මෙත් වැඩීමේ අනුසස් පවසන මෙත්තානිසංස සූත්‍රය
පින්වත් දුවේ පුතේ,
සමාජයේ ජීවත් වන කවර පුද්ගලයෙකු තුළ වුවද තිබිය යුතු උතුම් ගුණාංගයකි මෛත්‍රිය. සමාජය තුළ ඇති වන්නා වූ බොහෝ ප්‍රශ්නයන්ට හේතු සාධක කවරෙක් ද? යන්න විමසීමේදී ‘මෛත්‍රීය සිත් තුළින් ඈත්වීම් යන කරුණු පෙන්වා දිය හැකිය. මෙය බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චරිතය තුළින් විද්‍යාමන වන උදාර ගුණාංගයකි. ඒ පිළිබඳව දැක්වෙන කතා පුවත් බොහෝ දැකිය හැකිය. මෙත්වැඩීමේ අනුසස් නොයෙක් අවස්ථාවලදී ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුණේ ය. එහිදී විශේෂයෙන් මෙත් වැඩීමෙන් ලැබෙන අනුසස්, ‘එකොළහක්’ මෙත්තානිසංස සූත්‍රයෙහි සඳහන් වේ.
සුඛං සුපති – (සුවසේ නිදයි)
සුඛං පට්බුජ්ඣති – (සුවසේ පිබිදෙයි)
න පාපකං සුපිනං පස්සති – (නපුරු සිහින නො දකියි)
මනුස්සානං පියෝහෝති – (මිනිසුන්ට පි‍්‍රය වෙයි)
අමනුස්සානං පියෝ හෝති - (අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි)
දේවතා රක්ඛන්ති – (දෙවියන් විසින් රකිනු ලබයි)
නාස්ස අග්ගිවාවිසංවා ඛමති – (ගින්නෙන් හෝ වස විසකින් අනතුරු නොවේ.)
තුවටං චිත්තං සමාධියති – (සිත සන්සුන් වෙයි)
මුඛ වණ්ණො විප්පසීදති – (මුහුණ ප්‍රසාද ජනක වෙයි.)
අසම්මුල් හෝ කාලංකරොති – (නුමුලාව කලුරිය කරයි)
උත්තරිං අප්පට්විජ්ඣන්තො බ්‍රහ්ම ලොකූපහෝ හෝති – (රහත් නොවීනම්’ බඹලොව උපදියි.)
ඉහත සඳහන් කරුණු ජීවිතයට උදාවන්නේ ද, ඔබගේ දිවිය, මෙලොව පමණක් නොව පරලොව වශයෙන් ද වාසනාවන්ත සොඳුරු දිවියක් බවට පත් වන බව නියතය. මෛත්‍රිය තුළ ජීවිතය ගත කිරීම යනු සමාජයෙහි විශාල ප්රශ්නයන්හට නියත පිළිතුරු ය. මෙත් වඩමු සැම සත හට දෙලොව දිවිය ජයගනිමු.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 05 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:
Post a Comment