Labels

Wednesday, August 24, 2016

අපි දැන් මෛත්‍රී භාවනාව වඩමු

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා සියක්‌ නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිශංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම.

පසේ බුදුරජාණන් වහන්සේලා සියක්‌ නමකට දානය දෙනවාට වඩා මහත් ඵලයි මහානිශාංසයි. බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම.

බුදුරජාණන් වහන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිශංසයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීම.

බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වඩා මහානිසංසයි සිව් දිගින් වඩින මහා සංඝරත්නයට ආරාම, කුටි පූජා කිරීම.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහත් ඵලයි මහානිශංසයි පැහැදුණු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යැම තුළ, ආර්ය මහා සංඝරත්නය සරණ යැම තුළ, ඒ තුළ මහා පුණ්‍ය ගංගාවන් තුනක්‌ නිරන්තරයෙන් ජීවිතයට ගලාගෙන එන බව උන්වහන්සේ දේශනා කළා.

ඊටත් වඩා මහත් ඵලයි මහානිශංසයි පැහැදුණුො සිතින් යුතුව සිල් පද ආරක්‌ෂා කිරීම. ඒ තුළ ජීවිතයට පුණ්‍ය ගංගාවන් පහක්‌ නිරන්තරයෙන් ගලන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

ඊටත් වඩා මහත් ඵලයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා එළදෙනකගේ කිරි දොවන කාලයක්‌ තරම් සුළු කාලයක්‌ (විනාඩි 10ක්‌ 20ක්‌ පමණද විය හැකිය) මෛත්‍රී භාවනාව කිරීම.

මෛත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක්‌ ඇත. එනම්, මහග්ගත ෙච්තෝ විමුක්‌තිය වශයෙන් හා අප්පමාන ෙච්තෝ විමුක්‌තිය වශයෙන්.

මහග්ගත  විමුක්‌තිය (ප්‍රදේශ වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරීම)

මම වෛර නැත්තෙක්‌ වෙම්වා,

මම තරහා නැත්තෙක්‌ වෙම්වා,

මම ඊර්ෂ්‍යා නැත්තෙක්‌ වෙම්වා,

දුක්‌ පීඩා නැත්තෙක්‌ වෙම්වා,

සුව සේ ජීවත් වෙම්වා,

ශාන්ත සුවයට පත් වෙම්වා.

මා මෙන්ම,

මෙම නිවසේ ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ ගමේ ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ නගරයේ ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ,
වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ පළාතේ ජීවත් වන්නා වූ සියලුම ස‍ත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ රටේ ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

මේ ලෝකයේ ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

සියලුම ලෝකයන්හි ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

අප්පමාණ ෙච්තෝ විමුක්‌තිය (දිශාවන් වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරවීම.)

මම වෛර නැත්තෙක්‌ වෙම්වා,

මම තරහා නැත්තෙක්‌ වෙම්වා,

මම ඊර්ෂ්‍යා නැත්තෙක්‌ වෙම්වා,

දුක්‌ පීඩා නැත්තෙක්‌ වෙම්වා,

සුව සේ ජීවත් වෙම්වා,

ශාන්ත සුවයට පත් වෙම්වා.

මා මෙන්ම,

උතුරු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

උතුරැ අනු දිශාවේ ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

නැගෙනහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා

එමෙන්ම,

නැගෙනහිර අනුදිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

දකුණු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

දකුණු අනු දිශවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

බටහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

බටහිර අනු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

උඩ දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,

යට දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...

වෛර නැත්තෝ වෙත්වා,

තරහා නැත්තෝ වෙත්වා,

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා,

දුක්‌ පීඩා නැත්තෝ වෙත්වා,

සුව සේ ජීවත් වෙත්වා,

ශාන්ත සුවයට පත් වෙත්වා.

ධර්ම සාකච්ඡාවෙන්, බෙදාගැනීමෙන් හා අනෙකුත් කුසල කර්මයන් කිරීමෙන් ඔබ මා කර ගත්තා වූ යම් පිනක්‌ වේද, යම් කුසලයක්‌ වේද, එය අපට කෙදිනක හෝ නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා..

මේ සසරේ අප ගෙවූ දුක්‌ අවබෝධ කරගෙන මේ අති බයංකාර වූ සංසාර ගමනෙන් මිදීමට සියලු සත්ත්වයෝ උත්සාහ ගනිත්වා¾

මේ අපගේ පළමු ඉපදීම නොව...

මේ සසරේ අපි අනන්තවත් ඉපදී ඇත්තෙමු. අපගේ මව් මිය ගිය දුකට අපි හෙලූ කඳුලු එකතු කළේ නම් මේ සාගරයටත් වඩා විශාලයි.

අපගේ පියා මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කළේ නම් මේ සාගරයටත් වඩා විශාලයි.

මේ සසරේ අපි ගෙනයන එකම හේතුව අවිද්‍යාවයි...

මෙය කියවන සියලු දෙනා හට දහම් ඇස ලැබේවා... අවිද්‍යාව විද්‍යාවෙන් දුරු කෙරෙත්වා!

මේ සසරින් මිදෙත්වා..!!!!!

2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment