Labels

Saturday, August 27, 2016

බුදු රදුන් දෙසු ලෝක විෂය දෙස විදු ඇසින් බලමු


කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,
ආචාර්ය චන්දන ජයරත්න
අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?
එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.

කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ අයුරු

මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ දැනට වසර 2600 කට පෙර තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබදවයි. මෙ පිළිබදව තොරතුරැ ඇතුලත් වන්නේ සංයුක්ත නිකායේ යක්ඛසංයුක්තයේයි.
සංයුත්ත නිකාය.
සගාථ වර්ගය.
යක්ඛ සංයුත්තය.
ඉන‍දක හෙවත් යක්ඛ වර්ගය
01 ඉන‍්දක සූත්‍රය.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.

සත්තසුරියුග්ගමන සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි,” භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
මහණෙනි, මේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි.

Friday, August 26, 2016

චිත්ත පාරිශුද්ධියට අවශ්‍ය උතුම් ම සීලය

සීලය යන වචනය ඉතා කුඩා එකක් වුවත්, එහි අදහස ඉතාමත් පළල් එමෙන්ම ඉතා ගැඹුරු අර්ථයක් ඇති එකක්. සීලය හෙවත් සීලනය කියන්නේ සංවරයට යි. හික්මීමටයි. විශේෂයෙන් ම කය සහ වචනය යන දෙක සංවර කර ගැනීම සීලයෙන් අපේක්ෂා කරන මූලික කාර්යයක්. එසේ වුවත් සිත සංවර කර ගැනීමකින් තොරව කායික හා වාචසික සංවරය ගැන සිතන්නට අපහසුයි.
තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සිත කියන්නේ සියල්ලටම ප්‍රධාන වන එකක්. කායික හා වාචසික ක්‍රියාකාරකම් සිත පෙරටුකර ගෙනයි පවතින්නේ.

දත් දහම පිළිපැද ඵල නෙළමු අපි නිසි ලෙස

බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයෙහි සැවැත් නුවර විසූ ජනගහණය කෝටි හතකට වඩා වැඩි බවයි සඳහන් වෙන්නේ. ඒ අතරින් කෝටි පහක්ම තෙරුවන් සරණ ගිය අයයි. ඒ අතර කොතරම් විශාල පිරිසක් නියත මිථ්‍යාදෘෂ්ටියෙන් අතමිදී ඒකාන්තයෙන්ම නිරයට වැටෙන්න තිබූ ගමන වළක්වා ගන්න ඇත්ද? කොපමණ පිරිසක් පවින් වැළකී පින් දහම් කරගන්න ඇත්ද ? කෙතරම් පිරිසක් දුගතියෙන් සදහටම අත මිදි සුගතිය උරුම කරගන්න ඇත්ද? කොතරම් පිරිසක් අගාරික දිවියෙන් සමු ගෙන අනගාරික මගට පිවිස සසර බැමි සිඳලන්න ඇත්ද?
බුදු බණක් අහල ඵලයක් නොලැබූ කෙනෙක් සිටියා නම් ඒ කුසල මූලයත් සිඳගත් අවාසනාවන්තයෙක්ම පමණයි. දිනපතාම දහම් අසන්න අවශ්‍යතාවය තිබු ඕනෑම කෙනෙකුට ඒ සඳහා භාග්‍ය ලැබුණා. හේතුව බුදුරජාණන් වහන්සේ යනු මෙරමා වෙනුවෙන්ම සැකසුණු දිනචරියාවක් ඇති උතුමෙකු වීම ඒ වගේම ධර්මාවබෝධය ලැබු භික්ෂු භික්ෂුණී පිරිස දිනෙන් දින ඉහළ යාම .

විමසා බලා දැනගෙනම කියා දීම සම්බුදු ඔවදනයි

සාමාන්‍යයෙන් යමකට නොදැන පිළිතුරක් ලබාදීම, නොදැන ඇතැම් සමාජගත කරුණු විස්තර කිරීම අතිශයින්ම අනර්ථකාරි වෙනවා. මේ නිසා අප හැම විටම පැහැදිලිව නිවැරැදිව දන්නා දෙය පිළිබඳව පමණක් තෝරා බේරා ගෙන ඊට නිවැරැදි යමක් ප්‍රකාශ කිරීමෙන් සමාජයට මෙන්ම තමාටත් යහපතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ සමයෙහි දෙසැටක් මිත්‍යා මතයන්හි එල්බ ගත් දැඩි මතධාරින් විසුව නිසා එයින් සමාජයට සිදු වූ අහිතකාරි තත්වය බුද්ධකාලීන දේශනාවන්ගෙන් අපට දැන ගත හැකිව තිබෙනවා.

Thursday, August 25, 2016

කුසල් යනු මොනවාද?

සබ්බ පාපස්‌ස අකරනං කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරිදොaදපනං ඒතං බුද්ධාන සාසනං

සියලු පව් නොකරන්න. කුලසයෙහි යෙදෙන්න. තම සිත දමනය කරන්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි. පාපය නම් අපායාදී දුගතීන්හි දුක්‌විඳීමට සිදුවන ක්‍රියාය. සිත, කය වචනයෙන් එබඳු පාප ක්‍රියාවන්ගෙන් වැලකිය යුතුය. පාපයෙන් වැළකීම පමණක්‌ නිවනට හේතු නොවේ. නිවනට හේතුවන්නේ කුසල් කිරීමයි. කුසලයෙහි යෙදීමයි. සමහර දෙනා පාපයෙන් වැළකී සිටින අතර කුසල් නොකරයි. මේ දෙකම සිදුවිය යුතුය. බුදුසමය අක්‍රීයව අවබෝධ කළ හැක්‌කක්‌ නොවේ. සක්‍රීයව කළ යුත්තකි. එබැවින් කුසල් කිරීමට නම් කුසලය යනු කුමක්‌දැයි පළමුව හඳුනාගත යුතුය.

ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගායනාවේ ථෙරාසනය හෙබවූවෝ කවරහුද?

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ කාර්යය ශාසන ඉතිහාසයේ එතෙක්‌ සිදුකරන ලද සංගායනා තරම්ම හෝ ඊටත් වඩා ගැඹුරින් සිදුකරන ලද සංගායනාවකැයි කිව හැකිය. එහෙයින් මාතලේ අලුවිහාරයේදී සිදුකරන ලද ත්‍රිපිටක සංගායනාවේ ථෙරාසනය හොබවන ලද්දේ කවර මහතෙරුන් වහන්සේ නමක්‌ ද යන්න හඳුනාගැනීම අතිශය වැදගත් වන්නකි. ථෙරවාදීන් විසින් මීට පෙර පවත්වන ලද සෑම සංගායනාවකම ථෙරාසනයේ වැඩ සිටි මහතෙරුන් වහන්සේලා

මනට මෙන්ම ගතටද සුවසදන බුදුදහම

ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්‌ඨි පරමං ධනං
විස්‌වාසා පරමා ඥති - නිබ්බාණං පරමං සුඛං

සියලු ලාභයො නිරෝග බව ප්‍රධාන කොට ගියහ. (හැම ලාභයකටම වඩා නිරෝගිකම උතුම්ය) ධනය සතුට ප්‍රධාන ඇත්තේ. (ලද පමණින් සතුටු වීම උතුම් ධනයයි). නෑයෝ විශ්වාසය පරම කොටැත්තෝය.

සම්මා දිට්‌ඨිය සැරියුත් හිමියන්ගේ වදනින්


මඡ්ධිම නිකායේ සම්මා දිට්‌ඨි සූත්‍රයට අනුව සම්මා දිට්‌ඨිය පහත පරිදි සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරයි.

අකුසලය දනී ද අකුසල මූලය දනී ද, කුසලය දනීද, කුසල මූලය දනීද එය සම්මා දිට්‌ඨියයි. අකුසලය ලෙස ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුනාවාචා, පරුසාවාචා, සම්පප්ප්‍රලාප, අභිද්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය දක්‌වයි. අකුසල මූලය වන්නේ ලෝභ දෝස මෝහයි. කුසලය වන්නේ ඉහත අකුසලයන්ගෙන් ඉවත් වීමයි. කුසල මූලය වන්නේ අලෝභ අදෝස අමෝහයි.

ජීවත් වීම ම කමටහනක්‌ කරගන්න

කාට හරි හිත තැන්පත් කරගන්න බැරි නම්, සති නිමිත්ත හඳුනන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, ආනාපාන සතිය මොන විදිහට වත් බැහැ, හිත එක තැනක තබාගන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම්, ඒ කියන අයට මම මෙහෙම එකක්‌ කියනවා. සති නිමිත්ත පැත්තකින් තියන්න. ආනාපාන සතියත් පැත්තකින් තියන්න. ඒවා එකක්‌ වත් එපා. ඉතිපිසෝ ගාථාව දහ සැරයක්‌ කියන්න, වඩන්න, හිතන්න. කොහොම ද?

සාමා මහරහත් තෙරණින් වහන්සේ

ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. ජීවිතයේ යථා ස්වභාවය හඳුනාගැනීමේ සත්‍යතාව ලැබෙනුයේ ධර්මය ජීවිතයට සම්බන්ධ කරගත් අයෙකුට පමණයි. තෘෂ්ණාව නමැති බලවේගය නිසාවෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්හි අරමුණු ලබමින් මේ සංසාර චක්‍රයේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. තෘෂ්ණාව නමැති දුක්ඛ සමුදය සත්‍යය බිඳ දැමූ කළ මේ සසර ගමනේ චාරිකාව බිඳී යන්නේ ය.
දුර්ලභ වූ මිනිස් ජීවිතයෙන් නියමාකාර වූ ඵලයක් නොලදහොත් අතිභයානක දුක්ඛ දෝමනස්සයන්හි කෙළවරක් නොමැති ප්‍රේත,

අමනුස්සකම හදවත ඇතුළත තියාගෙන කවදා නිවන් දකින්නද?

ජීවිතය යනු දේපල එක්කාසු කිරීම නොවෙයි. අපට වඩා මිනිසුන් දේපල එකතුකළා. එකතු කරපු දේපල සියල්ලම අපටම දීලා ගියා. අප කරන්නේත් ඒ ටිකම තමයි. වර්තමානය කියන්නේ අතීතයේ පොටෝකොපියක්. ගෙනයන කිසිවක් නැති වුණත් එකතු කරන එක අඩුනොකරන අප හරිහමිබ කළාට වරදක් නැහැ.ඒත් මනුස්සකම නැතිකරගෙන අමනුස්සයන් වීමට තරම් එම දේ සාධක වුණේ කොහොමද?
මිනිසුන්ට ජීවිතය නැතිවෙන්න තරමි හේතුවක් නැහැ. ශරීරයත් සමඟ බැදුන සල්ලි , පැවතුන ශරීරයත් සමඟ බැඳුන ගෙවල් දොරවල්, යාන වාහන, ශරීරයත් සමඟ බැඳුන මේ මහා පොලොවේ වැලි කැට, වැලිකැට උඩ ගහපුු ඉණි සමඟ, අසීමිත සුවඳක් සමඟ මනුස්සකම කුඩා කරගන්න මිනිසුන්ට පුළුවන් වුණාද? හරිහමිබ කරපු දේවල් දුක් මහන්සියෙන් අරගෙන යනවාද? එකම අයෙක්වත් හදාපු ගෙදරක ගඩොලක් රැගෙන යනවාද? ඒ එකක්වත් බැරි වුණාට පුපුරන ලෝභකම , කුණු වුන අමනුස්සකම හදවත ඇතුළත තියාගෙන කවදා නිවන් දකින්නද?

ශ්‍රේෂ්ඨ වන්නේ කවුරුන්ද?

ඉතා උසස් යැයි සම්මත බ්‍රාහ්මණ කුලය මෙන් ම ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යැයි කුමන නාමයකින් හැදින්වූවත් පස්පව් දස අකුසල් සිදු කරන පුද්ගලයෝ පාපකාරී පුද්ගලයෝමයි. යම් කෙනෙක් උසස් හෝ පහත් වන්නේ ඒ අයගේ කුසල්, අකුසල් ක්‍රියාවන් අනුව මිස සිතින් මවාගත් කුල පරම්පරාවෙන් නොවේ යැයි නිකිණි පුර පසළොස්වක පෝදා අප කතා කළ දීඝ නිකායෙහි පාථික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් පැහැදිළි කළා. අද නිකිණි අව අටවක පෝදා තවදුරටත් මෙම සූත්‍ර දේශනාව පිළිබඳව කතා කරමු.
වාසෙට්ඨයෙනි, මේ සතර වර්ණයන් මෙසේ නුවණැත්තන් විසින් ගරහන ලද දහම්හි ද නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද දහම්හි ද කුෂ්ල ධර්මයන්හි ද ශුක්ල ධර්මයන්හි ද එනම් හොඳ දේ ද නරක දේ ද මෙසේ කුසලා කුසල ධර්මයන්හි මිශ්‍රව පවත්නා කල්හි බ්‍රාහ්මණ වර්ණයම ශ්‍රේෂ්ඨ යැයි අන්‍යයෝ හීන පහත් යැයි බ්‍රාහ්මණ වර්ණයම සුදු යැයි අනිකුත් වර්ණ කළු යැයි බ්‍රාහ්මණයෝ ම මහා බ්‍රහ්මයාගෙන් ඉපදුනා මහා බ්‍රහ්මයා විසින් මැවුවා. මහා බ්‍රහ්මයා විසින් දායාද කළ මහා බ්‍රහ්මයාගේ මුවින් උපන් ඖරෂ එකම පුත්‍රයෝ ජාතිය නම් බ්‍රාහ්මණයෝ පමණයි. ඔවුන්ගේ එම අදහස් ඒ වචන නුවණැත්තන් විසින් සඳහන් කළ දෙයක් නෙමෙයි. නුවණැත්තන් එය අනුමත කරන්නක් ද නොවේ. ඒ කුමක් නිසා ද වාසෙට්ඨයෙනි,

ස්වාමි සේවක සම්බන්ධය

ව්‍යාපාර සාර්ථකත්වය කෙරෙහි ස්වාමි සේවක සම්බන්ධතාව ප්‍රධාන වශයෙන් බලපායි. බෞද්ධ ආර්ථික දර්ශනයෙහි එයට විශේෂ අවධානයක් යොමුකර ඇති බව ස්වාමි සේවක යුතුකම් හා වගකීම් ගෙනහැර දැක්වීමෙන් පැහැදිලි වේ. මෙම යුතුකම් හා වගකීම් පිළිබඳ කරුණු රැසක් ගිහි විනය වශයෙන් සැළකෙන සිඟාලෝවාද සූත්‍රයෙහි ඇතුළත් වේ. ආර්ථික දියුණුව අපේක්ෂා කරන්නෙකුට එම සදාචාර ප්‍රතිපත්ති බෙහෙවින් වැදගත් වේ. එහි දැක්වෙන පරිදි ස්වාමියා විසින් බල පරිදි වැඩ පැවරීමෙන් බත් වැටුප් දීමෙන් (භත්තවේතානුප්පදානෙන) ගිලන් වූ විට උවටැන් කිරීමෙන් සුවිශේෂී රසවත් ආහාර බෙදා දීමෙන් හා නිසිකල නිවාඩු ලබාදීමෙන් සේවකයාට අනුග්‍රහ දැක්විය යුතු වේ.

සසර අඳුරට ඇද දමන කර්ම විපාක

ස්වාමින් වහන්ස, සමාජයේ සමහර පිරිස් අධර්මයෙන් මුදල් උපයනවා. ධර්මයට පටහැනි විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ තමන්ගේ අරමුණු ඉටුකරන ගන්න උත්සාහ කරනවා. මෙවැනි අයට අත් විඳින්න සිදුවන ප්‍රතිවිපාක මොනවාද?
අපේ ජීවිතය ගලන ගඟක් වගේ. බොහෝ දෙනා ගලන ගඟේ ගසාගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ගසාගෙන යන ගඟේ උඬුගං බලා පිහිනන්න ක්ෂේම භූමියක් කරා යන්නට උත්සහ කරන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණක් බව.
සමහර අය ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට, ගැටළුවලට බාධක වලට මුහුණ දෙනවා. බාධක මතින් ජීවිත ගමන නවත්වනවා. දියුණුවට තිබෙන මංමාවත් ඇහිරී යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ ඇරඹුවානම් ගමන යන්න.

අතීතය මෙනෙහි කිරීම ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 04 )

අප පසුගිය පොහොය සතරේදීම පටිච්ච සමුප්පාදයේ විස්තර වන පළවෙනි අංගය වන අවිද්‍යාව කියන්නේ කුමක්ද? කියලා සරලව පැහැදිලි කළා. උතුම් නිකිණි පෝය දින වන අද දවසේ දී ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ පටිච්ච සමුප්පාද දේශනාවේ දෙවන අංගය වන ‘සංස්කාර’ පිළිබඳ නාම කොටසේ තුන්වන අංගය ලෙසත් සංස්ඛාර දක්වලා තියෙනවා. පින්වත්නි සංඛාර කියන්නේ අවිද්‍යාව නිසා ඇස, කන, නාසය, දිව ශරීරය මනස කියන මෙම ඉන්ද්‍රියන් හයෙන් රැස්කර ගන්නා වූ සිතිවිලිවලට,

දන්දීමේ අරමුණ අත්හැරීමයි


දානය යන වචනය අපේ බෞද්ධ ජන සමාජයට අතිශයින් හුරු පුරුදු වචනයක්. ඒ පමණකුත් නොවෙයි. දන්දීම හුරු පුරුදු ක්‍රියාවක් විශේෂයෙන් බෞද්ධ සමාජයේ හැම කෙනෙක් ම විවිධාකාර දන් දෙනවා.
වෙසක්, පොසොන් දිනවල විශේෂයෙන් දන්සැල් දෙනවා, අනෙකුත් දිනවල මාස් පතා පන්සලට පේරු දානය නැත්නම් සලාක දානය දෙනවා. කෙනෙක් මිය ගිය විට පවුලෙ අය එකතුවෙලා තුන්දින දානය, හත්දින දානය , තුන්මාසයේ දානය, අවුරුද්දේ දානය ආදී වශයෙන් දන් දෙනවා. ඇස් දන් දෙනවා. ශරීර අවයව මරණින් පසු දන් දෙන්නට එකඟ වෙනවා. ලේ දන් දෙනවා, ශ්‍රමදාන නමින් ශ්‍රමය දන් දෙනවා. මේ විදියට බෞද්ධයන් අතර පමණක් සුවිශේෂ මෙහෙම දන්දීමේ පිළිවෙළක් අපට දකින්නට ලැබෙනවා.

Wednesday, August 24, 2016

අපි දැන් මෛත්‍රී භාවනාව වඩමු

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා සියක්‌ නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිශංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම.

පසේ බුදුරජාණන් වහන්සේලා සියක්‌ නමකට දානය දෙනවාට වඩා මහත් ඵලයි මහානිශාංසයි. බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම.

බුදුරජාණන් වහන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිශංසයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීම.

Tuesday, August 23, 2016

රන්හුය කිසිදා නොලිහෙන්නට නම්... සාර්ථක යුග දිවියකට බුදු දහමින් ඔවදන්

ඔබේ යුග දිවියේ සාර්ථකත්වය පිළිබඳ වඩාත් පැහැදිලි පිළිතුරක්‌ දීමට පුලුවන් වන්නේ ඔබට පමණයි. නමුත් එම පිළිතුර ඔබගේ පෞද්ගලික අත්දැකීම් පදනම් කරගත් එකක්‌ වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ නිසා එම පිළිතුර පොදුවේ කාටත් පිළිපැදීමට තරම් වටිනා එකක්‌ නොවීමට ද ඉඩ තිබේ. කෙසේ වුවද යුග දිවියේ සාර්ථක හෝ අසාර්ථක බව මත ඔබගේ සමස්‌ත ජීවිතය ම තීරණය වන බව නම් පිළිගත යුතුම ය.

සක්‌මන් භාවනාවේ අනුහස්‌

ධර්මානුකූල නොවන සාවද්‍ය ක්‍රම නිසා ආර්ය මාර්ගයෙන් ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයක්‌ වර්තමානයේ උදාවෙලා තියෙනවා. භික්‌ෂුන් නිවැරැදිව මාර්ගය වඩන තාක්‌ ලොව අරිහතුන් වහන්සේලාගෙන් හිස්‌ නොවන බව බුද්ධ දේශනාවේ සඳහන්ව තිබුණත්. වර්තමානයේ අරිහතුන් වහන්සේලාගෙන් නොවෙයි, ඉන් මෙහා මගඵලවලිනුත් සසුන බෙහෝකොටම හිස්‌ වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්න ඕන, වරදවා අනුගමනය කරන මාර්ග ප්‍රතිපදාව මිසක්‌ වෙන දෙයක්‌ නොවෙයි. වරදවා

පිහිටුවන ලද හැල් නන්ඩුව පාදයේ ඇනී තුවාල සිද්ධ වෙන්නේ නෑ වගේ, ධර්මානුකූල නොවන ප්‍රතිපදාවක්‌ අනුගමනය කිරීමෙන් ධ්‍යාන, මගපල නිවන් සාක්‌ෂාත් කරන්න බෑ.

සක්‌මන් භවනාව අයිති වෙන්නෙ යැමේ ඉරියව්වට.

ආහාරයෙහි ප්‍රතිකූල සඤ්ඤා භාවනාව

අපි කව්රුත් ආහාර ගන්නෙමු. මෙලොව සියලු සත්ත්වයන්ම ආහාරයෙන් ජීවත් වෙති. 'සබ්බේ සත්තා ආහාරට්‌ඨිතිකා ' යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ගස්‌ වැල් වලට පවා ආහාර අවශ්‍යය වන්නේ ය. ආහාර නොහොත් පෝෂක පදාර්ථ නැති වුවහොත් මලානික බවට පත් වෙයි. ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙයි. මරණයට පවා පත් විය හැකි ය. එබැවින් අප කාටත් ආහාර අවශ්‍ය දෙයකි. ආහාර වෙනුවෙන් මිනිසුන් සටන් කරති. ආණ්‌ඩු පිහිටුවති. ඇතැම් විට ආණ්‌ඩු පෙරලති.

සිතෙහි ස්‌වභාවය පිළිබඳ බෞද්ධ විග්‍රහය

බුදුදහමේ දී සිතට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්‌ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේ රඳා පවතින්නේ සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස්‌ කරන්නේ ද සසර කෙටි කිරීමට ප්‍රමුඛ වන්නේ ද සිත යි. බුදු දහමේ හඳුන්වා දෙන්නේ සිත පියවි ඇසට විද්‍යමාන නොවන සිරුරක්‌ නොමැති හදවත ඇසුරෙහි පවත්නා සජීවි වස්‌තුවක්‌ ලෙසය.

ගිහි ගෙය ගිනි ගෙයකි

ගිනි නම් කොතෙක්‌ බියකරුවූ ප්‍රපංචයක්‌ද? දයාව, කරුණාව. මෛත්‍රිය අනුකම්පාව එහි නැත. දෘඪතම රශ්මියකින් හෙබියාවූ එය ඒ අනුව ස්‌වකීය වූ ග්‍රහණයට හසුවූ සෑම සියලු දෙයක්‌ම දවා අළුකර දමන්නේය. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සදෙසා වදාළ පරිද්දෙන් සංසාර කතරේ අතරමංවූ සත්ත්වයාගේ සිතද එකම ගිනි ගොඩකි.

Saturday, August 20, 2016

වහා ගැලවියන් ලෝකෙන් කර්මය එනවා පස්‌සෙන් (තර්කයට හසු නොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ )

කර්මය... කර්යම... කර්මය... මා පසු පස්‌සෙන් කර්මය ලුහු බඳිනවා. පසු පස්‌සෙන් පන්නනවා. මොනතරම් අසරණද මං. පන්නන දිසාවට දුවනවා. ගැලවෙන්න නම් බැහැ. විටෙක මනුලොව දෙසට. විටෙක දෙව් ලොව දෙසට.

නිතර නරකය දෙසට. සෑම තැනටම පන්නාගෙන යන්නේ ඔය කර්මය විසින්මයි.

බඹ ලොව යන්නෙත් එලෙසමයි. අපායට නොයා ඉන්නත් බැහැ.

යන්න වෙනවාමයි. මම ස්‌වභා දහමේ නියමයට යටයි නේ.

ඒකයි. ඉතින් මොනවා කරන්නද? කම්ම නියාමයේ හැටි ඔහොම තමයි. තමන්ට කැමති කැමති තැන් වලට යන්න එන්න බැහැ. රැවටෙන්න එපා.

සසර මඟ හදන හෝ නසන අරමුණ

පුබ්බේව මේ භිකඛවෙ සම්බෝධා අනභිසම්බුද්ධස්‌ස බෝධිසත්තස්‌සේව සතෝ එතදහෝසි කොනු ඛො පඨවි ධාතුයා අස්‌සාදො කො ආදිනවො කිං නිස්‌සරණං?

'මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්මා සම්බුද්ධ බෝසත්වූ මට මේ අදහස විය. පඨවි ධාතුහුගේ ආස්‌වාදය කවරේද? ආදීනව කවරේද? නිස්‌සරණය කවරේද?

ඉහත සඳහන් කරනු ලැබුවේ, සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයට අයත් පුබ්බ සූත්‍ර දේශනාවේ දහම් කොටසකුයි. සියලු සංඛත හෙවත් සංඛාර වස්‌තූහු අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්කොට අවබෝධවීමේ මඟට පැමිණීමට නම් මෙම අස්‌සාදය,

මම නම් වූ නොවටිනාම වචනය කපා හරින්න

ගැඹුරු විවේකය, සුන්දර නිවීම, පරම නිවන යනු ඔබෙන් 'මම' ඉවත්වයැමයි. එනම් විඤ්ඤාන - නාම රූප පිහිටා සිටීමත් පනවා ගැනීමත් නොයෙදෙන තැනය.

ඔබ මෙතෙක්‌ සංකල්පනාගතව එල්බගෙන සිටි මම, මගේ, මගේම, අප අපගේම වෙමි, වෙමු යෑන පැනවීම් ගැන හොඳින් විමසා බලන්න. නිරීක්‌ෂණය කර බලන්න. කුමන පදනමක්‌, කුමන කාරණයක්‌, කුමන හෝ හේතුවක්‌ නිසා මේ පනවා ගැනීම් කළාද? කිසිසේත් පිළිගත හැකි සාධාරණ හේතුවක්‌ ඉදිරිපත් කළ නොහැක. එසේ හෙයින් පරම විවේකය, සුන්දර නිවීම, සදාකාලීක නිදහස සඳහා 'මම' බාධකය ඉවත්කරන්න. ඔබගෙන් 'මම' නමැත්තා හෙවත් කරන්නා ඉවත් කිරීම පමණකින්ම ලෝකයෙන් නිදහස්‌වීමට පුළුවන.

වස්‌සාන පින්කෙත අස්‌වද්දා සරුසාර කර ගනිමු

ශ්‍රී ලංකා ද්වීපයේ මහා සංඝයා වහන්සේ 2324 වන වරටත් වස්‌ වැසීමේ පුණ්‍ය කාලය පසුගිය ඇසළ පොහොයත් සමග උදාවිය. බුදුරජාණන් වහන්සේ පළමු වරට වස්‌ වැසීම ආරම්භ කර මේ උදාවන්නේ 2605 වැනි වර්ෂයයි. එදා මෙදා තුර අනාදිමත් කාලයක්‌ තිස්‌සේ උපසම්පදාලාභී ගරුතර ස්‌වාමීන් වහන්සේ මෙම චාරිත්‍ර සීලය නොකඩවා සිදුකළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව වස්‌ වසන ස්‌වාමීන් වහන්සේලාට සිව් පසයෙන් සංග්‍රහ කරමින් පින් කුසල් පුරවාගත්හ. තවත් aවසර දහස්‌ ගණනක්‌ ඉදිරියටත් මෙම උතුම් ක්‍රියාව අප රටේත්, ලෝකයේත් පවතිනවා නිසැකය.

පුද්ගලයකු මනස ප්‍රබල වන කාරණාවල යෙදිය යුතුයි

දියුණු වෙන්න බලාපොරොත්තු සහිත ගමනක් යන පුද්ගලයකු තුළ මනස දුර්වල වන හේතු කාරණාවලින් මුදාගැනීමත් මනස ප්‍රබල වන හේතු කාරණාවල යෙදවීමත් ඉතාම වැදගත් වෙයි.
කුමන හැකියාවන්, දක්ෂතාවයන් තිබුණත් තමන්ගේ මනස තුළින් ලබන මානසික ශක්තිය වඩාත් වැදගත්
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන කාලය තුළ අචිරවතී ගංගාව අසබඩ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වැඩ වාසය කළා. එම ස්වාමීන් වහන්සේලා පැවිදි වීමට පෙර විවිධ රැකියා වෘත්තීන්හි යෙදෙමින් වාසය කළ පිරිසක්.
එම ස්වාමීන් වහන්සේලා අතර සිටි එක ස්වාමීන් වහන්සේ නමක් පැවිදි වීමට පෙර ඇත්ගොව්වෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක්. ඇත්ගොව්වෙක් ලෙස කටයුතු කරන විට ඇතකු හීලෑ කරන ආකාරය,ඇතකු දමනය කරන ආකාරය, ඇතකු ගේ අවශ්‍යතා, ඇතාට යා හැකි දුර, ආදිය ඇතා පිළිබඳව හැඟීමි දැනීම් සහිත අවබෝධ පූර්වක විය යුතුයි.

සොඳුරු කැදැල්ලක මනස්කාන්ත අසිරිය

ගෞරවනීය ස්වාමීන්වහන්ස, නූතන සමාජ ක්‍රමය විසින් වර්තමාන පවුල් සංස්ථාව තුළ අර්බුද රාශියක් නිර්මාණය කරමින් සිටින බව පෙනේ. මෙම ගැටුම දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස එදාට වඩා අදවන විට දික්කසාද වීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතී. මෙම ගැටළුව අවම කරගැනීම සඳහා බුදුදහමට අනුව ධාර්මික විසඳුමට කෙසේ ප්‍රවේශ විය යුතුද?
විවාහක ජීවිතයට පත්ව සිටින,විවාහ ජීවිතයක් ගතකරන ඔබ විසින් අනුගමනය කළ යුතු පිළිවෙත් ප්‍රතිපත්ති කුමක්ද? යන්න පිළිබඳව ඔබ තුළ අවබෝධයක් තිබිය යුතුයි. මේ ලෝකයේ තිබෙන සමාජ ඒකක අතරින් කුඩාම සමාජ ඒකකය පවුල් සංස්ථාවයි. වැදගත්ම සමාජ ඒකකය බවට පත්වන්නෙත් පවුල කියන ඒකකයම යි.එහි වර්තමානය වන විට නූතන සමාජ ක්‍රමය,

ශ්‍රී කාන්තාවට හෝ සිරි කාලකණ්ණියට ඇරයුම්

ශ්‍රී කාන්තාව සහ කාලකණ්ණිය යනු අප ජීවත්වන සමාජයේ නිතර අසන්නට ලැබෙන පද දෙකක් බව අපි දනිමු. සමාජ විද්‍යාත්මක වශයෙන් බැලූ විට මෙයින් පැවසෙන්නේ සමාජ සංස්ථාවේ පුළුල් පැතිකඩ දෙකකි. ආගමික වශයෙන් පෙනෙනුයේ ආචාරවිද්‍යාත්මක පැතිකඩකි. ‘කාලකණ්ණි ගෑණියක්’, කාලකණ්ණි මිනිහෙක්’, ‘කාලකණ්ණි වැඩක්’, ‘කාලකණ්ණි සිතිවිල්ලක්’ යනාදී වශයෙන් පැවසෙන අවස්ථා මෙන්ම ශ්‍රී කාන්තාව වගේ, සිරියා කාන්තාව වැඩ ඉන්නව වගේ, සිරියාවන්ත මනුස්සයා වැනි ප්‍රකාශ ද අසන්නට ලැබේ. කෙසේ වෙතත් ශ්‍රී කාන්තාව සහ කාලකණ්ණිය යන පද ස්ත්‍රීවාචක පද දෙකකි.
කාන්තාව සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සාහිත්‍යකරුවන් හඳුනාගෙන ඇත්තේ ඉතා ඈත ඉතිහාසයක දී බව අපි දනිමු. බිත්ති සතරකින් වට වූ ගෙයක් නිවසක් බවට පත්කළ හැක්කේ කාන්තාවකට පමණකැයි එක්තරා පෙරදිග පඬිවරයෙකු විසින් පවසා ඇත. ඒ නිසා ස්ත්‍රිය සෞභාග්‍යය හා සබැඳි වස්තුවක් වේ. අනෙක් අතින් ස්ත්‍රිත්වයේ ලක්ෂණයක් වන්නේ පුරුෂ පක්ෂය වෙත ළඟා වීමයි. එමඟින් ඇය ඇයට ද පවුල් ඒකකය තුළ අනෙක් සාමාජිකයන්ටද බලපෑම් ඇති කරන්නියකි. ඇය යහපත් වුවහොත් සශ්‍රීකත්වය ද අයහපත් වුවහොත් අභාග්‍යය ද උදා කරවිය හැකිය.

ආදරයවෙනුවට කරුණාව

අද අප අතර සිටින වැඩි දෙනෙක් බොහෝ බණ ඇසුවත් මහා පින්කම් කළත් පින්කම් පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇතිව කටයුතු කරනවා යැයි සිතන්න අමාරුයි. මුදල් යහමින් ඇති අය සිතා සිටින්නේ මුදල් වියදම් කළ පමණකින් පින් රැස්කර ගත හැකිය කියලයි. මුදල් අගහිගකම් ඇති අය කියන්නේ මුදල් නැත්නම් පින් කර ගන්නට බැරි බවයි. මේ දෙකම වැරැදි අදහස්. හැම දෙයක්ම සල්ලි තමයි කියා සිතන්නට වර්තමාන සමාජය නැඹුරු වී තිබීම අවාසනාවකි. හැම දේකටම මුල් වන්නේ සල්ලි නොවෙයි. වැදගත් ම දේ හිතයි කියල බුදුහාමුදුරුවෝ මොනතරම් අවධාරණය කරල තියෙනවද?
උපන් අප හැම කෙනෙකුටම සිතක් තියෙනව. පින් කරන්න අවශ්‍ය කරන වැදගත් ම දේ තමයි හොඳ සිත. වැරැදිලා ගියත් හොඳ හිතින් කරන දේකින් පව් සිද්ධ වන්නේ නැහැ. පින් සිදු වෙනවා. මහා පරිමාණ පුණ්‍යකර්මවලින් ගොඩක් පින් රැස්වෙනවා තමයි. ඒ වගේ ම සුළු යැයි අප විසින් නොතකා හරින බොහෝ දේවල්වලින් පින් රැස්කර ගන්න පුළුවන්. ඒ සඳහා අවබෝධයත් උනන්දුවත් අවශ්‍යයි.
හැම කෙනෙකුට ම හැමදාම මහා පින්කම් කරගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් හැම කෙනෙකුටම හැම වෙලාවක ම පාහේ පුංචි පුංචි පින්කම් කරගන්න හැකියාව තිබෙනවා. අද අප අතර වැඩි දෙනෙකුට අමතක වෙලා ඇයි මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ කියන කාරණය. ඇතැම් කෙනෙක් හැසිරෙන්නෙ මනුෂ්‍ය ලෝකෙට ආවේ පුළුවන් තරම් පඤ්චකාම සම්පත් විඳගන්න වගෙයි.

කුසල් අකුසල් බෙදයි හැමකල්

නිකිණි පුර පසළොස්වක පෝදා මෙම ලිපි පෙළ අප ආරම්භ කරන්නේ දීඝ නිකායෙහි පාථික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍රය ආශ්‍රය කරගෙනයි. මෙම සූත්‍ර දේශනාවෙන් කුල භේදය පිළිබඳව වර්ණ භේදය පිළිබඳව මිනිස් සමාජය තුළ ඇතිකරගෙන තිබූ හීන, ප්‍රනීත බෙදීම් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහමත් බෞද්ධ දර්ශනයෙහි නිගමනයත් අපට තේරුම් ගත හැකිවෙයි.
මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම වූ උතුම්ම මනුෂ්‍ය රත්නය තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද් ධර්මය කෙසේ නම් අනුගමනය කළ යුතුදැයි මේ සූත්‍ර දේශනාවෙන් වඩාත් අපට පැහැදිළි වෙනවා.

චින්තන නිදහස අගය කළ අසිරිමත් බුදු සිරිත

බුදුරදුන් තුළ තිබූ නායකත්ව ගුණ සමුදාය අතර ස්වච්ඡන්දතාවය විශේෂ ගුණයකි. ස්වකැමැත්ත මත විනය සීමාවන් උල්ලංඝනය නොකර කටයුතු කිරීමේ හැකියාව තම ශ්‍රාවකයන් වෙනුවෙන් ඇතිකිරීමට උන්වහන්සේ වගබලා ගත්හ. මෙහිදී තම ක්‍රියාවන්හි වගකීම තම තමන් දැරිය යුතු ය. බුදු හිමියෝ තම ශ්‍රාවකයන් අනුගාමිකයන් ඔවුන්ගේ හැකියාවන් අනුව නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන්හ. එසේ වුවද මූලික අභිමාර්ථයන්ට විරුද්ධවීම කළ නොහැකිය. එනම් විනයට අනුකූල තමන්ට ගැළපෙන ක්‍රියාකාරකම් පමණක් සිදු කිරීමට උන්වහන්සේ නිදහස ලබා දුන්හ. ශ්‍රාවකයන්ද එය අනවශ්‍ය ලෙස යොදා නොගත්හ.

Friday, August 19, 2016

සිත සකසා ගන්නා සුවිශේෂී දහම

ඇස, කන, නාසය, දිව ,සිරුර, සිත යනුවෙන් ප්‍රධාන වශයෙන් දියුණුවීමේ දොරටු හයකුත් පිරිහීමේ දොරටු හයකුත් ධර්මයේ සඳහන් වෙනවා. ඇස, කන, නාසාදී ඉඳුරන්ගෙන් තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, මද මාන්න ආදියෙන් බැඳෙන අරමුණු ගත්තොත් එය පිරිහීමේ දොරටු වශයෙන් සඳහන් වෙනවා.
ඇස, කන, නාසාදී ඉඳුරන් ශ්‍රද්ධා, වීරිය, සති,සමාධි , ඥාන දියුණු කරගැනීම සඳහා යොමු කළොත් එය දියුණුවේ දොරටු ලෙස හඳුන්වනවා. බුදු බණ ඇසීම, දේශනා කිරීම, බුදු ගුණ සිතීම ආදී යහපත් දේ තුළින් තමාගේ සිතේ අති විශාල දියුණුවක් සලසා ගැනීමට පුළුවන්.

පිරිසක් නිදන විට නිදිවරමින් සිටින පිරිස කවුරුන්ද?

අප සිදුකරන සෑම කටයුත්තකම වටිනාකමක් නැහැ. වටිනා කටයුත්තක් වන්නේ සද්ධර්ම ශ්‍රවණය යි. ඒ වගේම මේ ධර්ම මාර්ගය ගමන් කරන විට අපේ සිත සුවපත් වෙනවා. භයානක සසරින් මිදෙන්නටත්, මඟඵල ලබන්නටත්, ධර්මය ඉගෙනීම හේතුවෙනවා. ඔබ දන්නවා ඒ මඟඵල ලබන චතුශ්චක ධර්ම මොනවාද? කියා. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, කල්‍යාණ මිත්‍ර ඇසුර, ධම්මානුධම්ම පටිපදාව කියන මේ කරුණු හතර නිසා අපේ ජීවිතය සුවපත් කරගෙන භයානක සසරින් මිදී උතුම් ශාන්ත නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වෙනවා. ඒ නිසා බුදුබණ ශ්‍රවණය තුළින් මෙලොව වගේම පරලොවත් සුවපත් වෙනවා. පහනක්, එළියක් තිබෙන තැන අඳුරක් නැතුවාක් මෙන් ධර්මයක් දියුණු කරන සිතක, ඇඬීම, වැළපීම, පශ්චාත් වීම, පෙළීම ද නැත.
දිනක් බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ මිනිසුන් අඹ වර්ග හතරකට උපමා කොට වදාළා.
 1). සමහර අඹ ගසේ තිබෙන විට අමුයි. නමුත් පෙනෙන්නේ ඉදී ඇති බවයි.
 2). සමහර අඹ ඇතුළතින් හොඳින්ම පැහිලා. නමුත් බාහිරට පෙනෙන්නේ එය අමු බවයි. 
3). සමහර අඹ ඇතුළතින් අමුයි. බාහිරට පෙනෙන්නේත් ලා බව, නො පැසුනු බවයි. 

දැහැමි වෙළෙඳාම

බුදුසසුනේ චිර පැවැත්ම සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණ අනුග්‍රහය සුවිශේෂී වූවකි. ඔවුන්ගේ සේවය දෙයාකාරයකින් ඇගයීමට ලක්කළ හැකිය. සුවපහසු විශාල ආරාම හා වාසස්ථාන ඉදිකර සසුනට පරිත්‍යාග කිරීමෙන් ලද අනුග්‍රහය ප්‍රධාන වේ. රටින් රට යමින් කළ ව්‍යාපාරික කටයුතු අතර ධර්මය ප්‍රචාරය කිරීමට දැක්වූ උනන්දුව දෙවැන්නයි. සසුන ආරම්භයේ සිටම වර්තමානය දක්වාම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන මූල්‍යමය අනුග්‍රහය හා පරිත්‍යාග සසුනේ චිර පැවැත්මට ඉවහල් වී තිබේ.
අතීතයේ සිටම ලාංකික බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ ධන පරිත්‍යාගය හේතුවෙන් මෙරට ඇති වූ ශාසනික දියුණුව විශාලය. මෙම පසුබිම යටතේ සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට උපකාරීවන බෞද්ධ උපදෙස් කවරේද ? යන්න සූත්‍ර දේශනා ආශ්‍රයෙන් විමසා බැලීම අවශ්‍ය වේ.

වෙනස්වන ස්වභාවයට අනුගත සිත අනියත වටහා ගනී

සමස්ත ලෝකයේම දක්නා ලැබෙන එකම පොදු සාධකය වන්නේ විවිධත්වයයි. සෑම දෙයක්ම එකකට එකක් වෙනස් සේ පැවැත්ම හා වෙනසකට අනුගතවීම විශ්ව සාධාරණ සත්‍යයකි. ඒ තත්ත්වය තුරුලතා ආදී ස්වභාව පරිසරයේ ද, සතා සීපාවා ඇතුළු ජීව පරිසරයේ ද විවිධ පාට හා පරිසර සාධක සහිත මානව සමාජයේ ද දක්නා ලැබෙන ප්‍රකට සත්‍යතාවයි.
මේ ස්වභාවය වෙනස් කළ හැක්කක් නොවේ. යමෙක් එබඳු වෙනස්කමක් ගැන සිතන්නේ නම්, ඒ සිතිවිල්ල පවා ඔහුටත්, එබඳු සිතිවිලි පැතිරුණු සමාජයටත් මහත් සේ විපත්තිදායක වන්නක් බව ධර්මානුකූලව සිතන විට පෙනී යන්නකි.
මේ විවිධත්වය හා බැඳුනු අනිත් ස්වභාව සංසිද්ධියනම් ‘වෙනස්වීම’ හෙවත් නිත්‍ය නොවන තත්ත්වයයි. මෙනිසා මේ කාරණා දෙකම එකවිට සලකන්නට බුදුරජාණන් වහන්සේ දස ධම්ම සූත්‍රයේදී අනුදැන වදාළහ. ‘නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අභිණ්හං පච්ච වෙක්ඛිතබ්බං....’ ලෝකයේ පවත්නා නානාභාවය, විවිධත්වය හා වෙනස්වන ස්වභාවය නිතර සිහි කළයුතු කරුණක් බව එහිදී අවධාරණය කර ඇත. ඒ අනුව අප අවබෝධ කරගත යුතු වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් පවත්නා ත්‍රිලක්ෂණයේ එන ස්වභාව ධර්මයට මේ විවිධත්වය හා සෘජු ලෙසම සම්බන්ධව පවත්නා බවයි. එනම්, විවිධත්වය යනු අනිත්‍යතාවයේ ම එක් අවස්ථාවක් වන බවයි.

Thursday, August 18, 2016

භෞතික අභිවෘද්ධියටබෞද්ධ දිරිගැන්වීම

පුද්ගලයෙකු සිය භෞතික අවශ්‍යතා සපුරා ගනිමින් සුඛිත මුදිත මෙලොව ජීවිතයක් ගත කිරීම බුදුසමය කවර හැටියෙකින්වත් පිටු දකින්නේ නැත. ඒ වූ කලි මානව අවශ්‍යතාවකි. එසේ භෞතික වශයෙන් අවශ්‍ය ප්‍රමාණවත් සංවර්ධනයක් නැති වීම දිළිඳුකමයි.
එය ගෘහ ජීවිතය ගත කරන්නාට මහ දුකකි. ඉන් අත්මිදෙනු පිණිස අදාළ මගපෙන්වීම්ද බුදුදහමෙහි ඇතුළත්ය. මිනිසාට නිබඳවම වැළඳෙන මහා රෝගය නම් කුසගින්නය. ලොව සියලු සත්වයෝ අහරින්ම යැපෙති. මෙකී මහා රෝගය සුව කරගැන්මට,ආහාර මෙන්ම සෙසු භෞතික අවශ්‍යතාවයන්ද සපුරා ගැන්මට නොයෙක් නයින් සැපයෙන අතිශයින්මැ ප්‍රායෝගික වූ සදූපදේශයන්ගෙන් බුදුදහම පොහොසත්ය.

ජීවිතයක් සාර්ථක කරගන්නට නම්...

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘පියො ච ගරු භාවනීයො
වත්තා ච වචනක්ඛමො
ගම්භීරඤ්ච කතං කත්තා
නො චට්ඨානෙ නියොජයෙ’
පින්වතුනි,
අද නිකිණි පුරපසළොස්වක පොහෝ දිනය යි. බෞද්ධයන් වශයෙන් ශාසනිකව මෙම පොහොය දිනය භික්ෂූන් වහන්සේ වන අපටත් ගිහි පින්වතුන් වන ඔබටත් ඉතාමත් වැදැගත් පෙහොය දිනයක්. ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තීන්වලට අනුකූලව බෞද්ධ භික්ෂූන් වහන්සේගේ පසුවස් එළඹීම සිදුවන්නේ මෙම පොහෝ දිනයේ යි. ඒ වගේ ම මෙම කාල වකවානුව වස්සාන සමය යි. ගිහි පැවිදි දෙපක්ෂයේ ම අන්‍යෝන්‍ය සබඳතාව සහ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකරවන කාලවකවානුව යි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් තවත් වැදගත් කාරණාවක් වන්නේ බෞද්ධයන් වන අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ උදෙසා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන දළදා පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමයි.

Saturday, August 13, 2016

බුද්ධ ප්‍රමුඛ සාංඝික දානය

ආහාර දානයෙන් ලබන තැනැත්තාගේ කායික පෝෂණය සිදුවේ. දානය සාංඝික දානය හා පුද්ගලික දානය යැයි දෙවැදෑරුම්ය. පුද්ගල බෙදීමකින් තොරව බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයාට දීම සාංඝික දානයයි. මජ්ජිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රයේ සාංඝික දාන හතක් දැක්වේ. එනම්,

1. එක් පාර්ශවයෙක්හි භික්ෂු මහා සංඝයා වහන්සේ ද අනෙක් පාර්ශවයෙහි භික්ෂුණි මහා සංඝයා වහන්සේද වඩා හිඳුවා මැද බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා පුදනු ලබන බුද්ධ ප්‍රමුඛ මහා දානය පළමුවන සාංඝික දානයයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසුද උභය සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා මේ දානය දිය හැකි බව අටුවාවෙහි දක්වයි.

බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ වූයේ කවර කලෙක ද?


බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් බුද්ධ ප්‍රතිමා තිබුණේ ද?



බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ කළේ කවදා ද? යන බව ත්‍රිපිටකයේ හෝ අටුවාවල සඳහන් වී නැත. අතීතයේ වූ සෑම කරුණක් ම මේ පොත්වල සඳහන් වී නැත. පොත්වල සඳහන් නො වන අද ජීවත් වන කිසිවකු නො දන්නා බොහෝ අතීත සිද්ධීන් ඇතුවාට සැකයක් නැත.
“අප බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වැඩම කර වස් එළඹුණු කාලයේ උන්වහන්සේ නො දැක සිටිය නුහුණු උදේනි රජ මුගලන් මහතෙරුන් වහන්සේ ගේ උපකාරයෙන් දෙව්ලොවට ශිල්පියකු යවා බුද්ධ ශරීරය හොඳින් බලවා ඔහු ලවා සඳුන් හරයෙන් බුද්ධ ප්‍රතිමාවක් කරවූ බවත් බුදුන් වහන්සේ නැවත පොළෝ තලයට බට කල්හි ඒ බුදුරුව නැගිට උන්වහන්සේට නමස්කාර කළ බවත් ඒ ප්‍රතිමාව අමතා බුදුන් වහන්සේ මිසදිටුවන් සම්‍යක් දෘෂ්ටිකයන් කිරීමත් අනාගයෙහි සස්න රැක ගැනීමත් ඔබට බාරය යි වදාළ බවත් “හියුං සියං” චීන තෙරුන් වහන්සේ ගේ ගමන් විස්තරයෙහි සඳහන් කර තිබේ.

“මම” යනු කවරෙක්ද?

උන්වහන්සේ විසින් වදාළ ධර්මය පිළිබඳ ඒ ධර්මය අනුව ගමන් කොට අර්හත්වය ලැබූ අෂ්ටාර්ය පුද්ගල සංඝයා පිළිබඳව ද, ඒ පිළිගැනීම තිබිය යුතු ය. සැක දුරු විය යුතු ය. “සද්්ධාබීජං” යනු වදාළේ එහෙයිනි. කුඹුරක වපුරන බිත්තර වී ඇටය සේ නිවන් කුඹුරෙහි පළමුව වැපිරිය යුත්තේ ශ්‍රද්ධාව ය. ශ්‍රද්ධාව හෙවත් ඇදහීම ඇති තැන ඔහුගේ කෙලෙස් නිවන තපස හෙවත් සීලය පිරිසුදු වෙයි. ඉන්පසු ඔහුගේ ප්‍රඥාව අනුක්‍රමයෙන් දියුණු විය යුතු ය. ප්‍රඥාව දියුණු වීම පිණිස ධර්මය පිළිබඳ අවබෝධය ලබා ගත යුතුය.
මේ තත්ත්වය ලබා ගැනීම පිණිස සසර යනු කුමක් ද? පුනර්භවය සිදු වන්නේ කවර හේතු නිසා ද? “මම” යන්නෙන් අප සිතා සිටින්නා කවරෙක් ද?

අනිත්‍ය සිහිකිරීම

අප භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළ කෙළෙස් නැසීමට ගැළපෙන ප්‍රතිපදාව ගැන වදාළ දෙවෙනි දේශනාව ගැන තමයි අදත් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නෙ. එදා ඇස පිළිබඳව අපි ඉගෙන ගත්ත. බුදු රජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනව කන පිළිබඳව. කන නිත්‍යයද අනිත්‍යයද වශයෙන් විමසනව. එවිට පිළිතුරු ලැබෙනව ඒක අනිත්‍යය යි කියල. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද? සැපයිද? ඒක දුකයි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මේක මගේ, මේ මම මේ මගේ ආත්මය කියල දකින එක සුදුසුද ඒක සුදුසු නැත.
ඒ වගේම ශබ්ද නිත්‍යයද? අනිත්‍යයද? අනිත්‍යයයි. යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකයි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, ඒක මේක මගේ, මේ තමයි මම, මේක මගේ ආත්මය කියල ගන්න එක සුදුසුද? ඒක සුදුසු නැත, ස්වාමීනි.
ඒ වගේම කනේ විඤ්ඤාණය නිත්‍යයද? අනිත්‍යයද? අනිත්‍යයයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකක් ස්වාමීනි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ඒක, මේක මගේ, මේ මම, මේක මගේ ආත්මය කියල ගැනීම සුදුසුද, නැත ස්වාමීනි.
ඒ වගේම කනේ ස්පර්ශය නිත්‍යද?අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ඒක, මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය කියල ගන්න එක සුදුසුද? නැත ස්වාමීනි.

මායාව තේරුම් ගෙන යථාර්ථයට මුහුණ දෙමු

උමතු බව, සිහි විකල් බව, සිහිමුළාව, ඔල්මාදය, උන්මාදය, වියරුව, විකාරය, පිස්සුව යනාදී සියල්ල අපට ඉතා හුරු පුරුදු වචනය, මනස නිසි ලෙස පවත්වාගෙන යාමට අසමත් වීම නිසා ඇතිවන සුළු මානසික ව්‍යාකූලතාව මෙන්ම උග්‍ර මානසික විකෘතතා උන්මාදය නැතහොත් උමතු බව යන්නෙන් අදහස් වේ. බටහිර මනෝවිද්‍යාව අනුව ක්ලමථය නමින් හැඳින්වෙන මානසික පීඩනය, කාංක්ෂාව හෙවත් කාන්සිය, තනිකම, පාලුව, සරල භීතිකා හා ඇබ්බැහිවීම් යනාදිය සුළු මානසික රෝග වශයෙන් සැලකේ. එසේම අතර සියදිවි හානි කර ගැනීමට තරම් සිතෙන භින්නෝත්මාදය, විෂාදය, උන්මාදය වැනි උග්‍ර මානසික ව්‍යාකූලතාවන් දරුණු මානසික රෝග වශයෙන් සැලකේ. මෙම දෙවැදෑරුම් මානසික රෝගවලින් ම මිනිසුන් බහුල ලෙස පෙළීම වර්තමාන ලෝකය හමුවේ ඇති ප්‍රබල ගැටලුවකි.

අලසකම දියුණුවට බාධාවයි උත්සාහය සමෘද්ධියට හේතුවෙයි

අලසකම ආර්ථික දියුණුවට බාධාවකි. උත්සාහය ආර්ථික සමෘද්ධිය පිණිස හේතු වේ. අලස පුද්ගලයාට කිසිවක් ජයගත නොහැකිය. ලොව දිනූ යම් කෙනෙක් වෙතොත් ඒ සියල්ලෝම එම ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබෙන්නේ අලස නොවී කැපවීමෙන් කටයුතු කිරීමේ හේතුවෙන්ය. කුසීතකම දුරින්ම දුරලා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සියලු ජයග්‍රහණ අත්පත්කරගත හැකි බව මෙම බුද්ධ දේශනාවලින් පැහැදිලි වේ.
ආර්ථික සමෘද්ධිය තීරණය වන්නේ පුද්ගල උත්සාහය හා කැපවීම මතය. බුදුසමයට අනුව කායික හා මානසික ශක්තියෙන් තොරව කිසිවක් ජයග්‍රහණය කළ නොහැකිය. බුදුසමය ධන නිෂ්පත්තියේදී කායික ශ්‍රමය බෙහෙවින් අගය කරනු ලැබේ. මිනිස් ශ්‍රමය ඇගයීම සඳහා උට්ඨාන වීර්ය (උට්ඨානවිරියාදිගත) බාහුබලය (බහාබලපරිචිත) දහඩිය මහන්සිය (සේදාවක්ඛිත්ත) යන වදන් යෙදී තිබේ. මිනිසා විසින් අත්විඳිනු ලබන දුකෙන් නිදහස් විය හැක්කේ වීර්ය උපයෝගී කර ගෙනය යන්න අවධාරණය කර තිබේ.

පෙර පින් කරන ලද බව

බෞද්ධයා ඉතාම ආදරයෙන් පරිහරණය කරනු ලබන බෞද්ධ සූත්‍ර ධර්මයෙකි. ‘මහා මංගල සූත්‍රය’ ඒ සූත්‍ර නාමයෙන්ම ඒ සූත්‍රය අපට පෙන්වා දෙන යහපත් මාර්ගය පැහැදිලිය ‘අය’ යනු සැපතයි.
පී‍්‍රතියයි, වාසනාවයි, ජයග්‍රහණයයි. ඒ වූ හිතකර අර්ථයෙන් ගෙන දෙන අය යන වචනයට, අප යන උපසර්ග පාදය එක් වූ විට, අප අය අපාය යන පදය සෑදේ. එයින් ගැනෙන අර්ථය සැපයෙන් තොර වූ පී‍්‍රතියෙන් තොර වූ, වාසනාවෙන් තොර වූ ජයග්‍රහණයෙන් තොර වූ ස්ථානය යන්නයි. ඒ වූ අපායට යන පාර, මාවත, මාර්ගය වළහන්නේ නූයි මංගල වේ යයි මංගල යන වචනය විග්‍රහයේදී පැහැදිලි කැරේ. ඒ වාක්‍යය ‘අපාය මං ගලතී මංගලං’ යනුවෙනි. ඒවූ මංගල කරුණු හෙවත් මෙලොව හා පරලොව යහපත, වැඩ සලසන කරුණු ඇතුළත් මංගල සූත්‍රය’ සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙතින් දේශනා කරුනෙන් ඒ සමාජගත ප්‍රශ්නයෙකට පිළිතුරෙක් ලෙසිනි. ඒ ප්‍රස්තූතය මෙසේ ය.

දුක පංචස්ඛන්ධය නොව උපාදානය කරගැනීමයි

"ප්‍රශ්නය තිබෙන්නේ පංචස්ඛන්ධය තුළ නොවන බවත් ,පංචස්ඛන්ධය උපාදානය කරගැනීම තුළ ප්‍රශ්නය ඇති වන බව අවබෝධ කරගත යුතුයි.පංචස්ඛන්ධය, පංචස්ඛන්ධය ලෙස තිබෙනවා නමි, ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යයි. අපට එය පිළිබඳව දුකක් අසහනයක් පැමිණෙන එකක් නැහැ. තෘෂ්ණාවක් හටගන්න එකක් නැහැ. නිරන්තරයෙන් ධර්මය පරිශීලනය කිරීමෙන් මෙම සංකල්ප තේරුම් ගැනීමට උපකාරීවෙයි. එය සඳහා උපකාර පිණිස අඛණ්ඩ සිල්වත් කම, අවශ්‍යයයි. "

ලස්සන සහ කැත පිළිබඳව පූර්ව ඉගැන්වීම් මගින් ඇතිවුණ සංකල්පය වෙයි.“ මිහිරි” සහ “අමිහිරි” පිළිබඳව සංකල්ප අප තුළ ගොඩ නගාගෙන ඇත. එම සංකල්ප සමඟ රූපයක් දෙස බලන විට ඇසයි, රූපයයි, එකට සම්බන්ධ වීම තුළින් වේදනාව නිර්මාණය වී වින්දනයක් ලැබෙයි.

ධර්ම මාර්ගයේ ගමන් කිරීම ගැටලුවක් කර නොගත යුතුයි ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 03: )

ව්‍යාපාද සංකප්ප, ඒ කියන්නේ මෛත්‍රී සිතිවිලි, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ සිතිවිලි, ඊළඟට අවිහිංසා සංකල්ප, හිංසාවෙන් ඉවත්වෙලා අවිහිංසාව පුරුදු කරන්න.
කිසිම සත්ත්වයෙකුට හිංසාවක් නොවේවා කියන සිතිවිලි. මෙන්න මේ සිතිවිලිවලට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ සිතිවිලි අනුසාරයෙන් ඒ තැනැත්තාගේ වචනත් ඊළඟට වෙනස් වෙනවා. ඒ වචන තමයි අර බොරු කීම්, කේළාම් කීම්, පරුෂ වචන කීම්, නිශ්ඵල වචන දෙඩීම් යන ඒවායින් ඉවත් වෙන්න ඒ තැනැත්තා උත්සාහ කරනවා. ආජීවක අෂ්ඨමක සීලයේ මේ ගැන කියවෙනවා. ඊළඟට ඒ හොඳ වචන කතා කරන අතරේ ඒවායින් වෙන් වෙලා සත්‍ය වචන, අනෙක් අය සමඟ කතා කරන වචන, ඒ වගේම අර්ථවත් වචන ඒ විදියට පාවිච්චි කරනවා නම් මෘදු මොළොක් වචන භාවිතා කරනවා නම්, ඒ තැනැත්තා ඊළඟට කල්පනා කරනවා. මගේ වචන හැටියට මගේ වැඩත් තියෙන්න ඕන කියලා. අර ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර කියන වැරැදිවලිනුත් ඈත් වෙනවා. අන්න ඒ වගෙයි අර තමන්ගේ දිවි පැවතුම් පිළිබඳව උත්සාහවත් වෙන පින්වතාගේ චිත්ත සන්තානයේ ඇති වෙන ඒ විශාල පෙරළිය.

මාර වසඟයට අසුවුණාද?

මාරයා සත්වයා සසරට ඇද දමන හා සසරින් මිදීයාමෙන් වළක්වන පාපිෂ්ට ක්‍රියාදාමයෙන් බැහැර වී සිටිතැයි නොසිතිය යුතුය. එදා මෙන්ම අදත් නොපසුබට උත්සාහයෙන් ඔහු මිනිසුන් අතර ක්‍රියාත්මක වී සිටින බව අප නුවණින් වටහා ගත යුතුය.


බුදුරජාණන් වහන්සේ විසින් දුක්විඳින දෙව් මිනිසුන් සහිත ලෝකයා කෙරෙහි දයානුකම්පාවෙන් ඔවුන් මේ සසර දුකින් මුදවා ලීමට මග පෙන්වද්දී සත්වයා සසර තුළම රඳවා ගැනීමට වෑයම්කළ මාරයකු පිළිබඳව බුදුසමයෙහි නිතර අසන්නට ලැබේ.
ක්ලේශ මාර, මෘත්‍යුමාර අභිසංඛාර මාර, ස්ඛන්ධ මාර, දේවපුත්‍ර මාර යනුවෙන් මාරයින් පස් දෙනෙකු ගැන සඳහන් වී ඇතත්, දේවපුත්‍ර මාර හැර ඉක්බිති සිව් දෙන සංකල්පීය මාරයෝය.