අප ජීවිතය තුළ අවබෝධයක් සහිත ,පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් පිරිසක් ලෙස ජීවිතය ගත කළ යුතුයි. පටිච්ච සමුප්පාදය තුළින් ලෝකය දැකිය යුතුයි. ලෝකය තේරුම් ගැනීම අවශ්‍යයි. මධ්‍යම ප්‍රතිපදාව තුළින් ලෝකය සමඟ කටයුතු කිරීමට පුහුණු විය යුතුයි.පටිච්ච සමුප්පාදය තුළින් ලෝකය දකින පුද්ගලයා ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා මිස අන්තවාදී අසුබ මානසිකත්වයකින් හෝ අන්තවාදී සුබ මානසිකත්වයකින් දේවල් දැකීමට උත්සාහ කරන්නේ නැහැ.
අප්‍රමාදී බව ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම සම්බන්ධව අවබෝධයක් තිබිය යුතුයි. ධම්ම පදයේ අප්පමාද වග්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි “අප්පමාදෝ අමත පදං” අප්‍රමාදී බව නිර්වාණයට තිබෙන නමක් ලෙසද, නිවනටම තිබෙන මාර්ගයක් ලෙසද අපට හඳුනා ගත හැකි වෙයි. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබෙන්නේම අප්‍රමාදී පිරිසට පමණයි.
“පමාදෝ මච්චුනෝ පදං” ප්‍රමාද බව මාරයාට යටත්වීම වෙයි.මාරයාට හෙවත් මරණයට වසඟ වීම ප්‍රමාදයයි. අප්‍රමාදය යනු නිර්වාණය සාක්ෂාත් කර ගැනීම වෙයි.අප්‍රමාදී බව නිර්වාණය සාක්ෂාත් කර ගැනීමක් ලෙසත් ,එයට අදාළ වන්නාවූ ක්‍රම ෙවිදය ලෙසත්,ප්‍රමාදී බව මාරයාට වසඟ වන හේතුව සහ ක්‍රම ෙවිදය ලෙසත්,ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබීමෙන්ම එම ගුණාංගය බෞද්ධ මනසක් තුළ කෙතරම් ප්‍රමාණයකින් දියුණු විය යුතු කාරණාවක්ද?
යන්න අවබෝධ කරගත හැකි වෙයි.බුදු දහම අනුගමනය කරන බෞද්ධ මවකගේ කුසක බෞද්ධ පියෙකුගේ ජාන නිසා මිනිස් භවය ලැබීම අතිශයින්ම දුර්්ලභ කාරණාවක්. ලෝකය තුළ බොහෝ ආගම්, දර්ශනවාද, විශ්වාස, ඇදහිලි තිබියදීත් අප බෞද්ධයන් ලෙස උප්පත්තිය ලබා තිබිම භාග්‍යවන්ත සිදුවීමක්. සම්‍යයක් දෘෂ්ටියකයන් පිරිසක් අතර ඉපදුනේම “පුබ්බෙච කත පුඤ්ඤතා” යන අප විසින් පෙර කරන ලද යම් කිසි කුසලයක ආනිශංස ධර්මයක් ලෙසයි.
තිරිසන් අපයෙහි නොඉපදී , ප්‍රේත ලෝකයෙහි ප්‍රේතයන් අතර නොඉපදී ,නිරයෙහි නිරි සතුන් අතර නොඉපදී ,මිනිස් ලොව තුළ වුවද ධර්මයක් නොදන්නා කර්මය සහ කර්ම ඵලය විශ්වාස නොකරන මිථ්‍යා දෘෂ්ටිකයන් අතර නොඉපදී මෙලොව පරලොව දෙක පිළිගන්න, තුණුරුවන් පිළිගන්න, කර්මය සහ කර්ම ඵලය පිළිබඳ විශ්වාසයක් තිබෙන සම්‍යක් දෘෂ්ටික මවක සහ පියෙකු සමීපයෙහි උතුම් වූ බුද්ධෝත්පාද කාලයක මිනිස් බවයක් අප ලබා තිබෙයි. එය අපට ලැබී තිබෙන්නේම “ උපන්නාට මේ ලොව වැනෙනවා විනා” කියන ජීවිතය ගෙවා දමන්නට නොවෙයි.
අපට කිසියම් අවස්ථාවක් ලැබී තිබෙන බව අවබෝධ කරගත යුතුයි. අවබෝධය උදෙසා ගමන් කිරීමට ලැබුණ සුවිශේෂී අවස්ථාවක්. අවබෝධය කරා ගමන් කිරීමට අවශ්‍ය කරන ඤාණ දර්ශනයක් මෙම යුගය තුළ තිබීම වාසනාවක්. අවබෝධය සඳහා ගමන් කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපදාවක් ෙමි යුගය තුළ තිබීමත් වාසනාවක්. ඒ වගේම අවබෝධය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය කරන කායික මානසික සුදුසුකම් අපට ලැබී තිබීම භාග්‍යයක්. එම නිසා අපට ලැබී තිබෙන අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් අවබෝධය සඳහා ගමන් කිරීමට අප්‍රමාදී විය යුතුයි. අපගේ නොපමා බව ගොඩනඟා ගත යුත්තේ මේ ලැබී තිබෙන මිනිස් ජීවිතය තුළ පූර්ණ අවබෝධය සඳහා ගමන් කිරීම උදෙසායි.
කොසොල් රජතුමා ළමුන් කණ්ඩායමක් සමඟ වතුර භාජනයක දමන ලද මාළුවෙකු රැගෙන බුදුරජාණන් වහන්සේ හමුවිමට පැමිණ එය බුදුරජාණන් වහන්සේට පෙන්වමින් ප්‍රකාශ කරනු ලැබුයේ ස්වාමීනී,භාග්‍යවතුන් වහන්ස , මේ මාළුවා රත්තරන් පාට දිස්වන ඉතා දුර්ලභ මාළුවෙක්. මේ ළමුන් මාළු අල්ලමින් සිටියදී මෙම මාළුවා ළමයින්ට හසුවෙලා තෑගි ලබා ගැනීමේ බලපොරොත්තුවෙන් මගේ ළඟට පැමිණියා.මේ මාළුවා ඉතාම දුර්ලභ මනරම් මාළුවෙක් නිසා ඔබ වහන්සේට පෙන්වන්නට අවශ්‍ය බව මට සිතුණා. බුදුපියාණන් වහන්සේ මාළුවා දෙස බලමින් මේ ඇවිත් සිටින්නේ කපිල බවට දේශනා කරමින් පිළිතුරු සැපයූවා.
බුදුරජාණන් වහන්සේ එම මාළුවාට මනුෂ්‍යයෙකුට කියන නමකින් හඳුන්වනු ලබන්නේ ඇයිද? සිතා රජතුමා ද පුදුම වුණා. නැවතත් රජතුමා බුදුපියාණන් වහන්සේ අමතමින් ස්වාමීනී , තිරිසන් සත්ත්වයෙකුට කපිල යන මනුෂ්‍ය නමකින් හඳුන්වනු ලබන්නේ කුමන කාරණාවක් හේතු කොටගෙනද? රජතුමනි , මේ මාළුවා මීට පෙර බුද්ධ ශාසනයක මිනිස් ආත්මභාවයක් ලබා සිටි අයෙක්. මොහුගේ පවුලේ සියලු දෙනාම පැවිදිව සිටි පිරිසක් . මව පියා සහෝදර සහෝදරියන් සමඟ මොහුත් පැවිදිව සිටියා.
එම පවුලේ කිහිපදෙනෙක් පමණක් පූර්ණ අවබෝධය උදෙසා ගමන් කළත් කිහිප දෙනෙක් අවබෝධය සඳහා ගමන් කළේ නැහැ.මොහුත් එම පවුලේ අයෙක්. බුදුපියාණන් වහන්සේ අධිෂ්ඨාන කරමින් , මාළුවාට කතා කිරීමට සලස්වමින් ,උන්වහන්සේ දේශනා කළ කාරණා රජතුමා ඉදිරිපිට මාළුවාගෙන්ම තොරතුරු හෙළිකර ගනිමින් රජතුමාට ඔප්පුකර පෙන්වනු ලැබුවා.පෙර බුද්ධ ශාසනයක කපිල යන නමින් පැවිදිව සිටි බව දේශනා කළා. එම බුද්ධ ශාසනය තුළ මිනිස් භවයක් ලැබිලත් , පැවිදි වීමට අවස්ථාව ලැබිලත්,ධර්මය ශ්‍රවණය කිරීමට ලැබිලත්,අප්‍රමාදීව තේරුම් ගත්තේ නැහැ. ඔහුගේ වීර්යය අතර මඟ ඛණ්ඩණය කරගනු ලැබුවා. නොපමා බව අඛණ්ඩව පවත්වාගෙන ගියේ නැහැ. එම නිසාම නිරයට ගමන් කර එතැනින් නිදහස්ව පැමිණියත්, නැවතත් මාළුවෙක් ලෙස තිරිසන් අපායේ උප්පත්තිය ලබා ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවට මාළුවෙක් ලෙස පැමිණුනා. සාකච්ඡාව අවසානයේ මාළුවා එම භාජනය තුළම හිස හප්පගනිමින් මිය ගිය විට කපිල නැවතත් නිරයෙහි ඉපදුන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
අප සියලු දෙනාටම මිනිසත් භවයක් ලැබී තිබෙන්නේ කපිල ස්වාමීන් වහන්සේට සිදුවූ තත්ත්වය සිදුකර ගැනීමට නොවෙයි. අප ජීවිතය තුළ අවබෝධයක් සහිත ,පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් පිරිසක් ලෙස ජීවිතය ගත කළ යුතුයි. පටිච්ච සමුප්පාදය තුළින් ලෝකය දැකිය යුතුයි.
ලෝකය තේරුම් ගැනීම අවශ්‍යයි. මධ්‍යම ප්‍රතිපදාව තුළින් ලෝකය සමඟ කටයුතු කිරීමට පුහුණු විය යුතුයි.පටිච්ච සමුප්පාදය තුළින් ලෝකය දකින පුද්ගලයා ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා මිස අන්තවාදී අසුබ මානසිකත්වයකින් හෝ අන්තවාදී සුබ මානසිකත්වයකින් දේවල් දැකීමට උත්සාහ කරන්නේ නැහැ. එවැනි පුද්ගලයෙක් දේවල් දැකීමට උත්සාහ කරනු ලබනේත් දේවල් හඳුනාගනු ලබන්නේත්,හේතු ඵල දහමට අනුවයි. හේතු ඵල දහමට අනුව යමක් දෙස බලයි.එය ඒ ආකාරයෙන් ගොඩනැඟුනේ කෙසේද? එය ඒ ආකාරයෙන් පවතින්නේ කෙසේද?ඊට හේතු මොනවාද?ඊට ප්‍රත්‍ය මොනවාද?පවතින දේ නැති වන්නේ කෙලෙසද? පටිච්ච සමුප්පාදයට අනුව ලෝකය දකින පුද්ගලයා දේවල් බලන ආකාරයයි.
ඒ දේ සාමාන්‍ය මිනිසුන්ට පටිච්ච සමුප්පාදයට අනුව ජීවිතය අවබෝධ වන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ට බුලත් කොළයක් ඇතුළතින් පට්ච්ච සමුප්පාදය දකින්න බැහැ. සමාන්‍ය මිනිසුන්ට ජංගම දුරකතනය තුළින් පටිච්ච සමුප්පාදය තේරෙන්නේ නැහැ.
සාමාන්‍ය මිනිසුන් බුලත් කොළය බුලත් කොළය ලෙස පිළිගනී. ජංගම දුරකතනය දුරකතනයක් ලෙස දකී. මේසය මේසයක් ලෙස පිළිගනී . මේසයක් සැකසුණ ආකාරය සහ එයට අදාළ වන්නාවු විනාශ ස්වභාවය මේසය තුළින් දැකීමට සාමාන්‍ය මිනිසුන්ට ඥානය ඇති කර ගැනීමට නොහැකි වෙයි. ඒ සඳහා වීර්යයක් අවශ්‍ය වෙයි. ඒ තුළ තිබෙන පට්ච්ච සමුප්පාදය ගොඩනඟා ගැනීමට අවශ්‍ය ඤාණය ගොඩනඟාගැනීමට විශාල උනන්දුවක් මනුෂ්‍යයෙකුට අවශ්‍ය වෙයි.
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
No comments:
Post a Comment