"ශ්‍රද්ධාව යනු, හුදෙක් බුද්ධිමය පදනමක් සහිත වූවක් මිස හැඟීම් බර ආකල්පයක් නොවන්නකි. ක්ෂණිකව උපදවා ගන්නා ලද ප්‍රසාද මාත්‍රයක් ද නොව, දූරදර්ශි නුවණින් පර්යේෂණය හා විශ්ලේෂණය තුළින්ම අවබෝධ කරගත යුතු උපයෝගිතා සංකල්පයක් ලෙස ශ්‍රද්ධාව හැඳින්වීමට පුළුවන"
'මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රය සම්බුද්ධ ශාසනයෙහි පිළිවෙත් අනුපූර්ව වශයෙන් වැඩීම පිළිබඳව පැහැදිලි කරනු ලබන සූත්‍ර දේශනාවකි. එහිදී පැහැදිලි කරනු ලබන්නේ, මුලදී පිරිපුන් ප්‍රඥාව අපේක්ෂා කළ නොහැකි බවත් ශ්‍රද්ධාව පාදක කරගනිමින් අනුපිළිවෙළින් ම ශ්‍රද්ධාව වැඩිය යුතු බවත්ය.
“සැදැහැයෙන් යුතු පුද්ගලයා සම්‍යක් දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිඳගනියි. හිඳ සවන් යොමු කරයි. යොමුකළ සවනින් දහම් අසයි.
අසා ධර්මය දරයි. දැරූ ධර්මයෙහි අර්ථ පරීක්ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි.” යනුවෙන් එහි විස්තර කෙරේ.
ක්‍රමයෙන් ප්‍රතිපදාව සාක්ෂාත් කිරීමෙන් තමන් බලාපොරොත්තු වන පරම නිෂ්ටාව වන නිර්වාණය සාක්ෂාත් කිරීමට හැකි බව මින් අවධාරිතය. එමෙන්ම පැහැදිලිවන තවත් කාරණයක් නම් ශ්‍රද්ධාව යනු, පැහැදීම වන අතර එහි අපේක්ෂාව සසර දිගට ගමන් කිරීම නොව නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයට ප්‍රවේශ වීමය.
බුදු දහමෙහි ප්‍රමුඛ සංකල්පයක් ලෙස ශ්‍රද්ධා සංකල්පය හැඳින්වීමට පිළිවන. බුදුන් වහන්සේ ජීවමාන අවධියේ බොහෝ පිරිස් බෞද්ධ භික්ෂූත්වය ලබා ගැනීමට පැමිණ ඇත්තේ ශ්‍රද්ධාව නිසාවෙනි. (ම.නි. 1, 123 පිට)
“ශ්‍රද්ධාවෙන් පැවිදි වූ නුඹලාට මෙය සුදුසුය. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ නුඹලාට මෙය නුසුදුසුය” බුදුරජාණන් වහන්සේ කළ දේශනාවලින් ඒ බව පැහැදිලි වේ. අවබෝධය හේතුකොටගෙන ශ්‍රද්ධාව නිසැක වශයෙන් ම අවධාරණය වන අවස්ථා ගණනාවක්ම පාලි සාහිත්‍යය තුළ ද දක්නට ලැබේ. එහිදී තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යැයි අන්ධ, අවිචාරවත් භක්තිය නිසා ම නොපිළිගත යුතු බවත්, පිළිගත යුත්තේ නම් තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධභාවය විමංසනය කරමිනි.
“මහණෙනි, අනුන්ගේ සිත්හසර නොදන්නා විමංසක භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ වේද, නොවේ දැයි විමසිලිමත්ව සොයා බැලිය යුතු වේ. යන ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වේ.
එයින් විද්‍යමානවන අදහස නම්, තථාගත බෝධියෙහි නික්ලේශී භාවය හඳුනාගත හැකි වන්නේ ශ්‍රද්ධාව උපදවා ගැනීම තුළින් වන බවය. මෙහිදී පැහැදිලිවන තවත් කරුණක් නම්, ‘මහණෙනි, අනුන්ගේ සිත් හසර නොදන්නා විමංසක භික්ෂුව කරුණු දෙකක් අරභයා තථාගතයන් වහන්සේ පිළිබඳව සොයා බැලිය යුතු බවයි. එනම් බුදුන්වහන්සේගේ
කාය සමාචාර (කායික හැසිරීම)
වාග් සමාචාර (වාචික හැසිරීම)
වාග් සමාචාර (වාචික හැසිරීම)
යනාදියයි.
එනම්, තථාගතයන් වහන්සේ වෙතින් යම් කෙලෙස් සහගත හැසිරීමක් ගම්‍ය වේ ද, එසේත් නැතිනම්, ගම්‍යනොවේද යැයි විමර්ශනයට ලක් කළයුතු බව එයින් අදහස් වේ. මේ අනුව පැහැදිලි වන්නේ බෞද්ධ ශ්‍රද්ධාව වූ කලී අන්ධ භක්ති මාත්‍රයකින් විශ්වාස මාත්‍රයකින් නොගත යුතු බවත් විමංසනය තුළින්ම තහවුරු කර ගත යුතු බවත් ය.
විමුක්ති සුවය අපේක්ෂා කරන්නෙකුගේ පරමාර්ථය හා අවසාන ඉලක්කයේ ආරම්භක පියවර ශ්‍රද්ධාව ලෙස සැලකේ. නිවන වඩන්නාට යන මාර්ගය සඳහා අවශ්‍යවන මාර්ගෝපකරණ අතර පළමුවන උපකරණය නම් ශ්‍රද්ධාව වන බව අංගුත්තර නිකායේ සංඛිත්තධන සූත්‍රය තුළින් ප්‍රතීයමාන වේ.
‘සද්ධා ධනං - සීල ධනං
හිරි ඔත්තප්පියං ධනං.....’
‘සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං......’
හිරි ඔත්තප්පියං ධනං.....’
‘සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං......’
ඒ අනුව බුදු දහම යෝජනා කරනුයේ ශ්‍රද්ධාව ධනයක් ලෙසයි. ආර්ය ධන හතෙන් පළමුවැන්න ශ්‍රද්ධාව වේ.
තවද, පුද්ගලයා සංසාරය නම් වූ මහා සැඩ ප්‍රචණ්ඩ පරුෂ වූ බිය ජනක සැඩ පහරකට හසු වී ඇති බවත් ඉන් මිදීමට හැකි වන්නේ සසර සැඩ පහර ශ්‍රද්ධාවෙන්ම තරණය කිරීමෙන් වන බවයි.
“සද්ධාය තරතී ඕඝං”
“ශ්‍රද්ධා” යන සංකල්පය පිළිබඳව අංගුත්තර නිකායේ සඳහන් කරනුයේ,
“යම් ස්ත්‍රියක හෝ පුරුෂයකු වෙත ශ්‍රද්ධාදී ගුණ සමුදායක් පවතින්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පරිපූර්ණ වන බවයි. එමෙන්ම කිසිදු විටෙක දිළින්දෙකු ලෙස නොසැලකෙන බවයි.”
ශ්‍රද්ධාව ආචාරත්මක හා අධ්‍යාත්මික අභිවෘද්ධියට අත්‍යාවශ්‍යම ප්‍රත්‍යයක් ලෙස නිර්දේශ කරනු ලැබූවත් කාර්යක්ෂම භාවයෙන් නිලීන හා අවබෝධයෙන් හීන ශාස්තෘවරයකු පිළිබඳ සද්ධා ප්‍රතිෂ්ඨාපනයක් ඇතිකර ගැනීම සුදුසු නොවන බවත් එය භයානක ඉරණමක් ගෙන දෙන බවත්, බුදුන්වහන්සේ වදාළ සේක. චූල ගෝපාලක සූත්‍රයේ දී ගඟේ ජල මට්ටම නොදැන ගඟෙන් එතෙර කිරීම සඳහා ගවයන් ගඟ මැදට දක්වා ගිල්වා මරන්නාවූ මෝඩ ගව පාලකයකුට අබුද්ධ ශාස්තෘවරයා සමාන කෙරේ. එමෙන්ම එගොඩ කිරීමට නිවැරැදි තැන හා මග දැන හරකුන්ව නිරපද්‍රිතව එගොඩ කරන්නාවූ දක්ෂ ගවපාලකයෙකු බුද්ධ ශාස්තෘවරයාට සමාන කෙරේ.
එම සූත්‍රයට අනුව අදක්ෂ ආගමික නායකයෙකුට ඇහුම් කන්දිය යුතු යැයි හෝ ඔහු කෙරෙහි ශ්‍රද්ධාව තිබිය යුතු යැයි සිතන්නාට දිගු කලක් විපතට හා දුකට පත්වීමටත් එමෙන්ම දක්ෂ ආගමික නායකයෙකු එසේ සිතන්නාට දිගු කලක් සැනසුමට හා සතුටට පත්වීමටත් එය බලපාන අයුරු චූලගෝපාලක සූත්‍රය තුළින් පැහැදිලි වේ.
ශ්‍රද්ධාව ප්‍රභේද දෙකකි. එනම්,
ආකාරවතී සද්ධා
අමූලිකා සද්ධා යනුවෙනි.
විධිමත්ව හා විචාර පූර්වකව කරුණු සලකා බලා කටයුතු නොකරන අමූලිකව, අහේතුකව ජනනය කරගත් හුදු භක්ති මාත්‍ර හැඟීම ඇතිව ක්‍රියා කිරීම අමූලිකා ශ්‍රද්ධාව වේ.
එයට මූලයක් නොමැත. ඒ තුළ ප්‍රඥාවට බර භාවයක් නොමැති අතර අවිද්‍යාවම ස්මතුව පවතියි. බුදුන් වහන්සේ මෙම ශ්‍රද්ධාව බැහැර කර තිබේ.
ඥානයෙන් කරුණු කාරණා විමසා බලා සැක ඇති තැන් දුරු කරගෙන බුද්ධිමය පදනමක් සහිතව බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය කෙරෙහිම ඇති කරගනු ලබන අවබෝධය තුළින් ශ්‍රද්ධාව ගොඩනගා ගැනීම ආකාරවතී සද්ධාව වේ.
බුදුන් වහන්සේ ශ්‍රද්ධාව වපුරන ලද බීජයකට සමානකරන ලද අතර තපස වර්ෂාවටද, ප්‍රඥාව විය දණ්ඩටද, ලජ්ජාව නගුලට ද, මනස යොතටද, සතිය නගුල් තලය හා කෙවිටට ද උපමා කරනුයේ මේ අයුරිනි.
‘සද්ධා බීජං තපොවුට්ඨි
පඤ්ඤා මේ යුග නංගලං......’
පඤ්ඤා මේ යුග නංගලං......’
එම සූත්‍ර දේශනාවට අනුව බීජ ඇතිතාක් ගොවියෝ සී සාති. අනික් උපකරණ භාවිතයෙන් අස්වනුද ලබති. එමෙන්ම බුදු හිමියන්ද සීසා වපුරා අනුභව කරන්නේ යැයි කසීභාරද්වාජ බමුණාට පැහැදිලි කරනු ලබයි. එහිදී ද ප්‍රකට වනුයේ ශ්‍රද්ධාව නමැති බිජුවට පූර්වාංගමය වන්නේ ශ්‍රද්ධාව වන බවයි.
ශ්‍රද්ධාව යනු, හුදෙක් බුද්ධිමය පදනමක් සහිත වූවක් මිස හැඟීම් බර ආකල්පයක් නොවන්නකි. ක්ෂණිකව උපදවා ගන්නා ලද ප්‍රසාද මාත්‍රයක් ද නොව, දූරදර්ශි නුවණින් පර්යේෂණය හා විශ්ලේෂණය තුළින්ම අවබෝධ කරගත යුතු උපයෝගිතා සංකල්පයක් ලෙස ශ්‍රද්ධාව හැඳින්වීමට පුළුවන.
තිස්සමහාරාමයේ
ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment