Labels

Monday, August 31, 2015

අසත්පුරුෂ කරුණු බැහැර කරමු


පාපී ආශාවන්ට ගොදුරු වෙනවා කිව්වම ඒවායේ ලාමක ආස්වාදයක් තියෙනවා. පාප මිත්‍ර ඇසුරේ ලාමක ආස්වාදයක් තියෙනවා. අවබෝධ වුණා කියලා එන මුළාවේ ලාමක ආස්වාදයත් තියෙනවා. ඒකයි ඒවට
යට වෙන්නේ. නමුත් අප තේරුම් ගත්තොත් මේවා අසත්පුරුෂ ධර්මයන් කියලා අපට ඒවයින් ගැලවෙන්ට පුළුවන්කම තියෙනවා. අසුනොවී ඉන්ට පුළුවන්කම තියෙනවා. අසු වුණොත් ගැලවෙනවා කියන කාරණාව නෙවේ අප තේරුම් ගන්ට ඕනෑ. ඒවාට අහු වුණොත් ගැලවෙන්න බැරි වෙන්න පුළුවන්

දරුවන් අතර මුදල් ගැවසෙනවා යැයි කියන්නේ ඔවුන්ට සර්පයෙක් ලබාදීමයි


දරුවන්ට ආහාර ලබා නොදී මුදල් අතට දුන් විට බොහෝ දරුවන් මව්පියනට ඉතිරි මුදල් ලබා දෙන්නේ නැහැ. ඔවුන් තමන්ට ලබා දුන් මුදල් වියදම් වීම සඳහා හේතු සාධක නිර්මාණය කරනවා. එයත් ඔවුන් මුසාවාදයට පෙළඹෙනවා. රැවටීමට යොමුවනවා. මේ නිසා පාසල් දූදරුවන් මුදල් පරිහරණයට යොමු කිරීම සමාජ ව්‍යසනයට හේතු සාධක වනවා. මුදල් ලබා ගැනීමට නොහැකිවූවිට සොරා ගැනීමට පවා පෙළඹෙන්නට පුළුවන්. එවිට අප දු දරුවන් සමාජයේ ඉදිරි මඟකට ගෙනයාමට හැකියාව ලැබේවිද ?

සද්ධර්ම ශ්‍රවණයට මූලික වන්නේ ශ්‍රද්ධාවයි


තථාගතයන් වහන්සේ ලොව පහළ නො වන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට හමුවවන්නේ නැත. සද්ධර්මය ලොව පහළ වන්නේත්, පවතින්නේත් කල්‍යාණ මිත්‍රයා නිසායි. සෝතාපත්ති අංගයන්හි දෙවැනි අංගය සද්ධර්ම ශ්‍රවණයයි. බණ ඇසීමෙන් සිදු වන්නේ දහම් දැනුම දියුණුවීම. අද අප සාකච්ඡා කරන්නේ සද්ධර්මය ශ්‍රවණය පිළිබඳවයි.

මසුරු මල දුරු කිරීම දෙලොව යහපත ගෙන දේ


කල්ප ගණනකින් මෙලොවට පහළවන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද උදාරතම පුණ්‍ය කර්‍මයකි දානමය පුණ්‍ය කර්‍මය. ඒ සඳහා තමාගේ සිත තුළ තිබෙන ලෝභ, චේතනාව දුරු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව අප තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවකදී දේශනා කොට තිබේ. මසුරු බව දුරුකොට දිව්‍යමය තත්ත්වයේත් ඉහළම පදවිය වන ශක්‍ර පදවිය පවා ලබා ගන්නට දානය උපයෝගී කරගත් ආකාරය ‘දේවාසත්තවන පද’ සූත්‍රයේදී මැනවින් විස්තර වෙයි.

වරද නිවරද කර ගැනීමෙන් ජීවිතය බබළයි

  

යම් කෙනකු මුලදී වැරැදි අඩුපාඩු සහිතව ජීවත් වී පසුව එම වැරැදි අඩුපාඩු සකස් කරගෙන නිවැරැදි ජීවිතයක් ගත කිරීමට යොමු වන්නේ නම් ඔහුට තම ජීවිතය වැඩදායක බවට පත් කරගත හැකිය. සමස්ත සමාජයම ආලෝකමත් කළ හැකිය. අංගුලිමාල හිමි සහ ධර්මාශෝක මහරජතුමා වැනි චරිතවලින් ද එය සනාථ වෙයි

සොබාදහමේ මිහිරියාවෙන් මතුවන අවබෝධය


බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ. සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ සියලු දෙයෙහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්. පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව තේරුම් ගත යුතු වනවා.


බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර වදාළ ධර්මය සසරින් මිදීමට පෙන්වන ලද ගමන් මාර්ගයක්. බුදුදහම විරාගී දර්ශනයක්. සසරින් ගැලවීමට මිස සසරෙහි ඇලීමට එහි උගන්වා නැහැ.
එවන් දහමක් දර්ශනයක් තුළ සාහිත්‍ය කලාවකට ඉඩක් තිබේද යන ප්‍රශ්නය යම් අයකුට ඇතිවිය හැකියි. රසාස්වාදය, රසවින්දනය හා සෞන්දර්යය වැනි සංකල්ප කරා විරාගී දර්ශනයක් ඇති අයකුට යෑමට පුළුවන් ද?

උත්තරමාතු පේ‍්‍රත වස්තුව


පේ‍්‍රත ලෝකයේ තොරතුරු අපට කියා දෙන්නේ පේ‍්‍රත වස්තුවෙන්. මනුස්සයා විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී සාපයන්ගෙන් නිර්ධිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙනගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු, ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිසාව නිවා ගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුලුය. එමෙන්ම අකුසල කර්මයක් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ

Sunday, August 30, 2015

විශ්වයේ සම්භවය හා පරිණාමය විස්තාරිත අග්ගඤ්ඤ සූත්‍රය


බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරන්නේ මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වෙසෙන සමයෙකය. (දීඝ නිකායේ පාථික වග්ගයේ සිව්වැනි සූත්‍ර දේශනාවයි.) වාසෙට්ඨ භාරද්වාජ යන බමුණු කුලයෙහි පැවිදි පඬිවරුන් දෙදෙනා නිමිති කරගෙන මෙම සූත්‍රය දේශනාකොට ඇත. බුදුරජාණන් වහන්සේ සවස් යාමයෙහි ඵල සමවතින් නැඟී සිටියේ, එළිමහනෙහි සක්මන් කරමින් වැඩ සිටි සේක. උන්වහන්සේ අනුව වාසෙට්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ද සක්මන් කළහ.

එකල්හි බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනමගෙන් මෙසේ ප්‍රශ්න කරති

“තෙපි වූ කලි බ්‍රාහ්මණ ජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණයන් හැර ගිහිගෙයින් නික්ම සසුන් වන්නෝ වෙහු. තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රොශ නො කරත් ද? පරිභව නො කරත් ද? “

විවේකි සිතක් සකස් කර ගැනීම

 

තම සිතට යම් වූ ගැටලුවක් පැන නැඟි විට ඒ හැම දෙයක්ම බුදුන් වහන්සේ වෙත පැමිණ විසඳා ගැනීමට කොසොල් රජතුමා ක්‍රියා කළේය. එයින් එතුමා මානසික පීඩාවන් දුරුකර ගත්තේය. ලිහිල්භාවයට පත් විය. ශාසනික දායාදය මැනැවින් ඇතිකර ගත්තේය.

සදහම් දැනුම



 ප්‍රශ්නය :- මේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාද වලින් උපුටාගත් කොටසකි. මෙහි අදහස ඔබේ වචනවලින් සිංහලයට නගන්න. පරිපක්කො වයොමයිහං පරිත්තං මම ජීවිතං පහාය , වො ගමිස්සාමි කතං මෙ සරණ මත්තණො අප්පමත්තා සති මන්තො සුසිලා හොථ භික්ඛවො සුස මාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛථ යො ඉමස්මිං ධම්ම විනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති.

පිළිතුර :- මගේ වයස මෝරා ගියේය.මගේ ජීවිතයෙ ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. ඔබ හැම අතැහර මම යන්නෙමි. මගේ කටයුතු සියල්ල මම කරගෙන ඇත්තෙමි. මහණෙනි! අප්‍රමාදීව සිහි ඇතිව සිල්වත්ව වාසය කරන්න. මනාව සමාධි ගත කළ සිතිවිලිවලින් සිය සිත රැකගන්න. යමෙක් මෙම ධර්ම විනයෙහි නොපමාව යෙදෙන්නේ නම් හෙතෙම සසර හැර දුක් කෙළවර කරයි.



මුළාවට පත් නොවී නිවන් මගට පිවිසෙමු

 
මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ.ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ.

දුගතියට යාමෙන් වළකිමු


 
සුන්දරී පරිබ්‍රාජිකාව බුද්ධ කාලයේ විසූ රූමත් තරුණියකි. ලාභ සත්කාරවලින් පිරිහුණු නිගණ්ඨයෝ බුදුරදුන් හා වෛර බැඳ බුදුරදුන්ට අභූත චෝදනාවක් කිරීමට ඇය උපයෝගී කර ගත්හ. ජේතවනාරාමයේ සිට හවස බණ අසා එන පිරිසට පෙනෙන සේ ආරාමය දෙසට යන ලෙසත් උදෑසන පිරිස ආරාමයට යන විට ඇය ජේතවනාරාමය දෙස සිට ආපසු එන ලෙසටත් නියම කළහ.

ගයන ගැයුම් නටන නැටුම් ගෙන දේවි ද ශෝක සුසුම් !

 
නළුතෙම රඟමැද නැටුම් මැද ද්වේශය වැඩිවීම පිණිස කරුණු කාරණා දක්වයිද, ඔවුන්ට ද්වේශ ගින්නම වැඩිවීම පිණිස හේතුවිය. පෙර සත්ත්වයෝ පහනොවූ මෝහ ඇතියහ. මෝහන්ධාකාරයෙන් ම බැඳුණාහ. ඔවුන්ට නළුකම රඟමැද නැටුම් මැද මෝහයට කරුණු කාරණා දන්වැයි ඔවුන්ගෙ මෝහය බෙහෙවින්ම වර්ධනය විය. මෝහ සහිත විය. මෙසේ නළුකමද මත්වී ප්‍රමාදයෙහි යෙදී අන්අයද මත් කරවා, ප්‍රමාද කොට මරණින් මතු පහාස නම් නිරයක් ඇත. එහි උපදිනු ලැබේ

ලොව උපන් සත්වයාට ජීවත්වීමේ ජීවනෝ

රාජදත්ත මහරහතන් වහන්සේ

 
අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ රාගය යනු සිත කෙළෙසන අකුසලයක් බවයි. රාගය විසින් සත්වයාගේ නුවණැස අන්ධ කරවයි (අන්ධකරණෝ) නුවණැස විනාශ කර දමයි (අචක්ඛුකරණෝ) සත්වයාව අඥානයෙක් බවට පත්කරවයි (අඥානකරණෝ) දුකට ඇද දමයි (විඝාතපක්ඛිකෝ) නිවන අහිමි කර දමයි (අනිබ්බාන සංවත්තනිකෝ)

ත්‍යාගය භාවනාවකි



පරිත්‍යාගය හෙවත් ත්‍යාගය භාවනාවක් වශයෙන් මෙනෙහි කිරීමට පිළිවන, එසේ තමන් සිදු කළ ත්‍යාගය පිළිබඳ මෙනෙහි කිරීම මඟින්, දන් දීමෙන් ලබන කුසල ඵල වලට අමතරව, චිත්ත සමාධිය උපදවා ගැනීමට ද හැකි වෙයි. ඔබ ‘ත්‍යාගානුස්සති’ භාවනාව වැඩීමට අදහස් කරන්නේ නම්, ආහාරයට ගන්නා දෙයින් ස්වල්පයක් හෝ සුදුසු ප්‍රතිග්‍රාහකයෙකුට පිළිගන්වමියි කියන අදිටන ඇති කරගත යුතු ය.

ඉඳුරන්හි අනියත බව



ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව 

තුන්ලොවට තිලක වූ ශාන්තිනායක අමා මෑණි බුදුපියාණන් වහන්සේ උතුම් අභිසම්බෝධිය ලබා තදනන්තරව ලෝක සත්ත්වයා භයානක ඝෝර සසර කතරින් එතෙර කරවීම උදෙසා උත්තරීතර වූ සදහම් දේශනා කොට වදාළ සේක. අවිද්‍යාන්ධකාරයෙහි ගැලී වාසය කරන පෘථග්ජන සත්ත්වයාට සසර කතරින් එතෙරවීම උදෙසා ඒ ශ්‍රී සද්ධර්මය අමෘතයක් බඳු විය. උරුවේල කාශ්‍යප ඇතුළු දහසක් ජටිලයන් දමනය කොට උතුම් රහත්ඵලයෙහි පිහිටුවීම උදෙසා දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව වූයේ ආදිත්ත පරියාය සූත්‍රයයි.

අකුසලෙන් මිදී කුසල්හි යෙදීම




නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ආයු ආරෝගියං වණ්ණං
සග්ගං උච්චා කුලීන තං රතියෝ පන්ථයන්තේන
උධාරේ අපරාපරේ
අප්පමාදං පසංසන්ති - පුඤ්ඤකිරියාසු පණ්ඩිතා
අප්පමත්තෝ උහෝ අන්ථෙ - අධි ගණ්හාති පණ්ඩිතො
දිට්ෙඨිව ධම්මේ යෝඅත්ථෝ - යො වත්ථෝ සම්පරායිකෝ
අත්ථාභිසමයා ධීරො - පණ්ඩිතෝති පවුච්චතිති

පිරිතේ බලයෙන් සුවය

 

 මහාචුන්ද ථේර බොජ්ඣඞ්ග සූත්‍රය

ආශිර්වාදාත්මක දේශනාව ලෙස බෞද්ධයෝ සලකනු ලබන පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර අතර බොජ්ඣංග තුනකි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයත් මෙය බුදුරදුන් රෝගී වූ අවස්ථාවේ ඉන් සුවය ලැබීම විෂයෙහි චුන්ද හිමියන් විසින් දේශනා කළහ.

බුදු දහමේ චිරස්තිථියට තාරුණ්‍යයේ දායකත්වය


බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහලුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය, අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

යොබ්බන මදය


අද අපට දක්නට ලැබෙන සමාජයේ තරුණයන් අතර බොහෝ දෙනෙකුගේ කායික විපර්යාසයන් දැකිය හැකිය. විවිධ කොණ්ඩා මෝස්තර වලින් හිස සැරසීම පච්ච කෙටීම, පා ඇඟිලිවලට මුදු දැමීම, බෙල්ලට විවිධ වර්ගයේ දන්වැල් දැමීම (පිරිමි අය) කරාඹු දැමීම ආදිය පමණක් නොව අඳින ඇඳුම් පවා විවිධ මෝස්තර වලින් සැකසුණු ඒවාය. පිරිමි පක්ෂය පමණක් නොව විශේෂයෙන්ම කාන්තා පක්ෂය ද තරුණවියට එළඹීමත් සමඟ විවිධාකාරයේ මෝස්තරයන්ට , විලාසිතාවන්ට යොමු වේ. මේ වෙන කිසිවක් නිසා නොව තරුණවියේ ඇතිවන මදය නිසාය.තරුණ සිතට මේවා ගැලපේ යැයි හැඟුණද බුද්ධිමත්ව සමාජය දෙස බලන අයට මේවා පෙනෙන්නේ විපර්යාසයන් ලෙසය.

යහපත් විවාහ දිවියකට මෙත්ත සූත්‍රයෙන් උපදෙස්

 
මෙවර අපගේ අවධානය යොමුවන්නේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ ඇතුළත් මෙත්ත සූත්‍රයේ සඳහන් උපදේශයන් සාර්ථක දිවියකට උපකාරි වන අයුරු විමසා බැලීමයි.
මෙම මෙත්ත සූත්‍රය බොහෝ දෙනෙක් දන්නා එමෙන්ම නිතර භාවිතවන ලොකු කුඩා බොහෝ පිරිසකට කට පාඩම් ඇති සූත්‍ර ධර්මයකි. මෙය අප අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ‘කරණීය මෙත්ත සූත්‍රය ‘ යන නමිනි. මෙහි නම මෙත්ත යන්නයි.මෙත්ත යන්නෙන් අදහස් කරන්නේ මෛත්‍රියයි. කරණීය යන්නෙන් කළ යුතුය යන්න අදහස් කර ඇත. මෙම පද දෙක එකට ගත් කළ මෛත්‍රිය කළ යුතු අයුරු යනුවෙන් අදහස ගත හැකිය. මෙයින් ඉදිරිපත් කරන්නේ ගිහි පැවිදි සියලු ජීවිතයන්ට වටිනාම දර්ශනයකි. විශේෂයෙන් අභ්‍යන්තර බාහිර යන දෙඅංශයෙන්ම දියුණුව ඇති කරගැනීමට අවැසි උපදෙස් මාලාවක් මෙහි ඇතුළත්ය.

යොවුන්විය සහ විවාහය


 කායික වාචසික මෙන්ම මානසික විපර්යාසයක් වන ‘යොබ්බන මදය’ පිළිබඳ විමසා බැලීමට යි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ යොවුන්විය හා විවාහය පිළිබඳ බුදුදහම ඇසුරින් විමසා බැලීමටයි. සෑම සමාජයකම මානව සබඳතාවන්ගේ ප්‍රාථමික ලක්‍ෂණ අඩංගු වන්නේ පවුල වශයෙන් ව්‍යවහාර කරන සමාජ සංස්ථාවේය. ඒ අතර විවාහයට හිමිවන්නේ තිරසාර වටිනාකමකි. පෙරදිග රටවල විවාහයට විශේෂ තැනක් හිමිවන අතර අවිවාහක ජීවිතය පිළිකුලට ලක්කරයි. ගිහිව සිටින්නේ නම් අනිවාර්යයෙන් විවාහ විය යුතුය යන්න ඒ සංස්කෘතීන්ගේ පිළිගත් මතයකි. විවාහ නොවී සිටින්නේ නම් තපස් දිවියක් ගත කළ යුතුය. නො එසේ නම් පැවිදි විය යුතුය යන්න පිළිගෙන ඇත. විවාහය කාල, දීප, දේශ, සංස්කෘති හා ආගම් අනුව විවිධාකාර වෙනස්කම්වලට භාජනය වුවද සමස්ත සමාජය තුළම දක්නට ලැබෙන විශේෂ බැඳීමකි.

නිතර භාවිතා කරන සම්බුද්ධ දේශනාව



තම භාර්යාවට මෙන්ම දූ දරුවන්ටද සැලකීම විශේෂයෙන්ම ස්වාමියාගේ යුතුකමකි. බොහෝ විට නිවසෙහි ආර්ථිකය ශක්තිමත් කරන්නේ ස්වාමියාය. බිරිඳ එය කළමනාකරණය කරමින් විය පැහැදම් කළ යුතුය.තම ස්වාමියා මහන්සියෙන් උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතුය. එය බිරිඳ සිය ස්වාමියාට කරන සංග්‍රහයකි. ස්වාමියා ද මිළ මුදල් උපයා දීමෙන් පමණක් නොව ආදරයෙන්, සෙනෙහසින් තම බිරිඳ රැකබලා ගත යුතුය. විශේෂයෙන් දූ දරුවන්ගේ අධ්‍යාපනාදී අවශ්‍යතාවයන් සපුරා දෙමින් නිසි මග පෙන්වමින් පෝෂණය කළ යුතුය

Saturday, August 29, 2015

සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් උපදෙස්


 මෙවර අපගේ අවධානය යොමුවන්නේ මහා මංගල සූත්‍රයේ සඳහන් ඉතිරි කරුණු සාර්ථක විවාහ දිවියකට කෙසේ අදාළ කරගන්නේ දැයි විමසා බැලීමටයි.

දෙවි විමනක් බඳු විවාහ දිවිය


 මෙවර අපගේ අවධානය යොමුවන්නේ අංගුත්තර නිකායේ ඇතුළත් පඨමසංවාස සූත්‍රයේ එන ධර්ම විග්‍රහය විවාහක ජීවිතයට කෙසේ අදාළ කරගන්නේ දැයි විමසා බැලීමටයි.
අංගුත්තර නිකායෙහි ඇතුළත් පඨමසංවාය සූත්‍රයෙන් ඉදිරිපත් කරන්නේ සමාජයේ ජීවත්වන විවාහයට පත් පවුල් සංස්ථාවන් හතරක් පිළිබඳවය. එම විවාහක පවුල් සංස්ථා හතර මෙසේ ය.

ස්වාමි – භාර්යා යුතුකම්



 අද අපගේ අවධානය යොමු වන්නේ කවුරුත් හොඳින් දන්නා සූත්‍ර ධර්මයක් වන දීඝනිකායේ ඇතුළත් සිඟාලෝවාද සූත්‍රයේ එන ස්වාමි – භාර්යා යුතුකම් විමසා බැලීමට යි.

බුදු පියාණන්වහන්සේගෙන් පැසසුම් ලද ආදර්ශවත් යුග දිවිය


නකුල පියාත්, නකුල මාතාවත් විවාහ දිවිය පිළිබඳ කර ඇති මෙම ශ්‍රේෂ්ඨ විග්‍රහය වර්තමානයේ විවාහ ජීවිතයන් සාර්ථක කරගැනීම සඳහා කෙතරම් ප්‍රයෝගික වන්නේ ද යන්න සිතා බැලිය යුතු ය. විවාහ ජීවිත සමඟ අඹු, සැමියන් අතර ඇතිවන නව බැඳීම සෙනහසින්, ආදරයෙන් මෙන්ම විශ්වාසයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ඇති කරගනු බැඳීමක් වන්නේ නම් විවාහ දිවියේ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ගොඩනැඟෙන්නක් බව මෙම කතා ප්‍රවෘත්තියෙන් කියා දෙයි

බුදුරජාණන් වහන්සේගේ පද්මාකාර ජීවිතය

 

බුදුන්වහන්සේගේ ජීවිතය පියුමක් හා උපමා කිරීමෙන් සමාජය හා නොබැඳී නොඇලි වැඩ සිටීම දැක්වේ. කෙලෙස් බරිත සමාජයේ විරාගය හා නොඇල්ම නිසා ලෝකයෙන් නිදහස්ව ලෝකය හා නොබැඳී ලෝකයෙන් ඉස්මතුව වැඩ සිටි සේක.

රටට වටිනා දරුවෙක් නිර්මාණය කිරීම මවුපිය වගකීමයි

 

දරුවා බුද්ධි සම්පන්න පුද්ගලයකු බවට පත්කිරීමයි වඩාත් වැදගත් වන්නේ. අනාගත ලෝකයට වැදගත්වන්නේ, රටේ තිබෙන සම්පත් ගිලගන්නා ශරීර වෙනුවට රටේ තිබෙන සම්පත් සංවේදීව පරිභෝගය කරන්නාවූ පිරිසක්. සංවේදී පාරිභෝගිකයෙක් අවශ්‍යයි. සංවේදී පාරිභෝගිකයා යනු සාමාන්‍ය පාරිභෝගිකයාට වඩා වෙනස් වූ පුද්ගලයෙක්. සාමාන්‍ය පාරිභෝගිකයා යනු අතෘප්තිකර ආශාවෙන් පාරිභෝජනයෙහි යෙදෙන්නා. සංවේදී පාරිභෝගිකයා යනු තමාද අනුන්ද දෙගොල්ලම පාරිභෝජනය කළ යුතු යැයි සිතන්නා

බුද්ධාන්තර හතක් දුක් විඳින සත්වයෝ



පෙරට යාමත්, වීර්ය වැඩීමත්, නිරෝගී වීමත්, යථාවබෝධයත් හා චිත්ත ඒකාග්‍රතාවයත් ‘සක්මනේ අනුසස්’ වේ. එහෙයින්, දිනෙන් දින රටින් රට සිට “සක්වළ සක්මන” ට එක්වන ප්‍රඥාවන්තයෝ බොහෝ වැඩි වෙති. එනම්, සසරක් තුළ දකින සක්වළ අසිරිය, වසරක් තුළ අප ඔබට සමීප කරන බැවිනි. අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල, මහ නා හිමියෝ සියවස් සපිරි ඤාණාවලෝකනයෙන් තරණය කෙරෙන සක්වළ සක්මනේ නමවැනි පියවරයි මේ.

විඳින විඳවන විවිධ ලෝක

 

දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය හා අපාය යන ලෝකවලට මැදිව තවත් ලෝකයක් තිබේ. ඒ ප්‍රේත ලෝකයයි. නිජ්ඣමතණ්හා, ඛුප්පිපාසා හා කාලකඤ්ජා නමින් එහිද විවිධ ප්‍රභේද පවතී. දරුණු දුක් ගැහැට විඳි ප්‍රේත තතු ගැන ‘සද්ධර්මරත්නාවලියෙහි’ දැක් වේ. “සට්ඨිකූට ප්‍රේතයා” එවැන්නෙකි. මහ නාහිමියන්ගේ ඤාණාවලෝකනයෙන් තරණය කෙරෙන “සක්වළ සක්මනේ “දහවන පියවරෙන් ප්‍රේත ලෝකය මෙසේ දැක ගනිමු.

පේ‍්‍රත වස්තුවෙන්...


කම්ම විපාකය යනු ලෝකයෙහි අචින්තනීය වූ දෙයක්. එය විෂය වන්නේ බුදුවරයන් වහන්සේලාට පමණයි. ඒ පිළිබඳව යාන්තමින් හෝ දැනගත හැකි වන්නේ ද බුද්ධ කාලයක දී පමණයි. කර්මයෙන් නිදහස් විය හැකි වන්නේ ද බුද්ධ කාලයක දී පමණක් ලැබෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු කිරීමෙන් පමණයි.

කණ්ණමුණ්ඩ පේ‍්‍රත වස්තුව

 

අපගේ තථාගතයන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයේ කණ්ණමුණ්ඩ (කණ් සිදුණු) එක් පේ‍්‍රතියක් සඳහා මෙම දේශනාව වදාළා.

උබ්බරී පේ‍්‍රත වස්තුව

 

තථාගතයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ එක්තරා උපාසිකාවක් වෙනුවෙන් මෙම උබ්බරී පේ‍්‍රත වස්තුව දේශනා කර වදාළා.


මේ තැනැත්තිය බඹදත් රජුගේ උබ්බරි නම් දේවියයි. මැයගේ ස්වාමියා වූයේ බ්‍රහ්මදත්ත නම් රජතුමා මියගියා. එදින සිට මළසිරුර භූමදානය කළ ස්ථානයට පැමිණ බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත යැයි කියමින් හඬා වැලපෙනවා. එවිට තථාගතයන් වහන්සේ අර කුමරියට වදාළා “බ්‍රහ්මදත්ත” යන නම ඇති බොහෝ දෙනා මේ සොහොන්වල දවල තිබෙනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගේ කවුරු වෙනුවෙන් ද?’’

අභිජ්ජමානෙ පේ‍්‍රත වස්තුව

  යම් යම් හීන දීන දිළිඳු පවුල් තියෙනවා.අන්න ඒ කුලවල තමයි උපදින්නේ. ඕක තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත.ඇතැම් පේ‍්‍රතයන් ඉන්නේ වැරහැලිවලින් විලි වසාගෙන. ඇතැම් අය තමන්ගේ් කෙස් රොදෙනුත් විලි වසා ගන්නවා. පෙරේතයන් කෑම හොයගෙන යනවා එක එක දිසාවලට . සමහර පේ‍්‍රතයන් බත් හොයාගෙන ඉතා දුර දුවනවා. නමුත් කිසි දෙයක්නො ලබා නවතිනවා. ඔවුන් හරි බඩගින්නේ ඉන්නේ. සිහියක් නැතුව ඉන්නේ. ඉතා බලවත්ව පීඩා විඳල වේලිලා බිම ඇදගෙන වැටෙනවා.

සානුවාසික පේ‍්‍රත වස්තුව

 

මේ ලෝකෙන් චුතවෙලා ඔවුන් පෙරේත ලෝකේ උපන්නේ පාපි දේවල් කරලයි. ඔවුන් දුගතියේ උපන්නේ. ඉදිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. නූල් පොටක්වත්  ඇඟේ නැහැ. කටු ටික විතරයි. නිතරම තැති  අරගෙන ඉන්නේ. මහා භයකින් ඉන්නේ.  කෲර දේවල් කරල ඔවුන්ගේ සිරුරු පිටට පේන්නේ නැහැ’

තිරිසන් ලෝකයේ ස්වභාවය


මහ නායක හාමුදුරුවනේ, මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය අතර ඇති වෙනස කුමක්ද ?

අපාය සහ මළ මුහුද



පොළව තලයෙහි, අවකාශයෙහි හා ඉහළ බඹතලවල මෙන්ම පොළව අභ්‍යන්තරයෙහි වෙසෙන ජීවී කොටස් සක්වළෙහි සක්මන් කරන අපට පෙනෙයි. පිනෙන් පිරි ජීවීන් ඉහළටත්, පවින් බර ජීවීන් පහළටත් සසරෙහි ගමන් ගනී.  එබැවින් මෙවර, අපායේ ස්වභාවය ද අපගේ විමසුම් ඇසට හසුවේ.

‘අපාය’ යථාර්ථයක් ද?



අපාය යන යථාර්ථයක්දැයි අද කෙනකුගෙන් ඇසුවහොත් දෙගිඩියාවට පත්වනු ඇත. බොහෝ දෙනකු පවසන්නේ මෙය කල්පිතයක් බව ය. මිනිසුන් බිය කිරීමට නිර්මාණය කළ අදහසක් බවය. බොහෝ සම්මත උගත්තු ද මේ පිළිබඳ විවිධ මත පළ කරති. ඔවුන් අපාය බොරුවක් බව කෙළින්ම නොකියා ව්‍යංගයෙන් කියති. සමහර දෙමවුපියෝ, පන්සල් වැනි පූජනීය ස්ථානවල ඇති අපාය පිළිබඳ චිත‍්‍ර දරුවන්ට පෙන්වා ඒවා කතන්දර බව කියා දෙති. වැඩිහිටියන් වේවා, ගුරුවරුන් වේවා, පැවිද්දන් වේවා, උගතුන් වේවා මේ සියලු දෙනාටම මඟ වැරැදී ඇත. කට වාචාලකමට දෙඩවීම නිසා ඔවුන් බොහෝ අකුසල් ද රැස් කරගන්නා බව පෙනී යයි.

පන්සිල් රැකීම අමාරුද ?


පන්සිල් රැකීම අපහසු බව කියමින් පන්සිල් සමාදන් කරන විට නිහඬව බලා සිටින අය ඔබට හමු වී ඇතුවාට සැක නැත. බොරු නොකියා ඉන්නේ කොහොමද? ඉඳහිට මදුරුවෙක් මරන්නේ නැතුව ඉන්නේ කොහොමද? වැනි ප්‍රශ්න නඟමින් ඒවා නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කිරීම අද සාමාන්‍ය දෙයක් වී තිබේ. එහෙත් පන්සිල් සමාදන් නොවූ පමණින් වැරැදි වැඩ නිවැරැදි වන්නේවත් අකුසල් සිදු නොවී සිටින්නේවත් නැති බව අප තේරුම් ගත යුතුය.

ආධ්‍යාත්මය සුරක්ෂිත කරන කලණ මිතුරා සොයමු

 

බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළ සාකච්ඡාවට භාජනය කරන මෙම කල්‍යාණ මිත්‍රත්වය අපට වැදගත් වන්නේ කුමන ආකාරයෙන්ද? භෞතික දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැප වී වැඩ කරන ඔබගේ මනස ඔබත් නොදැනීම ඒ දියුණුවට ආශක්ත වන්නට වසඟ වන්නට පටන් ගන්නවා. එවිට එම ඇලීමට එම වසඟභාවයම ඔබ විසින් දියුණුව උදෙසා කළ යුත්තේ මොනවාද? නොකළ යුත්තේ මොනවාද? කියන කාරණාව පිළිබඳව අවබෝධය ඔබට නැතිකිරීමට තරම් ප්‍රබල වන්නට හැකියාව තිබෙනවා.

අසංවර වූ සිතට නිසි ඖෂධය


භාවනාව තම ජීවිතයට සම්බන්ධ කළොත් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්. අසංවර වූ සිතට හොඳ බෙහෙතක් තමයි භාවනාව. සංවරවූ සිත දියුණු කර ගන්න හොඳ ප්‍රණීතම දේ භාවනාවයි. භාවනාව යනු හිතේ වැඩීමයි, හිත දියුණු කිරීමයි. එහෙමනම් හිත දියුණු කිරීමට බලාපොරොත්තු වන අය මේ භාවනාව ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්
ලිච්ඡවී රාජධානියේ වාසය කරන ලද රජවරු අමාත්‍යවරු, සෙන්පතිවරු, උසස් නිලධාරීන් නිතර නිතර රැස් වෙනවා. සාකච්ඡා කරනවා, සමඟිව වාසය කරනවා

අයාලයේ ගමන් කරන සිත


අප ලැබූ දුර්ලභ වූ මේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත්ව සකස් කර ගැනීමට, එනම් ලෞකික වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් මනා වූ දියුණුවක් ලැබිය යුතුයි. එසේ දියුණුවක් ලබන්නට නම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්‍යයයි. අප පසුගිය සතියේ කතා කළා සේ අදත් ‘සතිය’ ගැන තවදුරටත් විමසා බලමු.

මනසේ යහපත් හා අයහපත් ප්‍රතිඵල

 
සැවැත්නුවර “තිස්ස” නමින් තෙරුන් වහන්සේ නමක් වැඩ වාසය කළහ. වස් කාලය එළඹුනාට පසුව වස්කාලය ගතකිරීමට සුදුසු ස්ථානයක් සොයමින් සිටි තිස්ස හාමුදුරුවන් වහන්සේට එක්තරා ගමක පොඩි වෙහෙරක වස් සමාදන් වෙන්න අවස්ථාව ලැබුණා. උන්වහන්සේ වස්කාලය තුළ කිසියම් අධ්‍යාත්මික තත්වයකට පත්වෙනවාය කියන අධිෂ්ඨානය සිතේ තබාගෙන වස් සමාදන් වුණත්, උන්වහන්සේට ආධ්‍යාත්මික පක්ෂයේ දියුණුව නිවැරැදිව කරගන්න බැරි වුණා. වස් සමාදන් වීමේ කටයුතු කාරණා නිවැරැදිව සිදු කළා.

සප්ත බොජ්ඣංග ගුණාංග

 
අප තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් ලෝකයේ පහළ වූ මේ යුගයේ අපිට ඉගෙනගන්න ලැබෙන්නේ ඉතාමත් උත්තරීතර දේවල්. ඒවා ඉගෙනගෙන ප්‍රගුණ කර ගැනීම තුළින් අපට අපේ ආධ්‍යාත්මික සුවය සලසාගන්න පුළුවන්. බාහිර දියුණුව ඉතාමත් ප්‍රකට එකක් වුණත් කැපී පෙනෙන එකක් වුණත් අපේ ගුණ ධර්මවල දියුණුව තමයි අපට ඉතාමත්ම වටින්නෙ. ඉතිං මේ පිළිබඳව තව දුරටත් අපට දේශනා කළ උතුම් සූත්‍ර දේශනාවක් මුල්කරගෙන තමයි අද පින්වත් ඔබට කරුණු කියල දෙන්නෙ.

ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරදීම

 

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ අටලෝ දහම ඕනෑම සත්ත්වයකුට පොදු ධර්මතාවක් බවයි.

අටලෝ දහම අපට අවශ්‍ය විදිහට සකසාගත නොහැකිය. අප අටලෝ දහමට අනුගත විය යුතුය. මෙය බුද්ධ දේශනාව මෙන්ම ලෝකයේ පවත්නා අප වටහාගත යුතු සත්‍ය තත්ත්වයයි.

මඟහැර නොගත යුතු දුර්ලභ අවස්ථාව

  

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණේ දුක් විඳින සියලුම සත්ත්වයන් ඒ දුකෙන් මුදවා ගැනීමට යි. උන්වහන්සේ අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය තුළ යම් කෙනෙක් හික්මෙනවානම් ඔහු මේ මහ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙලා අමා මහා නිවන සාක්ෂාත් කරන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

ලජ්ජා බිය නැතිකම නිවන්මඟ වැසීමයි



අභිධර්මයෙහි දී අකුසල ගණයෙහි එන සිතිවිලි දා හතරක් ගැන සඳහන් වෙනවා. එයින් ප්‍රබල අකුසල සිතිවිලි දෙකක් ලෙස අහිරික හා අනොත්තප්ප යන සිතිවිලි දෙක පෙන්වා දෙන්නට පුළුවනි. ‘අහිරික’ කියලා කියන්නේ ලජ්ජාවක් නැහැ කියන අදහසයි. මොනවාට ද? ලජ්ජාවක් නැත්තේ පහත් ලාමක පවිටු වැඩවල යෙදීමට යි. මේ අහිරිතකය හෙවත් ලජ්ජා නැතිකම තිබේ නම් ඕනම අකුසලයක් කරන්නට සිතට බලපෑමක් ඇති වෙනවා. අනිත් සිතිවිල්ල වන ‘අනොත්තප්ප’ කියලා කියන්නේ ලාමක පහත් පවිටු වැඩ කරන්නට සිතේ කිසිදු බියක් නැති ස්වභාවය යි.

ලෞකික සිතිවිලි තුළ ලෝකෝත්තරය දැකීම


 බුදුපියාණන් වහන්සේ අපට වදාරනු ලබන්නේ, ලෞකික සිතිවිලි බැහැර කිරීමට නොවෙයි, ලෞකික සිතිවිල්ලේ ගමන් කරමින් එහි නො ඇලී, නොගැටී ඇතුළට කිඳා බැසීමටයි. එනිසා ලෞකික සිතිවිලි වැරැදි බව ප්‍රකාශ කරන්නේ නැත. එම ලෞකික සිතිවිලි විඳගත හැකි ඇත්ත වුවද

සැනසීම උදාකරන ඉවසීම


අප සමාජය දෙස මතුපිටින් බලනවිට එහි සන්සුන්බවක්, හෝ සාමකාමීබවක් දැකිය හැකිවුවත් කොයි මොහොතක කවරකෙනෙක් නොසන්සුන්ව ගැටුමක් ඇතිකර ගනීදැයි කිවනොහැක. මඟුල් තුලාවකදී හෝ අවමඟුල් නිවසකදී පුද්ගලයන් පුද්ගලයන් අතරත් සමූහයක් අතරත් හටගන්නා ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස් සිතෙහි සැඟවී සිටින ක්‍රෝධය නම් වූ ක්ලේෂ ධර්මයයි. ඒ ඒ පුද්ගලයන් අතර තිබෙන ක්‍රෝධයේ අඩුවැඩිකම් ද දැකිය හැක. ක්‍රෝධය බහුල තැනැත්තා ක්‍රෝධ රිතයා ලෙස හඳුන්වනු ලැබේ.

දෙලොව දියුණුව සලසා ගැනීම



අනුන් විසින් අඩුපාඩුකම් දක්වමින් සිදු කරනු ලබන ඇනුම් බැණුම් ආදියෙන් වැඩක් නැත. අනුන් විසින් කළනොකළ දෑ සෙවීම අනර්ථකරය. සෑම විටම තමාවිසින් කළයුතු නොකළ යුතු දෑ සෙවීම වැදගත්ය. ධම්ම පදයේ පුප්ඵවග්ගයේ දී සිව්වනක් පිරිසම අමතා බුදුරදුන් මෙසේ දේශනා කරනුයේ දෙලොව දියුණුව සලසා ගැනීමේ වුවමනාව පැහැදිලි කර දීම සඳහාය