Labels

Saturday, August 13, 2016

අනිත්‍ය සිහිකිරීම

අප භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළ කෙළෙස් නැසීමට ගැළපෙන ප්‍රතිපදාව ගැන වදාළ දෙවෙනි දේශනාව ගැන තමයි අදත් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නෙ. එදා ඇස පිළිබඳව අපි ඉගෙන ගත්ත. බුදු රජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනව කන පිළිබඳව. කන නිත්‍යයද අනිත්‍යයද වශයෙන් විමසනව. එවිට පිළිතුරු ලැබෙනව ඒක අනිත්‍යය යි කියල. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද? සැපයිද? ඒක දුකයි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මේක මගේ, මේ මම මේ මගේ ආත්මය කියල දකින එක සුදුසුද ඒක සුදුසු නැත.
ඒ වගේම ශබ්ද නිත්‍යයද? අනිත්‍යයද? අනිත්‍යයයි. යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකයි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, ඒක මේක මගේ, මේ තමයි මම, මේක මගේ ආත්මය කියල ගන්න එක සුදුසුද? ඒක සුදුසු නැත, ස්වාමීනි.
ඒ වගේම කනේ විඤ්ඤාණය නිත්‍යයද? අනිත්‍යයද? අනිත්‍යයයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකක් ස්වාමීනි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ඒක, මේක මගේ, මේ මම, මේක මගේ ආත්මය කියල ගැනීම සුදුසුද, නැත ස්වාමීනි.
ඒ වගේම කනේ ස්පර්ශය නිත්‍යද?අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ඒක, මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය කියල ගන්න එක සුදුසුද? නැත ස්වාමීනි.

ඒ වගේම කනේ ස්පර්ශය නිසා උපදින සැප හෝ වේවා දුක් හෝ වේවා දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද ඒක නිත්‍යයද? අනිත්‍යයද? අනිත්‍යයයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකක්. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාවයට අයිති නම් ඒක, මේ මගේ, මේ මම, මේ මගේ ආත්මය කියල ගන්න එක සුදුසුද? නැත ස්වාමීනි.

මේ නාසය නිත්‍යයද? අනිත්‍යයද? අනිත්‍යයයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකක් ස්වාමීනි. යමක් අනිත්‍ය නම්, දුක නම් වෙනස් වන ස්වභාවයට අයිතිනම් ඒක, මෙය මගේ, මේ මම, මේ මගේ ආත්මය කියල ගැනීම සුදුසුද? සුදුසු නැත ස්වාමීනි.
නාසයට දැනෙන ගඳ සුවඳ නිත්‍යයද? අනිත්‍යයද? අනිත්‍යයයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද? දුකක් ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම්, වෙනස්වන ස්වභාවයට අයිති නම් ඒක, මේ මගේ, මේ මම, මේක මගේ ආත්මය කියල ගැනීම සුදුසුද? සුදුසු නැත ස්වාමීනි.
නාසයේ විඤ්ඤාණය නිත්‍යයද? අනිත්‍යයද? අනිත්‍යයයි ස්වාමීනි. යමක් අනිත්‍යනම් ඒක දුකක්ද? සැපක්ද? දුකක් ස්වාමීනි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයට අයිති නම් ඒක, මේ මගේ, මේ මම, මේක මගේ ආත්මය කියල ගැනීම සුදුසුද? සුදුසු නැත ස්වාමීනි.

මේ ආකාරයෙන් නාසයේ ස්පර්ශය පිළිබඳවත්, නාසයේ ස්පර්ශයෙන් උපදින විඳීම පිළිබඳවත් බලන්න ඕන. ඒ වගේම දිව පිළිබඳවත්, දිවට දැනෙන රස පිළිබඳවත්, දිවේ විඤ්ඤාණය පිළිබඳවත්, දිවේ ස්පර්ශය පිළිබඳවත්, දිවේ ස්පර්ශය නිසා උපදින විඳීම් පිළිබඳවත් කෙළෙස් නැසෙන ආකාරයට බලන්න ඕන.
ඒ වගේම කය පිළිබඳවත්, මනස පිළිබඳවත් ඒ ආකාරයෙන්ම බලන්න ඕන. ඔය ආකාරයෙන් මේ බාහිර ආයතන හය දෙස විමසනකොට ආ¸ය ශ්‍රාවකයාට මේ සියලු දේ ගැන අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙනව. එතකොට මේ සියල්ල ගැන ඇල්ම දුරුවෙනව. එතකොට ඔහු සියල්ලෙන් නිදහස් වෙනව. නිදහස් උනාම තමා දැන් නිදහස් කියල තමාටම අවබෝධ වෙන්නෙ. එතකොට ඉපදීම නැති උනා. බඹසර වාසය සිදු කරල අවසානයි. නිවන් මග වෙනුවෙන් කළ යුතු සියල්ල කළා. සංසාරයේ ආපසු ඉපදීමක් නෑ කියන අවබෝධ ඥාණයට පත් වෙනව.



2014 ජූලි මස 23 වැනිදා බදාදා   දින    ආලෝකේා උදපාදි  පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment