භාෂාව ව්‍යවහාර කරන්නවුන් අතරින්, බුදුරජාණන් වහන්සේ අග්‍ර වන සේක. ‘යො වදතං පවරො මනුජෙසු - සක්‍යමුනි භගවා කතකිච්චො’ යැයි සුප්‍රසිද්ධ ඡත්ත මානවක ගාථාවන්හි ඉදිරිපත් වන අරුත විමසීමෙන්, කථා බහ කිරීම සහ දේශනා පැවැත්වීම පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ස්වභාව වටහා ගත හැකියි.
වාග් ව්‍යවහාරයේ ලා බුදුරජාණන් වහන්සේගේ ස්ථාවරය මජ්ක්‍ධිම නිකායේ අභයරාජ සුත්‍රයේ පැහැදිලි ලෙස දැක්වෙයි. ඔබ වහන්සේ අනුන්ට අපි‍්‍රය හෝ අමනාපය දනවන හෝ වචන කියන්නේ දැ’යි අභයරාජ කුමාරයා ප්‍රශ්න කළ අවස්ථාවේ උන්වහන්සේ වදාළේ ඒ පිළිබඳ ඒකාංසික විසැඳුමක් නැති බවයි. මහා කාරුණික,රහත් වු නිකෙලෙස් සහිත වූවකු නම් කිසි විටෙක අනුන්ට අපි‍්‍රය වූ හෝ අමනාප වු හෝ වචන නොකියන බවත් එවැනි වචන පෘථග්ජන ව්‍යවහාර බවත් අභයරාජ කුමාරයාගේ මුල් මතය විය. ගෞතමයන් වහන්සේ එවැනි වචන කියන්නේ නම් උන්වහන්සේ කෙලෙස් සහිත බවත්, එසේ නොකියන්නේ යැයි පවසන්නේ නම් බොරු කියන්නකු බවත්, ඔප්පු කිරීමට සාධක සහිතව ඔහු මෙම ප්‍රශ්නය විචාළේ නිගණ්ඨ නාථ පුත්තයන්ගේ ඉල්ලීමක් අනුවය. දෙව්දත්තයන් අපායගාමී වන බවත්, නිරය ගතවන බවත්, කල්පාස්ථායි ව දුක්විඳින බවත්,බුදු කෙනකුට වුව ඔහු බේරා ගත නොහැකි බවත් ආදි වශයෙන්ද ගෞතමයන් වහන්සේ දෙව්දත්තයන්ට අපි‍්‍රය වූ ද අමනාප වූ ද ප්‍රකාශ කර ඇති බව පෙන්වා බුදුරදුන් වාදයෙන් පරාද කරවීමට නිගණ්ඨනාථ පුත්තයන් උපදෙස් දී තිබුණි.
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ භාෂාව උපයෝගි කර ගන්නා ආකාරය මෙහිදී පැහැදිලි කළ සේක.
* යමක් අභූත ද අසත්‍ය ද අනර්ථ සංහිත ද එය අනුන්ට අපි‍්‍රය වන්නේද අමනාප වන්නේ ද එවැනි වචන බුදු හිමියෝ නොකියති.
* යමක් භූත වුව ද සත්‍ය වුවද අනර්ථ සංහිත නම් එය අනුන්ට අපි‍්‍රය වන්නේ ද අමනාප වන්නේ ද එවැනි වචන බුදු හිමියෝ නොකියති.
* යමක් භූත ද සත්‍යද අර්ථ සංහිතද එය අනුන්ට අපි‍්‍රය වන්නේ වුව ද අමනාප වන්නේ වුවද එවැනි වචන බුදු හිමියෝ කියති.
* යමක් අභූතද අසත්‍යද අනර්ථ සංහිත ද එය අනුන්ට පි‍්‍රය වන්නේ වුවද මනාප වන්නේ වුවද එවැනි වචන බුදු හිමියෝ නොකියති.
