ශ්‍රී ලංකා ද්වීපයේ මහා සංඝයා වහන්සේ 2324 වන වරටත් වස් වැසීමේ පුණ්‍ය කාලය පසුගිය ඇසළ පොහොයත් සමග උදාවිය. බුදුරජාණන් වහන්සේ පළමු වරට වස් වැසීම ආරම්භ කර මේ උදාවන්නේ 2605 වැනි වර්ෂයයි. එදා මෙදා තුර අනාදිමත් කාලයක් තිස්‌සේ උපසම්පදාලාභී ගරුතර ස්‌වාමීන් වහන්සේ මෙම චාරිත්‍ර සීලය නොකඩවා සිදුකළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව වස් වසන ස්‌වාමීන් වහන්සේලාට සිව් පසයෙන් සංග්‍රහ කරමින් පින් කුසල් පුරවාගත්හ. තවත් aවසර දහස් ගණනක් ඉදිරියටත් මෙම උතුම් ක්‍රියාව අප රටේත්, ලෝකයේත් පවතිනවා නිසැකය.
මෙම වස්‌සාන සමය පින්වත් ඔබ අපට වස්‌සානයේ පින්කෙත අස්‌වද්දා සරුසාර කර ගන්නට වෙහෙසීමට මහන්සි ගත යුතු කාලයක් ලෙස හඳුන්වාදීම වැදගත් යෑයි මා සිතමි. මේ වනවිට අපේ ගරුතර ස්‌වාමීන් වහන්සේ වස් සිටීමට සූදානම්ව පොහොය කිරීම් ආදී විනය කටයුතු වල යෙදී සිටී. අපේ වස් සිටුවන උපාසක උපාසිකාවන් වස් සිටින ස්‌වාමීන් වහන්සේ වෙනුවෙන් අවශ්‍ය ඇප උපස්‌ථාන සිදුකිරීමට පේරුවම සූදානම් කර අවසානය. එසේ නම් සතර වස්‌සානය නමැති කුඹුර සූදානම් කර අවසානය.
අතීතයේ සිට අප ස්‌වාමීන් වහන්සේ එක පන්සලක දහයක් පහළොවක් දෙනා වහන්සේ ලෙස වස් වැසූහ. එම කාලයේදී උන්වහන්සේලා සිදුකළේ කෙසේ හෝ එක්‌තැන්ව සිට බවුන් වඩා යම් මාර්ග ඵලයකට පත්ව තමන් වහන්සේලාට සිව් පසයෙන් අප උපස්‌ථාන කරන දායකයන්ගේ වෙහෙස මහන්සිය අපතේ නොයවා අර්ථවත් කිරීමයට. දායක පිරිසද බොහෝ විට අටසිල් රකිමින් ද එසේ කිරීමට හැකියාව නොමැති අය අනිවාර්යයෙන්ම පංචසීලය සුරකිමින් වස්‌සාන කාලයේ සිය දායකත්වය සිදුකළහ. ඇතැම් ගිහි පිරිස දස සිල් සමාදන්ව වස්‌සාන කාලය අර්ථවත්ව ගෙවා දැමූහ. ඔවුන් අතර සමහරු සිය බව ගමනේ එක නැවතුම් පළක ජීවිතයෙන් මේ අනුව සදහටම අවසන් කර නිවන් දුටුහ. බොහෝ අය අපාගත නොවී මරණින් පසු දෙව් ලොව උපන්හ. සමහරු යළිත් මිනිස් අත්බැව් ලබා මහා ධන සම්පත් හිමිකරගෙන වඩ වඩාත් පින් කුසල් සිදුකරගෙන නිවන් මඟට පිළිපන්හ.
නමුත් වර්තමානයේ ඇතැම් ගිහිපැවිදි පිරිස් වස්‌සානය සංදර්ශන කාලයක් ලෙස භාවිත කරයි. සමහර ගිහියන්ට හා පැවිද්දන්ට මෙය ජාවාරම් කාලයකි. ඒ අනුව වස්‌සානයේ පින්කෙත අස්‌වද්දනවා වෙනුවට පුරන් කුඹුරක් කර ගනී. සමහරු කුඹුර මඩවළක් කරගෙන නිරයට ඇතුළත් වෙයි.
මේ තත්ත්වය ඉතා භයානකය. දුක්‌මුසුය. වැපිරූ ප්‍රතිඵල සසර පුරා ලබාගන්නට සිදුවේ. වස්‌සාන සමය පුරා අද වෙහෙර විහාරවල සිදුකරනුයේ සැඳෑ සමයේ ශබ්දවාහිනී යන්ත්‍ර බැඳගෙන, ඝණ්‌ඨාර සොලවමින්, පන්සල දෙවනත් කර ඝෝෂා කරමින් බෝධිපූජා පැවැත්වීමය. මෙම බෝධි පූජා පින්කම්වල අරමුණුද ඉතා පටුය. බෝධිපූජා ක්‍රමයද ඉතා විහිළු සහගතය. රැවටීම් බහුලය. සිදුකරගන්නා පිනක් නතැ. සිදුවන්නේ පරිසරය අපවිත්‍ර වීම පමණි. කන්දක් විළිලා වදනුයේ මී පැටියෙක් තරම් පුංචි පිනකි. එබැවින් වස්‌සානයේ ආරාමගතව සිදුකරන දිනපතා පින්කම් මාලාව අර්ථවත් කරගත යුතුය. බෝධීන් වහන්සේ ළඟ යෝගට් කප්, මාමයිට් බෝතලවලට විවිධ බීම වර්ග, තැම්බූ වතුර රැගෙන එන සමහර බෞද්ධයෝ පීරිසියකට කොහොඹ කොළ, පොල්පලා, හාතවාරියාකොළ ආදිය තබා බෝධියට පූජාකරන්නේ ඔසු පූජාවක් ලෙසය. සමහරු පස්‌පංගු පැකට් ද තබා යති. ඊටඅමතරව ගෙදර සිටින අයට තිබෙන දහසක් අපල දුරලන ලෙස ද ඉල්ලා රෙදිකඩවල ලියූ කොඩි ලෙස හඳුන්වන බැනර් බෝධියේ අතු පතර එල්ලා එම බෝ අතු ශාඛා සිත්පිත් නැතිව මරා දමන්නට පෙළඹේ. පසුව බෝධි පූජාවේදී කියන කවි අතර ග්‍රහ ශාන්තිය ආදී කවි, බුදුරජාණන් වහන්සේ ප්‍රතික්‌ෂේප කළ විද්‍යාවක් මුල්කරගෙන සිදුකරන යාදින්නකි. වර්තමානයෙදී සිදුකරන බෝධි පූජා සියල්ලම පාහේ සිදුවනුයේ බෝධියේ අර්ථයට පටහැනි බුදුදහමට එකඟ නැති අතීතයේ ගස් ගල් ඇදහූ අබෞද්ධයන් සිදුකළ ක්‍රමයට සිදුවන වල් වැදුන පූජාවන් ලෙස කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. පන්සලේ පයිප්පවලින් ගලා එන ක්‌ලෝරීන් මුසු ජලය කළගෙඩි ගණන් දිනපතා වස් තුන් මාසය තුළ බෝධියේ මූලයට වත්කළ විට බෝධියට සිදුවන හානිය කොපමණ දැයි නිකමට සිතා බලන්න.
වස්‌සානයේ රාත්‍රියට පවත්වන බෝධි පූජාව වෙනුවට ඔබට එය අර්ථවත්ව සිදුකළ හැකි පුණ්‍ය ක්‍රියාවක් සංවිධානය කළ හැක. සවසට ත්‍රිවිධ චෛත්‍යයට හොඳ ප්‍රනීතව සකස් කළ ගිලන්පස පූජාවක් තබන්න. ඊට පෙර බෝධිය සහ ත්‍රිවිධ චෛත්‍යය පිහිටි පරිසරය ඉතා ක්‍රමවත්ව පිරිසිදු කරන්න. පිරිසිදු කිරීමේදී ඩෙංගු ආදී වසංගත මදුරුවන්ට බෝවීමට නොහැකි වන ලෙස කල්පනාකාරීව කටයුතුවල යෙදීම වටී. දැනට බෝධියේ අතු, ඉති වල එල්ලා තිබෙන කොඩි බැනර් කපා ඉවත් කරන්න. අතු ඉතිවල බැඳ ඇති ඒවායේ නූල් ලිහා ඉවත් කරන්න. එමෙන්ම පඬුරු ආදිය බැඳ ඇත්නම් ඒවා ලිහා මුදල් පඬුරු පෙට්‌ටිවලට දමන්න. බෝධියට මුදල් බැඳීමෙන් ප්‍රයෝජනයක් නොමැතිss කියාදෙන්න.
ගිලන්පස, පහන්, මල්, සුවඳ දුම් ත්‍රිවිධ චෛත්‍යයට වෙන වෙනම ගෞරවයෙන් පුදන්න. ගිලන්පස පූජා කිරීමේදී ඒ සඳහා සකස් කර ඇති පුංචි කෝප්ප ආදිය භාවිත නොකරන්න. ඒ සඳහා පාත්තර හෝ ලොකු කෝප්ප භාවිත කරන්න. සමහර පුංචි 'කප්' ආදිය මල් ආසන මත තැබූ විට පෙරළේ. ඒවායේ සීනි, පැණි රසයට කුහුඹුවන් පැමිණේ. එයින් මල් ආසනය අපවිත්‍ර වී ඒවායේ කල්පැවැත්ම නවතින බව සිතන්න. එක් එක් අය ගෙන එන එක සමාන ගිලන්පස වර්ග එක බඳුනකට රැස් කරන්න. ඒවා වෙන වෙනම ගෙන තරමක ලොකු බඳුන්වල දමා ත්‍රිවිධ චෛත්‍යයට පූජා කිරීම වැදගත්. එයින් පසු ගරුතර ස්‌වාමීන් වහන්සේ ලවා ගිලන්පස බුද්ධ පූජාව ගාථා සඡ්Cධායනා කර පුදන්න. සැප භාගයක්‌වත් සුදුසු භාවනාවක පිරිස යොමුවීම වැදගත්ය.
එයින් පසු ධර්ම ශාලාවට සියලු දෙනා රැස්‌ව එදින වස් දානය පිරිනැමූ අයගේ හිස මත තබා ජාතක පොත් වහන්සේ ධර්ම ශාලාවට වැඩමවා දිනෙන් දින එක එක ජාතක කථාව බැගින් දේශනා කරවා ගන්න. ඒ සඳහා ගරුතර ස්‌වාමීන් වහන්සේ අකමැති නොවනුඇත. වස්‌සාන කාලය අවසන් වනවිට ඔබට ජාතක කතා කීපයක් දැනගෙන ධර්ම ඡඥනය වඩමා ගන්න පුළුවන්ද සිතා බලන්න. අපේ සිංහල ජාතිය වසර දෙදහස් ගණනක් හික්‌මුණේ, ගොඩනැගුණේ බෝධි පූජාවෙන් නොවෙයි. ජාතක පොත් වහන්සේ තුළින් බව සිතට ගන්න. ලංකාවට පැමිණි ඇතැම් ඉංග්‍රීසි ජාතික පරිපාලන නිලධාරීන් එදා රටේ හිටපු මිනිස්‌සු බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පෙරළගෙන කියවන මෙම පොත කුමක්‌ද කියල දැනගන්න ඔවුන් සිංහල, පාලි භාෂාවෙන් උගෙන ගත්තා. ඊට පස්‌සෙ ඔවුන් ජාතක පොත් වහන්සේ තමා විසින්ම කියවා ගත්තා. අවසානයේ ඔවුන් බුදුදහම වැළඳගත්තා. සිංහල ජාතියට ගරු කළා. ඔවුන් තමනගේ රටවලට ගියාට පස්‌සේ බෞද්ධයෝ විදිහට ඉංග්‍රීසි බසින් බෞද්ධ පොත්පත ලියා බටහිර රටවල බුදුදහම කියා දුන්නා. අපි අදත් කළ යුත්තේ මේ ටිකමයි.බෞද්ධයෝ අඬ අඬා පැන් කළගෙඩි අරගෙන බෝධිය වටා යමින් යාතිකා කරකර ග්‍රහයෝ ගැන අපල ගැන කියවන මේ කන්දොස් කිss්‍රයාවෙන් බෝධිපූජාව නමැති වර්ණවත්, තේජවත්, අර්ථවත් පූජාව වෙන්කරගන්න මේ වස් කාලයේවත් සිතට ගන්න. බෝධිය වටා හාතවාරිය කොළ, පොල්පලා කොළ, කොහොඹ කොළ, පස් වගේ පැකට් තියෙන ක්‍රමය වෙනුවට පන්සලේ හොඳ ප්‍රථමාධාර පෙටිට්‌යක් හදලා බෝධිය සමීපයේ නොතෙමෙන විදිහට තබන්න. ඒ පෙට්‌ටිය බෙහෙත් ඔසුවලින් පුරවන්න. දහම් පාසලේ ඉහළ පන්තිවල ඉන්න දරුවො තුන් හතර දෙනකුට ප්‍රථමාධාර පුහුණුව ලබා දී මෙම ප්‍රථමාධාර පෙට්‌ටියේ වගකීම ඔවුනට පවරන්න. ඒ ඔසු පූජාවේ පින් දෙවියන්ට අනුමෝදන් කරන්න. බෝධිය දොaවනය කිරීමේදී ළිඳේ පැන් ප්‍රයෝජනයට ගන්න. පන්සලේ ළිඳේ පැන් සංඝිකව පූජාව අවසානය ඔබ බෝධිය නාවන්නට නම් ළිඳකින් පැන් රැගෙන ගෙදර සිට පන්සලට එන්න.
වස්‌සාන කාලයේ පන්සලේ පූජාව තබන්නට පුංචි පාත්තරයක් නොවෙයි, අපේ ස්‌වාමීන් වහන්සේ නමක් දානය වළඳන ප්‍රමාණයේ පාත්තරයකට දානය බෙදා බුද්ධ පූජාව තබන්න. වෑංජන සාමාන්‍ය හිමි නමකට බෙදන ප්‍රමාණයට බඳුන්වල තැන්පත් කරන්න. ඒ සමග බුද්ධ පූජාවට ව්‍යංජන බෙදන හැඳිත් තබන්න. සිසිල් පැන් මෙන්ම උණු පැන් ආදියත් තැබීම වැදගත්. පුංචි බඳුනකට බත් කටක් බුදුහාමුදුරුවො වෙනුවෙන් පන්සලේදී පූජා කරන්න එපා.
මෙම වස්‌සාන සමයේ තමාගේ පින්තෙක ගෙදර සිටම අස්‌වද්දා ගන්න අයුරුත් ලියන්න මම අදහස් කළා. මේ අනුව ඔබ තම නිවසේ බුදුරජාණන් වහන්සේට උදේ හවා මල් පහන් පුදන තැන ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ වස්‌සාන කාලයේ ඔබ සිතින් සිතා ගන්න ඔබේ බුදු කුටියේ බුදුපියාණන් වස්‌වසා විරාජමානව වැඩ ඉන්නවා කියල. ඒ අනුව සිතට ගන්න වස් වසා සිටින බුදුපියාණන්ට සිව් පසයෙන් පූජාවන් පවත්වන දායකයා, දායිකාව ඔබය කියල. එහෙම සිතා මේ වස්‌සාන මාසයේ බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව පවත්වන්න. උදේ ගිලන්පස සහිත බුද්ධ පූජාව උදේ 10.00 ට යළිත් ගිලන්පස පූජාවක් දවල් 11.30 ට දහවල් බුද්ධ පූජාව, සවස 3.00ට ගිලන්පස බුද්ධ පූජාව, යළිත් සවස 6.30 ට ගිලන්පස, මල් පහන් ආදිය තබන්න. මේ කාලය තුළ හොඳින් පන්සිල් රකින්න. ගුවන්විදුලි, රූපවාහිනි ධර්ම දේශනාවට හොඳින් ඇහුම්කන් දෙන්න. දිනකට 108 වර බැගින් නමස්‌කාර පාඨයන්, බුද්ධ වන්දනා ගාථාවන් සජCධායනා කරන්න. දිනකට කැටයකට රුපියල් දෙකක් වගේ සුළු මුදලක් වෙන් කර වස්‌සානය අවසාන වනවිට ඒ මුදල්වලින් පන්සලේ කඨින පින්කමට දායක වෙන්න. ගෙදර සිටින වැඩිහිටි අය හෝ ගිලන්ව සිටින අය ඇත්නම් මේ පුදන පූජාවලට දිනපතා ඔවුන්ට කියා අත ගස්‌වා පූජාකර ඒ අයටද සෙත් පතන්න. දෙවියන්ට, මළගිය අයට වස්‌සානය අවසානයේ සියලුම පින් එකවර අනුමෝදන් කරන්න හිතාගන්න. මේ වස් කාලයම ඔබ මේ විදිහට අර්ථවත්ව කටයුතු කළොත් ඔබට ලැබෙන ආනිශංස කොපමණ කියල. ගෙවී යන වසරේ හොඳම කාලය තමයි අර්ථවත්ව ගත කළ කාලය මේ වස්‌සානය කියල ඔබට අවසානයේ දී සිතට දැනේවි. එයයි පින.
බෞද්ධයෝ බුද්ධිමත් විය යුතුය. නිවන කරා පැමිණීමට හැම තත්ත්පරයකටම පියවර එසවිය යුතුය. දුකෙන් මිදිය යුතුය. දුකේම ගැලී නොසිටිය යුතුයි. දැන හඳුනා අර්ථවත්ව පින් කුසල් කිරීම එයට යන මඟයි. එයයි නිවනට යන හරි පාර.
අහුන්ගල්ලේ දේ. සු. ද. සොයිසා
2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment