ජීවිතය යනු දේපල එක්කාසු කිරීම නොවෙයි. අපට වඩා මිනිසුන් දේපල එකතුකළා. එකතු කරපු දේපල සියල්ලම අපටම දීලා ගියා. අප කරන්නේත් ඒ ටිකම තමයි. වර්තමානය කියන්නේ අතීතයේ පොටෝකොපියක්. ගෙනයන කිසිවක් නැති වුණත් එකතු කරන එක අඩුනොකරන අප හරිහමිබ කළාට වරදක් නැහැ.ඒත් මනුස්සකම නැතිකරගෙන අමනුස්සයන් වීමට තරම් එම දේ සාධක වුණේ කොහොමද?
මිනිසුන්ට ජීවිතය නැතිවෙන්න තරමි හේතුවක් නැහැ. ශරීරයත් සමඟ බැදුන සල්ලි , පැවතුන ශරීරයත් සමඟ බැඳුන ගෙවල් දොරවල්, යාන වාහන, ශරීරයත් සමඟ බැඳුන මේ මහා පොලොවේ වැලි කැට, වැලිකැට උඩ ගහපුු ඉණි සමඟ, අසීමිත සුවඳක් සමඟ මනුස්සකම කුඩා කරගන්න මිනිසුන්ට පුළුවන් වුණාද? හරිහමිබ කරපු දේවල් දුක් මහන්සියෙන් අරගෙන යනවාද? එකම අයෙක්වත් හදාපු ගෙදරක ගඩොලක් රැගෙන යනවාද? ඒ එකක්වත් බැරි වුණාට පුපුරන ලෝභකම , කුණු වුන අමනුස්සකම හදවත ඇතුළත තියාගෙන කවදා නිවන් දකින්නද?
මැරෙන කොටත් අරගෙන යන වෛරය , මැරෙන කොටත් අරගෙන යන ද්වේශය , මැරෙන කොටත් අරගෙන යන්න සිතාගෙන සිටින තරහව ජාති ජාතිත් වෛර කරනවා කියා සිතාගෙන සිටින පවිකාර සිතිවිල්ල අරගෙන කොහේ යන්නද? කබරයෙකුවෙලා ගැරඩියකුවෙලා කොරවක්කකුවෙලා කපුටකුවෙලා පැන පැන යන ගෙමිබකුවෙලා ගෙවන්න බැහැ. ජීවිතය සුන්දරයි. ජීවිතය හරිම මනස්කාන්තයි. ජීවිතය හදඅදනා සුළුයි ජීවිතය මනබඳනා සුළුයි. එම ජීවිතයට නිදහසේ පියාසලන්න ඉඩදෙන්න.
ජීවිතය යනු දේපල එක්කාසු කිරීම නොවෙයි. අපට වඩා මිනිසුන් දේපල එකතුකළා. එකතු කරපු දේපල සියල්ලම අපටම දීලා ගියා. අප කරන්නේත් ඒ ටිකම තමයි. වර්තමානය කියන්නේ අතීතයේ පොටෝකොපියක්. ගෙනයන කිසිවක් නැති වුණත් එකතු කරන එක අඩුනොකරන අප හරිහමිබ කළාට වරදක් නැහැ.ඒත් මනුස්සකම නැතිකරගෙන අමුනුස්සයන් වීමට තරම් එම දේ සාධක වුණේ කොහොමද? අප බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයන්. රම්‍ය, සුරම්‍ය, සුභ අතහැරපු මහා මාලිගාව අතහැරපු මන්දිර අතහැරපු සිංහාසනය කිරීටය අසිපත අතහැරපු පාවහන් මිරිවැඩිසඟල , අතහැරපු ඔටුන්න අතහැරපු බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයන් වූ අප බුද්ධං සරණං ගච්ඡාමි කියමින් සිය වතාවක් කිවුවත් බුදුන් සරණ යා හැකිද? දශමස්ථානයකින් වත් බුදුහාමුදුරුවන්ගේ කීමක් පිළිපදින්නේ නැති අප මනුස්සකම ඉතිරි කරගන්නේ නැතිව සල්ලිකාරකම ඉතිරිකරගන්න එකේ වටිනාකම , මනුස්සකම ඉතිරි කරගන්නේ නැතිව ලොකුකම ඉතිරි කරගන්න එකේ වටිනාකම කුමක්ද? මේවා දැන දැන අමනුස්සයන් වගේ ජීවත් වීමට උත්සාහ කරනවා. සත්තු වගේ ජීවිතය ගෙවන්න උත්සාහ කරනවා.
පියකරු රටක් විකසිත රටක්,සුන්දර රටක්, මහා මනස්කාන්ත සමාජයක්, මැරෙන තුරුම සිනාමුසු මුහුණින් ජීවත් විය හැකි දේශයක් , ආදරණිය අමිමාගේ අමිමාකම , ආදරණීය තාත්තාගේ තාත්තාකම බුදුහාමුදුරුවෝ දේශනා කළේ වචන තුනක් වූ පුත්තා වත්ථු මනුස්සානං යනුවෙන් දරුවන් අපට තිබෙන ලොකුම වස්තුව ලෙස .උන්වහන්සේ දේශනා කළ සන්තුටිඨි පරමං ධනං යන සතුට පරම ධනය . අප හමිබ කරනු ලබන්නේ ධනය නොවෙයි. සල්ලිවලට වඩා ධනය වෙනස්. ධනයට වඩා සල්ලි වෙනස් . සල්ලිවලින් මිළදී ගන්න හැකි වුණාට ධනයෙන් මිළදී ගන්න බැහැ. හරියට නිදන ඇඳ වගේ. ඇඳ පනස් දහසක් වුණාට නින්ද සල්ලි වලට ගන්න බැහැ. පොත් සල්ලිවලට ගන්න පුළුවන් වුණාට දැනුම සල්ලිවලට ගන්න බැහැ. ෙමිකප් සල්ලිවලට දාන්න පුළුවන් වුණාට හිනාව සල්ලිවලට ගන්න බැහැ. බේත් සල්ලිවලට ගත්තාට නිරෝගිකම සල්ලිවලට ගන්න බැහැ. ඇඳුමි සල්ලිවලට ගන්න පුළුවන් වුණාට ලජ්ජාව සල්ලිවලට ගන්න බැහැ. ගැහැනු මිනිස්සු සල්ලිවලට ගන්න පුළුවන් වුණාට ආදරය සල්ලිවලට ගන්න බැහැ. සල්ලිවලට ගන්න බැරි හැම දෙයක්ම ධනයෙන් ලබාගත හැකියි. එම නිසයි බුදුපියාණන් වහන්සේ සන්තුටිඨි පරමං ධනං යනුවෙන් සතුට පරම ධනය ෙවි යනුවෙන් දේශනා කරනු ලැබුෙවි.
house කියන්නේ ගෙදර home කියෙන්නේ නිවසයි. මෙය එකකට එකක් වෙනස් වූ දෙකක්. house හදන්නේ ගල් වැලි සිමෙන්ති යකඩවලින් . home හදන්නේ ආදරයෙන් ලෙන්ගතුකමෙන් දයාවෙන් ස්නේහයෙන් .තීන්ත ගාන්නේ සිවිලින් ගසන්නේ තිරෙරිදි දමන්නේ ලබන්නේ ගෙයක් මිස නිවස නොවෙයි. නිවස ලස්සන කරන්නේ ආදරයෙන්. කරුණාවෙන් පොඩිදුවගේ සිනා වැලයි. පොඩි පුතුගේ කතා පෙළයි. ප්‍රිය බිරිඳගේ සෙනේ විලයි. එතන නිවහනයි එය ගනු ලබන්නේ ධනයෙන් මිස සල්ලිවලින් නොවෙයි.මේ ස්නේහේවන්ත දයාබර හෝම් එක හවුස් එකක් නොවෙයි. හෝම් කියන වචනය පාවිචිචි කරන්නේ සන්තෝෂය තිබෙන තැනටයි. එම නිසයි වෙඩින් දවසට පසුවදා ඇටි හෝම් වෙන්නේ.ඇටි හවුස් නොවේයි. එම නිසයි හවුස් කමින් වන්නේ නැතිව හෝමි කමිං වන්නේ. සිනාව රැඳෙන තැන හෝමි එකක්. ඔබට තිබෙන්නේ හෝමි එකක්ද? හවුස් එකක්ද? සත්‍ය වශයෙන්ම ඔබට තිබෙන්නේ ගෙදරක්ද? නිවසක්ද? නිවස ගෙට වඩා වෙනස් බව සිතන්න. සල්ලිවලට වඩා ධනය වෙනස් බව සිතන්න .
ශරීරයට වඩා ජීවිතය වෙනස් බව සිතන්න. මේ තුළින් ජීවිතය තිබෙනවාද? එසේ නැත්නම් තිබෙන්නේ ශරීරයයි සල්ලි ගෙයයි,පමණද? යන ප්‍රශ්නයට පිළිතුර ඔබ විසින් සමිපාදනය කර ගත යුතුයි. ජාතියට මඟ කියන්න අවශ්‍ය වෙලාවක වැරදුන තැන් කියන්න අවශ්‍යයයි. එය පිළිපැදීම ඔබගේ කාර්යයක්. අපට වුණේ මොකද? කියලා සොයලා බලන්න.
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment