ආර්ය ශ්‍රාවක තෙමේ කුමන විහරණයෙකින් වාසය කළ යුතුද? විහරණය යනු වාසය කිරීම, හැසිරීම, සක්මන් කිරීම යන අරුතක් ගෙන දෙයි. නැතිනම් ඒ ගැන මෙනෙහි කරමින් වාසය කිරීමයි. මෙනෙහි කිරීමේ පළමු පියවර වන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිතීමයි.
එනම් උන්වහන්සේ අරහත්ය. සම්මා සම්බුද්ධය විජ්ජාචරණ සම්පන්නය. සුගතය, ලෝකවිදුය. අනුත්තරෝ පුරිසදම්ම සාරථිය, මෙසේ මෙනෙහි කරන විට රාග සිත මැඩගෙන නොපවතියි. දෝස සිත මැඩගෙන නොපවතියි. මෙත් සිත මැඩගෙන නොපවතියි. එවිට සිත ඍජු බවට පත්වෙයි. ඍජු බවට පත් සිත නිසා ආර්ය ශ්‍රාවකයාට අර්ථයෙහි සතුට ඇතිවෙයි. ධර්මයෙහි සතුට ලැබෙයි. ධර්මය කරා පමුණුවන බැවින් ප්‍රමෝදය ඇතිවෙයි. ප්‍රමෝදයෙන් පී‍්‍රතිය ඇතිවේ. පී‍්‍රති සහගත සිත නිසා කයෙහි සැහැල්ලු බව ඇතිවේ. ඒ තුලින් සැපය ගෙන දෙයි. සැප ගෙන දෙන සිත නිසා සිත සමාධිගත බවට පත්වෙයි.
මෙවැනි සමාධිගත සිතක් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ වැරදි මිනිසුන් අතර ප්‍රණීත කෙනෙක් ලෙස වාසය කරයි. ව්‍යාපාදයෙන් යුත් ජනයා අතර ව්‍යාපාදයෙන් තොර කෙනෙක් ලෙස වාසය කරයි. හැම විටම ධර්මයට සවන් දෙමින් නිරතුරුවම බුද්ධානුස්සතිය වඩයි.
මෙහි දෙවෙනි විහරණය වන්නේ ධම්මානුස්සතියෙන් වාසය කිරීමය. එනම් නැවත නැවත ධර්මය ගැන මෙනෙහි කිරීමය.එනම් තථාගතයන් දෙසූ ධර්මය ස්වාක්ඛාතය, සන්දිට්ඨිකය, වශයෙන් ධර්මය සිහිකරන කල්හි, රාගය සිත මැඩගෙන නොපවතියි. දෝස සිත මැඩගෙන නොපවතියි. එවිට සිත ඍජු බවට පැමිණෙයි. ඍජු බවට පැමිණි සිතින් අරිය ශ්‍රාවකයාට අර්ථයෙන් සතුට ලැබෙයි. අර්ථයෙන් සතුට ලැබෙන විට ධර්මයෙහි සතුට ලැබෙයි. ධර්මය කරා සිත පමුණුවන හෙයින් ප්‍රමෝදය ඇතිවෙයි. ප්‍රමෝදය කරණ කොට පී‍්‍රතිය ඇතිවෙයි. පී‍්‍රති සහගත සිත මුල් කරගෙන කයෙහි පස්සද්ධිය ඇතිවේ. කයෙහි පස්සද්ධිය නිසා සැපය ගෙන දෙයි. සැප ගෙන දෙන සිත තුලින් සමාධිය ඇතිවෙයි.
තෙවෙනි විහරණය හෙවත් මෙනෙහි කිරීම නම් සංඝානුස්සතියයි. ආර්ය ශ්‍රාවක තෙමේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක තෙමේ සුපටිපන්නය. උජුපටිපන්නය, ඤාණ පටිපන්නය, වශයෙන් මෙනෙහි කරන විට රාග සිත, මැඩගෙන නොපවතියි. දෝස සිත මැඩගෙන නොපවතියි. මෝහ සිත මැඩගෙන නොපවතියි. එවිට සිත ඍජු බවට පැමිණෙයි. අර්ථයෙහි ආනන්දය ලබයි. ධර්මයෙහි ආනන්ද ලැබෙයි. ධර්මය කරා පමුණුවන බැවින් ප්‍රමෝදය ඇතිවෙයි. ප්‍රමෝදයෙන් පී‍්‍රතිය ඇතිවේ. පී‍්‍රති සහගත සිත නිසා කයෙහි පස්සද්ධිය ඇතිවේ. පස් සද්ධිය නිසා සැපය ඇතිවේ. සැපය නිසා සිත සමාධි ගත වෙයි.
සිව්වැනි විහරණය වන්නේ සීලානුස්සතියයි. එනම් තමන්ගේ සීලය ගැන නැවත සිහිකිරීමයි. මතක් කිරීමයි. මගේ සීලය මුල, මැද, අග යන තුන්තැන්හිදීම නොකඩවා ආරක්ෂා කරමි. එය නොසිතු, නොනවත්වාම පිළිවෙලින්ම පවත්වා ගෙන යයි. නුවණැත්තන්ගේ ප්‍රශංසාවට භාජනය වන පරිදි, අඩුවක් නැතිව සමාධියට ආධාරකයෙක් ලෙස පවත්වාගෙන යමි. මෙසේ සීලය ගැන මෙනෙහි කරන විට රාග සිත මැඩගෙන දෝෂ සිත මැඩගෙන, මෝහ සිත මැඩගෙන නොපවතියි. එවිට සිත ඍජු බවට පැමිණෙයි. ඍජුගත සිත කරණකොට අර්ථයෙන් ආනන්දය ලැබෙයි. ධර්මයෙහි ආනන්ද ලැබෙයි. ධර්මය කරා පමුණුවන බැවින් ප්‍රමෝදය ඇතිවෙයි. ප්‍රමෝදය කරණ කොට පී‍්‍රතිය ඇතිවෙයි. පී‍්‍රති සහගත සිත කරණකොට ගෙන කයෙහි පස්සද්ධිය ඇතිවේ. කයෙහි පස්සද්ධිය නිසා සුඛය දැනෙයි. සුඛය කරණකොට ගෙන සිතෙහි සමාධිය ඇතිවෙයි.
පස්වෙනි විහරණය චාගානුස්සතියයි. අරිය ශ්‍රාවක තෙමේ තමන්ගේම චාගය නැවත නැවත සිහිකිරීමයි. මම මසුරු හිත ඇති, ලෝභ ගති ඇති අය අතර ගිහිගෙයි වාසය කරමි. පරිත්‍යාගශීලිව, මසුරුබව ලෝභ බව අත් හැරීමෙහි පිරිසිදු සිත් ඇතිව, නිදහස්ව පරිත්‍යාග කරමින් අත්හැරීමට ලැදි අයෙක් වෙමි.
සයවැනි විහරණය දේවතානුස්සතියයි. අරිය ශ්‍රාවකයා දේවතාවන් නැවත නැවත මෙනෙහි කිරීම සිහිකිරීම මෙයින් අදහස් කරයි. චාතුම්මහා රාජික දෙව්ලොව වසන දෙවියෝ ඇත. තාවතිංස දෙව්ලොව වසන දෙවියෝ ඇත.
මීටත් වඩා උසස්වන දෙවිිවරු ඇත. යම් සද්ධාවක් කරණකොට ඒ ලොව ඉපදුනේද ඒ සද්ධාව මට ඇත. යම් සීලයක් කරණකොට ඒ ලොව ඉපදුනේද ඒ සීලය මා හට ඇත. යම් ධර්ම දැනීමක් කරණකොට ඒ ලෝක වල ඉපදුනේද ඒ ධර්මය පිළිබඳ දැනීම මට ඇත. යම් චාගයන් කරණකොට ඒ ලෝකවල ඉපදුනේද චාගය මට ඇත. යම් ප්‍රඥාවක් නිසා ඒ ලෝකවල ඉපදුනේද ඒ ප්‍රඥාව මට ඇත.
මෙසේ ඒ ආර්ය ශ්‍රාවක තෙමේ තමා තුළ ඇති සද්ධාව, සීලය, ධර්මය පිළිබද දැනීම චාගය ප්‍රඥාව පිළිබඳව සිහි කරත්ම රාග සිත මැඩගෙන දෝස සිත මැඩගෙන ,මෝහ සිත,මැඩගෙන නොපවතියි. එවිට සිත ඍජු බවට පැමිණෙයි. ඍජුගත සිත කරණකොට ගෙන අර්ථයෙහි ආනන්දය ඇතිවෙයි. ධර්මයෙහි ආනන්දය ලැබෙයි. ධර්මය කරාම පමුණුවනු ලබයි. ධර්මය කරා පමුණුවන බැවින් සිතේ ප්‍රමෝදය ඇතිවෙයි. ප්‍රමෙදය කරණකොට පී‍්‍රතිය ඇතිවෙයි. පී‍්‍රති සහගත සිත නිසා කයෙහි පස්සද්ධිය ඇතිවෙයි. කයෙහි පස්සද්ධිය නිසා සුඛය දැනෙයි. සුඛය දැනෙන විට සිත සමාධි ගත වෙයි. සමාධි ගත සිතක් ඇති තැනැත්තා වැරදි අතට හැරුණු ජනයා අතර ප්‍රහීන ලෙස වාසය කරන්නෙක් වෙයි. ව්‍යාපාදය සහිත ජනයා අතර ව්‍යාපාදය රහිත අයෙක් බවට පත් වෙයි. ධර්මයට සවන්දෙන දේවතානුස්සතිය වඩන්නෙක් වෙයි.
ඇලිකේවෙල සීලානන්ද නාහිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment