විශේෂයෙන්ම වස් කාලය තුළ පන්සල වෙහෙර විහාරස්ථාන – දාගැබ් ආදිය පිළිසකර කිරීම බෞද්ධ ජනතාවගේ පාරම්පරික චාරිත්‍රයෙකි. ඒ අනුව විහාරස්ථාන අලුත්වැඩියා කිරීම් ආදී සකලවිධ කටයුතු වසරකට වතාවක් බොදු ජනතාවගේ අවධානයට යොමුවන්නේ මේ වස් හාරමාසය තුළදී ය.
අපේ රටවල පැවතගෙන ආ චාරිත්‍රයට අනුව කවුරුත් එකමුතු වී වෙහෙර – විහාර – ධර්මශාලා - සංඝාවාස - දානශාලාව - සීමා මාලකය සහ බෝධිඝර ආදිය සුද්ධ පවිත්‍ර කොට අලුත්වැඩියා කිරීම අද දක්වා ම පවතින චාරිත්‍රයෙකි
අදින් ආරම්භ වන පොහෝ දිනයේ සිට චීවර මාසයයි. මෙම වර්ෂයෙහි පොහෝ දින ලේඛනයේ පසළොස්වක් පොහෝ දින දහතුනක් යෙදීම නිසා වස් සමාදන් වන මාසයට ද එය බලපා තිබේ. එබැවින් අගෝස්තු පළමුවැනි දායින් ආරම්භ වන පොහෝ දින සිට ඔක්තෝබර් පොහෝ දින දක්වා මාස තුන වස් කාලය හැටියට තෛ‍්‍රනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් සම්මත කරන ලදී. ඒ අනුව ඔක්තෝබර් මස විසිනව වැනි දිනට යෙදෙන පොහෝ දා සිට නොවැම්බර් විසිහත් වන දිනට යෙදෙන ඉල් පොහෝදින දක්වා කඨින පින්කම් සිදු කෙරේ. ශ්‍රී ලංකාව ඇතුළු බෞද්ධ රට රාජ්‍යවල කඨින මාසය පුරා උත්සවශ්‍රීයෙන් ආගමික උත්සව පවත්වනු ලැබේ.
විශේෂයෙන්ම වස් කාලය තුළ පන්සල වෙහෙර විහාරස්ථාන – දාගැබ් ආදිය පිළිසකර කිරීම බෞද්ධ ජනතාවගේ පාරම්පරික චාරිත්‍රයෙකි. ඒ අනුව විහාරස්ථාන අලුත්වැඩියා කිරීම් ආදී සකලවිධ කටයුතු වසරකට වතාවක් බොදු ජනතාවගේ අවධානයට යොමුවන්නේ මේ වස් හාරමාසය තුළදී ය. අපේ රටවල පැවතගෙන ආ චාරිත්‍රයට අනුව කවුරුත් එකමුතු වී වෙහෙර – විහාර – ධර්මශාලා - සංඝාවාස - දානශාලාව - සීමා මාලකය සහ බෝධිඝර ආදිය සුද්ධ පවිත්‍ර කොට අලුත්වැඩියා කිරීම අද දක්වා ම පවතින චාරිත්‍රයෙකි. ඒ සඳහා බෞද්ධයෝ සහයෝගයෙන් තම තමන්ට හැකි පමණින් පරිත්‍යාගශීලීව තම විහාරස්ථානය වූ ගමේ පන්සල රැකගනිති. පන්සල් හදන විට ඒවා නඩත්තු කිරීම සඳහා යයි කියා අරමුදල් පිහිටුවීමක් සිදුවන්නේ නැත. පුරාණ රාජ රාජ මහාමාත්‍යවරුන් සහ දානපති ප්‍රභූවරුන් විසින් විහාරස්ථානවලට ඉඩකඩම් කුඹුරු පූජා කරන ලද්දෝ මේ කාර්ය භාරය නිසි පරිදි ඉටුකර ගනු සඳහා ය. එතෙකුදු වූවත්, විදේශීය ආධිපත්‍යයට යටත්වීමේ අනිෂ්ඨ ප්‍රතිඵලයක් වශයෙන් මේ සිද්ධස්ථාන අභාවයට ගියේ ය.
ඉහත සඳහන් කළ පරිදි සාසන පැවැත්ම සඳහා පුදන ලද බොහෝ ඉඩකඩම් සියවස් දෙක තුනක සිට පොදු ජනතාවගේ පරිහරණයට පත්ව පරම්පරා ගණනාවක් ඉක්මගොස් ඇත. තව බොහෝ කඩඉඩම් යටත් විජිත ආණ්ඩුව විසින් රාජසන්තක කරගෙන තිබේ. අදත් එබඳු ඉඩකඩම් වනගත වී ඇති බව පැහැදිලි කරුණෙකි. එහෙත් ‘රාජ බලය නැතිවූහ’ යි කියා අපේ ලාංකික බෞද්ධ ජනතාව ශාසන සංරක්‍ෂණය සඳහා මන්දෝත්සාහී නොවූහ. ඔවුහු ශාසනය රැකීමේ බර - සංඝයා නඩත්තු කිරීමේ බර තමන් අතට ගෙන මේ දක්වා ක්‍රියා කරන බව අතිශය කෘතඥතා පූර්වක පින්දීමෙන් යුතුව හඬගා කිවහැකිව තිබේ. කඨින පින්කම්, පෙරහර, වෙනත් ආගමික උත්සව, වෙහෙර විහාරස්ථානවල නව ඉදිකිරීම් අදත් සිදුකරන්නේ අපේ සිංහල බෞද්ධයාගේ ලේවලට ඉහත සඳහන් වගකීම කැවී තිබෙන නිසා ය.
කඨිනානිශංස මේ තරම් ඉහළ මට්ටමින් දක්වා ඇත්තේ කවර කරුණු පදනම් කරගෙන දැයි සලකා බැලිය යුතු ය. මෙහිලා සඳහන් කළ යුතු කරුණු දෙකෙකි. පළමුවැන්න නම් වස් සමාදන්වන භික්‍ෂූන් වහන්සේලා හාරමාසයක් පුරා පේවීමෙන් යුතුව, වත් පිළිවෙත් පිරීම ය. දෙවැනි කරුණ වශයෙන් දැක්විය යුතුව ඇත්තේ දායක පක්‍ෂය ද අඩු තරමින් පංච ශීල ප්‍රතිපත්තිය වත් රකිමින් සිව් මසක් පුරා පේවෙමින් ආරාමික ප්‍රතිසංස්කරණමය කටයුතුවල නිරත වීමත්, සැදැහැ සිතින් වත්පිළිවෙත් පුරණ භික්‍ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කිරීමත් ය.
වස් සමාදන් වන භික්‍ෂූන් වහන්සේලා එදින රාත්‍රියේ දී විශේෂ අධිෂ්ඨාන ගණනාවක් තබාගැනීම සිරිතකි. තෙලෙස් ධුතාංගයන් පිළිබඳව දක්වන තැන සඳහන් වන දුෂ්කර ප්‍රතිපදාවන් දහතුනෙන් තමාට ආරක්‍ෂා කරගත හැකි ධුත ගුණ එකක් දෙකක් හෝ මේ වස්කාලය තුළ මවිසින් ආරක්‍ෂා කරගත්තෙමි” යි අධිෂ්ඨාන කරගනිති. තේචීවරිකාංගය, පත්තපිණ්ඩිකාංගය ආදි ඉහත කී තෙළෙස් ධුතාංගයන්ගෙන් රැක ගත හැකි ගුණ දෙක තුනක් වත් වඩා වර්ධනය කර ගැනීම ශික්‍ෂාකාමී භික්‍ෂු ආකල්පයයි. ඒ අතර වස් කාලය පුරා වෙනදාටත් වඩා දැඩි උනන්දුවකින් යුතුව උදේ, දවල්, සවස බුදුන් වැඳ ගැනීම, මවිසින් වඩනු ලබන භාවනාවන්ගෙන් මෙකී භාවනා දෙක තුන, වැඩි වේලාවක් වස් කාලය තුළ වඩන් නෙමැ’යි ද, එසේ ම මේ මේ සුවිශේෂ පිළිවෙත් ආරක්‍ෂා කරගන්නෙමැ’ යි ද අධිෂ්ඨාන කරගනී.
තවද, ධර්මය පිළිබඳ දැනීමක් ඇති, අවබෝධයක් ඇති, ත්‍රිපිටක ධර්මය පිළිබඳව පරිශීලනයකින් යුත් කිසිදු භික්‍ෂූන් වහන්සේ නමක් තමන් රක්නා, තමන් ආරක්‍ෂා කරන ගුණාංග තව කෙනෙකුට ක්‍රියාවකින් හෝ වචනයකින් හෝ සිතින් හෝ ඉඟියකින් වත් අඟවන්නේ නැත. අර අධිෂ්ඨාන කරගත් පිළිවෙත් නිසි පරිදි රැකෙන්නේ එවිට ය. යම් කෙනෙක් තමන්ගේ ගුණ තමන් තුළ පවත්නා සිල්වත්කම්, ගති පැවතුම් තව කෙනකුට අඟවන්නේ දැඩි තෘෂ්ණාව මුල්කරගෙන ය. අන් අය තමා වෙත යොමුකරවා ගෙන ලාභ ප්‍රයෝජන ලබාගැනීම, කීර්ති ප්‍රශංසා ලබා ගැනීම එහි යටි අදහසයි. වංචක ධර්මයන්ට මුළාවීම නිසා ඇතැම් පැවිද්දෝ තම ගුණ කියාපාති, පෙන්වති, අඟවති. ඇතැම් විට ලාභ ප්‍රශංසාවන්ට ගිජු වී නැති ගුණ කියාපෑමෙන් පාරාජිකාපත්තියට පවත්වන්නෝ ද නැත්තේ නොවේ. එබැවින් භික්‍ෂූන් වහන්සේලා වශයෙන් මේ පිළිබඳව අතිශයින් ම ප්‍රවේශම් විය යුතු ය.
සෑම භික්‍ෂූන් වහන්සේ නමක් ම නො වරදවා ම සතර පාරාජිකා ධර්ම සහ සංඝාදිසේස දහතුන පිළිබඳව ගැඹුරු දැනීමක් ලබාගත යුතු ය. එසේ නොමැති අයකුට මහණදම් වැඩීම කළ නොහැකි දෙයක් බව සැලකිය යුතු ය. පාරාජික පාළි, පාචිත්තිය පාළි, සමත්තපාසාදිකා අට්ඨකථාව සහ අතිපූජනීය, මහාචාර්ය, රේරුකානේ චන්දවිමල මහ නා හිමිපාණන් වහන්සේගේ “උපසම්පදා සීලය”, “විනයකර්ම පොත” සහ ශාසනාවතරණය යන පොත් අතිශයින් ම නූතන භික්‍ෂූන් වහන්සේලා වන අප විසින් හැදෑරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේ ය. එසේම විද්‍යාලංකාර පිරිවෙන් පතිව වැඩවිසූ අතිපූජනීය කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමිපාණන් වහන්සේගේ ‘කඨිනානිසංසය’ පොත පරිශීලනය කිරීම අපේ නවක භික්‍ෂූන් වහන්සේලාට වඩාත් වැදගත් වන්නේම ය.
මෙසේ භික්‍ෂූන් වහන්සේලා විසින් සුවිශේෂ පිළිවෙත් පුරමින් තෙමසක් ගෙවා කඨින චීවරය පිළිගන්නා බැවින් කඨින පින්කමේ ආනිශංස අතිශයින් ම බලවත් ය. මෙහි ආනිශංස බලවත්වීමට හේතු වී ඇත්තේ එය යි. එසේම ගිහි පක්‍ෂය ද වස් කාලය තුළ පුරණු ලබන පිළිවෙත් සහ ආචාර ධර්ම කඨිනානිශංසය වැඩීමට හේතුවන දෙවන කාරණය වශයෙන් දැක්විය හැකි ය.
වස් ආරාධනා කිරීමෙන් ම සෑහීමකට පත් නො වී තුන් මාසය පුරාම දායක පක්‍ෂය ද යම්කිසි ප්‍රතිපත්තියක් පිරීම චාරිත්‍රයක්ව පවතී. “මෙවර වස් ආරාධනා කිරීමට මම ද දායකත්වයක් දරා ඇත. එබැවින් මේ හාරමාසය තුළ මම ද කිසියම් පිළිවෙතක් පිරිය යුතු ය. වස් ආරාධනා කොට ආපසු ගෙදර ගොස් නැවත කඨින පින්කම සඳහා පමණක් පන්සලට පැමිණීමෙන් මට ලැබෙන කුසලයක් නැත. එනිසා මේ වස්කාලය තුළ අඩු ම තරමින් මම පංචසීලයවත් රැකිය යුතු ය. එයත් රැක ගැනීමට බැරි නම් පංචසීලයේ මේ මේ ශික්‍ෂාපද තුනවත් ආරක්‍ෂා කර ගැනීම මගේ කඨිනානිශංසය වැඩීමට හේතු වන්නේ ය.”
“තවද, මේ වස් කාලය තුළ ගිහි ජීවිතය ගත කරන මවිසින් දවසට උදේ සවස දෙක ම බැරි නම් සවසට වත් කටයුතු නිම කොට බුද්ධ වන්දනාව කරගත යුතු ය. සතියකට වතාවක් වත් විහාරස්ථානයට ගොස් වේලාව ඇත්නම් බෝධිමළුව ඇමද මල් පහන් පුදා පැමිණිය යුතු ය. මගේ මවුපිය දෙපලට අවශ්‍ය පුද සැලකිලි කළ යුතු ය. මගේ බිරිඳට නැත්නම්, මගේ සැමියාට, මගේ දරුවන්ට මවු කෙනෙක් වශයෙන්, පියකෙනෙක් වශයෙන් කළයුතු යුතුකම් නො පිරිහෙළා ඉටු කළ යුතු ය. හිස් කතා කිරීමෙන් වැළකී බොරු කථාවලින් වැළකී සිටිය යුතු ය. අන් අය සමඟ අඬ දබර ඇතිකර ගැනීම හෝ එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීමෙන් සම්පූර්ණයෙන් ම වැළකිය යුතු ය.
සැර පරුෂ අයුරින් කිසිවකුටවත් කථා නො කළ යුතු ය. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරගත යුතු ය. වැඩිය යුතු ය. මගේ සිතත්, මගේ වචනයත් මගේ ශරීරයත් යන තුන ම තරහ ගතියෙන් තොරව කරුණා මෛත්‍රී ගුණයෙන් ම සරසා ගත යුතු ය. කඨින චීවර පූජාවකින් ලැබෙන පින වැඩිවන්නේ කඨින සිවුර පූජා කිරීමෙන් පමණක් නොව, මෙකියන ලද ගුණයන්ගෙන් මගේ චරිතවත් බව වඩා වර්ධනය කරගැනීමෙන් යයි සිතාගෙන කටයුතු කරන්නාට කඨිනයෙහි ආනිශංස බලවත්ව ලැබේ. මේ කී අයුරින් ගිහි පක්‍ෂය ද ඉහත සඳහන් කළ ආකාරයෙන් පැවිදි පක්‍ෂය ද හාරමාසයක් පුරා වත් පිළිවෙත් පිරීමෙන් යුතුව සිදුකරනු ලබන බුදුදහමෙහි සඳහන් වන එක ම මහා පුණ්‍ය ක්‍රියාව කඨින පූජෝත්සවයයි.
කඨිනයෙහි, කඨින පින්කමෙහි ආනිශංස මහාමේරුව මෙන් ශක්තිමත් යැයි දක්වා ඇත්තේ ඉහත සඳහන් කරුණු නිසා ය. එසේම සංසාරයේ දී කරගත් අංග සම්පූර්ණ කඨින පින්කමක ආනිශංස ලබාදෙන විට, කවර සමාජයක කවර ප්‍රශ්න මැද වුවද, සලකවිධ බාධාවන් වළක්වා රාජ රාජ මහාමාත්‍යාදී සහ සේනාපති පදවි ලබාදීම ද සමාජයෙන් ඉහළ ම ගෞරව ලබන උත්තම පුද්ගලයන් බවට පත්වන්නේ ද මෙකී ආනිශංසයන්ගෙන් ම ලබාදෙන වරප්‍රසාදයන් නිසා ය.
එබැවින් බුද්ධිමත් අය තම තමනට කරගත හැකි අයුරින් කඨින පින්කම්වලට සහභාගී වෙති. සහාය දෙති. කරන දාන, සීල භාවනා දී කුසල ක්‍රියාවන් ද නො පිරිහෙළා ඉටුකර ගනිති.
කඨින පින්කම මාතෘකා කොට ගෙන සුවිශේෂ කුසල ක්‍රියාවන් සිදුකරගනු ලබන්නේ ද මේ චීවර මාසය තුළ ය.
ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සභාපති
අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ
ධම්මාවාස අනු නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ඔක්තෝබර්
29 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment