මෝහය හෙවත් මෝඩකමත් සියුම්ව වටහා ගතයුතු කාරණාවක් වෙයි. මෝඩකම සෙචිතනිකයි. බුද්ධිය අඩුවෙන් පාවිච්චි කිරීමයි. යම් තැනක කතාබහ කරන විට බුද්ධිමත්ව සිතමින් අවශ්‍ය දේ පමණක් කතා කළ යුතුයි.අනවශ්‍ය දේ නොකළ යුතුයි. මෝඩකම යනු බුද්ධිමත්ම සිතා මතා වැඩ නොකිරීමයි.
ද්වේෂය
ද්වේෂය යනු අනෙකා කෙරෙහි නොමනාපයයි.තමන් මනසින් ඇතිකර ගනු ලබන ස්්වභාවයක් වෙයි. තමාගේ මනස අවුල් වෙමින් ලේ රත්වෙමින් සිරුර පුරාම රුධිරය ෙවිගයෙන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් රෝගාබාධයන්ට ගොදුරු වෙයි. කේන්තිය අධික වන විට ඇතැමුන්ගේ ශරීරය වෙව්ලිමට පටන් ගනී. කේන්තිය මානසික ක්‍රියාවලියක් වෙයි. කේන්ති වැඩියෙන් තිබෙන ආච්චි අම්මලාට, සීයලාට නිතරම දණ හිස අමාරු, පිට කොන්ද අමාරු හටගනී.කේන්තිය මානසික ක්‍රියාවක් වන අතර දණ හිස කායික අවයවයක් වෙයි. සෑම මානසික ක්‍රියාවලියකටම කායික ක්‍රියාවක් වෙයි. සෑම කායික ක්‍රියාවක් සඳහාම මානසික ක්‍රියාවක් හේතු වෙයි.
කයත් මනසත් සම්බන්ධවීම එයට හේතු වෙයි. කයෙහි සෑම කොටසක්ම පෙන්නුම් කළ හැකි වුවත්,මනසෙහි කොටස් පෙන්නුම් කළ නොහැකිය. මානසික ශක්තිය කායික ශක්තියට වඩා ප්‍රබල බව බුදුුරජාණන් වහන්සේ දේශනා කරයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවෙහිත් ආනන්ද හාමුදුරුවන් අමතමින් , මම දැන් කායික වශයෙන් දිරාපත් වූවෙක්.වයසට ගිය කෙනෙක් . පෙර තිබුණ ප්‍රභාමත් ලස්සන ස්වභාවය දැන් නැහැ.
මානසික ශක්තිය
එසේ වුවත්, මගේ දක්ෂ ගෝලයන් හතර දෙනෙකු මගේ හතර පැත්තෙන් සිට මගෙන් ප්‍රශ්න විමසුවත්,එම හතර දෙනාට නිවැරැදිව නිශ්චිතව පිළිතුරු දිමේ මානසික ශක්තිය තිබෙන බවට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත්,උන්වහන්සේගේ මානසික ශක්තිය පිරිහුනේ නැහැ. අපගේ බෞද්ධ පිරිසට ඒ තුළින් විශාල පණිවුඩයක් ලබා ගත හැකි වෙයි. මානසික ශක්තිය තිබෙනවා නම්, ඕනෑම කායික රෝගයක් කායික දුබලතාවක් මැඩ පවත්වාගෙන සිටිය හැකියි. කායික ශක්තිය කෙතරම් ශක්තිමත්ව තිබුණත්, මානසික වශයෙන් වැටුණොත් ගොඩගැනීම අපහසු වෙයි.
පෝෂ්‍යදායි ආහාර පාන ලබාගනිමින් හොඳ කායික ශක්තිය තිබුණත්, ඇතැම් කුඩා කාරණයක් තුළදී මානසිකව වැටෙයි.මෝඩ පුද්ගලයෙකුට වුවත්,නොතේරුම් කම නිසාම යම් කාරණාවකට ක්ෂණික විසඳුම් මතකයට නොනැගෙයි. ලෝකය තුළ තිබෙන සෑම භාණ්ඩයක්ම පරිහරණය කිරීෙමිදී බාල වුවත්, මොළය පාවිච්චිකිරීමත් සමඟ මොළයෙහි වටිනාකම වැඩි වෙයි. පරිගණකය ලබාගත් මිලට ආපසු විකිණීමට බැහැ. පාවිච්ච් කිරීමත් සමඟ එම භාණ්ඩවල වටිනාකම බාල වෙයි. අපේ ගිහි ගෙවල්වල ජීවත් වන පුද්ගලයන් වගේම දේශපාලන ක්ෂේත්‍රයෙහි සිටින පිරිස් මොළය පාවිච්චි කිරීම අඩුයි.
බුද්ධිය අවදි කිරීම
සිතීමට පොළඹවනු ලබන චිත්‍රපට , රූපවාහිනි නාට්‍ය, බණ පොත් වැනි මොළය පෑදීමට හේතුවන දේ නරඹනවා මිස විනෝදාශ්වාදය ලබාදෙන දේ පමණක් බැලිමෙන් ඇති ඵලක් නැහැ. හොඳ කලා නිර්මාණයක් යනුවෙන් හැදින්විය හැක්කේ එය ඇසීමෙන් හෝ නැරඹීමෙන් පසු ඒ පිළිබඳ සිතන්න දෙයක් තිබිය යුතුයි. ඒ පිළිබඳව කතා කිරීමට අවශ්‍ය යමක් මොළය ඇතුළත් ඉතිරි කරනවා නම්, එය හොඳ නිර්මාණයක් වෙයි. එය හොඳ නිර්මාණයක් වුවත් , එය නැරඹීමෙන් පසුව මනසට ලෝභයක් පැමිණෙනවා නම්,එය හොඳ නිර්මාණයක් ලෙස පිළිගන්න බැහැ.
සිහිබුද්ධිය
අලෝභ සහගත දෙයක් නම්,හොඳ නිර්මාණයක් ලෙස පිළිගත හැකියි. යම් පුද්ගලයෙකු කතා කළාට පසුව එය අසාගෙන සිටි අපගේ මනසට ද්ෙවිෂයක් පැමිණෙනවා නම්,එම කතාව හොඳ කතාවක් ලෙස පිළිගත නොහැකිය. එම කතාවෙන් අපගේ මනසට අවබෝධයක් පැමිණෙනවා නම්, යපහපත් කතාවක් ලෙස පිළිගත හැකි වෙයි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවට ප්‍රකාශ කරනු ලබන්නේද එම කාරණවයි.යම් කාරණාවක් ප්‍රකාශ කරන විට බොහෝ දෙනෙක් සිහිබුද්ධියෙන් අසාගෙන සිටින බව දක්නට ලැබෙන්නේ නැහැ. සිහිබුද්ධියෙන් අසන පිරිස අඩුයි. යමක් සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.
මිනිසාගේ අයහපත පිණිස බලපානු ලබන්නාවූ ලෝභය ,ද්ෙවිෂය ,මෝ්හය යන දරුණු මානසික තත්ත්වයන් වැඩි වශයෙන් මනස තුළ තිබීමෙන් මනසෙහි තැන්පත් වෙයි. නිවසෙහි තිබෙන දූවිලි කුණු අතුගා පිරිසුදු නොකර සිටීමෙන් එම කුණු බ්ත්තියට, බිමට අල්වා ගන්නා සේ මෙම අකුසල මූලයන්ද ,මනසෙන් ඉවත් නොකර පිරිසුදු නොකර දීර්ඝකාලිනව පැවතීමෙන් මනසටම ජීර්ණය වෙයි. එය සාමාන්‍ය පරිසර ස්වභාවයයි. එම සාමාන්‍ය පරිසර ස්වභාවය වටහාගෙන අවබෝධයෙන් ජීවත් විය යුතුයි.
සාර්ථකව ඉදිරියට යාම
මනසට ජීරණය වීමෙන් ඔවුන් කටයුතු කරනු ලබන සෑම අවස්ථාවකදීම එම මානසික ස්වභාවය පිටතට පෙන්නුම් කරයි. ලෝභය ද්ෙවිශය, මෝහය යන මනුෂ්‍ය මනසෙහි පවතින අවස්ථා තුන සෑම පුද්ගලයෙකුටම පොදු වූ ස්වභාවයක් වුවද, එය අවබෝධ කරගැනීම බෞද්ධයාගේ කාර්යයි. ඇතැම් පුද්ගලයන් නිතර නිතර ධර්මය ශ්‍රවණය කළත්, ධර්මය කටපාඩම් කළත්, අඩුම වශයෙන් මෙම තත්ත්වය තේරුම් නොගෙන සිටින බව ඔවුන් හැසිරෙණ යම් යම් අවස්ථාවන් තුළින් පෙන්නුම් කෙරෙයි. එම කාරණා නිවැරැදිව අවබෝධ කර නොගන්නාතාක් කල් ඔවුන්ගේ ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යාම අපහසු වෙයි. බෞද්ධයෙකු ලෙස ජීවිතය සාර්ථක කර ගැනීමට නම්,ධර්මය අවබෝධයෙන් යුක්තව නිවැරැදිව වටහාගෙන ඒ අනුව තම ජීවිතය හැඩගස්වා ගත යුතුයි.එම ධර්මානු කූල අවබෝධය සාර්ථක ජීවිතයක පදනම වෙයි. අවබෝධයෙන් තොර ජීවිතය අසාර්ථක බව ප්‍රකාශ වන්නේ එම කාරණා නිසයි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතමින් මහණෙනි,තීනි මානි භික්ඛවේ අකුසල මූලානී. යනුවෙන් වදාරමින් සඳහන් කරනු ලැබූ අකුසල මූලයන් වන
ලෝභෝ අකුසල මූලං
දෝසෝ අකුසල මූලං
මොහෝ අකුසල මූලං
දෝසෝ අකුසල මූලං
මොහෝ අකුසල මූලං
යන ගාථා පාඨය නිවැරැදිව තේරුම් ගැනීම සාර්ථක ජීවිතයකටත් නිර්වාණගාමී ප්‍රතිපදාවටත් උපකාරී වෙයි.
තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ මනෝභාවයන් වුවද,වටහාගැනීමට උත්සාහ කිරීම බෞද්ධයාගේ ස්වභාවය විය යුතුයි. එම කාරණා තමා තුළත් තිබෙන බව නිතර මෙනෙහි කරමින් එය මනසට පැමිණි විගස වහාම ඉවත් කර ගැනීමට බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
මෙවැනි මානසික ස්වභාවයන් පෘතග්ජන මනසට උරුම වූ සාමාන්‍ය ස්වභාවයක් වෙයි. ධර්මය අවබෝධ කරගැනීම තුළින් ධර්මානුකූලව ජීවිතයට යමක් එකතු කරගැනීම යහපත් ලක්ෂණයක් වෙයි. මානසිකව බලපානු ලබන අකුසල මූලයන්ගෙන් මිදීමේ ප්‍රමාණයට අනුව ඔබ අනෙකා පිළිබඳව සුබවාදීව සිතීමේ හැකියාව ලැබෙයි. ගැටුම් අවම සාමකාමි ආදර්ශවත් ගුණ ගරුක සමාජ වටපිටාවක ජීවත් වීමේ අයිතිය සියලු දෙනාට ලැබෙයි. අකුසල මූලයන්ගෙන් මනස පිරී පවතින තාක් කල් පරාර්ථකාමී සිතිවිලි හටනොගනී. පරාර්ථකාමිත්වයෙන් තොරවූ ආත්මාර්ථකාමිත්වයෙන් පිරීගිය සමාජය දිනෙන් දින පිරිහීමට හේතු වෙයි. අනෙකාගේ හැඟීම් අවශ්‍යතා වුවමනා එපාකම් පිළිබඳව හැඟීමක් නැතිව ගිය සමාජයක කටුක පරිසරයක් බිහිවීම වැළැක්විය නොහැකි වෙයි. එම නිසා බෞද්ධයන් වශයෙන් පුද්ගලයාට අහිතකර දේ ඉවත් කරමින් තමාටත් සමාජයටත් හිතකර දේ සමීප කරගත යුතුයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 27 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment