ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්‌ඨි පරමං ධනං
විස්‌වාසා පරමා ඥති - නිබ්බාණං පරමං සුඛං
සියලු ලාභයො නිරෝග බව ප්‍රධාන කොට ගියහ. (හැම ලාභයකටම වඩා නිරෝගිකම උතුම්ය) ධනය සතුට ප්‍රධාන ඇත්තේ. (ලද පමණින් සතුටු වීම උතුම් ධනයයි). නෑයෝ විශ්වාසය පරම කොටැත්තෝය.
(විශ්වාසයට වැඩි තරම් වූ නෑකම් ඇති කෙනෙක් නැත). සැප අතුරෙන් නිවන පරම කොටැත්තේය. (සැම සැපයක්‌ම නිවනට අග්‍රතමය).
(ධම්ම පදය - සුඛ වග්ගය)
ලොව පහළවූ ශ්‍රේෂ්ඨ නායකයන් අතුරෙන් අප තථාගත බුදුපියාණන් වහන්සේ උසස්‌ම ගණයේ මානසික වෛද්‍යවරයාණෝය. වෙදවරු කායිකව වෙදකම් කරන අතර, සිත්වල හටගත් ලෙඩ රෝගවලට නිවැරැදි විසඳුම වූයේ බුදුන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි.
'දිස්‌සන්ති භික්‌ඛවෙ සත්තා කායිකේන රෝගෙන එකාපිවස්‌සං ආරෝග්‍යං පටිජානමානා දේවපි වස්‌සානි ආරෝග්‍යං පටිජමානා'
'දිස්‌සන්ති භික්‌ඛවෙ සත්තා දුල්ලභා ලෝකස්‌මිං යෙ චෙතසිකේන රෝගෙන මුත්තංපි ආරෝග්‍යං පටිජානාති අඤ්ඤ‚ණාසාවේහි'
කායික, මානසික රෝගයෝ දෙදෙනෙකි. මෙම රෝගවලින් යුතුව සත්ත්වයා (මිනිසා) අවුරුද්දක් අවුරුදු කිහිපයක් අඩ සියවසක් හෝ ශතවර්ෂයක් පීඩා නොවිඳින සත්ත්වයෙක් සොයාගත නොහැකි බව බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ රෝග සූත්‍රයේ අනුදැන වදරා ඇත.
තවද 'උම්මත්තකා වියහිසබ්බේ පුථුඡ්ජනා දිස්‌සන්ති' පෘථග්ජන සියලු දෙනාම හැසිරෙන්නේ
පිස්‌සන්ගේ ආකාරයටයි. ඒ බව බුදුබණ තුළ සඳහන්ව ඇත.
බොහෝ දෙනා හොඳ කයකින්
නිරෝගී බව දැක්‌වුවත් ඔහු මානසිකව පීඩා විඳිනු ඇත. තවද අප හට රෝගයක් වැළඳුනහොත් එය මානසිකව පීඩා ගෙන දෙයි. සමහර විට මරණ බිය දක්‌වා සිත දුවයි. එම තැතිගැන්ම සමහර විට රෝගය තව තවත් උත්සන්න වෙයි. විකල්ප වශයෙන් උසස් වෛද්‍යවරුන් සොයා යයි. ශල්‍යාගාර වෙත යයි. මේ වෙනුවෙන් තම ධනය අසීමිත ලෙස වැය කරයි. මේ නිසා මිනිසා සදාකාලික කායික මානසික රෝගවලින් පීඩාවට පත්වීම නොරහසකි.
අප තථාගත බුදුපියාණන් වහන්සේ මේ සියලු රෝගවලට මෙසේ අනුදැන වදාරා ඇත. 'සෙහං බ්‍රාහ්මණ සම්බුද්ධො සල්ලකත්තො අනුත්තරො' බමුණ මම සම්බුද්ධ වෙමි. එසේම ලෙඩ කියාදෙන නිවාරණය කරන ශල්‍ය වෛද්‍යවරයාද වෙමි.'
''යෙ කේචි ඔසදා ලොකේ
විඡ්ජති විවිධා පුථු
ධම්මො සදා සමං නත්ථි
එතං පවතෙ භික්‌ඛවේ''
මහණෙනි, කෙළෙස් සහිත ලෝකයේ වෙසෙන්නවුන්ට විවිධ රෝග හට ගනී. ඒවාට ව්‍යවහාරික නම් සහ බෙහෙත් වර්ග ඇත. එහෙත් පින්වත, මගේ ධර්මය නමැති ඖෂධය පානය කරන්න. ඒ කෙළෙස් නමැති ගින්න තුළින් හටගන්නා සියලු රෝග නිවාරණය කිරීම සඳහා මේ සා බෙහෙතක් නැත.