* යමක් භූත වුවද සත්‍ය වුවද අනර්ථ සංහිත නම් එය අනුන්ට පි‍්‍රය වන්නේ වුවද මනාප වන්නේ වුවද එවැනි වචන බුදු හිමියෝ නොකියති.
* යමක් භූතද සත්‍යද අර්ථ සංහිතද එය අනුන්ට පි‍්‍රය මනාප වන්නේද එවැනි වචන බුදු හිමියෝ කියති.
මේ දේශනයෙන් පෙනෙනුයේ බුදුරජාණන් වහන්සේ වචන ප්‍රකාශ කිරීමේ දීයමකුට එය පි‍්‍රයද මනාප ද අපි‍්‍රය ද අමනාප ද යන්න සලකනවාට වඩා එම ප්‍රකාශයේ යථාවාදි බව, සත්‍ය බව හා ඉන් සිදුවන අර්ථය සලකා අදහස් ඉදිරිපත් කරන බවයි.
යමක් සත්‍ය වුවත් යථාර්ථවාදී වුවත් එම ප්‍රකාශය අනර්ථ සහිත නම් එවැනි ප්‍රකාශ ද බුදු හිමියෝ නොකරති. යමක් කෙතරම් සත්‍ය වුවත් එවැනි ප්‍රකාශයකින් සිදුවන අනර්ථකාරී බව සලකා එවැනි ප්‍රකාශ තමන් වහන්සේ නොකරන බව දේශනා කර තිබීම මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි. කොතරම් අනර්ථකාරී වුවද සත්‍යය අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ යුතුය යන න්‍යායවාදි මූල ධර්මය තුළ අප බොහෝ දෙන අනර්ථයට යොමු කරන ස්වභාවක් පවතී. එවැනි ප්‍රකාශ බුදු හිමියෝ නොකරති.
කරුණාව, මෛත්‍රිය, යනු ඉතා ගැඹුරු අධ්‍යාත්මික ස්වභාවයන්ය. කරුණා හා මෛත්‍රි වේෂයෙන් කාමය, රාගය, වෛරය, ක්‍රෝධය, අත්තුක්කංසනය, පරවම්භනය, මානය සහ ඊර්ෂ්‍යාව ආදි වංචනික ධර්ම මතුවෙයි. බුදුරජාණන් වහන්සේ කිසි දින කිසිවකු සිත් රිදීමට පත්වන වචනයක්වත් භාවිත නොකරන, ඇසූ වරද වුව නොඇසූ කන්ව වැඩ සිටින, වරද දැක්කේද නුදුටුවා සේ සිටින, කිසිවකුට හෝ හිංසා වේ යැයි වරද කෙරෙහි උපේක්ෂා වන මහා කාරුණිකයාණ කෙනෙකැයි සමහරු සිතති. එම සිතුවිල්ල සමඟ ඔවුහු ‘මහා කාරුණික’ යන වදන වරදවා අර්ථ ගන්වති.
අමරා වික්ෂේපවාදය නමින් අප හඳුන්වන භාෂා ව්‍යවහාරය පිළිබඳ මතවාදයේ එක් ලක්ෂණයක් නම් තමා ඉදිරිපිට යමකු විසින් ප්‍රකාශ කරනු ලබන අදහසට අසන්නා එරෙහි නො විය යුතු බවයි. මේ වැනි වූ තැනක දුටු වරද මෙත්තා වචී කර්මය පුරමින් පෙන්වා දීම බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදයයි. අශ්‍රමණ ආකල්ප දරන්නන් කෙරෙහිත්, තම දර්ශනය වරදවා අනුන්ට ප්‍රකාශ කරන්නන් කෙරෙහිත්, බුදුරජාණන් වහන්සේ “මෝඝ පුරිස’ යැයි ව්‍යවහාර කර ඇත. මෙය අසන්නාට සිත් අමාරුවක් ඇති විය හැකි තරමක් සැර වචනයකි. විනය පිටකයේ සහ සුත්‍ර පිටකයේ අවස්ථා කිහිපයක මේ වැනි අවස්ථා දක්නට ලැබේ. ඒ හැර කටුක යැයි සම්මත වෙනත් වචනයක් උන්වහන්සේ පැවසූ අවස්ථා දක්නට නැත. ළදරුවකු ගල් කැටයක් කටේ දමාගත් විට එය ඉවතලන්නැ’යි දරුවා වඩාගෙන ඉන්නා අය ඉතා කරුණාවෙන් දැනුම් දෙති. එය එසේ නොකරන්නේ නම් වමතින් හිස දැඩි කොට ගෙන දකුණතින් ඇඟිලිවක් කොට ලේ වැගුරුණ ද ළදරුවාගේ කටින් ගල බැහැර කරවීම අනිවාර්යයෙන් කළ යුතුය.මෙය ගල ගිලී මැරෙන්න අරිනවා වෙනුවට ටිකක් ලේ ගැලුවත් මේ දරුවා කෙරෙහි අනුකම්පාවෙන් කරන දෙයකි. අභයරාජ සූත්‍රයේ දැක්වෙන මෙම උපමාව නූතන මානව අයිතිවාසිකම් අගය කරන, ප්‍රචාරණය කරන හා ඒ සම්බන්ධ නෛතික කටයුතු කරන අයට සිතන්නට හොඳ අවස්ථාවකි.
දුම්බීමට කෙනකුට ඇති අයිතියට බාධා කිරීම මානව අයිතිවාසිකම් කඩ කිරීමකැයි නඩු මඟට යන්නෝ ද අප සමාජයේ වෙති. වේවැල් කෝටු නාරන් සියඹලා අතු - කිතුල්, පොල්, ඉරටු, වැල් කසඹිලිය අතු මෙ හැම ඉපල් ශිෂ්‍යයා යහමගට යොමු කිරීමට යොදා ගැනීමට එදා වදන් කවිපොතේ රචකයා යෝජනා කළේද දරුවනට නොහොඳක් කිරීමේ අදිටනින් නොවේ.
බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ ලා දේශිත ‘සම්මා වාචා’ මාර්ගාංගය උන්වහන්සේගේ වාග් ව්‍යවහාරයයි. බොරුකීම, කේලාම්කීම, ඵරුෂවචන කීම සහ හිස් වචන කීම ඉන් සපුරා ප්‍රතික්ෂේප වෙයි. සම්මා වාචා වන්නේ වැරැදේ නොකියා සිටීම පමණක් නොවේ. කිව යුතු යහපත් දේද වෙයි.
බොරු කීමෙන් වැළැකී සිටීමෙන් පමණක් නොව ඇත්ත කීම, සත්‍යයටම ගළපා කීම, සත්‍ය තහවුරු වන කථා කීම, ඇදහිය යුතු කථා කීම,ලොව නොරවටන කථා කීමද මුසාවාදා වේරමණී යන්නේ නිවැරැදි අරුත වෙයි. (මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා හොති සච්චවාදි සච්ච සන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකෝ ලොකස්ස)
කේලාම් නොකීම යනු කේලාම් කීමෙන් වැළැකීමයි. දෙපක්ෂයක් බිඳවන දූෂ්‍ය හැඟීමෙන් මේ පැත්තෙන් කිවු දෙයක් අසා අනෙක් පැත්තට නොකිව යුතු වෙයි. එහෙත් ‘පිසුනාවාචා වේරමණි’ ශික්ෂාව සම්පූර්ණ වීමට නම්, යම් හේතු නිසා භේද වී සිටින සමාජය එකතු කළ යුතුවෙයි. එවැනි එකතුවට අනුබල දිය යුතු වෙයි. එවැනි සමාජයක වාසය කරන්නට තමා කැමැති විය යුතු වෙයි. සමගි සමාජයකට ඇලෙන්නේ ද සතුටුවන්නේ ද විය යුතු වෙයි. සමඟිය සඳහාම ප්‍රකාශ කරන්නකු විය යුතු වෙයි.
ඵරුෂ වචන නොකීම යනු කටුක, සිත් රිදෙන අසභ්‍ය වචන නොකීම වෙයි. එහෙත් ඵරුසා වාචා වේරමණී ශික්ෂාව සම්පූර්ණ වීමට නම් නිර්දෝෂි (නේලා), කනට සුව දෙන (කණ්ණසුඛ), පේ‍්‍රමනීය (පේමනීයා), හදවතටම කථා කරන (හදයංගම), අසන්නන්ට පි‍්‍රය (බහුජනකන්තා), අසන්නන්ට මනාප (බහුජන මනාපා) වදන් භාවිතා කළ යුතුවෙයි.
හිස් වචන කථා නොකිරීම යනු හරසුන් දෙඩවිලි වලින් ඈත්වීමයි. සම්ඵප්පලාපා වේරමණී ශික්ෂාව සම්පූර්ණ වන්නේ කිව යුත්ත සුදුසු කල කීම (කාලවාදී), ඇතිදෙයක්ම කීම (භූතවාදී), අර්ථවත් දෙයක් කීම (අත්ථවාදී), ධර්මයට ගැළැපෙන දෙයක් කීම (ධම්මවාදී), හික්මීමට අදාළ දෙයක් කීම (විනයවාදී), සුදුසු කල කරුණු සහිත සීමිත වචන ඇති අරුත් සහිත සිතේ දරාගත හැකි වන දෙයක් කීමයි. (නිධානවතිං වාචාං භාසිතා කලෙන සාපදේසං පරියන්තවතිං අත්ථසඤ්හිතං)
බුදුරජාණන් වහන්සේගේ භාෂා ව්‍යවහාරය මේ ලක්ෂණවලින් යුක්ත විය. උන්වහන්සේගේ යථාර්ථය දේශනය නිසා ඉතාම කලාතුරකින් කෙනකු අසතුටු වන්න ඇත.දෙව්දත්ත හිමි ඇතුළු එම පිරිසේ නායකයෝ ඒ අතර වෙති. බුදුදහම දේශනයෙන්, භාෂනයෙන්, සන්නිවේදනයෙන්, ශ්‍රාවකයා දැනුම්වත් කිරීමත්,ඒ තුළින් ශ්‍රද්ධාව ජනනය කර නිවන් මඟට පත් කිරිමත් සිදු කරයි.
බුදුරජාණන් වහන්සේ අනූපමේය කථිකයෙකි. උපමා උපමේය යොදමින් රසවත්ව භාෂාව උපයෝගි කර ගත් අයුරු සැම දේශනයකම දැක්වෙයි. උන්වහන්සේගේ දේශනා ශ්‍රාවක සිත් තුළ චිත්තරූප මවා යථාර්ථය වටහා දීමට සමත් වූ ආකාරය ඛේමාවන් දහම් අවබෝධ කරගත් අවස්ථාවෙන් පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේගේ,අමුත්තන්ට මුලින්ම කථා කිරීම (පුබ්බභාණි), අවශ්‍යදේ පමණක් ප්‍රමාණවත්ව කථා කිරීම (මිතභාණි), නිර්දෝෂි (නේල), කනට සුව දෙන (කණ්ණසුඛ), ප්‍රේමනීය (පේමනියා), හදවතටම කථා කරන (හදයංගම), අසන්නන්ට පි‍්‍රය (බහුජන කන්තා), අසන්නන්ට මනාප (බහුජන මනාපා) වචන කථා කිරීම බුදු සිරිත පුරාම දක්නට ලැබේ. වාදීභසිංහ වෙස් ගත් සච්චක, චංකී වැනි විශාරදයන් දමනය කිරීමටද පටාචාරා කිසාගෝතමී වැනි දුකට පත් වූවන් සැනසීමට ද උපයෝගී වූයේ උන්වහන්සේගේ මේ අනූපමේය භාෂා ව්‍යවහාරයයි.
වාද්දුව, ශ්‍රී‍්‍ර ලංකාරාමයේ විහාරාධිපති
ශාස්ත්‍රපති
වාද්දුවේ ධම්මවංස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලී 16
වනදා අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment