Labels

Sunday, April 30, 2017

ඉගෙනීමට අසීරු නම් දරුවනේ , බුදු ගුණ මෙනෙහි කරන්න

ගෞරව බහුමානයෙන් තෙරුවන් නැමැඳ බුදු ගුණ භාවනාව මෙනෙහි කළොත් තමන්ට ලැබෙන්නේ පුදුම ශක්තියක්. මව් පියන් ,වැඩිහිටියන් වූ ඔබ ඉගෙන ගන්න අසීරු දරුවන්ට මේ ගැන කියලා දෙන්න. දරුවා එදිනෙදා කරන ක්‍රියාකාරකම්වල දී දවස පුරාම සෝ භගවා ඉතිපි අරහං ගුණය මෙනෙහි කරන්නැ’යි පවසන්න. සිව් ඉරියව්වෙන්ම මෙනෙහි කළ හැකි එය දවසට වාර දාහක් , දෙදාහක් මෙනෙහි කළොත් සිතට දැනෙන්නේ අපමණ සවියක්. මෙමඟින් සිතට දැනෙන තැන්පත්කම දරුවාගේ අධ්‍යාපනයට ඉමහත් රුකුලක්. මේ නිසා දරුවාට හොඳින් ඉගෙන ගන්න පුළුවන්. පැවිදි උතුමන්ට, නිවසේ විවේකීව වාසය කරන පින්වතුන්ට, රැකී රක්ෂාවල නිරත අයට, සිහි කල්පනාව මදි අයට කල්පනාව දියුණු කරගැනීමට බුදු ගුණ භාවනාව හොඳින් දියුණු කළ යුතුයි. මෙහි සඳහන් කරන දේ නිවැරැදිදැ’යි අත්හදා බලන්න.
තමන් මේ පාඩම හරි හැටි මෙනෙහි කළොත් ලැබෙන පින අපමණයි. අපට මේ දේට වේලාවක් නැහැ’යි සිතන්න එපා. අපේ ආරක්ෂාව අප විසින්ම සකස් කර ගත යුතු බව බුදු ගුණ භාවනාවෙන් සඳහන් වෙයි. එසේනම්, සෑම කෙනෙකුම නිර්භීතව මෙනෙහි කළ යුත්තේ බුදු ගුණ භාවනාවයි.
සෝ භගවා ඉතිපි අරහං යනුවෙන් බුදු ගුණ මෙනෙහි කළොත් දෛනික වැඩ කටයුතුවලටත් අගෙයි. මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් ලැබෙන්නේ විශාල පිනක්. නිවන් සම්පත් ලබන්නත් හේතුවන මේ භාවනාව සිහි කල්පනාවෙන් මෙනෙහි කර පින වැඩි කරගත යුතුයි. මේ මඟින් ශක්තිය , බලය වඩා වර්ධනය කළ යුතුයි. සෑම සත්ත්වයෙක්ම මිය යති. මේ සිටින පුද්ගලයා තව සුළු මොහොතකින් මිය යයි. එබඳු පුද්ගලයාට පමණක් නොවෙයි සැමටම අවශ්‍ය කරන්නේ පිනයි. එය උසස් අයුරින් ලබන්න බුදු ගුණ භාවනාව කළ යුතුයි.

සදහම් දැනුම


ප්‍රශ්නය

“දුඞඛ දොමනස්ස අත්ථංගමාය “ දුක් – දොම්නස් දුරලීම සඳහා බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි ආදි චරණය හෙවත් “පළමුවන හැසිරීම” ශීලයයි. සද්ධාධනං සීලධනං” සීලය ධනයකි බලයකි,සැපයකි, සුගන්ධයකි. “සීල ගන්ධො අනුත්තරො” රාජ ධර්මයකි. පින්කිරියවතකි.(සීලමයං පුඤ්ඤකිරිය වත්ථූ) සීලය පාරමිතාවකි. බෞද්ධ සීලය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර

බුදු දහමෙහි භාවිතාමය වූ හෙවත් ප්‍රායෝගිකව සකී‍්‍රයව අනුගමනය කළ යුතු වූ ශීලය සිල්වත් දිවිපැවැත්ම සඳහා නොකළ යුතු යැයි ඉගැන්වෙන වාරිත්‍ර (වෙරමණී) යෙන්ද කළයුතු යැයි ඉගැන්වෙන චාරිත්‍ර සමාදානයෙන්ද යුක්තය. බෞද්ධ ශීලය ජෛනයින්ගේ මෙන් ව්‍රත සමාදන් වීමක්ද නොවේ. “සීල භාවිතෝ චිත්ත සාමාධී” චිත්ත ඒකාග්‍රතාවය සඳහා ශීලය උපයුක්ත වෙයි.
අනේක විධ වූ සාහිත්‍යකෘති මගින්ද කලා නිමැවුම් මගින්ද ධර්මදේශනා මගින්ද පැරැණි ලක්දිව ජනයා සිල්වත් දිවිපැවැත්මකට යොමුකරවන ලද බවට පාලි අට්ඨකතා ආදි අපේ මූලාශ්‍ර සාක්ෂි දරයි. ජාතක කථා තුළින් උගත් පාරමිතාවන් ඔවුන් පංචසීලයද ඉක්මවාගිය බෝධි සත්ව සීලය වෙත යොමුකරවන ලද්දේය. පරපණ නැසීමාදී දුෂ්චරිතයන් ඔවුන් විසින් කෙතරම් පිළිකුල් කොට සළකන ලද්දේදැයි අට්ඨකතාගත පුවත්වලින් අනාවරණය වෙයි.

මිනිසත් බවින් ඵල නෙළමු

ධර්මයේ දී වටිනා කරුණු කිහිපයක එකතුවට ක්ෂණය කියා කියනවා. එම කරුණු කිහිපය ක්ෂණ සම්පත්තිය නමින් හැඳින්වෙන අතර, ධර්මාවබෝධයට, නිවන් අවබෝධයට එය හේතු වෙනවා. නිවන් අවබෝධයට හේතුවන කාරණා සමූහයක් එකතු වන තැන ක්ෂණ සම්පත්තිය පිහිටන බව අප දන්නවා. එය ඉතාමත් දුර්ලභ ඉතාම කලාතුරකින් සිදුවන්නක්.
බෞද්ධ අප හැම දෙනාගේම මූලික බලාපොරොත්තුව කවදා හෝ නිවන අවබෝධයටයි. ඒ නිවන සාක්ෂාත් කරන්නට නම් සම්පූර්ණ වියයුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒ දුර්ලභ කරුණු අද ඔබට සම්පූර්ණව ලැබී තිබෙනවා. ඒ ක්ෂණ සම්පත්තිය යි.

දෑස් අන්ධ කරවන විකසිත බවට අතරමං වනු එපා

නෙළුම් මලක් අප නෙළුම යනුවෙන් හඳුන්වනු ලබයි. එය සඳහාම සංස්කෘත භාෂාව දන්න අයෙක් පදුම ලෙස හඳුන්වයි. එය සඳහාම ඉංග්‍රිසි ජාතිකයෙක් ලෝටස් නමින් හඳුන්වයි. එය සඳහාම තවත් පුද්ගලයෙක් පුන්ඩරීක යනුවෙන් හඳුන්වයි. ලබාදී ඇති නම් එක්කෙනාට එක්කෙනා වෙනස්. අපගේ ශරීර එකකට එකක් වෙනස් වශයෙන් දැක්කාට සත්‍ය වශයෙන්ම සම හැර අන් කිසිවක් වෙනසක් නැහැ. සම පමණක් වෙනස් වෙයි. අප ළඟ තිබෙන කෙස්, ලොම් ඉවත් කළ විට සම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හොත් අපගේ ශරීරය කාගේද? කියා හඳුනාගන්න බැහැ. එම නිසා ලෝකය තුළ තිබෙන්නාවූ සියලු දේ හුදෙක් නාම මාත්‍ර ලෙස තේරුම් ගැනීම අවශ්‍ය වෙයි.
අප සියලු දෙනා ජීවත් වන සමාජයෙහි අප අපගේ දරුවන්ට නම් යොදා තිබෙනවා. වයස අවුරුදු හැත්තෑ පහක තාත්තා කෙනෙකු සිටිනවා යැයි සිතා එම තාත්තාට අවුරුදු පහළොවක දරුවෙක් සිටිනවා යැයි අපි සිතමු. එම පුතාට වයස අවුරුදු පහළොවක් වෙන දවසට අවුරුදු විස්සකට පෙර පුතා සිටියේ නැහැ. ඒ වකවානුව වන විට තාත්තාගේ වයස පනස් පහක් වෙයි. තාත්තාගේ වයස අවුරුදු පනස් පහේදී එම දරුවා ඉපදී නැහැ. නමුත් එම දරුවා වෙනත් ආත්ම භාවයක සිටී. එම දරුවා මිනිසෙක්ව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්ම සිටියාම නම්,එම තැනැත්තාගේ වයස සාමාන්‍ය වශයෙන් කෙතරම් ප්‍රමාණයක් ඇතිද?වියපත් පුද්ගලයෙකු ලෙස සිට මිය ගියා නම්,

අප්‍රමාදය නිර්වාණය ළඟා කරයි

අප ජීවිතය තුළ අවබෝධයක් සහිත ,පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් පිරිසක් ලෙස ජීවිතය ගත කළ යුතුයි. පටිච්ච සමුප්පාදය තුළින් ලෝකය දැකිය යුතුයි. ලෝකය තේරුම් ගැනීම අවශ්‍යයි. මධ්‍යම ප්‍රතිපදාව තුළින් ලෝකය සමඟ කටයුතු කිරීමට පුහුණු විය යුතුයි.පටිච්ච සමුප්පාදය තුළින් ලෝකය දකින පුද්ගලයා ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා මිස අන්තවාදී අසුබ මානසිකත්වයකින් හෝ අන්තවාදී සුබ මානසිකත්වයකින් දේවල් දැකීමට උත්සාහ කරන්නේ නැහැ.
අප්‍රමාදී බව ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම සම්බන්ධව අවබෝධයක් තිබිය යුතුයි. ධම්ම පදයේ අප්පමාද වග්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි “අප්පමාදෝ අමත පදං” අප්‍රමාදී බව නිර්වාණයට තිබෙන නමක් ලෙසද, නිවනටම තිබෙන මාර්ගයක් ලෙසද අපට හඳුනා ගත හැකි වෙයි. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබෙන්නේම අප්‍රමාදී පිරිසට පමණයි.
“පමාදෝ මච්චුනෝ පදං” ප්‍රමාද බව මාරයාට යටත්වීම වෙයි.මාරයාට හෙවත් මරණයට වසඟ වීම ප්‍රමාදයයි. අප්‍රමාදය යනු නිර්වාණය සාක්ෂාත් කර ගැනීම වෙයි.අප්‍රමාදී බව නිර්වාණය සාක්ෂාත් කර ගැනීමක් ලෙසත් ,එයට අදාළ වන්නාවූ ක්‍රම ෙවිදය ලෙසත්,ප්‍රමාදී බව මාරයාට වසඟ වන හේතුව සහ ක්‍රම ෙවිදය ලෙසත්,ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබීමෙන්ම එම ගුණාංගය බෞද්ධ මනසක් තුළ කෙතරම් ප්‍රමාණයකින් දියුණු විය යුතු කාරණාවක්ද?

උතුම් මහ සඟ ගුණ කඳ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සෙය්‍යථාපි භෝ ගෝතම ඉමස්ස මිගාරමාතු පාසාදස්ස දිස්සති. අනුපුබ්බ සික්ඛා, අනුපුුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, යදිදං යාව පච්ඡිමා සෝපාන කළෙබරා ඉමෙස්සම්පි හි භෝ ගෝතම බ්‍රාහ්මණානං දිස්සති. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදාති.

පින්වත්නි,

තථාගතයන් වහන්සේ සැවැත්නුවර මිගාරමාතු පාසාද හෙවත් විශාඛාවන් විසින් කරවූ පූර්වාරාමයෙහි වැඩ වාසය කරන්නේ ගණක මොග්ගල්ලාන නැමැති බ්‍රාහ්මණයා පැමිණ සතුටු සාමිචි කතාවෙහි නිරතව එකත්පසෙක හිඳ මෙවැනි කරුණක් සැලකර සිටියා. එනම් පින්වත් ගෞතමයෙනි, බමුණු ඉගැන්වීමෙහි අනුපූර්ව ශික්ෂා ක්‍රමයක්, අනුපූර්ව ක්‍රියා පටිපාටියක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව වශයෙන් දක්නට ලැබෙනවා.
එමෙන්ම ඔබ වහන්සේගේ ශාසනයෙහිද අනුපූර්ව ශික්ෂණ ක්‍රමයක් අනුපූර්ව ක්‍රියා මාර්ගයක්, අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයක් පවතින්නේද, උගන්වන්නේද යනුවෙන් ඇසුවා.

දුර දක්නා නුවණින් අනතුරෙන් වැළකීම


බුදුරජාණන් වහන්සේ ජේතවනා රාමයෙහි වැඩ වාසය කරන සමයෙහි ඵලයෙහි දක්ෂ වූ එක්තරා උපාසකයෙක් අරබයා මෙම ඵල ජාතකය දේශනා කරන ලදි. සැවැත් නුවර වැසි එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් බුදුරදුන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට ආරාධනා කොට තම උයනෙහි වැඩ සිටීමට සළස්වා කැඳ අවුළුපත් ආදිය පිළිගන්වා අනතුරුව උද්‍යාන පාලකයා අමතා භික්ෂු සංඝයා සමඟ උයනෙහි හැසිර උන්වහන්සේලාට නොයෙක් ඵලාඵලජාති පිළිගන්වන ලෙස අණකළේය. කෙළෙඹි පුත්‍රයාගේ අණ පරිදි උයන්පල්ලා උද්‍යානයේ ඇති පළතුරු ගස් වෙත ගොස් එහි මුල සිට පැසුණු හා නොපැසුණු විවිධ ඵලජාති මැනවින් තෝරාබේරාගෙන භික්ෂු සංඝයාට පිළිගැන්වීය. භික්ෂූන් වහන්සේලා ඔහුගේ දක්ෂතාව ගැන පුදුමයට පත් වූ අතර පසුව ඒ ගැන බුදුරදුන්ට ද දන්වා සිටියහ.
උයන්පල්ලාගේ දක්ෂතාව ගැන ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා ඵල ජාතකය දේශනා කොට වදාළහ. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ්‍ය කාලයේ බෝසතාණන් වහන්සේ සිටු කුලයක ඉපිද පන්සියයක් ගැල් ගෙන වෙළෙඳාමෙහි යෙදුණේය. වෙළෙඳාමෙහි නිරත එක් දිනක කැලෑවක් අසලට පැමිණියේ සියලු කාර්ය මණ්ඩලය කැඳවා මෙම වනාන්තරයේ විෂ ගස් පවතින බවත් ඒවායේ විෂ සහිත පත්‍ර මල් හා ඵල ඇති හෙයින් තමන් නොවිමසා කිසිවක් අනුභව නොකරන ලෙස දන්වා සිටියේය. ඔවුන් බෝසතුන්ගේ වචනය පිළිගෙන වනයට පිවිසියහ.
වනාත්තරය අභිමුවෙහි ගම්දොර කිංඵල නම් විෂ සහිත වෘක්ෂයක් තිබුණි. එම වෘක්ෂය හා එහි ඵල අඹගසක් හා එහි ඵල හා සමාන හැඩයෙන්ද සුවඳීන් ද යුක්ත විය. මෙය දුටු ඇතැමෙක් අඹයැයි සිතා අනුභව කළ අතර තවත් කෙනෙක් ගැල් සාත්තු නායකයාගෙන් විමසා අනුභව කරමු යැයි සිතා රැගෙන ගියහ. අනතුරුව බෝධිසත්ත්වයන් වෙත ගොස් එම ඵල පෙන්වා අනුභව කිරීමට සුදුසුදැයි විමසා සිටියහ. එම ඵල දුටු බෝධිසත්ත්වයන් වහන්සේ ඒ සියල්ල කිංඵල නම් විෂ සහිත ගෙඩිවර්ගයක් බවත් ඒවා අඹ නොවන බවත් දන්වා අනුභව කිරීමෙන් වැළැක් වූ අතර නොදන්වා අනුභව කළ අයට වමනය කරවා ගිතෙල් හා මී පැණි පොවා සුවපත් කළහ.

Tuesday, April 25, 2017

වෛත්‍ය පිළිසකර කිරීමේ ආනිසංස.

පභංකර ථේරාපදානය

පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.
මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වයහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළද, දරද, වැල්ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.
මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම්ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද, මීමැස්මොරයද, විතච්ඡිකානම් කුෂ්ඨද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක්ද නොදකිමි.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැ පත් වූයේ ද වෙමි.


බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.


බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාර ගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.


මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.




අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගෙ facebook පිටුවේ පල වු ලිපියකි


කොඩි පූජාවේ අනුසස්...

බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම් වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වලත් සැදැහැවත්හු කොඩි එල්ලති. කොඩි ඔසවති. කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුවෙකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනුපන් තැන උසස් පුද්ගලයන් වීමටත්, ජනප්‍රිය පුද්ගලයන් වීමටත් හේතුවන බව කිව යුතුය.
* උපවාන තෙරුන් වහන්සේ...
මෙයින් කල්ප ලක්ෂයකින් පූර්වයෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ ශාරීරික ධාතුහු අප බුදුරදුන්ගේ ධාතුන් මෙන් විසිරී නොසිට ඒකඝනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට මහා දාගැබක් කළහ. මහජනයා ඉතා බැතියෙන් අනේකාකාරායෙන් ඒ චෛත්‍යය පුදනු දුටු හංසවතී නගරයෙහි කුලී වැඩ කරමින් ජීවත් වූ එක් දුගියෙක් සෝදා පිරිසිදු කොට තිබූ තමාගේ උතුරු සළුව (කරේ දමන රෙද්ද) උණ ලීයක අග එල්වා කොඩියක් කොට චෛත්‍යය සමීපයෙහි පිහිට වූයේ ය. එය සුලඟින් සැළෙනු දැක දුගියාට ඉමහත් සතුටක් ඇතිවිය. ඔහු මහත් ප්‍රීතියන් එක්තරා තෙර නමක් වෙත ගොස් තමාගේ ධ්වජ පූජාවේ අනුසස් විචාළේ ය. තෙරුන් වහන්සේ එහි අනුසස් මෙසේ පැවසූහ.

Monday, April 24, 2017

ප්‍රාණඝාතයෙන් වැළකී අභය දානය දෙමු

සත්ත්වයකුගේ දිවි තොර කිරීම ප්‍රාණඝාතය යි. උපන් සත්ත්වයාට තම ජීවිතින්ද්‍රි‍්‍රය පවත්වන්නට නියමිත කාලය තුළ, එසේ පවත්වන්නට නොදී කිසියම් උපක්‍රමයකින් ඒ ජීවිතය වනසා දැමීම ප්‍රාණඝාතය ලෙස හැඳින්වේ. යමෙක් මනුෂ්‍යයෙක් ලෙස ඉපදුන කල්හි තම ජනක කර්මයෙන් මෙතරම් ආයු ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකයෙහි ජීවත්විය යුතු යැයි නියමයක් තිබේ. තම කර්මයෙන් ලැබූ ඒ ආයු ප්‍රමාණය ජීවත්වීමට ඉඩ නොදී කෙනෙක් බලහත්කාරයෙන් සත්ත්වයෙකුගේ ජීවිතය තොර කරයි නම් ඝාතනය කරයිනම් එය ප්‍රාණඝාතය ලෙස විස්තර වෙයි.

එයට පසුකාලීන “පර” යනුවෙන් වචනයක් එකතු කර ඇති සෙයක් පෙනෙන්නට ඇතත්, පර පණ පමණක් නොව තමාගේ ප්‍රාණය පවා ඝාතනය කිරීම ප්‍රාණ ඝාතයකි. පර පණ යනුවෙන් ගත් කළ අනුන්ගේ පණ නැසීම පමණක් නොකළ යුතුයි යන වැරදි වැටහීමක් අපට ඇති විය හැක. නමුත් තම පණවත් තමන්ට අයත් නොවන බව අප දනිමු. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ගොඩවල් පහම තමන්ගේ නොවන කල පණ පමණක් තමන්ගේ විය හැක්කේ කෙසේද?

Sunday, April 16, 2017

සමනොළ ගිරි හිස සිරසින් විහිදෙන මුනිගුණ මහිමය

සකල ජනමන සනසන අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් අටවෙනි වස ශ්‍රී ලංකාදීපයේ සමනොළ අඩවියට අධිපති සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ ගිරි සිරසෙහි සිරිපතුල් සලකුණ තබා වදාළ සේක. අනතුරුව පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ දිවා ගුහාවෙහි වැඩ සිට දීඝවාපියට වැඩි සේක.
මිහිපිට සොබාසිරිය ඇති තැන් අතර පූජනීය වන්දනීය ස්ථානයක් වශයෙන් සමනොළ අඩවිය අග්‍රස්ථානයක් ලෙස සැලකීමට හේතු සාධක ඇත්තේය.





සිරිපා අඩවිය සුරකින සුමන සමන් දෙවියෝ

අප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව නව වසක් ගත වූ තැන ලංකාවේ මහියංගණයට වැඩම කොට යක්ෂයන් දමනය කර දහම් දෙසූ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළ සුමනකූටවාසී මහා සුමන නම් වූ දිව්‍ය රාජයා සෝවාන් මාර්ගඵලයට පත් වූ බව මහාවංසයේ පළමු පරිච්ඡේදයේ සඳහන් වී ඇත. ඉන් අනතුරුව සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා භාණ්ඩයක් ඉල්ලූ අවස්ථාවේදී කේශ ධාතුන් වහන්සේලා මිටක් ලත් අතර එය රන් කරඬුවකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිටි තැන ඉඳුනිල් මුවා සෑයක් කොට එහි නිදන් කරන ලද බව එහිම සඳහන් වී ඇත.
ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ලොව ඉදිකළ මුල් ම චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්නේ සුමන සමන් දෙවියන් විසින් ඉදිකරන ලද මහියංගණ සෑයයි. බුදුරජාණන් වහන්සේ තෙවැනි වර මේ ලක්දිවට වැඩි මොහොතේ සුමන කූටයට වැඩම කොට සිරිපා සලකුණ එම පර්වත මස්තකයෙහි පිහිට වූ සේක. මෙලෙස බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේදීම උන්වහන්සේගේ විශේෂ සැලකීමකට භාජනය වූ සුමන සමන් දෙවියෝ ලක්දිව සතර දිසාවට අධිපති දෙවිවරුන් අතර එක් අයෙකි.
විෂ්ණු දෙවියන් දෙවිනුවරටද, විභීෂණ දෙවියන් කැලණියටද, කඳ සුරිඳුන් කතරගමටද, සමන් දෙවියන් සබරගමුවට ද අධිපති දෙවිවරුන් ලෙස සැලකේ. ඒ දෙවිවරුන් අතර ඉතාමත්ම ප්‍රසන්න ලීලාවෙන් මෙත් සිත හා කරුණාව උතුරා යන බැල්මෙන් ලොව සනසාලන්නේ සුමන සමන් දෙවියෝය.

Saturday, April 15, 2017

දරුවන් සිටි පමණින් මවක සහ පියෙකු වන්නේ නැහැ

බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කරනු ලැබුවේ දෙවියෙකුගේ ඉල්ලීමකට අනුව බව බණ පොතෙහි සඳහන් වෙයි.දෙවියන්ගේ ඉල්ලීම මත දේශනා කරනු ලැබුවත්, මංගල සූත්‍රය තුළ සඳහන් වන මංගල කාරණා තිස් අටම මෙම පොළොව තුළ පය ගසා ජීවත් වන්නාවූ මනුෂ්‍යයන්ට අදාළ වන්නාවූ කාරණාවන් වීම එහි විශේෂත්වයයි.

ලොකු කුඩා වශයෙන් කුමන ආකාරයක වයස් මට්ටමක සිටියත්,

Thursday, April 13, 2017

මවුපියන් අමතක කළ දරුවන්ට පාඩමක් ( ධම්මපදට්ඨ කථාවෙන් )

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි ආසන්න ජනපදයක එක්තරා බමුණු නිවසක බ්‍රාහ්මණයෙක් වෙසෙයි. ඔහු විවාපත් බැමිණියද සමඟ සතුටින් ගත කරනා කල මහත් වූ ධන සම්පතින් ආඪ්‍යය. කිසිදු අඩුපාඩුවක් නොමැත. ඔවුනගේ විවාහ දිවිය ආලෝකමත් කළේ ඔවුනට ලද දරුවන් සිව් දෙනෙකු නිසාවෙනි. දරුවන්ට බෙහෙවින් ආදරය කළ මේ බමුණු පියා දරුවන්ගේ සියලුම දියුණුව සැලසුවේ ය. ඔවුනගේ සියලු අවශ්‍යතා සොයා බලා කුමාරවරුන් ලෙස ජීවත්වීමට පහසුකම් සලසා දුන්නේ ය. තරුණ වයසට පත් වූ කල්හි ඔවුන් හතර දෙනාට තමා සතු ධනයෙන් නිවෙස් තනාදී, ආවාහ විවාහයේ ද යොදවා තම ධනයෙන් අඩක් සමාන ලෙසින් දරුවන් සතර දෙනා අතරෙහි බෙදා දුන්නේ ය. එනම් කහවණු ලක්ෂ අටකින් හතරක් දරුවන් සිව් දෙනාට බෙදා දුන්නේ ය.
දරුවන් සිව් දෙනා වියපත් මවුපියන් ගැන නොබලමින් තමාගේ අඹු දරුවන් පෝෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර කල්යාමේදී බැමිණිය වියපත්ව මිය ගියා ය. අනතුරුව පිය බමුණා වෙනත් විවාහයක් කර ගනිතියි බියෙන් දරුවන් හතර දෙනා කතිකා කොට පියාට ආදරයෙන් සලකන්නට වූහ.

පුද්ගලයෙකු හඳුන්වා දිය යුත්තේ කෙසේද?

බුද්ධිමතුන්ගේ ප්‍රඥාාවන්තයන්ගේ දෝෂදර්ශනයට ලක් නොවන ආකාරයෙන් සහ අකුසල් රැස් කිරීමෙන් තොරව ජීවත් වීමට අප කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව අංගුත්තර නිකායේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. යම් කිසි පුද්ගලයෙකු නොදැන නොබැසගෙන නුගුණ කිව යුත්තාගේ ගුණ කියනවා නම්,ඔහු හෝ ඇය ප්‍රඥාාවන්තයන්ගේ සහ බුද්ධිමතුන්ගේ දෝෂ දර්ශනයට විෙවිචනයට අපහාසයට ලක්වීම අනිවාර්යයෙන්ම සිදුවෙයි. එපමණකුත් නොවෙයි, නොදැන නොබැසගෙන නුගුණ කිව යුතු පුද්ගලයාගේ ගුණ කියනවා නම්,ඔහු හෝ ඇය අකුසල් රැස් කරගන්නවා යන කාරණාව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
යම්කිසි පුද්ගලයෙකුගේ ගුණ කියමින් හෝ යහපත් බවක් පිළිබඳව යම්කිසි පුද්ගලයෙකුට හඳුන්වා දීමක් සිදුකරනවා නම්, ඒ පිළිබඳව පුර්ණ අවබෝධයක් අප තුළ අනිවාර්යෙන්ම තිබිය යුතුයි. උපාසක උපාසිකා යනුවෙන් හඳුන්වනු ලබන්නේද, ඔහු හෝ ඇය පන්සිල් රකිනවාද? නැද්ද? යන්න පිළිබඳ දැනගෙන නොවෙයි. පන්සිල් රැකිීම නොරැකීම උපාසකභාවයට අදාළ කාරණාවක් නොවෙයි.තිසරණය සමාදන් වූ පුද්ගලයා හෝ තැනැත්තිය උපාසක උපාසිකා වෙයි.

හෙළ ගොවිතැනේ දාන පාරමිතාව

අප පැහැදිලි ශිෂ්ටාචාරගත සමාජයකින් පැවැති ආ ජන කොට්ඨාසයකි.ඒ අනුව ඔවුන්ගේ කෑම බීම ඇඳුම්, පැළඳුම්, සිරිත් විරිත් ඒ සියල්ල සඳහාම ඉතා දුර ඉතිහාසයකට නෑකම් කියති. බුදුදහම ලාංකික වැසියන්ට හඳුන්වා දීමට ප්‍රථමව සිට ඉතා දියුණු ශිෂ්ටාචාරයක මඟ සලකුණු අවශ්‍ය තරම් දැක ගැනීමට සාක්ෂි සාධක මේ මහ පොළොවේ ඇත. එසේ කරුණු පෙළගැස්වීමේ දී ගොවිතැනේ ක්‍රම විකාශන නූතන මිනිසාගේ (හෝමෝ සේපියන් - සේපියන්ස් දක්වා) පුරා විද්‍යා සාධක මත සොයාගත හැකිය.

ජීවිතය අසාර්ථක නම් ... ධර්මයෙන් තොරයි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය නිර්වාණගාමී ප්‍රතිපදාවට වැදගත් වන්නාසේම ගෘහ ජීවිතය සාර්ථක කරගැනීමටත් උපකාරී වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හැදෑරීම පුද්ගලයෙකුගේ අධ්‍යාපනික ජීවිතය දියුණුකර ගැනීමටත් හේතු වෙයි. සමාජ වටපිටාව සහසම්බන්ධකම් ,රැකිරක්ෂා කටයුතු වඩාත් සාර්ථකව ඉෂ්ට කර ගැනීමට නම්,ධර්මයෙහි උගන්වා තිබෙන ආකාරයට අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුයි.ධර්මයෙන් තොරව සාර්ථක ජීවිතයක් ගත කිරීම අපහසුයි. අසාර්ථක ජීවිත ගත කරන පුද්ගලයන් පිළිබඳව අධ්‍යයනය කරන විට ධර්මයෙහි ඇති වැදගත්කම දක්නට ලැබෙයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇතැම් ධර්ම කාරණා භික්ෂුන් වහන්සේලාට පමණක් අදාළ වුවත් ගිහියන්ට අදාළ නොවෙයි.ඇතැම් දහම් කාරණා ගිහියන්ට දේශනා කළ අතර ඇතැම් දහම් කරනු භික්ෂූණ් වහන්සේටත් , ගිහියන්ටත් අදාළ අර්ථකාමී හිතකාමී වන කාරණා වෙයි.එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූණ් වහන්සේලා අමතමින් මහණෙනි, “තීනි මානි භික්ඛවේ අකුසල මූලානී”අකුසල් මුල් තුනක් තිබෙනවා. “ලෝභෝ අකුසල මූලං” ලෝභය සිතෙහි තිබෙන එක අකුසල මූලයක් වෙයි. “දෝසෝ අකුසල මූලං” ද්වේෂයද සිතෙහි පවතින එක අකුසල මූලයක් වෙයි. “මොහෝ අකුසල මූලං” මෝහය කියන කාරණාවද සිතෙහි පවතින අකුසල මූලයක් වෙයි.මේ ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
ලෝභය, ද්වේෂය, මෝහය මනුෂ්‍යය මනසෙහි තිබෙන අවස්ථා තුනක් වෙයි. වයස් මට්ටම අනුව හා ඔවුන්ගේ කාර්යභාරය අනුව පුද්ගලයන් බෙදා වෙන්කරනු ලැබුවද,බණ පොතෙහි සඳහන් වන අකුසල මුල් ස්වභාවය සැම දෙනාගේම මනසෙහි පවතින පොදු තත්ත්වයක් වෙයි. මෙම ස්වභාවය කුමක්ද? යන්න පිළිබඳව අවබෝධ කරගත යුතුයි.ඇඳුම් පැළදුම්,ආභරණ, බාහිර අලංකාරය සඳහා පරිහරණය කරයි.

දස විපත් ගැන දන්නවා ද?



බුද්ධ කාලීන භාරතයේ සංජය නම් වූ පිරිවැජියා සමීපයේ විශාල සිසු පිරිසක් සිටි බව බෞද්ධ ඉතිහාසය සඳහන් කරනවා. ඉන් කෝලිත, උපතිස්ස තරුණයින් දෙදෙනා ප්‍රධානයි. ඔවුන් දෙදෙනා සසුන් ගත වීමෙන් පසු සැරියුත්, මුගලන් ලෙස සම්බුදු සසුනේ අග සව්වන් බවට පත්වුණා. මුගලන් මහරහතන් වහන්සේ සෘධිබලයෙන් අගතැන් වුණා. උන්වහන්සේ දෙව්ලොව වඩිමින් දිව්‍ය සැප ලබන්නට කළ පින් මොනවාදැයි දෙවිවරුන්ගෙන් විමසනවා. දිව්‍ය අත්බවයන් ලබන්නට ඔවුන් පෙර කළ පින් දහම් අසාගෙන මනු ලොවට වැඩම කර මිනිසුන්ට ඒ ගැන කියා දෙනවා. ඒ අසා මිනිස්සු පව් අත්හරිනවා. පින් කරනවා. සම්බුදු සසුන ගැන පැහැදෙනවා. තෙරුවන් සරණ යනවා. මේ නිසා එදා භාරතීය සමාජයේ අන්‍යාගමික නායකයන් වටා එක් රොක් වූ පිරිස් ටිකෙන් ටික පිරිහුණා. ඔවුන්ගේ ආරාම හිස් වුණා. ලාබ සත්කාර අඩුවුණා.
මෙතෙක් ලද සැප සම්පත් දිනෙන් දින අහිමි වන්නේ මුගලන් මහරහතන් වහන්සේ නිසා බව සිතමින් එම පරිබ්‍රාජකයන් උන්වහන්සේ ගැන වෛර සිතිවිලි ඇති කර ගත්තා. උන්වහන්සේ ඝාතනය කරන්නට දාමරිකයන් යෙදවූවා.
මෙකල මුගලන් තෙරුන් වැඩ සිටියේ කාල ශිලා ගුහා විහාරය නම් කළුගල් ලෙනකයි. දාමරිකයන්, පොලු මුගුරු ගෙන දෙවරක්ම එහි පැමිණියත් උන්වහන්සේ ඍධි බලයෙන් වෙනත් ස්ථානය කට වැඩම කළා. තෙවන දිනයේත් දාමරිකයන් පැමිණියා. මේ පල දෙන්නට යන්නේ තමන් වහන්සේ පෙර කළ අකුසලයක්, බව කර්ම විපාකයක් බව මුගලන් තෙරුන්ට වැටහුණා. ඉන් ගැලවිය නොහැකි බව දැන ගල් ලෙනෙහිම වැඩ සිටියා. දාමරිකයන් පැමිණ උන්වහන්සේ තලා පෙළා. අපවත් වූයේ යැයි කැලයට ගෙන ගොස් දැමුවා.

ශාසනික වත්පිළිවෙත්වලට ගෞරවයක්

භික්ෂූන් වහන්සේ නමකගේ අපවත් වීමක් යනු පොදුවේ කා තුළත් සංවේගය දනවන සිදුවීමකි. ඒ නිසාම ඒ හා සබැඳී, ආදාහන උත්සවයකින් ද නොනැවතී, ආදාහන පූජෝත්සවයක් දක්වාම වැඩි දියුණු වී ඇති බව දක්නට හැකිය. මේ අවස්ථාවේ සිදු කෙරෙන පෙරහැර ගුණ කථන ආදී හැම දෙයකින්ම ප්‍රස්තුත චරිතය ගැනත් පොදුවේ භික්ෂූ ජීවිතය ගැනත් දායක දායිකාවන් තුළ ඇති කරවන්නේ ඉමහත් සංවේග පූර්වක සිතුවිලි දහරාවකි.
එපමණක් නොව එහිලා ප්‍රදර්?ශනය වන චාරිත්‍රවාරිත්‍ර ආදී ගෞරව උපහාර මගින් සහගාමී සහ අනුගාමී භික්ෂු, සාමණේර පිරිස තුළ ද යම් ආකාරයක සාසනික වගකීම්භාරයක් පිළිබඳ හැඟීමක්ද ඇති කරවයි. සියල්ල අවසානයේ දේහය සෑය තුළට ඇතුළු කොට සෑය වටා සිදු කෙරෙන ප්‍රදක්ෂිණාවෙන් තීව්‍රවන චින්තාවලිය ඇතුළු හදවත සිසාරා පැතිරෙත්ම කාගේත් දෙනෙත් අගට නිතැතින්ම කඳුලු බිඳුවක් එක් කෙරෙන අයුරු ද පැහැදිලිය. මේ සියලු සංසිද්ධීන් සාධනීය වූ ද, ධර්‍ම සංවේගය පිණිස හේතුවන්නාවූ ද සත්චාරිත්‍ර වන බව හැබෑය. එහෙත් මේ සියලු සාධනීය සංවේජනීය තත්ත්වයන් සහමුලින්ම විනාශ කරන විපරීත හා උම්මන්තක ක්‍රියාවකින් සියල්ල හමාරකරන විකෘති චාරිත්‍රයක් දැන් දැන් හැම ආදාහන පලකම දක්නට ලැබෙනු වේදනාසහගත ය.
 ඒ විකෘතිමය උමතු චාරිත්‍රය නම්, සෑයට ගිනි දැල්වීමත් සමගම ක්‍රියාත්මක වන මල් වෙඩි සංදර්?ශනයයි හෙවත් ගිනි කෙළියයි ! හදිසියේම කණ්අඩි පුපුරායන අයුරින් ඇහෙන වෙඩි හඬත් සමගම වෛවර්‍ණ ගිනි මල් අහස් කුසට පැන නැගෙයි, අහසේ මල් වියන් මවමින් ගිනිබෝල දසත විසීරියමින් මහත් ආලෝකයක් පතුරුවයි. දෑස් පිරීයන මේ අසිරිමත් දසුනින් සියල්ලෝම විශ්මිත වෙති. ඒ සමඟ අතරක් නැතුව ඇසෙන විවිධ ප්‍රමාණයේ වෙඩි හඬ මගින් දෙසවන් පිරීයත්ම සමහරු කණේ ඇඟිලි ද රදවා ගනිති.

සතුට නඩත්තු කළ යුත්තේ කෙසේද?

නඩත්තුව නමින් හඳුන්වනු ලබන සෑම අවස්ථාවකම බොහෝ වේලාවට මතකයට නැඟෙන්නේ නඩත්තු නඩු පිළිබඳවයි . නඩත්තු නඩු නිතර නිතර අපට ඇසෙන නිසා එම කාරණාව වැරැදි නැහැ. ඒ වගේම නඩත්තු යන්න අපට ඇසෙන විටම සිතට නැඟෙන්නේ ආර්ථිකමය ප්‍රශ්නයක් සහිත කාරණාවක් වශයෙන් ද විය හැකියි. තවත් ආකාරයකින් කියනවා නම්, නඩත්තු කිරීම යනු පවුලක් නඩත්තු කිරීම,වාහනයක් නඩත්තු කිරීම, ගේ දොර නඩත්තු කිරීම, වහලය නඩත්තු කිරීම ආදී වශයෙන් නඩත්තු යනු මූල්‍ය වියදමක් සහිත කාරණාවක් වශයෙන් ද විය හැකිය. එවැනි කාරණාවන් නඩත්තුව වුවත් අපට සාමාන්‍යයෙන් පවුල් ජීවිතය නඩත්තු කිරීම සතුට නඩත්තු කිරීම, යන්න එතරම් හුරු පුරුදු වචනයක් බවට පත්වන්නේ නැහැ.
අප සාකච්ඡා කළ යුතු වන්නේ ශ්‍රී ලාංකිකයා ලෙස ද, විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයා ලෙසද ,අතිවිශේෂයෙන් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයා ලෙස සතුට නඩත්තු කිරීම යන කාරණාව පිළිබඳවයි. මින් පෙර ලිපියක කෙටියෙන් සඳහන් කර ඇති පරිදි අප විසින් සළකා බැලිය යුතු වන්නේ සරල කාරණාවක් වශයෙන් නොවෙයි. එය ඉතාමත්ම බර කාරණාවක් වශයෙන් සැලකිය යුතුයි. මක් නිසාද යත්, ලංකාව පුරාම ඇති වෙමින් පවතින්නාවූ අර්බුද සියල්ලටම හේතුභූත වී ඇත්තේ පවුලක සතුට නඩත්තු කිරීම අවශ්‍ය කාරණාවක් ,හෝ අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස එකී පවුලේ සාමාජිකයන් විසින් නොපිළිගැනීම හේතු කොටගෙනයි.

බලවත් සිල් බලය


ජාතක කතාවන් අප ජීවිතයට කර ඇති බලපෑම අති විශාලය. අසරණ ගැමියන්ගේ පටන් මහරජු දක්වාත් නූගතාගේ පටන් උගතා දක්වාත් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාත් රටේ සදාචාරයේ හැම අංශයක් කෙරෙහිම ජාතක කතාවෙන් ලැබෙන පිටුවහල අසීමිතය. මුදල් රජකරන සමාජයක මනුෂ්‍යත්වය යටපත්වන අයුරු දවසින් දවස අපි අත්විඳින්නෙමු.
අපේ ළමා පරපුරට අද දක්නට ලැබෙන්නේ මනඞකල්පිත කාටූනයක් හෝ ටෙලිනාට්‍යයකි. දරුවා පමණක් නොව වැඩිහිටියන්ද බොහෝවිට මේවාට ඇබ්බැහිවී සිටිති. ජනමාධ්‍යයන්ගෙන් විකාශනය වන බොහෝ කාටුන්වල කතා වස්තූන්ගෙන් ලැබෙන්නේ මනස දූෂණය කෙරෙන විෂම අදහස්ය. ළමා මනසේ පිළිගන්නේ ඒ කාටුන් කතාවල මනඞකල්පිත වීරයන්ගේ චරිතයන්ය. දරුවන්ගේ පෞරුෂයත් නිර්මාණශීලීත්වයත් මොට කරන මෙබඳු දෙයින් අනාගතයේ බිහිවන්නේ යහපත් ගතිවලින් හීන වූ කෘතිම සමාජයක්ය. වල්මත්වූ අනාගතයක්ය.

සමාජයේ සදාචාර වර්ධනයට ජාතක කතාවෙන් වූ පිටුවහල සනාථ කරන ඉතා වටිනා ජාතක කතාවකි සීල විමංස ජාතකය. සිල්වත් බව ගුණවත් බව පිළිබඳ වටිනාකම යටපත් කරමින් වත්මන් ජනයා භෞතික සම්පත් ගොඩගසා ගන්නා යුගයක අද අපි ජීවත්වෙමු. මෙබඳු කාලයක සීලවිමංස ජාතකය මතුකර දැක්වීම වැදගත්වනු ඇත. සුසීම නම් පඬිවරයා බරණැස රජතුමාගේ පුරෝහිත බමුණාගේ පුත්‍රයාය. ඒ අපේ බෝසතාණන්ය. ඔහු තම පියාගේ ඇවෑමෙන් පියා දැරු පුරෝහිත ධූරයට පත්විය.
සුසිම තම පියාටත් වඩා හොඳින් සාර්ථකව තම පුරෝහිත ධූරයේ වැඩ කරගෙන ගියේ ය. ඔහු සිල්වත්ය. ගුණවත්ය. සැම දෙනාටම කරුණාවන්තය. නිහතමානීය. මේ ගුණයන් නිසා ඔහු රජතුමාටත් වඩා ජනතාවගේ ගෞරවාදරයට පත්වූයේ ය. ඔහුගේ දර්ශනය හැමදෙනාම පි‍්‍රය කළහ. ඔහුට සමාජයේ ප්‍රභූ නෑ හිත පිරිසක් සිටියේ ය. දරුවොද උගත් බුද්ධිමත් අය වශයෙන් රටේ ඉහළ තනතුරු දැරූහ. ඔහුට කොතරම් ජනතාව සැලකුවාදයත් ඔහු මහ මඟ ගමන් කරනවිට නිවසේ අසුන්ගෙන සිටින කෙනෙක් ඔහු දුටුව විට අසුනෙන් නැගිට ගරුකරන කෙනෙකු තරමට ජනතාවගේ ප්‍රසාදයත් ගෞරවයත් ලබා තිබුණි.

බුදුරදුන් කිඹුල්වතට වැඩමකිරීමට ගමන් ඇරැඹූ මැදින් පුන් පෝදා

සෑම පසළොස්වක පොහෝදවසක්ම බෞද්ධ ජනතාවට පින්කෙතක් බඳුය. මේ හැම දවසක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇත්තේ බෞද්ධ ජනතාවට පින්දහම් කර ගැනීම සඳහා ය. එය බෞද්ධ රාජ්‍යයක වගකීම විශිෂ්ට ලෙස ඉටුකිරීමකි. මේ අනුව සෑම පසළොස්වක පුන් පොහෝ දිනකම බෞද්ධ ජනතාවගේ පරමාධ්‍යාශය විය යුත්තේ ‘ශීල, සමාධි, පඤ්ඤා’ යන ත්‍රිවිධ ශික්ෂාව ප්‍රගුණ කරමින් ක්ෂාත් ක්ෂාත් කරගැනීමය.
“අක්කෝ ධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියා දානේන
සච්චේන අලික වාදිනං”
ක්‍රෝධය කෙරෙහි මෛත්‍රිය පැතිරවීමෙන් ක්‍රෝධය පිටුදැකිය හැකිය. අසද්පුරුෂයන් සද් පුරුෂ ගුණදහම්වලින් ප්‍රතිපෝෂණය කිරීමෙන් සුමගට ගත හැකිය. පරිත්‍යාගය, දන්දීම මුලට ගෙන ලෝභය දුරු කළ හැකිය. මුසාවාදය පස්සට දමා ඇත්තට පණ දිය හැකිය. මේ සම්බුද්ධ භාෂිතය සම්බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ උන්වහන්සේගේ චර්යාපදානයෙන් ප්‍රත්‍යක්ෂ කළහ.
තමන්ගේ පුත් සිද්ධාර්ථ ආගිය අතක් නොදැන සත් වසරක් මුළුල්ලේ දඹදිව පුරා අස්සක් මුල්ලක් නෑර සෙවුම් බැලුම් කරගෙන යාමේ දී සිය පුතණුවන් දඹදිව මගධ දේශයේ පැවිදිවෙස්ගෙන වැඩවසන බව දැනගත් සුද්ධෝදන රජතුමා දහසක් පිරිවර සමග එක් අමාත්‍යවරයෙකු සිය පුතණුවන් කැටුව ඒමට මගධ රාජ්‍යයට යවනු ලැබීය. නමුත් ගියෝ මිස ආවෝ නොවූහ.

Tuesday, April 11, 2017

කළ යුතු වැඩ පසුවට කල් දැමීමෙන් පසුතැවීම ඇතිවේ

ලොව යම් ජයග්‍රහණයක් වේ නම් එය උත්සාහය මත තීරණය වේ. උත්සාහයෙන් තොරව ප්‍රාර්ථනා කිරීමෙන් කිසිවක් ලද නොහැකි බවත් එසේ ලැබිය හැකිනම් මිනිසාට කිසිවකින් අඩුවක් නැතැයි පංච ඉට්ඨධම්ම සූත්‍රයෙන් පෙන්වා දෙයි
බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ කුටුම්බිය තිස්ස නම් එක්තරා උකටලී භික්ෂුවක් අරබයා මෙම ජාතක කථාව දේශනා කරන ලදී. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ ගන්ධාර රට තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යවරයා නමින් ඉපිද පන්සියයක් අන්තේවාසික මානවකයන්ට ශිල්ප උගන්වමින් සිටියේය.

සීහ සූත්‍රයේ සිංහ රජාණෝ ( අංගුත්තර නිකාය )

භාග්‍යවතුන් වහන්සේගේ මහා බලසම්පන්න බව කෙතෙක්දැ’යි විවිධ සූත්‍රවල සුවිශේෂී චරිතවලින් දැක්වෙයි. මජ්ක්‍ධිම නිකායේ සල්ල සූත්‍රයෙන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ද, සේල සූත්‍රයෙන් රජෙකුට ද, සංයුත්ත නිකායෙන් මාර්ගය හොඳින් දන්නා ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයෙ කුට ද , අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙන් උසස් බ්‍රාහ්මණයෙකුට ද, භාග්‍යවතුන් වහන්සේ උපමා කර තිබෙයි.
අද අප සඳහන් කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සීහ සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ , කේසර සිංහයෙකුට උපමා කළ කතා පුවතයි.

අවබෝධයෙන් රකින පඤ්ච සීලය නිර්වාණාවබෝධයට

තථාගතයන් වහන්සේ නිවන් මාර්ගය තුළ ශික්ෂණයට පත්වන ශ්‍රාවකයා තුළ තිබිය යුතු අනිවාර්ය ශික්ෂණ ක්‍රමයක් ලෙස සීල ප්‍රතිපදාව හඳුන්වා ඇති අතර, නිවන් මඟ සීලයෙහි පිහිටා ආරම්භ කළ යුත්තක් බව දක්වා ඇත.
පඤ්ච සීල ප්‍රතිපදාවෙන් ඉගැන්වෙන වැළැක්වීම්වලට හා සමාන වැළැකීම් ක්‍රමයක් අන් ආගම්වලද ඉගැන්වෙන බව සමකාලීන ආගම් දෙස තුලනාත්මකව බලනවිට වටහා ගත හැකිය. ඒ අනුව පැහැදිලි වනුයේ පඤ්ච සීලය තුළ තිබෙන වැළැකිය යුතු කාරණා සමාජයට දායාද කළේ කිසියම්

නොසැලෙන සිතක්


රිදීවන් දිය දහරින් ගලා යන ගංගාවක දසුන සිතට ගෙන එන මිහිර මොන තරම් සුවදායී ද? මහා වැසි ඇදහැලී වතුර ගලා සැඩ වූ කල ඒ ගං දියම මොන තරම් බියකරුද? සිත රිදවනවාද? ජීවිතයත් හරියට ගඟක් වගේ. කඳු බෑවුම් අතරින්, පෙණ පිඬු සදමින් ලතාවකට ගලන ගඟ වගේ ජීවිතයත් විටෙක ලස්සනට ගෙවෙනවා. දුකක් නෑ. සිත් රිදුමක් නෑ.
මුහුද සොයා යන ගමනේ අතරමග දී නිහඬ ව නිසලව ගැලූ ගං දිය සිර වී , පැතිරී යනවා. වන දුර්ග, ගිරි දුර්ග පසු කරනවා. විටෙක මහා ජල කඳක් සේ ගස්වැල් උදුරාගෙන කුණු කසල දරාගෙන තල්ලු වී යනවා. තවත් විටෙක ගං දිය අපිරිසුදු කරන අය ඉන්නවා. ගඟෙන් දිය බී මුහුදට ආවඩන අයත් ඉන්නවා.
මේ හැල හැප්පිලි, රිදුම්, අමාරුකම් ,අපහසුකම්, සොඳුරු තැන් ඈ අපමණ අභියෝග දරා ගඟ අවසන් අරමුණටම යනවා. මහ මුහුදට ගලනවා. ජීවිතයත් මේ වගේ. දුක් කරදර බොහොමයි. ඒත් ටික කාලයකටයි. දුක වෙනස් වෙනවා. සතුට ලැබෙනවා. ඒත් ටික කාලයකටයි. ආයෙත් දුක් උපදිනවා. කරත්ත රෝදයක් වගේ කරකැවෙනවා. නතර වෙනවා. මුලින් සිටි තැනටම එනවා. ආයෙත් වෙනස් වෙනවා. ඒ ලෝක ස්වභාවයයි. මෙලොව උපන් ඕනෑම මනුෂ්‍යයෙකුට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදුවන ධර්මතා අටක් බුදු දහමේ ‘අටලෝ දහම’ ලෙස හඳුන්වා දෙනවා. ඒ ලාබ , අලාබ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක සැප යන ධර්මතාවන්ය. නිත්‍ය නොවීම, ස්ථිර නොවීම, විපරිනාම වීම ඒ ධර්මයන්ගේ ස්වභාවයයි. මංගල සූත්‍රයේදී
“ඵුට්ටස්ස ලෝක ධම්මේහි
චිත්තං යස්සන කම්පති”

ලෝ සතට සෙත සලසන ලෝවැඩ සඟරාව

ඇම පමණින් පැවසු මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැනගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු
ලෝවැඩ සඟරාවෙහි දෙවන කවියෙන් දැක්වෙන්නේ ධර්ම රත්නයට නමස්කාර කිරීමයි. එම කවියෙහි ලිහිල් අර්ථය නම් “බුදුරදුන් ලෝක තත්ත්වය දැනගෙන හැම දෙනාගේම ප්‍රඥාවෙහි ප්‍රමාණය සලකාගෙන දේශනා කළා වූ ද,සෑම දෙනාට මෙය බලව‘යි දැක්වීමට සුදුසු වූ ද, තම තමන්ගේ නුවණින් දැනගත යුතු වූ ද සද්ධර්මය මම පැහැදුනා වූ සිතින් නමස්කාර කරමි” යනුයි. බුදුරදුන් දේශනා කොට වදාළ ධර්මය ලෝ වැසි සත්ත්වයන්ට සලසන යහපත කුමක්ද? චතුසු අපායෙසු පතමානෙ සත්තෙ අපතමානෙ කත්වා ධාරෙතීති ධම්මො යනුවෙන් නරක තිරිසන්, පේ‍්‍රත හා අසුර යන සතර අපායට වැටෙන සත්ත්වයන් එයින් ගලවාලන හෙයින් ධර්මය යනුවෙන් ව්‍යවහාර කරන බව සඳහන් වෙයි. එසේ ගලවන සත්ත්වයන් උතුම් වූ නිවනට පමුණුවනු ලබන්නේ ද මේ උතුම් වූ ධර්මයයි.
ධර්ම රත්නයේ ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පෙන්වා දී නමස්කාර කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇතිබව මෙයින් පැහැදිලි වෙයි. ධර්ම රත්නයේ ගුණ ප්‍රකාශිත ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො’ යන පාලි පාඨයෙහි සිංහල අදහස ‘ඇම පමණින් පැවසු මුනි දැන තතු’ යනුවෙන් පෙන්වා දී ඇත. ලෝක සත්ත්වයෝ එක හා සමාන නොවෙති.

Monday, April 10, 2017

සිහි කල්පනාව තිබෙන කාලයේදීම පිනට දහමට නැඹුරු වන්න

බුදුරජාණන් වහන්සේගේ අපමණ බුදු ගුණ ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො පාඨයට ඇතුළත් කර තිබෙයි. එයට ඇතුළත් නොවූ ගුණයක්, ඥානයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සතුව තිබෙන අසීමිත ගුණ , නුවණ ,පුණ්‍ය තේජස, ඥාන තේජස, ධර්ම තේජස සියල්ලම බුදු ගුණ නවයට ඇතුළත් වෙයි. ශීල සංවරය, ඛන්ති සංවරය, ගුණ සංවරය, විරිය සංවරය, ඇතුළත් වී තිබේ නම් ඒ සියල්ල මේ ගුණ නවයට ඇතුළත් වෙයි. එසේනම්, මේ ගුණවල අකුරක් ගානේ අති විශාල බලයක් ශක්තියක් තිබෙයි. එසේනම්, කොයි කවුරුත් බුදු ගුණ භාවනාව මුලින්ම වැඩීම ප්‍රයෝජනවත් වෙයි.
සතර කමටහන්වල පළමුවැන්න බුද්ධානුස්සතියයි. එසේ නැත්නම් බුදු ගුණ භාවනාවයි. දෙවැන්න මෛත්‍රී භාවනාවයි. තෙවැන්න අසුභ භාවනාවයි. සිව්වැන්න මරණ සති භාවනාවයි. මේ භාවනාවන් සතර අතුරින් අප මුලින්ම බුදු ගුණ භාවනාව සිදු කළ යුතුයි. කාටත් ඉතිපි සො ගාථාව කටපාඩම් වුවත් එය සිහිකල්පනාවෙන් මෙනෙහි කිරීම වැදගත් වෙයි. ගුණ නවයක් ඇතුළත් මෙහි දවසට එක ගුණය බැගින් මෙනෙහි කළොත් දින නවයකදී ගුණ නවය අවසන් වෙයි. මෙම බුද්ධානුස්සති භාවනාව වඩන්න කැමැති පින්වතුන් බුදු ගුණ මෙසේ මෙනෙහි කරන්න. සො භගවා ඉතිපි අරහං, සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ, සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො, සො භගවා ඉතිපි සුගතෝ, සො භගවා ඉතිපි ලෝකවිදූ , සො භගවා ඉතිපි අනුත්තරෝ පුරිස දම්ම සාරථී, සො භගවා ඉතිපි සත්ථා දේව මනුස්සානං, සො භගවා ඉතිපි බුද්ධො, සො භගවා ඉතිපි භගවා නව ගුණයන් අනුලෝම (මුල සිට අගට) වශයෙන් පුළුවන් තරමින් මෙනෙහි කරන්න.

කය ගිලන්වීම උරුමයයි මනස නොගිලන්ව පවත්වා ගනිමු

අද සූත්‍ර දේශනාව සඳහා මාතෘකා කරගනු ලබන්නේ සංයුක්ත නිකායෙහි සළායතන වග්ගයේ වේදනා සංයුක්තයෙහි අඩංගු සල්ල සූත්‍ර දේශනාවයි.
සල්ල යනු හුලක් යන අදහසයි. හුලක් යන අදහස අපේ මතකයට නැඟෙන්නේ දුක්ඛ වේදනාවක් හා සමඟින්මයි. හුලක් ඇනුනොත් දැනෙන වේදනාව බොහෝමයි. එය ඇතැම් විට මරණයට පවා හේතුවන්නටත් පුළුවනි
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයා සැප වේදනාවත්, දුක් වේදනාවත්, එලෙසම මධ්‍යස්ථ වේදනාවත් විඳිනවා. මහණෙනි, ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාත් ඒ සුව වේදනාවත්, දුක්ඛ වේදනාවත්, මධ්‍යස්ථ වේදනාවත් විඳිනවා. මහණෙනි, අන්න එම අවස්ථාවේදී ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයාගේ හා ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ වෙනස කුමක් ද? අදහස කවරේ ද? විශේෂය කුමක් ද පිළිබඳවයි.
මේ ආදී ලෙසින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් විමසන කල, ස්වාමීන් වහන්සේලා මෙසේ සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්ස, අපගේ දහම පවතින්නේ භාග්‍යවතුන් වහන්සේ මුල්කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්තෘවරයාණන් වහන්සේ, අප භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට වාසය කරන්නේ. එම නිසා භාග්‍යවතුන් වහන්සේම එහි අදහස අපට දේශනා කරන සේක්වා.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී. මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයා දුක් වේදනාවක් ලබන විට ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. ළයෙහි අත්ගසා ගන්නවා.

කෝපයේ පාපය කාටද?

ආර්ය මාර්ගය නමැති සෘජු මාර්ගයක් තිබෙනවා. භය නැති තැන නමැති දිශාවටයි ඒ මාර්ගය වැටී තිබෙන්නේ. ඒ වගේම කිසි ශබ්දයක් නැති රථයක් තිබෙනවා. ඒ රථය කැරකෙන්නේ දහම් රෝද වලින්. ඒ රථයේ වාඩිවෙන ආසනය තමයි ලජ්ජා භය දෙක. ඒ රථය සරසා තිබෙන්නේ සිහිය නමැති සැරසිල්ලෙන්. සම්මා දිට්ඨිය පෙරටු කරගත් අධ්‍යාත්මික බලයෙන් යුතු ශ්‍රී සද්ධර්මය තමයි ඒ රථයේ රියදුරු. යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට මෙවැනි රථයක් තිබෙනවානම්, ඔහුට ඒ රථයෙන් අමා නිවනට ළං වෙන්න පුළුවනි. (සංයුක්ත නිකාය 1, අවිජරා සූත්‍රය)තථාගතයන් වහන්සේ මෙසේ වදාළේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි.
ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ දුක්ඛිත සසරින් එතෙර වීමටයි උත්සුක විය යුත්තේ. කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරයිද, ඔහු බිය රහිත මාවතේ ගමන් කරන්නෙක් වෙයි. අද අප ජීවත්වන මේ සමාජය තුළ නොයෙකුත් නින්දා අපහාස, දුක් පීඩාවලට බඳුන්වීමට බොහෝ දෙනෙකුට සිදුවෙනවා. ඒ වගේම සමහර විට නිරපරාදේ හේතු රහිතව නින්දා අපහාස විඳින්නටත් කෙනෙකුට සිදුවන්න පුළුවන්. එවැනි අවස්ථාවක කෙනෙක් කලබලව කෝප වුණොත්, එයින් පාඩුව සිදුවෙන්නේ තමාටම යි.

උඩුගං බලා යනවාද? යටිගං බලා යනවාද?

සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත්සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ තුළ තමන් වහන්සේ විසින් ඉමහත් කැපවීමෙන් හා අසීරුවෙන් දැන, දැක පසක් කරන ලද ධර්මය ලෝ වැස්සනට දේශනා කිරීමෙන් පලක් වේ දැයි විමතියක් උපන් බව සඳහන් වෙයි. රාග වශයෙන් ඇලුණු සිත් ඇතිව, මෝහ වශයෙන් මුලාව අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටින ලෝකයාටම මේ දහම දැකගත නොහැකි වනු ඇතැයි උන්වහන්සේ සිතූහ. එතැනම පෙන්වාදී ඇති පරිදි බුදුදහම පටිසෝතගාමීය. එනම් උඩුගං බලා යන්නේ ය. ලෝක සත්ත්වයා අනුසෝතගාමී ය. යටිගං බලා ම යන්නේ ය. වෙනත් වචනවලින් කිවහොත් බුදුදහම රාගයෙන් විරාගයට මග කියයි. කාමයෙන් නිෂ්කාමයට මග කියයි.

සිතට වධ දෙන කාම රාගය

‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සරල අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි. පුහුදුන් සිත නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ සැප අත්පත් කරගැනීමේ ක්‍රියාවලියෙහි යෙදීමටයි. ඉතින් අප මේ සැප ළඟා කර ගැනුමට යොදා ගන්නා ඇස, කන, නාසය, දිව හා ශරීරය ඉන්ද්‍රිය පහක් ධර්මයෙහි උගන්වනවා. මේ ඉන්ද්‍රිය පහ නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ අරමුණු පිටුපස හඹා යන්නටයි.
‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සාමාන්‍ය සරළ අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි.

බුදු දහමෙහි භාවනා පිළිවෙත සහ අරමුණු

මේ වන විට බෞද්ධයා තුළ භාවනාව පිළිබඳව විශේෂ උනන්දුවක් ඇතත්,තථාගත බුදුරදුන් විසින් අනාවරණය කොට දක්වා ඇති භාවනාව පිළිවෙත පිළිබඳ නිරවුල් හා පැහැදිලි අවබෝධයක් එහි යෙදී සිටින බොහෝ දෙනා තුළ දක්නට ඇති බවක් නොපෙනේ. භාරතීය ආගමික ඇතැම් සම්ප්‍රදායන් තුළ ද භාවනා නමින් හඳුන්වන ලබන චිත්ත සමාධිය සඳහා ඉවහල්වන චිත්තේකාග්‍රතා විධි ක්‍රමයන් පිළිබඳ ඉගැන්වීම් විශේෂයක් ඇති අතර භාරතීය යෝගාභ්‍යාස ශාස්ත්‍රය ඒවා අතර ප්‍රමුඛස්ථානයක් ගනී. එවැනි බොහෝ ඉගැන්වීම් භාරතීය ආගමික චින්තනයෙහි ප්‍රධානතම මූල සාධකයක් වූ ‘ආත්මවාදය’ පසුබිම් කොට සැකසී ඇති බව කිව යුතුය.
එසේම නිර්මාණවාදී, දේව සංකල්පය පදනම් කොටගත් ආත්මවාදී චින්තනය අනුව සැකසී ඇති පිළිවෙත් ක්‍රම ද බුදුදහමෙහි දැක්වෙන භාවනාමය අරමුණු හා කිසිසේත් එකඟ නොවන බව සඳහන් කළ යුතුය.

Sunday, April 9, 2017

ඇස් දෙකෙන් දකිනවා දහසකින් බලනවා

එදා, කුරුලු සමූහයාගේ නායකයා හංස රාජයෙක්. මේ හංස රජුට මනරම් රූ ඇති, රන්වන් පැහැ ඇති, දුවණියක් සිටියා. ඇයට පිය රජුගෙන් වරයක් ලැබුණා. ස්වයංවරයකින් ස්වාමියෙක් තෝරා ගන්නට. වන පෙත සිසාරා පණිවුඩය ලැබුණා. කුරුලු රංචු කලබල වුණා. හංස ධේනුවගේ සිත ගන්නට තරුණ කුරුල්ලෝ දස අතින් පියඹා ආවා. වන මැද මහ සභාවක්. කුරුල්ලෝ කසු කුසුවක. හංසියගේ සිත ගියේ මොනර කුරුල්ලෙකුට. සිත් මත් කරවන, නිල් මාණික්‍යවන් ගෙල ඇති මොනරාට මේ ගැන දැන ගන්නට ලැබුණා. ආඩම්බර හිතුණා.සතුටින් ඉපිළුණා. රංගනයෙන් ද රජ දූ වශී කරන්නෙමැයි සිතා මහ සෙනඟ මැද රන්වන් පිල් විහිදුවා පාද තබමින් කැරකෙමින් රංගනය කළා.

අවදියෙන් සිටිමු

මංගල කරුණු දෙතිසකින් යුතු මහා මංගල සූත්‍රය සාර්ථක ජීවිතයකට මා හැඟි මඟ පෙන්වීමකි. අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම සුවිශේෂී වටිනා ජීවින ප්‍රතිපදාවකි.
‘අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවණා’
යහපත් ඇසුර ජීවිතයට ආලෝකය ගෙන දෙයි. අඳුර දුරු කරයි. දෙතිසක් මංගල කරුණු අතරින් බුදුරජාණන් වහන්සේ අපට පළමුව අවධාරණය කරන්නේ බාලයන් ඇසුරු නොකළ යුතු බවය. බාලයන් නම් අසද්පුරුෂයන්ය. පස් පව්, දස අකුසල්හි ගැලී අඳුරෙන්, අඳුරට යන්නෝය. සිය හිත මිතුරෝද ඒ මගම ගෙන යන්නෝය. දෙවනුව පණ්ඩිතයන් ඇසුරු කළ යුතු බව පෙන්වා දෙති. පණ්ඩිතයන් නම් සද්පුරුෂ නුවණැත්තෝය.ගුණ දහමින් පෝෂණය වූවෝය. පවට ලජ්ජා බිය ඇත්තෝය. අඳුරෙන් එළියට යන්නෝය.

අර්බුදයට ලක්ව ඇති ළමා සහ වැඩිහිටි ප්‍රජාව



 මෙම ආර්ථිකයත් මෙම අධ්‍යාපනයත්, එම පරිසරය තුළ ගොඩනැඟුන මේ සංස්කෘතියත්, ඇතුළත බිහිවන මනුෂ්‍යයා සම්පූර්ණ වශයෙන් අනුරාධපුර ශිෂ්ටාචාරයේ බිහිවුණ සිංහල බෞද්ධ ළමයා නොවෙයි. එම යුගයේ සිටි සිංහල බෞද්ධ වැඩිහිටියාත් නොවෙයි."
බුද්ධ ධර්මයට අනුව, වැඩිහිටියන් සහ දරුවන් අතර පවතින සම්බන්ධකමේ පදනම කුමක් විය යුතුද? වැඩිහිටිකම සහ ළමාකම සැමරීමට සිදුවී ඇත්තේද, වැඩිහිටිකම සහ ළමාකම අර්බුදයකට ලක් වී ඇති නිසයි.වැඩිහිටි දිනය සහ ළමා දිනය ලෙස දින වෙන්කරවාගෙන අනුස්මරණය කිරීමට තරම් අවශ්‍ය කාරණාවක් නොවෙයි. වැඩිහිටි ප්‍රජාව සහ ළමා ප්‍රජාව වර්තමානය තුළ මුහුණ දෙමින් තිබෙන අර්බුද, 

ප්‍රශ්න,ගැටළුකාරී තත්ත්වයන් හමුවේ වැඩිහිටියා සම්බන්ධව සහ ළමයා සම්බන්ධව සංවාදයක් ඇති කර ගැනීම සඳහාත්, අවධානයක් ඇතිකර ගැනීම සඳහාත් ලෝක ළමා දිනය ලෝක වැඩිහිටි දිනය ලෙස දිනයක් ලෝකයා විසින් ්යොජනා කරගනු ලබයි.



ළමා සහ වැඩිහිටි දිනය

අරපිරිමැස්ම හා කළමනාකරණය ලෝභය නොවේ

ඇතැම් දෙමවුපියන්ට තම දරුවන් පිළිබඳ නැති ආදර කැක්කුම සමහර සීයලා ආච්චිඅම්මලා තුළින් දක්නට ලැබෙයි. සමහර අම්මලා දරුවා හැදුවා බිහිකළා යන්න ගියා. ආච්චි අම්මලා දරුවන් හදාවඩා ගනී. වර්තමාන සමාජය තුළ මෙම ගැටළුව බහුල වශයෙන් දක්නට ලැබෙයි. දරුවන් බිහිකළ අම්මාට නැති කැක්කුමක් අපට මොකටද? යනුවෙන් ආච්චි අම්මා සීයා සිතන්නේ නැහැ."
ලෝභය තරමක් සංකීර්ණ ස්වභාවයක් වෙයි. පුද්ගලයෙකුගේ මනසට අහිතකර තත්ත්වයන් ඉවත් කරමින් හිතකර ස්වභාවයන් සමීපකර ගත යුතුයි. ලෝභය පිළිබඳව යම් සිදුවීමක් පෙන්වමින්, ප්‍රශ්නයක් නැඟුව හොත් එය සිතීමකින් තොරව පිළිතුරු දිය නොහැකි වෙයි.ලෝභය තමාගේ මනසට දැනුණත් පිටතට පෙනෙන ප්‍රමාණය අඩුයි. කළමනාකරණය කරගැනීම ලෝභකම ලෙස අර්ථ දැක්විය නොහැකිය. ලෝභ සංකල්පය මානසික තත්ත්වයක් වෙයි.එය තමා දැනගෙන තමා විසින් කරනු ලබන සචේතනික කාරණාවක් වෙයි. යම්කිසි පුද්ගලයෙකු පිළිබඳව හඳුන්වාදෙමින් ඔහු මහා දානපතියෙකු බවත් ඔහු විශාල වශයෙන් දන් පිරිනමන පුද්ගලයෙකු බවත් ප්‍රකාශ කරයි.

සදහම් දැනුම

ප්‍රශ්නය -
ශීලය හා ශික්ෂාපද අතර වෙනස පැහැදිලි කරන්න.
පිළිතුර -
සීලය හා ශික්ෂාපදයන්හි වෙනසක් තිබේ. ශීලය නම් පරමාර්ථ සාධනයෙහි (නිවනට යොමු වූ අය) විසින් ස්වකීය පුහුදුන් ගති පැවැතුම් පාලනය කරනු ලබන පිළිවෙළ සහ ඒ සඳහා ඇති කරගනු ලබන පුරුද්දය. එම හැසිරීම් රටාව දිගින් දිගටම පවත්වාගෙන යාම තුළින් මනසෙහි උසස් බව රැකේ. එය එක් අතකින් කුසලයෙකි. සිල් රැකීම උසස් ක්‍රියාවකි. එහෙත් එය නොරැකීමේ හේතුවෙන් කිසියම් දඬුවමකට යටත් නොවේ. ශික්ෂාපද යනු එක්තරා ආකාරයක නීතිරීති මාලාවකි. නීතියක් පනවනුයේ හේතුවක් ඇතිවය. එබැවින් නීතියක් කැඩූ විට ඒ සඳහා නියම වූ දඬුවම් ක්‍රමයක්ද ඇත. ථෙරවාදී සම්ප්‍රදායට අනුව ශික්ෂාවද ප්‍රධාන වශයෙන් දෙවර්ගයකි. එනම් ආභිසමාචාරික සික්ඛා සහ ආදිබ්‍රහ්ම චරියක සික්ඛා යනුවෙනි.

අනන්ත බුදු ගුණයි අමා මහ නිවනයි

බුදු ගුණ නිබඳවම අගයන ‘සීහ’ නම් සෙන්පතියෙක් සිටියා. ලිච්ඡවී රාජධානියේ සෙන්පතිවරයා වූ එතුමාට දවසක් තම රාජධානියට බුදුරජාණන් වහන්සේ සමඟ ලිච්ඡවීන් පිරිසක් පැමිණි පුවත ආරංචි වුණා. එදා දස දහස් ගණනින් ජන ගංඟාව, බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ වැඳුම් පිදුම් සිදු කර අමා දහමින් සැනසුම ලැබුවා. සීහ සෙන්පතියත් තමන්ගේ ශාස්තෘන් වහන්සේ වූ නිගණ්ඨනාථපුත්ත සමීපයට පැමිණ බුදුන් වහන්සේ මුණ ගැසෙන්න අවසර පැතුවා. නමුත්, සීහ සෙන්පතියාට අවසර ලැබුණේ නැහැ.
භගවත් ගෞතමයන් වහන්සේ ළඟ මන්ත්‍ර ශාස්ත්‍රයක් තිබෙන බවත් එය ජප කළවිට උන්වහන්සේ හමුවට ගිය පුද්ගලයෙක් නැවත නොඑන බවට පතළ වූ ව්‍යාජ කතාව තම ශාස්තෘවරයා සීහ සෙන්පතියාට පැවසුවා. දෙවන , තෙවන දවසෙත් නොලද අවසරයෙන් මෙතුමා තම මතයට බුදුරදුන් හමුවට පිවිසුණා. සීහ සෙන්පතියා අපරිමිත ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කර නින්දා, අපහාස පිළිබඳ කතා කළා. ඒ වදන් පෙළ ඇසුරෙන්ම බුදුරජාණන් වහන්සේ මෙතුමාට සුවිශේෂී ධර්ම දේශනාවක් වදාළා.

අමා ගඟ ලෝක ධාතුව සිසාරා ගලා බසින්න සූදානම්

පසුගිය ලිපියෙන් අපි සීහ සූත්‍රයෙන් කේසර සිංහ රජාණන් ගැන සඳහන් කළෙමු. මේ කේසර සිංහ රජාණන්ගේ අභීත හඬ යොදුන් තුනක් දුරට ඇසෙන බව සඳහන් කළා. යොදුන් තුනක් යනු සැතපුම් හතළිස් අටක් වෙයි. මේ සිංහයාගේ රැව්දෙන ගාම්භීර හඬ භාග්‍යවතුන් වහන්සේට සමකර තිබෙන්නේ කෙසේ දැ’යි අද අපි සඳහන් කරමු.
භාග්‍යවතුන් වහන්සේ යොදුන් දහ අටක් බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. මා පළමු ධර්ම දේශනාව සිදු කරන්නේ කාටදැ’යි සිතුවා. සම්මා සම්බුද්ධත්වයෙන් පසුව පළමු සිංහ නාදය කරන්න බුදුරදුන් සූදානම් වෙනවා. සම්මා සම්බුද්ධත්වය ලැබුවේ මහා කල්ප අසංක විස්සයි ලක්ෂයකින් පසුවයි.

ධර්මයෙහි ආනන්දය ලබන්නෝ

ආර්ය ශ්‍රාවක තෙමේ කුමන විහරණයෙකින් වාසය කළ යුතුද? විහරණය යනු වාසය කිරීම, හැසිරීම, සක්මන් කිරීම යන අරුතක් ගෙන දෙයි. නැතිනම් ඒ ගැන මෙනෙහි කරමින් වාසය කිරීමයි. මෙනෙහි කිරීමේ පළමු පියවර වන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිතීමයි.
එනම් උන්වහන්සේ අරහත්ය. සම්මා සම්බුද්ධය විජ්ජාචරණ සම්පන්නය. සුගතය, ලෝකවිදුය. අනුත්තරෝ පුරිසදම්ම සාරථිය, මෙසේ මෙනෙහි කරන විට රාග සිත මැඩගෙන නොපවතියි. දෝස සිත මැඩගෙන නොපවතියි. මෙත් සිත මැඩගෙන නොපවතියි. එවිට සිත ඍජු බවට පත්වෙයි. ඍජු බවට පත් සිත නිසා ආර්ය ශ්‍රාවකයාට අර්ථයෙහි සතුට ඇතිවෙයි. ධර්මයෙහි සතුට ලැබෙයි. ධර්මය කරා පමුණුවන බැවින් ප්‍රමෝදය ඇතිවෙයි. ප්‍රමෝදයෙන් පී‍්‍රතිය ඇතිවේ. පී‍්‍රති සහගත සිත නිසා කයෙහි සැහැල්ලු බව ඇතිවේ. ඒ තුලින් සැපය ගෙන දෙයි. සැප ගෙන දෙන සිත නිසා සිත සමාධිගත බවට පත්වෙයි.
මෙවැනි සමාධිගත සිතක් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ වැරදි මිනිසුන් අතර ප්‍රණීත කෙනෙක් ලෙස වාසය කරයි. ව්‍යාපාදයෙන් යුත් ජනයා අතර ව්‍යාපාදයෙන් තොර කෙනෙක් ලෙස වාසය කරයි. හැම විටම ධර්මයට සවන් දෙමින් නිරතුරුවම බුද්ධානුස්සතිය වඩයි.

වේදනා දුරු කිරීමට හොඳම මඟ

සංයුක්ත නිකායෙහි සලායතන වර්ගයෙහි වේදනා සංයුක්තයේ අඩංගු සල්ල සූත්‍ර දේශනාවේ දී තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේ අශ්‍රැතවත් පෘතග්ජන අයෙක් මෙන් ම ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් අතර පවතින වෙනස, විශේෂය පිළිබඳවයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර දේශනාවේ දී මෙසේ දේශනා කරන ලදී. මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයා දුක් වේදනාවට මුහුණ දෙන විට ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. ළයෙහි අත්ගසා ගනිමින් වැළපෙනවා. මුලාවට පැමිණෙනවා.
හෙතෙම කායික වේදනාව මෙන්ම චෛතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳිනවා. අන්න ඒ ආකාරයට දුක්ඛ වේදනාව ලබනකොට සිත ක්‍රෝධයට පත්වෙනවා. එනම් තරහවට පත්වෙනවා. ඇයි මට මෙහෙම වුණේ. ඇයි මට මේ වේදනාව මේ ආකාරයට ලැබෙන්නෙ, මට ඉවසන්න බැහැ වශයෙන් ක්‍රෝධ සිතක් ඇතිකර ගන්නවා. දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ ඇතිව සිටින මෙහොත දුක්ඛ වේදනාවෙන් යම් පටිඝානුසයක් වේ නම් එය උපදිනවා.

ප්‍රේත ලෝකය: කල්ප ගණන් අත්විඳීන දුකෙන් මිදෙමු

මෙම දහම් ලිපි පෙළෙන් අවබෝධ කර දෙන්නට උත්සාහ කරන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපදී කල්ප ලක්ෂ ගණන් බොහෝ දුක් ගැහැට විඳින පේ‍්‍රතයන් ගැනයි.මේ විශ්ව ධාතුවේ පේ‍්‍රත ලෝකය පිහිටා තිබෙන්නේ අප අවට පරිසරයේමයි. ධ්‍යාන ලබා සිත භාවනාවෙන් උසස් තැනකට පත් උදවිය හැර පෘථග්ජන ස්වභාවයේ සිටින අයට එවැනි සත්ත්වයන් පෙනෙන්නේ ඉතාම කලාතුරකිනි. සත්ත්ව හිංසාව, සඟ සතුදේ අයථා ලෙස විනාශ කිරීම, හිස්,පරුෂ, කේළම්, මුසා පැවසීම, කූඨ, වෙළෙඳාම ,ඊර්ෂ්‍යාව සහ වෛරය, ගබ්සා කිරීම, කාම මිථ්‍යාචාරය , සිල්වත් භික්ෂූන්ට අනාදර කිරීම ආදී අකුසල කර්ම නිසා පේ‍්‍රත ලෝකයේ උප්පත්තිය ලබයි.
නිජ්ඣාම තණ්හිකා (කර්ම තේජසින් නිතරම දැවෙන පේ‍්‍රතයන්) ඛුප්පිපාසිකා (සෙම් සොටු පමණ කුඳුවන්) ආහාරය නොලැබෙන පේ‍්‍රතයන්) පංසු පිසාචිකා (අපවිත්‍ර තැන්වල ආහාර සොයන පේ‍්‍රතයන්) පරදත්තූප ජීවින් (අනුන් දෙන පින් අනුමෝදන් විය නොහැකි පේ‍්‍රතයන් ආදි පේ‍්‍රත කොටස් දහනවයක් අයත් පේ‍්‍රත වස්තු ධර්ම ග්‍රන්ථයේ දීර්ඝ ලෙස විස්තර කරනවා. මෙම කොටස් දහනවයෙන් මදකුදු හෝ සැනසෙන්නේ පරදත්තූප ජීවි පේ‍්‍රතයන් පමණි. එයට හේතුව අනෙක් උදවිය සිදුකරන පින් අනුමෝදන් වී ජීවිතය සැපවත් කරගත හැක්කේ එවැනි සතුන්ට පමණයි. මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමට සාංඟික දාන ආදි පින්කම් සිදුකර පින් අනුමෝදන් කරන විට එම උදවිය පරදත්තූප ජීවි පේ‍්‍රත සත්ත්වයන්ව ඉපදුන හොත් පමණක් පින් අනුමෝදන් කළ හැකියි.

මූලයක් නැති ශ්‍රද්ධාව ප්‍රඥාවෙන් තොරය

"ශ්‍රද්ධාව යනු, හුදෙක් බුද්ධිමය පදනමක් සහිත වූවක් මිස හැඟීම් බර ආකල්පයක් නොවන්නකි. ක්ෂණිකව උපදවා ගන්නා ලද ප්‍රසාද මාත්‍රයක් ද නොව, දූරදර්ශි නුවණින් පර්යේෂණය හා විශ්ලේෂණය තුළින්ම අවබෝධ කරගත යුතු උපයෝගිතා සංකල්පයක් ලෙස ශ්‍රද්ධාව හැඳින්වීමට පුළුවන"
'මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රය සම්බුද්ධ ශාසනයෙහි පිළිවෙත් අනුපූර්ව වශයෙන් වැඩීම පිළිබඳව පැහැදිලි කරනු ලබන සූත්‍ර දේශනාවකි. එහිදී පැහැදිලි කරනු ලබන්නේ, මුලදී පිරිපුන් ප්‍රඥාව අපේක්ෂා කළ නොහැකි බවත් ශ්‍රද්ධාව පාදක කරගනිමින් අනුපිළිවෙළින් ම ශ්‍රද්ධාව වැඩිය යුතු බවත්ය.
“සැදැහැයෙන් යුතු පුද්ගලයා සම්‍යක් දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිඳගනියි. හිඳ සවන් යොමු කරයි. යොමුකළ සවනින් දහම් අසයි.

සුවඳැති මලයි සොඳුරු මිනිස්කමයි

මල් සුවඳ ආපස්සට හමන්නේ නැහැ. මල තිබෙන්නේ දකුණු පැත්තේ නම්,මල ඇති පැත්තේ සිට වම් පැත්තට සුළඟ හමනවා නම් සුවඳ හමන්නේ වම් පැත්තටයි. මල් සුවඳ ප්‍රතිවාදයට ගමන් කරන්නේ නැහැ.උඩු සුළඟට ගසා ගෙන යන්නේ නැහැ. මල් සුවඳ බොහෝ ඈතට විහිදී යන්නේ නැහැ. මල් සුවඳ ගමන් කරන්නේ සුළඟත් සමඟයි.
මිනිසුන්ගේ කීර්තිය ,මිනිසුන්ගේ යහපත්කම ,සිල් සුවඳ, මිනිසුන්ගේ සිල් සුවඳ කුමක්ද? යන වග මල් සුවඳ වගෙයි. මල යනුවෙන් අප දකිනු ලබන ලස්සන සුන්දර නිර්මාණයත් සමඟ බුදුපියාණන් වහන්සේගේ බණ ඕනෑ තරම් ශ්‍රවණය කළ හැකි වෙයි. මල් පූජාකරන අවස්ථාවෙහි සජ්ඣායනා කරනු ලබන වණ්ණගන්ධ ගුණෝපේතං යන ගාථාවෙහි ඉතාම ලස්සන ප්‍රකාශයක් සඳහන් වන අතර මේ මල මැලවී යන්නා සේ මේ කයද විනාශ වී යයි කියන ප්‍රකාශය බොහෝ සෙයින් වැදගත් වෙයි. පුප්පං මිලායාති යථා ඉධම් මේ කායෝ තථායාති විනාස භාවං යන සියලුම ප්‍රකාශ සමඟ මල පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති ධර්මානුකූල වටිනාකම දැනෙයි.
මල හරිම ලස්සනයි. එය ජීවිතයට සම්බන්ධ කාරණාවක්.මල්, කොළ, නටු, අතු, කඳ යන සෑම කොටසකම ලස්සන නිදර්ශන දක්නට ලැබෙයි. ගසක් වඩ වඩාත් ලස්සන වන්නේ මල් තිබෙන විටයි. මල් හරිම ලස්සනයි, සුවඳයි. මලක වර්ණය සහ සුවඳ මලෙහි පවතින ප්‍රධාන කාරණා දෙක වෙයි. වර්ණයත් සුවඳත් යන කාරණා දෙකින්ම සම්පූර්ණ වූ විට මලක වටිනාකම පවතී. ඉටිමල් ,ප්ලාස්ටික් මල් , කඩදාසි මල් යනුවෙන් විවිධ වර්ගයේ ලස්සන මල් වර්ග දක්නට ලැබෙයි. ඒ මල් ලස්සන වුවත්, සුවඳවත් නැහැ. එසේ නම්, මිනිසෙක් වූ විට ගුණාත්මක වටිනාකමක් නැතිව ලස්සන පමණක් තිබුණාට ඇති ඵලක් නැහැ. මිනිසෙකු සතු ගුණාත්මක වටිනාකමක් තිබිය යුතුයි.

සිත ගැන සිතන්න

මේ ගාථා රත්නය අප හැමදෙනාම දන්නා නිතර භාවිත කරන බොහොම සුලභ ගාථාවකි. එය බුදුවරයෙකුගේම බුද්ධ භාෂිතයකි. එසේම බුදුරදුන් දේශනා කළ සුවාසු දහසක් ධර්මස්කන්ධයම හකුළා ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ ගාථාවකි. බෞද්ධ ඔබගේ ප්‍රධාන අරමුණ වන සසර දුක නිවන, විමුක්තිය සලසා දෙන, නිවන් මඟ හෙළි කරවන ඉතා වටිනා ධම්මපද ගාථාරත්නයකි. ඔබගේ මුවගෙහි නිතර රැව්පිළිරැව් දෙන මේ උතුම් ගාථාවෙහි මෙතරම් වටිනාකමක් ඇති බව ඔබ සිතනවාද?
'සබ්බ පාපස්ස අකරණං' සියලු පාප කර්මවලින් වැළකීම පළමු වැන්නයි. පාපය යනු සිත කෙලෙසන සිතිවිලි, වචන හා ක්‍රියායි. යම් ක්‍රියාවකින් යම් වචනයකින් සිත කෙලෙසනවාද? ඒ සියල්ල පාප ක්‍රියා වෙයි. පාපක්‍රියා කොටස් තුනකි. කයින්, වචනයෙන් හා සිතින් වන පාපය. කය මුල්වීමෙන් ප්‍රාණඝාතය, අදන්තාදාන, කාමමිථ්‍යාචාරය සිදුවේ.
වචනවලින් පාපකර්ම හතරක් ක්‍රියාත්මක වෙයි. මුසාවාද, පිසුනාවාච, ඵරුසාවාච හා සම්ප්‍රප්ඵලාපය ය. එසේම මනස මුල් වී ප්‍රබල පාපකර්ම තුනක් සිදුවනබව. 'මනසා තිවිධං චේති' යන නිර්වචනයෙන් පැහැදිලි කරයි. ඒවා නම් ‘අභිධ්‍යා' දැඩි ලෝභය, 'ව්‍යාපාද' දැඩි තරහා,

දරුවන් වැඩිහිටියන්ට ගරු නොකරන්නේ ඇයි?

අනෙකා අඛණ්ඩව තමන්ට නොසැලකීම අනෙකාගේ වරදක් පමණක් බවට කල්පනා කිරීම සුදුසු නැහැ. ඒ පිළිබද කොටසක් තමන්ටත් අයත් වෙයි. අප මේ දරුවන් හදාගත්තේ කෙතරම් දුක් මහන්සියෙන්ද. ඒත් මේ අයගෙ කිසිම ගුණයක් නැහැ. යනුවෙන් විටෙක ප්‍රකාශ කරයි. මේ සියල්ල අසත්‍ය කාරණා නොවෙයි. සියල්ල සත්‍යයි. සෑම වැඩිහිටියෙකුම දුක් විඳිමින් කැපවීම් කරමින් , ලේ කිරි කරලා පොවමින් කැත කුණු අතගාමින් දරුවන් දුක්මහන්සියෙන් හැදූ බව සත්‍යයක් වෙයි. එසේ නම්, ප්‍රශ්නය කුමක්ද? ඔබගේ ළඟ තිබුණ එම නිරාමිස කැප කිරීම ළමයාට අවුරුදු විසි පහ වන විට තිබෙනවාද?
වංචක ධර්ම විස්තරය තුළ රේරුකාණේ චන්ද විමල මහ නා හිමියෝ සිහිපත් කර ඇති පරිදි මෛත්‍රියේ මුවාවෙන් ස්නේහය ,ප්‍රේමය යම් පුද්ගලයෙකුගේ මනසෙහි වැඩීමට තිබෙන අවස්ථාව වැඩි බව දැක්වෙයි. මෛත්‍රියේ මුවාවෙන් ප්‍රේමය වංචා කළ හැකි වෙයි. ආදරය පැන නැඟිය හැකි වෙයි. එය මෛත්‍රියේ ස්වභාවයෙන් පැමිණෙයි. අපගේ අධ්‍යාත්මික සම්බන්ධකම් සඳහා කිසියම් ආකාරයක අපේක්ෂාවක් හෝ සිහිනයක් පැමිණුන විගස එම සම්බන්ධකම අපිරිසුදු වී යන බව අවබෝධ කර ගත යුතුයි. එම සම්බන්ධකම අතරමඟදී කඩාගෙන වැටීම නවතා ගත නොහැකි වෙයි.

සිල් සුවඳ අනුත්තරයි මල් සුවඳ පිවිතුරුයි

අදහස් ලෝකයට ලබාදෙනවා නම්, කෙතරම් සොඳුරු අදහස් ප්‍රමාණයක් ලෝකයට ලබාදිය හැකිද?ආදරණීයව ලස්සනට දූවා දරුවන් හදා වඩා ලෝකයට දායාද කිරීමෙන් කෙතරම් වටිනාකමක් දිය හැකිද?ගහකොළ ඇළ දොළ නිර්මාණය කරමින් කෙතරම් වටිනාකමක් ලෝකයට එකතු කළ හැකිද? වස විෂ නැති එළවළු,පලතුරු වවමින් ලෝකයට කෙතරම් වටිනාකමක් එකතු කළ හැකිද? කුඹුරු යායවල් වවමින් මුලු ලෝකයට කෙතරම් සහල් ප්‍රමාණයක් දිය හැකිද? වටිනා සුන්දර අදහස් ලියමින් පොත් පත් කෙතරම් ප්‍රමාණයක් මුද්‍රණය කරමින් ලොවට දායාද කළ හැකිද? කෙතරම් සොඳුරු වැකිවලින් කවි ගී ලිවිය හැකිද?මලක වටිනාකම දැනෙන්නේ වර්ණයෙන් සහ සුවඳෙන් නම්,මිනිසෙකුගේ වටිනාකම දැනෙන්නේ ශාරීරික ශක්තිය සහ ගුණය යන දෙක තුළයි.

මානසික ශක්තිය කායික ශක්තියට වඩා ප්‍රබලයි

මෝහය හෙවත් මෝඩකමත් සියුම්ව වටහා ගතයුතු කාරණාවක් වෙයි. මෝඩකම සෙචිතනිකයි. බුද්ධිය අඩුවෙන් පාවිච්චි කිරීමයි. යම් තැනක කතාබහ කරන විට බුද්ධිමත්ව සිතමින් අවශ්‍ය දේ පමණක් කතා කළ යුතුයි.අනවශ්‍ය දේ නොකළ යුතුයි. මෝඩකම යනු බුද්ධිමත්ම සිතා මතා වැඩ නොකිරීමයි.

ද්වේෂය

ද්වේෂය යනු අනෙකා කෙරෙහි නොමනාපයයි.තමන් මනසින් ඇතිකර ගනු ලබන ස්්වභාවයක් වෙයි. තමාගේ මනස අවුල් වෙමින් ලේ රත්වෙමින් සිරුර පුරාම රුධිරය ෙවිගයෙන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් රෝගාබාධයන්ට ගොදුරු වෙයි. කේන්තිය අධික වන විට ඇතැමුන්ගේ ශරීරය වෙව්ලිමට පටන් ගනී. කේන්තිය මානසික ක්‍රියාවලියක් වෙයි. කේන්ති වැඩියෙන් තිබෙන ආච්චි අම්මලාට, සීයලාට නිතරම දණ හිස අමාරු, පිට කොන්ද අමාරු හටගනී.කේන්තිය මානසික ක්‍රියාවක් වන අතර දණ හිස කායික අවයවයක් වෙයි. සෑම මානසික ක්‍රියාවලියකටම කායික ක්‍රියාවක් වෙයි. සෑම කායික ක්‍රියාවක් සඳහාම මානසික ක්‍රියාවක් හේතු වෙයි.