''ඔසධානි මහාරාජා භගවතා අක්‌ඛාතානි යෙහි ඔසධෙහි සො භගවා දේවමනුස්‌සෙ තිකිච්ඡති සෙයHඨිදං''
මහරජ බුදුන් වහන්සේ විසින් දෙව් මිනිසුන් උදෙසා සුවපත් කිරීමට සොයාගන්නා ලද බෙහෙත් රාශියක් වෙති. එයින් ලෝක සත්ත්වයාගේ මෙලොව, පරලොව දෙකම සුවපත් කිරීමට සමත් විය. ඒවා කවරේද යත්,
සතර සතිපට්‌ඨානයො
සතර සම්‍යක් ප්‍රධානයෝ
සතර සෘද්ධි පාදයෝ
පඤ්ච ඉන්ද්‍රියයෝ
පඤ්ච බලය
සප්ත බොඡ්Cධංගය
ආර්ය අෂ්ඨාංගික මාර්ගය
මෙම බෙහෙත්වලින් දෙව් මිනිසාව සුවපත් කරයි. මෙම අයවලුන් සියලු කෙළෙස් (මිථ්‍යා දැකීම්. තෘෂ්ණාවන්) විරේජනය කර හරී. (වමනය කර)
මිලින්ද පඤ්හ - අනුමාන වග්ග)
මේ අනුව ශාරීරික රෝගවලට ප්‍රධාන හේතුව මනස මුල් බව මීට වසර 2500 කට ප්‍රථම සොයා දැන අප තථාගතයන් වහන්සේ අනුදැන වදාරා ඇත. වර්තමානයේ මිනිස් ජීවිත වෙනුවෙන් පෙනී සිටින වෛද්‍ය උතුමන් පවා නොකියා වෙදකම් කරන්නේ මෙම ධර්මතාව මත නොවේද? මිනිසා යනු අධික තෘෂ්ණාවෙන්, සංයමයකින් තොරව ක්‍රමවේදවලින් බැහැරව දිවි ගෙවති. එයින් ලබන ප්‍රතිඵල නිම වන්නේ රෝගාතුර වීමෙන් හා මරණයෙන්ය. අද මේ වෙනුවෙන් එදා බුදුන්වහන්සේ පෙනී සිටියා මෙන් වත්මන් වෛද්‍යවරයා ලෙඩට ප්‍රතිකාර දෙමින් දිවි පැවැත්මට උපදෙස් ලබාදෙයි.
වත්මන් සමාජයේ සියයට අනූනවයක්‌ම කුමන හෝ රෝගයකින් කායිකව හෝ මානසිකව පෙළෙයි. මේ සියල්ලට ප්‍රධාන හේතුව මත්පැන්, අධික මේද රහිත, සීනි රහිත, ආහාර කෘත්‍රීමව දේශීය දෙයින් ඈත්වීම හා ශාරීරික ව්‍යායාමයන්ගෙන් බැහැර වීම නිසා තම තමන්ම ඇති කරගත් රෝග පිළිගැනීමට සිදුවී ඇත. මෙම පුද්ගලයන් තුළ මෙකී අසම්මත පිළිවෙත්වලින් හටගත් කෙළෙස්‌වලට ඒවා සමනය කර ගැනීමට තමා අප තථාගතයන් වහන්සේ වෛද්‍යවරයෙක් ලෙස ලොව සුවපත් කිරීම වෙනුවෙන් පෙනී සිටියාය.
සැකෙවින් උදාහරණ කිහිපයක් මවිසින් මෙසේ දක්‌වමි. ඒවායේ සවිස්‌තර ඉදිරියේදී පෙළ ගැස්‌වීමට මා අපේක්‌ෂා කරමි.
අතීතයේ බුදුසමයේ විශාලා මහනුවරට පැමිණි තුන්බිය රෝග, මරණ, අමනුෂ්‍ය බිය සමනය කිරීමට එදා ඉදිරිපත් වූයේ අප බුදුපියාණන් වහන්සේය. එදා පැවැති උතුම් සත්‍ය වූ බුදුගුණය, දහම් ගුණය හා සඟ ගුණය අනුහසින් ඒ සත්‍ය ධර්මය සැබෑවක් නම් සියලු වැසියෝ සුවපත් වේවායි අනඳ හාමුදුරුවෝ ප්‍රමුඛ 500ක් භික්‌ෂුන් වහන්සේලා පිරිස සමග රතන සූත්‍රය නුවර පුරාම ඇවිදිමින් දේශනා කළ සේක. දුර්භික්‌ෂය නිමා විය. කලට වැසි ඇතිවෙමින් මිනිස් සිත් සතන් අවදි වෙමින් තැන තැන වැටී දුගඳ හමමින් අමනුෂ්‍යයන් අරක්‌ගෙන නගරය පිරිසිදු වෙන්නත් අමනුෂ්‍යයන් පලායන්නත් හේතු විය. ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ අනුහසින් මුළු නගරයම සුවපත් විය.
තවද 'පිරිත' යනු බෞද්ධයන් පමණක් සියලු අයම ඇසීමට කැමැති දේශනාවකි. 'පරිත්ත' යනු හාත්පසින් රැකවරණය ලබාදෙනු අරුතයයි. බුද්ධ මන්ත්‍රයකි.
බුදුන් ජීවමානව වැඩ සිටි සමයේම තමන් දෙපස වැඩ සිටි භික්‌ෂුන් වහන්සේ මහා කාශ්‍යප, මහ මුගලන් වහන්සේ හා ගිරිමානන්ද මහ රහත් උතුමාණන් වහන්සේලාට රෝගාබාධ හටගත් අවස්‌ථාවලදී බුදුන්වහන්සේ දේශනා කළ මහා කාශ්‍යප ථෙර බොඡ්ධංගය, මහා මොග්ගල්ලාන බොඡ්Cධංගය, ගිරිමානන්ද සූත්‍රයත් දේශනා කරමින් ඔවුන්ව ඒ උතුම් ගුණයන්හි පිහිටුවමින් සුවපත් කළ සේක.
රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වසන කල්හි අප භාග්‍යවතුන් වහන්සේ ද රෝගාතුර වූ අවස්‌ථාවේදී මහාචුන්ද ථෙර බුදුන්වහන්සේ සමීපයේ සිට උවටැන් කරමින් සිටි අවස්‌ථාවේදී චුන්ද වෙනුවෙන් සප්ත බොඡ්Cධංගය කරුණු මත පිහිටා කටයුතු කරන අතරතුර එහි සත්‍ය බලයෙන් බුදුන්වහන්සේ සුවපත් වූ බව ධර්මයේ සඳහන්ව ඇත. මේ අනුව බෞද්ධයෝ එදා පටන් අද දක්‌වා තමන්ට පැමිණෙන සියලු විපත්වලදී ද දිවි පැවැත්මේදී සුවිශේෂී සුබ කටයුතු අවස්‌ථාවන්හිදී බුදුන්වහන්සේ වදාළ පිරිත් දේශනාවන් හි අනුගත වෙමින් ඒවායේ බලවත් විශ්වාසය තබමින් තම ජීවිතයේ සියලු අතින්ම සුවපත් කිරීමට හැකියාව ඇති බව දැඩි විශ්වාසයකින් පසුවනු ඇත.
මේ අනුව සත්ත්වයා සුවපත් කිරීමට අසීමිත බලයක් ඇතැයි බුද්ධ දේශනාවන්හි, පෙන්වා දෙන එක් එක් සූත්‍රවල අර්ථයන් හා අනුගත වීම් හා එහි ප්‍රතිඵල පිළිබඳව ලිපි පෙළකින් සවිස්‌තරව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඇත්ත පරිදිම මිනිසාගේ පැවැත්ම තුළදී සුබවාදීව හෝ අසුබවාදීව ඔහු කරන කටයුතුවලදී අත් කරගන්නා ප්‍රතිඵල වශයෙන් විඳින්නා වූ චිත්ත හා කායික පීඩාවන්වලට ගොදුරු වන බවට මනාව බුදුදහම කියාපානු ඇත. මේ සියල්ලටම විසඳුම ඇත්තේ තමා සතුව යෑයි සෑම සත්ත්වයකුටම පිළිගැනීමට සිදුවනු ඇත.
පූජ්‍ය හොරණ කල්‍යාණධම්ම හිමි,
ශ්‍රී විශුද්ධාරාම මහා විහාරය, වාරියපොල
2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment