ය. දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් මව්පියන් සිදුකරන කැපකිරීමේ සීමාවක් නොමැත. තම දරුවාට ලොව උසස්ම තත්ත්වය හිමිවනු දැකීම මව්පියන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. දරුවාගේ දියුණුව වෙනුවෙන් අවංකව සතුටුවන්නේ මව්පියන් ය

අකුසලය රැස්කිරීම නුසුදුසුය


බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් ඇතිව පන්සලට නිතර නිතර පැමිණෙමින් හැම විටම බණ දහම් අහන්න පුරුදු වුණා. එම බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහමින් එම ධර්මය අනුව ජීවිතය සකස් කරගනිමින් සතුටින් ජීවත් වුණා. ඔහුට නිතර නිතර බණ ඇසීමට සිතුනා වගේම බුදුරජාණන් වහන්සේ නිතර නිතර දැකීමට සිතෙන වෙලාවට ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීම පුරුද්දක් ආකාරයෙන් කරගෙන ගියා.

ලෞකික දියුණුව නැත්නම් ජීවිතය සාර්ථක නෑ



දියුණුව නැත්නම් තම ජීවිතය සාර්ථක නෑ. හැම අතින්ම අඩු ලුහුඬුකම් තියෙනවා. සාර්ථක ජීවිතයක් ගත කරන්නට ඔබ , අප සියලු දෙනාටම මේ දියුණුව අවශ්‍යයයි.
දියුණුව ක්‍රම දෙකයි. ඒ කියන්නේ හිතේ දියුණුව සහ බාහිර අංශයේ දියුණුවයි. හිත දියුණු කරගන්න ගමන් තමන්ගේ රැකියාවේ, අධ්‍යාපනයේ දියුණුවක් සකසා ගත යුතුයි. මේ දෙකම එකට යන විට ලොකු ශක්තියක් ගොඩ නැඟෙනවා. එවිට නිවැරැදි ජීවිතයක ගමන් කරන්න පුළුවන්.

අධ්‍යාපනයෙන් ඉහළට යාම, අධ්‍යාපනය දියුණුකර ගැනීමෙන් ඔිනෑම දෙයක් සිතාබලා කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ඇතිකර ගන්න. එය සකසා ගන්න බැරිවුණ අය පිරිහීමට පත් වුණා. දියුණුව ඇඳ වැටුණා. එහෙමනම්, අප පුළුවන් තරම් අපේ දියුණුව, අපේ යහපත,

සුවදායක ඍජු මාවත


තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා සෘජු නිවැරැදි මාර්ගයක් දේශනාකොට වදාළේ දුක්විඳින සත්ත්වයන්ට ඒ දුකෙන් නිදහස් වීම පිණිසයි.

ලස්සන සිරුරේ යථාව තේරුම් ගැනීම


“ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා, දන්තා ,තචො මංසං නහාරූ, අට්ඨි, අට්ඨි මිඤ්ඡ වක්කං හදයං යකනං කිලෝමඛං පිහකං, පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේලෝ සිංඝානිකා ලසිකාමුත්තං මත්ථකේ මත්ථලුංගං”

Tuesday, September 29, 2015

දැඩි ආශාවෙන් වැඩි ලෝභය



“නත්ථි තණ්හා නදී සමා - තෘෂ්ණාව හා සමාන ගලන ගඟක් තවත් නැත. තෘෂ්ණාව ගලන ගඟකි. අතුරක් නැතිව නිරන්තරයෙන් ම ගඟෙහි පවතින්නේ ගැලීමකුයි. ප්‍රධාන වශයෙන් අප දකින ගංඟා ජීවිතයේ අපට සැමදාම පෙනෙන්නේ නතර වීමක් නොව ගැලීමකුයි. තෘෂ්ණාවත් එසේමයි.

කාමයෙහි ගිජුවීමේ ආදීනව


වස්තු කාම ක්ලේෂ කාමයන්ගේ ආදීනව ඉගැන්වීමටත් කාමයෙහි ගිජුවීම ස්වර්ග මෝක්ෂ දෙකට අන්තරායකාර වන අයුරු පෙන්වාදීමටත් බුද්ධ දේශනාව තුළ දරා ඇත්තේ අපූර්ව වෑයමෙකි.

පාලන නායකත්ව ප්‍රභවයේ බෞද්ධ විග්‍රහය


මිනිස් සමාජයේ උපත ලැබ, මානව ක්‍රියාකාරිත්වයට දායකත්වය දෙමින් මිනිස් සිත හා එහි ස්වභාවය සොයා ගොස් සිත පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයකොට, මිනිසාගේ සසර ගමනට හේතුව, එම හේතුව නැති කිරීම හා නැතිකිරීමේ මාර්ගය අවබෝධකොට අනගාරිකත්වයෙන් වෙසෙමින් මිනිස් සමාජයේ පැවැත්ම හා ක්‍රියාකාරිත්වය අරභයා මහඟු දහමක් මිනිසා වෙනුවෙන් දේශනා කළ ශාස්තෘන් වහන්සේ නමක් ලෙසින් බුදුරජාණන් වහන්සේට ලෝකයේ ආගමික ශාස්තෘන් අතර අද්විතීය ස්ථානයක් හිමි වී ඇත.

පිනත් සමඟ එක්වන කර්ම විපාක


මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ඒ ශ්‍රාවකයාට හොඳින් කල්පනා කරන්නට පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒ හැකියාව විශ්මිත දෙයක්. ඒ විශ්මිත දේ තුළිනුයි ඔහුට මේ ධර්මයේ තිබෙන නිවැරැදි දේ හමු වෙන්නේ. ඒ තුළින් ඔහුට මේ ධර්මයෙන් උපරිම දේ ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා.තමන්ගේ ජීවිතයේ කල්පනා කරන ශක්තිය තම තමාගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙනයන ආකාරයට හදා ගන්න ඕන.

Monday, September 28, 2015

සම්මා දිට්ඨියෙන් ලොව දැකීම නිවනට මගයි



බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ පුරාණ කර්ම වලින් උපදවාගත් ආයතන සයක් නිසා හදා ගත් ලෝකයක් මේ සත්වයා පරිහරණය කරන බවයි. “යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං” මේ දහම් පර්යාය දේශනා කරනු ලබන්නේ තමන් වහන්සේ තුළ ඇති විශිෂ්ඨ වූ දර්ශනයක් හිතේ තබා ගෙනයි. අයහපත් දේ නොකරන්න. යහපත් දේ පමණක් කරන්න. යයි කියා දෙන ආගම්, ශාස්තෘවරුන්, දර්ශනවාද ලෝකයේ එමට සිටිති. බුදුරජාණන් වහන්සේ අසම සම වන්නේ, අනුත්තර වන්නේ, උන්වහන්සේ හා සම වූ වෙන කිසිම ශාස්තෘවරයෙකු නැතැයි කියන්නේ ලෝකයේ සමුදය (ඇතිවීම) හා නිරෝධය (නැතිවීම) පෙන්වා දෙන නිසාය.

ආර්ය ශ්‍රාවකයාගේ සිත හැම විටම විදර්ශනාවට යොමු වෙනවා


ආර්යශ්‍රාවකයා කියලා කියන්නේ අවම වශයෙන් සෝවාන්මාර්ගයට හෝ පැමිණි අයෙකුටයි. අපි භාවිතයේදී ආර්ය ශ්‍රාවක මහා සංඝරත්නය යි කියන කොට එයින් අදහස් කරන්නේ අන් කිසිවෙකු නොව සෝවාන් ආදි මාර්ගඵලයන්ට පත් අයෙකුටම බව මෙහිදී ධර්මයෙන් පැහැදිලි කරනවා. පුහුදුන් භික්ෂූන් වහන්සේලා හෙවත් සංඝයා වහන්සේලා ගැනෙන්නේ අනාර්ය වූ කොටසට යි.

Sunday, September 27, 2015

මෙහෙණ සස්නේ ආරම්භයයි බිනර පොහොයයි





(  2015 ක් වූ සැප්තැම්බර් 27 වැනිදා බිනර පුර පසළොස්වක පොහෝ දිනය)

බුදුපියාණෝ විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි පස්වන වස වැඩසිටියහ. මේ අවස්ථාවෙහි මහාප්‍රජාපතී ගෝතමිය රෝහිණී නදිය අසල දී පැවිද්ද ලබාගත් කුමාරවරුන්ගේ භාර්යාවන් පන්සියයක් සමඟ හිස් මුඩුකොට කසාවත් හැඳ බුදුරදුන් වැඩ සිටි කූඨාගාර ශාලාව වෙත පැමිණියා ය. පනස් එක් යොදුනක් තරම් වූ දීර්ඝ මාර්ගය ගෙවා අධික වෙහෙසට පත් ඒ සැමදෙනා ඉදිමුන පා ඇතිව, දූවිලි වැකුණු ශරීරයන්ගෙන් යුක්තව පැමිණ සිටීම දුටුවන්ගේ හද කම්පා කරන සුළු විය. මේ අවස්ථාවෙහි එතැනට පැමිණි ආනන්ද හිමියෝ මහාප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන් පැවිද්ද ලබා ගැනීමේ ආශාවෙන් දුර මග ගෙවා කඳුළු සලමින් දුක්බරව පැමිණි පුවත අසා දැනගත්හ.

ජීවිතය ජයගන්න දහම ගැන සිතන්න


මංගල සූත්‍රයේ දැක්වෙන ආකාරයට නියම ආකාරයෙන් අකම්පිතව මෙම තත්ත්වයට මුහුණ දීමට නම් රහත් බව ලබන්නට ඕන. ඒතාක් අප ද එක්තරා හෝ අවබෝධයකින් යුක්තව මේවාට මුහුණ දීමට සිත සකස් කරගත යුතුයි. බුදු දහම පරලොවට පමණක් සීමාවන ධර්මයක් නොවෙයි. ජීවිතයේ එදිනෙදා අපට හමුවන ප්‍රශ්නවල දී ඒවාට විසඳුම් මැනවින් ඉදිරිපත් කර තිබෙන ධර්මයක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ, මෙම උතුම් වූ ධර්මයයි.

Saturday, September 26, 2015

අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාව


“ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ, තත්‍ර ඛො භගවා පඤ්ච වග්ගියෙ භික්ඛු ආමන්තෙසි, භික්ඛවොති, හදන්තෙති? තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං, භගවා, එතදවොච, රූපං භික්ඛවෙ, අනත්තා, රූපඤ්ච හිදං භික්ඛවෙ, අත්තා අභවිස්ස, න ඉදං රූපං ආබාධාය සංවත්තෙයිය, ලබ්බේථ ච රූපෙ, එවං මෙ රූපං හොතුං එවං මෙ රූප මා අහොසී ති, යස්මා ච ඛො භික්ඛවෙ රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තංනච ලබ්හති රූපෙ එවං මෙ රූපං හොතුං එවං මෙ රූපං මා අහොසි ති (සං.නි. ඛන්ධ සංයුක්තං උපය වග්ග 1 – 2 – 1 – 7 බු.ජ. 115 පිට)

සැප පතන සැම පින් කළ යුතුයි


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අච්චෙන්තිකාලා තරයන්ති රත්තියො
වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්ඛමානො
ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො’ති

කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි ,

Friday, September 25, 2015

සම්මා සම්බුද්ධ ගුණය



සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධො
ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක.


ඊළඟ පුර පසළොස්වක පෝය දක්වාම මෙම භාවනාව පුරුදු පුහුණු කරගත යුතුය. මෙහි ප්‍රථම පාඩම පසුගිය මාසයේදී ඉදිරිපත් විය. මේ එහි දෙවැනි පාඩමයි. දවස පුරාම “ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධො” කියා මෙනෙහි කරන්න. එහි අර්ථය පහත දැක්වේ. එම කොටස සජ්ඣායනා කරන්න. මතක තබා ගැනීමට උත්සාහවත් වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා වාගේ දැනේවි.

අපල, අසනීප, දුක් කරදර, මාරක බාධක දුරුවී ආරක්‍ෂාව සෙත ශාන්තිය දියුණුව සැලැසේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රැකියාව දියුණු වේ.

සරල දිවිපෙවෙත


 තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා ඉන් එක් කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහා යොදාගත යුතුයි. කොටස් දෙකක් තමන්ගේ වෙළ හෙළඳාම් ව්‍යපාරයෙහි යෙදවිය යුතුවනවා.

කුණ්ඩධාන මහ රහතන් වහන්සේ

 අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පළමුව සලාක ගන්නා භික්‍ෂූන් අතුරෙන් කුණ්ඩධාන රහතන් වහන්සේ අග්‍ර ස්ථානය හිමිකර ගැනීමට තරම් පින්වන්ත වූවා.

ඇය කුණ්ඩලකේශී වූවාය


රජගහනුවර ඉසුරුමත් සිටු කුලයක ‘කුණ්ඩලකේශී’ නමින් යෞවන වියට පත් සිටුදුවක් වාසය කළා. අම්මත්, තාත්තත් බොහොම ධනවතුන් වූ නිසාම “කුණ්ඩලකේශී’ දුවට ජීවිතයේ කිසිදු අගහිඟකමක් දැනෙන්නට ඒ දෙමව්පියන් ඉඩ නොතැබූහ. මවත්, පියාත් තම දියණියට දුකක් දැනෙන්නට ඉඩ නොතිබූ නිසාම ජීවිතය පිළිබඳව වැඩි දැනුම් තේරුම් කමක් ලැබුනේ නැහැ.

Thursday, September 24, 2015

බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න දහය



බුදුරජාණන් වහන්සේ ලොව සියල්ල අතැඹුලක්සේ දුටුවාහ. උන්වහන්සේ දතයුතු සියල්ල දත්තාහ. උන්වහන්සේගේ ඥාන සීමාව ඉක්මගිය ඥාන පථයක් නොමැත්තේ ය.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ කිසිදු තැනක පැටලීමක් හෝ පැකිලීමක් නැත්තේ ය.ඒ නිසා බුදුරදුන්ගේ ඥාන විෂය ආචින්තනීය වන අතර උන්වහන්සේ දුටු ලෝකය ද, උන්වහන්සේ දුටු පරිදි සත්ව විෂය ද, කර්ම විෂය ද ලෝක විෂය ද සිතා කෙළවරක් කළ නොහැකි අචින්තනීය දේය. මේ අචින්තනීය ලෝක විෂය සත්ව විෂය කර්ම විෂය බුදුරජාණන් වහන්සේ තතු පරිදි සර්වඥතා ඥානයෙන් දුටු නිසා පුහුදුන් මිනිසාට ඇතැම් කරුණු අවිෂය නිසා එබඳු ප්‍රශ්න නඟනවිට උන්වහන්සේ නිශ්ශබ්ද වූහ.

පහන් සිතට නිරතුරු ගෙන දේ සසර දිවිසුරු





සැවැත්නුවර කියන්නෙ සශ්‍රීක නගරයක් ජේතවනාරාමය, පූර්වාරාමය දෙකම තිබුණේ මේ නුවර සොඳුරු තැන්වල විශාල ශ්‍රාවක පිරිසක් සමඟ බුදුහාමුදුරුවො මේ නුවර වස්කාල 25 ක් ගත කරල තියෙනව.
ජනගහණයත් කෝටි හතක් පමණ ජීවත් වුනා කියලයි සඳහන් වෙන්නෙ. ඒ අතරින් කෝටි පහක් පමණ තෙරුවන් සරණ ගිය අය දනට, පිනට බොහොම ලැදියි. පන්සල්වලට සිව්පසයෙන් අඩුවක් නෑ වගේම බුදුන් පුදන්න ගෙනෙන ලස්සන සුවඳ මල්වලින් අඩුවක් තිබුණෙත් නෑ.

සිතේ නිදහසට නැගෙන බාධා



බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි වැදගත්ම හා අවසන් අරමුණ වන්නේ සිත නොසෙල්වෙන පරිදි නිදහස්කර ගැනීමයි. සිත නිදහස් කරගැනීම යනුවෙන් අදහස් කරන්නේ එය දුකට හා පුනර්භව වක්‍රයට යොමුකරන බැඳීම් සියල්ලන්ගෙන් නිදහස් කරගැනීමයි. සිත ලෞකික නැතහොත් පුහුදුන් මට්ටමෙන් මුදාගෙන උත්තරීතර ලෝකෝත්තර තත්ත්වයට පත්කිරීම සඳහා එයට බාධකවන සියලු මානසික දුර්වලතා ඉවත්කළ යුතුවේ.

සරාගි සිත විරාගි බවට හැරවීම



සංයෝග පැත්තට යොමු වන සෑම සිතිවිල්ලක් ම විසංයෝග පැත්තට යොමු කිරීමට උත්සාහයක යෙදීම නිසා ම ඇය තම ආර්ය මාර්ගය ස්ථීර වශයෙන් සාක්ෂාත් කර ගැනීමක් වශයෙන් සෝවාන් ආදී මාර්ග ඵලයට පියවරෙන් පියවර පිය නගනවා. එමෙන්ම එහිම අනික් විරුද්ධ පාර්ශ්වය වන පුරුෂයා ද ස්ත්‍රියගේ සිත බැඳ ගැනීමට උනන්දු වන මේ සංයෝග ක්‍රියාවලිය සද්පුරුෂ ආශ්‍රයෙන් හෝ කල්‍යාණමිත්‍ර අනුශාසනයෙන් අවබෝධ කරගෙන විසංයෝග ක්‍රියාවලිය තුළට යොමු වුවහොත් ඔහු ද ආර්ය මාර්ගය ඒ ආකාරයෙන් ම සඵල කරගන්නවා. මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ කාමාදී සිතිවිලි පිළිබඳ විසංයෝග ක්‍රියාවලියේ අවශ්‍යතාවයි. එහෙම නැතිනම් බෞද්ධ ඉගැන්වීමෙහි අවසාන ඉල්කකය වන නිවන යි

සංස්කාර



අප ඔබට පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන්නේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං’ යනුවෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වන සංස්කාර පිළිබඳවයි.

ස්වාමිනි, ඇස රූපයට බැඳිලා ද? රූපය ඇසට බැඳිලා ද?



අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ දුක් විඳින සත්ත්වයන් එයින් නිදහස් කිරීමට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාකොට වදාළා. උන්වහන්සේ මේ අනවරාගි සංසාරයෙන් අප නිදහස් කිරීමට නොයෙක් නොයෙක් උපමා සහිතව ධර්මය වදාළා.

මේ සමාජයේ බොහෝ දෙනා ධර්මයට බුද්ධ ශාසනයට ඇඟිල්ල දිගු කරනවා ශාසනය මිනිසුන් රිනාත්මක පැත්තට දානවා, හැම දෙයකින්ම අනිත්‍යයි කියනවා, එය ජීවිත මුස්පේන්තු කරනවයි කියා අහන්න ලැබෙනවා. ධර්මයට ළං වෙන්න, ළංවෙන්න ඒ පුද්ගලයා ආර්ථිකයෙන් අගාදයකට වැටිලා ඔහුගේ තිබුණ සතුට නැතිවෙනවා කියා. සමහරවිට එහෙම චෝදනා කරන්න සාධාරණ සාක්ෂි අපම හදා ගන්නවා.

ගිහි ගෙයින් නික්මුනු සේක



දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතල වදාළා මහණෙනි, මම (ගිහිකල) දුක් නැත්තෙක් වීමි. අතිශයින් ම දුක් නැත්තෙක් වීමි. නිරන්තරයෙන්ම දුක් නැත්තෙක් වීමි. මහණෙනි, මාගේ පියාගේ නිවසෙහි එක් එක් වර්ගයට අයත් පොකුණු තනවා තිබුණි. එකෙක නිලුපුල් පිපෙයි. එකෙක හෙළ පියුම් පිපෙයි.

Wednesday, September 23, 2015

මේ සිත මගේ නොවේ



"සෙය්‍යථායි භික්ඛවේ මක්කටෝ අරඤ්ඤෝ පවනේ චරමානෝ සාඛං ගණ්හාති. තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති, තංමුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති, ඒවමේව ඛෝ භික්ඛවේ යදිදං වුච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිලි විඤ්ඤාණං ඉතිපි, තං රත්තියාච දිවසස්සච අඤ්ඤ ද්වේ උප්පජ්ජති, අඤ්ඤං නිරුජ්ඣති

මඳ මඳ වුවද කුසල් රැස් කරන නැණවතා පිනෙන් පිරේ

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
න පමඤ්ඥේථ පුඤ්ඤස්ස
නමංතං ආගමිස්සති
උදබිං දු නිපාතෙන
උදකුමෙහාපි පුරති
පුරති ධීරෝ පුඤ්ඤස්ස
ථොක ථොකමපි ආචිනංති

සුපින්වතුනි,

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්......



මේ වස් කාලයයි. දිවයිනේ බොහෝ විහාරස්ථානවල දිනපතා හෝ සති අන්තවල බෝධිපූජා පවත්වනු දැක ගත හැකිය. බෝධි පූජාව වස් කාලය තුළ පමණක් සිදුවන කටයුත්තක් නොවේ.

බුදු සිරිතෙහි එන පරමාදර්ශ



අකීකරු දෙව් මිනිසුන් දහම තුළ කීකරු කරවා දමනයට පත්කිරීමේ භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිසදම්ම සාරථි ගුණය සැබැවින්ය අසිරිමත් ය.

කඨිනානිශංසය බලවත් වන්නේ ඇයි?

 

විශේෂයෙන්ම වස් කාලය තුළ පන්සල වෙහෙර විහාරස්ථාන – දාගැබ් ආදිය පිළිසකර කිරීම බෞද්ධ ජනතාවගේ පාරම්පරික චාරිත්‍රයෙකි. ඒ අනුව විහාරස්ථාන අලුත්වැඩියා කිරීම් ආදී සකලවිධ කටයුතු වසරකට වතාවක් බොදු ජනතාවගේ අවධානයට යොමුවන්නේ මේ වස් හාරමාසය තුළදී ය.

තිස්සා, ධීරා තෙරණින් වහන්සේ


රාගාදී කෙලෙසුන් නිසාවෙන් පුද්ගලයාගේ සන්තානය ගිනිගත් ස්වභාවයෙන් යුක්තවෙයි. අධික රාගයක්, අධික තරහක්, ක්‍රෝධයක් ඇති වූ අවස්ථා ලෞකික ජීවිතයේ දී සිහිකිරීමෙන් අපට කෙබඳු ස්වරූපයක් ගනීදැයි සිහිපත් කළ හැකි වන්නේ ය.

ධම්මානුපස්සනා


 ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් තිබෙනවා.


කාමච්ඡන්ද –ව්‍යාපාද , ථීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා කියන නීවරණ ධර්ම අරමුණු කර ගෙන කරනු ලබන භාවනාව
රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංචස්කන්ධ පිළිබඳ භාවනාව
ඇස, කන, නාසය , දිව, ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන්ද ඒවාට අරමුණු වන රූප ශබ්ද ආදි අරමුණු නිසා ඇතිවන සංයෝජන ධර්මයන්ද අළලා කරන භාවනාව
සත්ත බොජ්ඣංග භාවනාව
දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ථ සත්‍යය යන චතුරාර්ය සත්‍යයන් පිළිබඳ භාවනාව

බුදු හිමි සරණ යමු


 සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව ඉපදීම අතිශයින් දුර්ලභය. එමෙන්ම එක් පුද්ගලයෙක් ලොව ඉපදීමට සමත්වූයේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස වේ.

භාග්‍යවතුන් වහන්සේ වදාළ දියුණු කළයුතු පැතිකඩ


අපි සියලු දෙනාම කැමතියි මේ ලෝකයේ තිබෙන වඩාත්ම බුද්ධි සම්පන්න, ඤාණවන්ත දෙය අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න.

ලැබ ගත් මිනිසත් භව රැක ගත්තොත් යෙහෙකි සොඳ


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සද්ධර්මය තුළ මිනිසාගේ පරම නිෂ්ඨාව නිවන් සම්පත් උදාකර ගැනීම බව අවධාරණය කරයි.

Tuesday, September 22, 2015

සසුනට සිත අලවා වාසය කිරීම


භව කතරෙහි තෘෂ්ණාභරිත ව අතරමං ව සසර ගින්නෙන් දැවි දැවී ඇවිදින්නා වූ මං මුලා වූ සත්ත්වයාට ඉන් මිදීමේ මාර්ගය පහදා දුන් ඒ ආශ්චර්යමත් ධර්මය ලොවට වදාළ උතුමාණෝ තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කොට වදාළ ඒ අසිරිත් බුදු බණ නිරන්තරයෙන් ශ්‍රවණය කිරීමෙන් සද්පුරුෂයන්ගේ සිත පාරිශුද්ධභාවයට පත්වෙනවා.

දෙලොවටම හානිදායක පවිටු ඇසුර‍


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පූතිමච්ඡං කුසග්ගේන
යො නරො උපනයීහතී
කුසාපි පූති වායන්ති
එවං බාලුපසේවනා

ගිලාන සූත්‍රය


අංගුත්තර නිකායේ ගිලාන වග්ගයට අයත් ගිලාන සූත්‍රය වෙත අවධානය යොමු කිරීමේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ඉතාම වැදගත් මගපෙන්වීමක් අපට අවබෝධය සඳහා යන ගමනේ දී එකතු කරගන්නට අවස්ථාව ලැබෙනවා. කයෙහි අසුභය දකින ආහාරයෙහි පිළිකුල් සංඥා ඇති සියලු ලෝකයෙහි නොඇලුණු සංඥා ඇති සියලු සංස්කාරයන්හි අනිත්‍ය දකින, මරණ සංඥාව සිත්හි හොඳින් පිහිටි,

අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සෙ සිදුකල රූපවාහිණි ධර්ම දේශනා

 

 පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති,

Monday, September 21, 2015

එන්නන් දැක සතුටු නොවන්න යන්නන් දැක ශෝක නොවන්න


“සියලු පි‍්‍රය මනාප වස්තූන්ගෙන් වෙන්වීම, වෙනස්වීම, කෙදිනක හෝ සිදුවේම ය. එය අද හෝ හෙට විය හැකිය. ඉක්මනින් හෝ පසුවී හෝ විය හැකිය. එනමුත් සිදුවේම ය. එසේ නම් එන්නත් දැක අමුතු වූ සතුටකටත් යන්නන් දැක බලවත් වූ ශෝකයටත් හේතුවක් තිබිය නොහැකිය.

සේරණී පේ‍්‍රත වස්තුව


චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහි මෙලොවදී පල දෙන්නට පුළුවනි.

Sunday, September 20, 2015

යුතුකම් ඉටුකොට සැනසෙන පති – පතිනි


පවුලෙහි ප්‍රධාන සාමාජිකයන් දෙදෙනා ස්වාමිපුරුෂයා හා භාර්යාව වුවත් ඔවුන්ට අමතරව තවත් සාමාජිකයෝ රැසක් පවුල තුළ සිටිති. මවුපියන්, දූ දරුවන් ආදී ලෙසින් පරම්පරා තුනක එකතුවක් පවුල තුළ දැකගත හැකි ය. ස්වාමියා බිරිඳට යුතුකම් ඉටුකළ පමණින් ම, බිරිඳ ස්වාමියාට යුතුකම් ඉටු කළ පමණින්ම යහපත් පවුල් සංස්ථාවක් ගොඩ නැඟෙන්නේ නැත.

මිතුරු ගුණ රැඳි බොදු පවුල



ස්ත්‍රියක  හා පුරුෂයකු එකතුව අරඹන යුග දිවිය පවුල් සංස්ථාවේ ආරම්භය වන බව පැහැදිලි වේ.

දෙසුම් පැවැතුම් මෙසේ විය යුතු


භාෂාව ව්‍යවහාර කරන්නවුන් අතරින්, බුදුරජාණන් වහන්සේ අග්‍ර වන සේක. ‘යො වදතං පවරො මනුජෙසු - සක්‍යමුනි භගවා කතකිච්චො’ යැයි සුප්‍රසිද්ධ ඡත්ත මානවක ගාථාවන්හි ඉදිරිපත් වන අරුත විමසීමෙන්, කථා බහ කිරීම සහ දේශනා පැවැත්වීම පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ස්වභාව වටහා ගත හැකියි.

සැපත නො ලැබෙන වරද කාගේ ද?



අඩුපාඩු ඇතිව මිනිස් ජීවිත ලැබුවොත් ඒ මිනිස් ජීවිතය අර්ථවත් නැහැ. අසම්පූර්ණයි. එසේ අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා ආබාධිත වෙලා, ලෙඩ්ඩුවෙලා මිනිස් ලෝකේ උපදින්නේ ඇයි?

බණ දහම දැනුම වඩා උතුම් ය



යමෙක් මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව පිළිසිඳ දැනුමක් ලබන්නේද, යමෙක් නරකය පිළිබඳව පිළිසිද දැනුමක් ලබන්නේද ඒ සියලු දැනුමට වඩා තමා පිළිබඳව නොඑසේ නම් බණ දහම පිළිබඳව ලබන අවබෝධය වඩාත් ශ්‍රෙෂ්ඨ වේ.

නිසල සිත ගෙනෙයි සෙත

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
පහස්සරම්ද, භික්ඛවෙ චිත්තං, කඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං

Saturday, September 19, 2015

බුදුපියාණන් වහන්සේ


බුදුහාමුදුරුවෝ එය අධ්‍යයනය කළේ ඇතිවුණා වෙනස් වෙමින් පැවතුණා, නැතිවුණා, යනුවෙනි. ගසක් දෙස බැලුවත් ගසක මුල් ඇදල රෝපණය වෙනවා. ඒ ගස ලොකුවෙනවා. ගහ දිරනවා, ගහ වැටෙනවා,

තණ්හාව නිසා ශෝකය උපදී




යේ රාගරත්තානු පතන්ති සෝතං
සයං කතං මක්කටකෝව ජාලං
ඒතම්පි ඡෙත්වාන වජන්ති ධීරා
අනපෙක්ඛිනෝ සබ්බ දුක්ඛං පහාය



සුපින්වතුනි

මගධයේ රජ කළ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගේ ඉතා සමීප දායකයෙකි. එතුමා විසින් බුදුසසුන උදෙසා ප්‍රථම ආරාමය පූජා කරන ලදී. එය රජගහනුවර වේළුවනාරාමය යි. රජතුමාගේ සිරිත වූවේ නිතරම වේළුවනාරාමයට ගොස් බුදුහිමියන් සමඟ පිළිසඳරෙහි යෙදීමයි.

සුව පහසු සිතකින් වාසය කිරීමට නම්



සිරිමිත්ත මහරහතන් වහන්සේගේ ථෙර ගාථාවල අපට කියාදෙනවා. ක්‍රෝධය නැතිව, වෛර කරන්නේ නැතිව, කේලාම් කියන්නේ, නැතිව, කල්‍යාණ මිත්‍රයන් සමඟ ඉන්ට කියල, කල්‍යාණ මිත්‍රයන් සමඟ වාසය කළොත්, අන්න ඒ අයට පරලොවදී ශෝක කරන්ට දෙයක් නෑ කියල අපට කියාදෙනවා.